සුභ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි.! අදත් එහෙනම් විශේෂිත නිර්මාණයක් සමඟිනුයි ඔබලා හමුවෙන්නට ආවේ.! පසුගිය මැයි 12 වෙනිදා බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය විසින් Vadivelu aka Contractor Nesamani වඩිවේලු නොහොත් Contractor නේසමනි යන වීඩීයෝව සඳහා සිංහල උපසිරැසි සකසා ඉදිරිපත් කලා දකුණු ඉන්දිය…

සුභ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි.! අදත් එහෙනම් විශේෂිත නිර්මාණයක් සමඟිනුයි ඔබලා හමුවෙන්නට ආවේ.! පසුගිය මැයි 12 වෙනිදා බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය විසින් Vadivelu aka Contractor Nesamani වඩිවේලු නොහොත් Contractor නේසමනි යන වීඩීයෝව සඳහා සිංහල උපසිරැසි සකසා ඉදිරිපත් කලා දකුණු ඉන්දියේ දමිළ සිනමාවේ විකට නළුවකු වන Vadivelu ගේ රංගන දිවියේ සුවිශේෂි චරිතයක් වූ නේසමනි යන චරිතය සම්බන්ධ විකට ජවනිකා සියල්ලම එම වීඩියෝවේ තිබුණා, වෙනදා මෙන් බාගත කිරීම් සංඛ්‍යාව වැඩි වශයෙන් නොතිබුණත් පෞද්ගලිකව සහ Comments මඟින් එයට ලැබුණු ප්‍රතිචාර ගැන සලකා බලා තවත් එවැනිම නිර්මාණයක් ඉදිරිපත් කරන්නටයි මේ සූදානම. එනමුත් අද ඉදිරිපත්කරනු ලබන මෙම විකට ජවනිකා අඩංගු විඩියෝව ගැන විස්තර ඉදිරිපත් කිරිමට මත්තෙන් විශේෂ යමක් කිවයුතුයි. ඒ බයිස්කෝප් සිංහලෙන් හා නිරතුරුවම අත්වැල් බැඳන් සිටිනා රසිකයින් විසින් වඩිවේලුගේ නේසමනි චරිතය ගැන මෙන්ම දමිළ සිනමා පටයක සුප්‍රසිද්ධ වූ විකට ජවනිකාවක් සඳහා සිංහල උපසිරැසි ලබාදීම ගැන බයිස්කෝප් සිංහලෙන් රසිකයින් කිහිපදෙනකු විසින් ලියා තැබු වටිනා අදහස් දැක්ම ගැන…

