Watch Trailer

Be With You (2018) Aka Jigeum Mannareo Gabmida Sinhala Subtitles | ඔබ සමගයි සැමදා [සිංහල උපසිරසි]

ඔන්න ඉදලා ඉදලා තවත් ලස්සන ආදර කතාවක් අරගෙන ආවා. ඇත්තටම මේක මට අහම්බෙන් හම්බවුනේ. හෙලිලි අක්කගේ crash landing on you සීරීස් එකට පිං සිද්ද වෙන්න මමත්. Son Ye-jin ගේ රසිකයෙක් වුනා. ඉතින් එයාගේ ෆිල්ම් හොය හොය බලනකොට අහ්ම්බෙන් මේකත් හම්බවුනා. අනේ මන්දා මේ වගේ ලස්සන ෆිල්ම් එකක් කොහොම මගහැරුනද කියලා.. ඉති…

ඔන්න ඉදලා ඉදලා තවත් ලස්සන ආදර කතාවක් අරගෙන ආවා. ඇත්තටම මේක මට අහම්බෙන් හම්බවුනේ. හෙලිලි අක්කගේ crash landing on you සීරීස් එකට පිං සිද්ද වෙන්න මමත්. Son Ye-jin ගේ රසිකයෙක් වුනා. ඉතින් එයාගේ ෆිල්ම් හොය හොය බලනකොට අහ්ම්බෙන් මේකත් හම්බවුනා. අනේ මන්දා මේ වගේ ලස්සන ෆිල්ම් එකක් කොහොම මගහැරුනද කියලා.. ඉතින් මේ චිත්‍රපටය නිකුත් කරන්නේ 2018-04-06 ඉතින් විකාශනය වෙලා පළවෙනි සතියෙදිම ලොකු ආදායමක් ලබා ගන්න මේ චිත්‍රපටය සමත් වෙලා තියනවා. ඒ වගේම සම්මාන රැසකුත් දිනාගෙන තිබෙනවා. මේකට ලැබිලා තියන IMDb අගය 7.6ක්. ඉතින් වැඩි කතා ඕනී නෑ චිත්‍රපටය පැත්තට යමු.

වූජින් සහ සෝහා පාසල් කාලයේ ඉදන් ආදරේ කරන පෙම්වතුන් යුවලක්. ඉතින් කොහොම හරි අවසානයේදි මේ දෙන්නගේ ආදරය යතාර්ථයක් වෙලා විවාහ වෙනවා. ටික කාලෙකින් මෙයාලට ලස්සන කොලු පැටියෙක් හමබ වෙනවා. එයාගෙ නම ජීහූ. ඉතින් ඊට අවුරුදු 7කට පස්සේ සෝහා අවාසනාවන්ත ලෙස වූ ජින් වයි ජීහූ වයි දාලා මේ ලෝකෙන් සදහටම යනවා.

ඉතින් සෝහා මියයන්න කලින් ජීහුට ලස්සන කතාන්දර පොතක් හදලා දෙනවා. ඒකේ තියෙන්නේ පෙන්ගුයින් අම්ම කෙනෙක්ගෙයි පෙන්ගුයින් පැටියෙකුගෙයි කතාවක්.

“එකමත් එක කාලෙක පෙන්ගුයින් අම්මා කෙනෙකුයි පැටියෙකුයි ජීවත් වෙනවා. ඒත් හදිස්සියේම පෙන්ගුයින් අම්මා මිය යනවා. මිය ගියාට පස්සේ එයා යන්නේ කලවුඩ් ලෑන්ඩ් නමින් හදුන්වන වලාකුළු වලින් නිර්මානය වුන නගරයට. ඒක තියෙන්නේ මිනිස් ලෝකයයි ස්වර්ගයයි අතර අහස් තලයේ. ඉතින් මේ පෙන්ගුයින් අම්මා හැමදාම වලාකුළු අතරින් එබිලා අඩ අඩා තමයි හිටියේ.

ඔහොම කාලය ගතවෙනකොට වැසි සමය ලන් වෙනවා. වැසි සමයෙදි කවුඩ්ලෑන්ඩ් වලින් වැසි බිදු දුම්රියක් මිනිස් ලෝකෙට යනවා. ඉතින් මේ පෙන්ගුයින් අම්මා හොරෙන්ම මේ දුම්රියේ නැගලා මිනිස් ලෝකෙට යනවා. එය දකිනවා තනියම අඩ අඩ ඉන්න පැටියව. ඉතින් ඇය පැටිව අදරෙන් තුරුලු කරන් එයාව සනසනවා. දවසින් දවස ගත වෙනවා. අම්මා පැටියට තනියම ජීවත් වෙන හැටි කියල දෙනවා. ඉතින් ඔහොම කල් යනකොට වැසි සමය අවසන් වෙනවා. ඉතින් මේ අම්මා ආපහු වහිබිදු දුම්රියේ නැගලා කලවුඩ් ලෑන්ඩ් වලට යනවා.”

