සුභ දවසක්, දුක හිතෙන චිත්‍රපටියකින් පස්සේ ඔන්න මේ වතාවේ අරන් ආවා කොමඩියක්. මෙහෙමයි… මුලින්ම මේ චිත්‍රපටිය ගැන දෙයක් කියන්න ඕනේ, මේකේ IMDB අගය, මිනිස්සු සමහර තැන් වල දාලා තියන කමෙන්ට්, බළලා කරලා කිසිම තීරණයක් ගන්න එපා. නියම විහිළු ටිකක් තියෙන්නේ. පොඩි සිනාම ආයතනයකින් තමයි මේ චිත්‍රපටිය හදලා තියෙන්නේ…

සුභ දවසක්, දුක හිතෙන චිත්‍රපටියකින් පස්සේ ඔන්න මේ වතාවේ අරන් ආවා කොමඩියක්. මෙහෙමයි… මුලින්ම මේ චිත්‍රපටිය ගැන දෙයක් කියන්න ඕනේ, මේකේ IMDB අගය, මිනිස්සු සමහර තැන් වල දාලා තියන කමෙන්ට්, බළලා කරලා කිසිම තීරණයක් ගන්න එපා. නියම විහිළු ටිකක් තියෙන්නේ. පොඩි සිනාම ආයතනයකින් තමයි මේ චිත්‍රපටිය හදලා තියෙන්නේ, ඒ වුනත් තාක්ෂණය බොහොම අපූරුවට උපරිමය යොදා ගනිමින් වැඩේ කරලා තියනවා. ලොකු ලොකු කොමඩි වල නැති අමුතුම ගතියක් මේ වගේ අඩු පිරිවැයකින් ගහන සමහර කොමඩි වල තියනවා.
කතාව මේකයි,
ලෝගන් තරුණ වයසේ හැඩිදැඩි ඇමරිකන් කොල්ලෙක්. මෙයා Web Cam Chat සයිට් එකකින් ඔස්ට්‍රේලියාවේ ලස්සන විසේකාර කෙල්ලෙක් එක්ක හාද කමක් පවත්වගෙන යනවා, හුඟක්ම ඉතින් සෙක්ස් ගැනම තමයි. මෙහෙම ඉද්දි ලෝගන්ගේ යාළුවෝ වගයක් සමාජ ජාලා සම්මේලනයකට ඔස්ට්‍රේලියාවට යන්න පිටත් වෙන ගමනකට ලෝගනුත් එකතු වෙලා යන්න පිටත් වෙනවා. මෙතන ලෝගන්ගේ ප්‍රධානම අරමුණ වෙන්නේ තමන්ගේ ඔස්ට්‍රේලියානු පෙම්වතියව ප්‍රථම වතාවට සියැසින් බැහැ දැකීමට යන එකයි. මේ ලෝගන්ගේ එක ප්‍රශ්නයක් තියනවා, ඒ තමයි මෙයා ගුවන් යානා වල ගමන් ගන්න බයයි. ඒ මෙයා පොඩි කාලෙදි ලබපු එක මහා භයානක අත්දැකීමක් නිසයි. මේ කොහොම වුනත් තමන්ගේ ගුවන් යාන වල ගමන් ගැනීමට තියන බය විඳ දරා ගනිමින් තමන්ගේ පිස්සු යාළුවෝ ටිකත් එක්ක බොහොම අමාරුවෙන් ගමන යන්න මෙයා පිටත් වෙනවා. මෙයාලට ඔස්ට්‍රේලියාවට යන්න තියන ගුවන් යානයේ ඉන්නවා එක මහ භයානක විකෘති මිනී මරුවෙක්. දැඩි ආරක්ෂක රැකවල් යටතේ තමයි මිනිහව ඔස්ට්‍රේලියාවේ තියන නඩුවකට පෙනී සිටවන්න අරගෙන යන්නේ. ඉතින් මේ ගුවන් යානාව ගමන ආරම්භ කරලා සුළු මොහොතකට පස්සේ යානයේ නියමුවන් විසින් මඟින්ට කියනවා සියලුම දෙනාගේ දුරකථන උපාංග Airplane Mode සැකසුමට දාගන්නයි කියලා. මේකට අකමැති වෙන සියලුම ගුවන් මඟින් දැඩි විරෝධයක් මේ ඉල්ලීමට යානය ඇතුලේ දක්වන්නේ තමන්ගේ දුරකථන පමණටත් වඩා ඔබමින්, ඇමතුම් ගනිමින්, අන්තර්ජාලයේ සැරසරිමින් උමතු විදියට හැසිරෙමින් ය. මේ නිසා එක පාරටම ගුවන් යානයේ පාලන පුවරුව ශෝට් වෙලා පිච්චෙන්න ගන්නවා, යානයේ නියමුවෝ දෙන්නත් මේකට අහුවෙලා මැරෙනවා. මෙතන ඉඳලා නියමුවන් රහිත මාරක ගුවන් යානයක් බවට මේ යානය පත් වෙනවා. සියලුම මඟින්ට බියජනක අත්දැකීම් රැසකටම මෙතන ඉඳලා මූණ දෙන්න සිද්ද වෙනවා.
ලෝගන්ගේ මේ කෙල්ල කවුද ? ලෝගන්ට මොකක්ද ඒ පොඩි කාලේ වෙලා තියෙන්නේ ? කවුද මේ යානයේ ඉන්න විකෘති මිනී මරුවා ? මේ නියමුවන් රහිත යානයේ ගමන් ගන්න මෙයාලට අවසානයේ මොකක් වෙයිද ?
උත්තර දැනගන්න එහෙනම් චිත්‍රපටිය අරගෙනම බලන්න.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
7,855 downloadsDownload Airplane-Mode-2019.zip54 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
UD Shehan
Subtitles
17 comments
Nelson
Pcvenom
thank you for the subtitle keep up the good work
Ayesh
උපසිරසියට ස්තුතියි
Udaya Fdo
Thanks machan
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
…… බුදු සරණයි – දෙවි පිහිටයි ……(psarips/torrentgalaxy/yts
site wala thiyana honda aluth
movies walata sub denna plz..)Kavinu
Logan Paulත් ඉන්නවනේ...
isuru srinath sjs
ස්තුතියි සිංහල උපසිරැසියට !!
indika75
thanks..
Suranjan
Thanks jayawewa......!
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
සුරංග
මේ ෆිල්ම් එකේ විශේෂත්වය තමයි මේකෙ රගපාන ඔක්කොම නළු නිළියො ටික you tubers ලා වීම..අපි දන්න කියන vitaly එහෙමත් ඉන්නවා..ඒත් ෆිල්ම් එක නිකං parody එකක් වගේ...
කොහොම උනත් සබ් එකට ස්තූතියි...රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Shamal manojan
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.
ඔබ මින් පෙර ලබාදුන් next friday 2000 ෆිල්ම් එකේ තුන්වෙනි කොටස friday after next 2002 ෆිල්ම් එකටත් සබ් දෙන්න පුලුවන්ද?
jagath55
Thanks
Dewadithya
Thanks for sub!
sahangayantha
thanks a lot saho sub ekata
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Airplane Mode (2019) Sinhala Subtitles | ගුවන් යානයක් තුළ ගමන් ගන්නා අසහනකාරයෝ රැළක් [සිංහල උපසිරැසි සමග] (18+)](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/05/Airplane-Mode-2019.jpg)
Good work friend thanks for the sub!