සිංහල උපසිරැසිකරණයේ මහ ගෙදර බයිස්කෝප් සිංහලෙන් නිරතුරුවම ඔබට එතෙර සිනමාව ලඟා කර දී ඇතැම් අවස්ථාවලදි දැනුමින් පවා ඔබව පෝෂණය කරනවා. එවන් කටයුතු අපි කණ්ඩායම විසින් සිදුකරනු ලබන්නෙ කිසිදු ලාභ උපේක්ෂාවකින් තොරව බව බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියන් වන ඔබ හොඳින් දන්නා කරුණක්.! එවැනි අපරිමිත කැපකිරීමක් සිදු කරන උපසිරැසිකරුවකුට ප්‍රේක්ෂකයකුගෙන් ලැබෙන උතුම්ම දායාදය,අගය කිරිම මෙන්න ගෞරවයන් ලෙස ඉහත ඔබ විසින් දක්වා ඇති අදහස් දැක්වීම හදුන්වා දෙන්නට පුලුවන්.! සිංහල උපසිරැසියක් ලබාදුන් පසු බාගත කිරීම් අහස උසට තිබුණත් එම කාර්ය්‍ය වෙනුවෙන් යම් අගය කිරීමක් අකුරු ටිකකින් හෝ දෙන්නෙ කීයෙන් කීදෙනාද.? එහෙම කිව්වම අතැම් අයට කාල වේලා ප්‍රශ්න ගැන කියයි.! නමුත් තමන් වෙනුවෙන් යමෙක් වෙහෙස මහන්සි වී සේවයක් කරන්නේ නම් තමන්ටද ඒ දෙයින් ප්‍රයෝජනයක් ලබාගැනීමට හැකි නම් ප්‍රයෝජනයක් ලබා ගන්නේ නම් ඒ සඳහා වචනයක් වැය කර ඔවුන්ගේ සිතට අහිංසක සතුටක් ඇතිවෙන ආකාරයේ වචනයක් ලියා තැබීමට කාල වේලාව ගැටලුවක් වේද.? උත්තරය ඔබ සතුයි.! ඉහතින් උපුටා දක්වා තිබෙනා අදහස් දැක්වීම් වලින් මා කීමට උත්සහ කරන්නේ උපසිරැසිකරුවන් වන අපගේ මහන්සිය නිකන්ම වතුරේ නොයන බවත් බයිස්කෝප් සිංහලෙන් සමඟින් නිරතුරුවම එකතුව සිටිනා රසික රසිකාවියන් අතරින් අල්පයක් හෝ අප ඉදිරිපත් කරන නිර්මාණයන් හි වටිනාකම හොඳින් අවබෝධකරගෙන ඇති බව මෙන්ම ඔවුන්ගේ සිනමා සහ කලා රසවින්ඳන මට්ටමද ඉතාමත් ඉහලින් ඇති බවට ඔවුන්ම මනාව ඔප්පු කර ඇති බවත්ය..! නැවතත් මා බයිස්කෝප් සිංහලෙන් ප්‍රේක්ෂක ඔබට මතක් කර සිටින්නෙ සිංහල උපසිරැසි බාගතකර ගන්නා රසිකයකුගෙන් අපගේ උපසිරැසිකරුවන් බලාපොරොත්තු වෙන වටිනාම දේ නම් තමන් වෙහෙස වී සකසන ලද නිර්මාණය රසවිඳිනා රසිකයින්ගේ නිවැරදි අව්‍යාජ අදහස් දැක්වීම බවය.!

වඩිවේලු එන්කවුන්ටර් ඒගාම්බරම් චරිතය රඟදක්වමින්..!

දමිළ සිනමාවේ අසහාය විකට නළු වඩිවේලුගේ තවත් විකට ජවනිකා කිහිපයකට අදත් සිංහල උපසිරැසි ගන්වා ඔබට මෙලෙසින් ඉදිරිපත් කරනවා.මෙම උපසිරැසියට සරිලන වීඩියෝව ඔබට බයිස්කෝප් ඩවුන්ලෝඩ් අඩවියෙන් බාගතකර ගත හැකි අතරම ඔබ යූටියුබ් අඩවිය භාවිතාකරන කෙනෙකු නම් Marudhamalai Full Comedy – Vadivelu & Arjun Tamil Movie Station ලෙසින් හෝ සිංහල උපසිරැසි ගොනුවේ තිබෙන නම යූටියුබ් අඩවියෙහි සෙවිමක් කල පසු ලැබෙන ලැයිස්තුවෙන් Tamil Movie Station නම් වූ යූටියුබ් චැනලයේ ඇති විනාඩි 46 යි තප්පර 58කින් යුතු (46.58) වීඩියෝව බාගතකර ගන්න. අද ගෙන එන විකට ජවනිකා ඇතුලත් වන්නෙ 2007 වසරේ තිරගතවුන Marudhamalai දමිළ චිත්‍රපටය තුලයි. විනාඩි 46 ක් පුරාවට ඉල ඇදෙන තුරු සිනාසීමට හැකි මෙයද දකුණු ඉන්දීය චිත්‍රපටයන් හි විකට ජවනිකා ප්‍රියකරන ඔබ අනිවාර්යෙන්ම රසවිඳින බව නම් ඒකාන්තයි.ඔබගේ වටිනා අදහස් මෙය නරඹාම දක්වන ලෙසට ඉල්ලා සිටිමින් අදට සමුගන්නවා.

ඔබ සැමට කඳ සුරිඳු පිහිටයි.!

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි ONLINE VIDEO පිටපත් සඳහා අදාළ වේ.

1,928 downloadsDownload Marudhamalai-Full-Comedy.zip43 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2015/10/16
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා

Subtitles

1,928 downloadsDownload Subtitles43 KB

22 comments

  1. Hashan M. Priyadarshana

    ආයෙත් ඒ වගේම එකක් :) වඩිවේලු ෆිල්ම් එකක ඇවිදන් ගියත් මිනිස්සුන්ට හිනා යන විදිහට රඟපානවා.. කලින් දුන්න එක බැලුවා සහෝ ඒක නම් සුපිරියි ඈ ඒ විහිළු සීන් ටික නම් සුපිරි :D සබ් එකත් සුපිරියටම තිබ්බා.. ඉදිරියටත් මේ වගේ ඒවට සබ් කරන්න

  2. Prabodha

    Sthuthi obaya

  3. Anonymous

    digatama one me wage ewaa

  4. Anonymous

    mata nam me naluwage jokes walata hina yanne na
    appiriyawak tmai danenne krna ewata

    1. Kasun Lakshan

      උඹට පිස්සුද බං...එහෙනම් නොබල ඉදපන්...
      උඹේ රසවින්දනය නම් අන්තිමයි

    2. Achi

  5. Kasun Lakshan

    පට්ට Jokes ටිකක් ඔකෙත් තියනවා..වඩිවේලූ ව නම් දැක්කත් ඇති හිනා යනවා...
    උපසිරසට ගොඩාක් ස්තුතියි !!!!

  6. Achi

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට

  7. indika75

    thanks..

  8. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  9. Anura Madurasingha

    කමල් හසන් ගේ පැරණි චිත්රපටි 2ක් වන තෙනාලි සහ පංචතන්තිරම් චිත්‍රපට දෙකට සිංහල උපසිරැසි දෙන්නකො කරුණාකරලා..වටිනවා ගොඩක්

  10. රංගික සිනෙත්

    බොහෝම ස්තුතියිිි සහෝදරයා.මේ වැඩේ දිගටම කරගෙන එන්න කියලා ඉල්ලීමක් කරනවා .ජය වේවා

  11. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

    (psarips/torrentgalaxy/yts
    site wala thiyana honda aluth
    movies walata sub denna plz..)

  12. isuru srinath sjs

    මේ දේ නම් ඇත්තටම හොදයි අයියෙ ... බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට !! ජය..

  13. තාරක නුවන් දිල්හාර

    සුපිරියි අයියේ..
    කලින් එකත් බැලුවා.
    ඒ චිත්‍රපටි බලනවට වැඩිය ජෝක් සෙට් එක එක්කහු කරපු එකක් බලද්දී හිනාව නවතින්නැහැ..
    අමුතු ආතල් එකක් තියෙනවා මේකේ.
    තව ඒවා අරං එමු..
    ජය..!!

  14. Chami

    Thank you bro thawath mewani video sadaha sub karanna

  15. Nuwan Wanigasuriya

    Aye katha dekak ne... supiri wedak... Digatama hadamuko...

  16. ඩොක් අයියා

    බොහොම ස්තුති මල්ලියෝ මාව මතක් කරලා තියෙනවා. මේකත් ඊයේ බැලුවා. කොමෙන්ට් එකක් දාන්න වෙලාවක් තිබුනේ නැහැ. දැන් තමයි පොඩි වෙලාවක් ගත්තේ. බොහොම හොඳට වැඩේ කරලා තියෙනවා. ඉදිරියටත් මේවගේ දේවල් තවත් කරන්න ශක්තිය ලැබේවා.

  17. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  19. ශසිත් සඳරුවන්

    සබට තුති වේවා...
    දිගටම සබ් දෙමු ආ...
    ජය!

  20. Sandeepa

    Vadivelu ge thawa video dannako plz