ඕක තමයි කතාව. ඉතින් මේ ජීහු කියන ලමයත් තදින්ම විශ්වාස කරනවා. තමන්ගේ අම්මත් ඒ විදිහට ආපහු ඒවී කියලා. කොහොම හරි එයාගේ හීනය හැබෑ වෙනවා. එයාගේ අම්මා නොහිතපු විදිහට ආපහු එනවා. ඒත් ඇයට කිසි දෙයක් මතක නෑ. ඉතින් ටික ටික එයා ලමයටයි තාත්තටයි ලන් වෙනවා. ඔය අතරදි ඇය වූ ජින්ගෙන් අහනවා අපි දෙන්නා ආදරේ කරලද විවාහ වුනේ. මට ඒ කතාව කියන්න කියලා. ඉතින් වූ ජින් එයාලගේ ආදර කතාව සෝහට කියනවා. එක ලස්සනම ලස්ස්න ආදර කතාවක්. ඉතින් චිත්‍රපටයේ මොනවද වෙන්නේ කියල ඔයාලම බලන්න. මම මේ කිව්වේ 5%ක් විතරයි. මේකේ කතාව ලස්සනට ගලපලා තියනවා. අවසානයේදි නම් අනිවාර්යයෙන්ම ඇහැට කදුලක් උනන එක නතර කරන්න බැරි වෙයි. එහෙනම් තවත් ලස්සන චිත්‍රපටයකින් හමුවෙමු.

ජය.

දිලාන් චන්ද්‍රසේකර සොහොයුරාගේ ලිපිය

ආයුබෝවන් කියලා පිලිගන්නවා බයිස්කෝප් අඩවිය සමඟ එක් වෙලා ඉන්න හැමෝටම!!! ජයග්‍රාහී තුන් වෙනි චිත්‍රපටයටත් සිංහල උපසිරිස දාන්න පුලුවන් උනා. ගොඩක් සතුටුයි ඒ වගේම බයිකෝප් අඩවියට වගේම කලින් උපසිරස වල වැරදි අඩුපාඩු පෙන්නලා ගුණාත්මක විදිහට උපසිරස යොදන හැටි කියලා දුන්න හසන්ත වික්‍රමරත්න අයියට වගේම ශාන් විමුක්ති අයියටත් ගොඩක් ස්තූතියි. ඒ වගේම කමෙන්ට් එකකින් හරි මාව දිරිමත් කරපු හැමෝමට ගොඩක් ස්තූතියි.

හරි එහෙනම් වැඩියේ කතා නැතුව අපි චිත්‍රපටය දිහාවට හැරෙමු මේ පාර මම තෝර ගත්තේ කොරියන් ෆිල්ම් එකක්, ඉතින් කොරියන් ෆිල්ම් වලට කැමති හැමෝටම ආරාධනා කරනවා ගොඩක් සංවේදී ඒ වගේම ලස්සන කතාවක් තියන මේ ෆිල්ම් එක බලන්න කියලා, මාත් ගොඩක් රියැලිටි ෆිල්ම් බැලුවට මේක ෆැන්ටසි ෆිල්ම් එකක් ඇත්‍තටම මේක රොමෑන්ස් ෆැන්ටසි කියන ගණයට තමා අයිති වෙන්නේ, මේ ෆිල්ම් එක නිර්මාණය සදහා පාදක වෙලා තියෙන්නේ ජපන් ලේඛක තකුජි ඉචිකාවාගේ Be with You කියන නවකතාව ඇසුරින් 2004 දී නිශ්පාදනය උන Be with You ජපන් චිත්‍රපටය, මේක ඒ ෆිල්ම් එකේම ප්‍රතිනිර්මාණයක්.

2018 දී එළිදැක්වූ මේ චිත්‍රපටය IMDb දර්ශකයේ 7.6/10 අගයක් ගන්න මේ චිත්‍රපටය Drama/Fantasy/Romance කියන ගණයට තමා අයිති වෙන්නේ පැය 2 විනාඩි 12 දක්වා දිවෙන මේ චිත්‍රපටය අධ්‍යක්ෂනයන කරලා තියෙන්නේ Jang-Hoon lee කියන දකුණු කොරියානු අධ්‍යක්ෂකවරයා, රංගනයෙන් දායක වෙන්නේ Son Ye-jin (සූ-ආ) කියන අපි හැමෝම වගේ කැමති කොරියන් නිලිය, ඇත්‍තම කීවොත් එයා ඉන්න නිසා තමා ගොඩක්ම මේකට උපසිරස දාන්න පෙලඹුනේ ඊට අමතරව So Ji-sub (වූ-ජින්), Ko Chang-seok (හොංගු) වගේම Kim Ji-hwan (ජී-හෝ) කියන පොඩ්ඩත් රංගනයෙන් දායක වෙනවා.

කතාව ගැන කීවොත් ගොඩක් සංවේදී ඇසට කඳුලක් එන දුක හිතෙන කතාවක්, ෆැන්ටසියක් උනත් ඇත්තටම හිතට දැනෙන කතාවක්, අම්ම නැති වුන (මියගිය) පොඩ්ඩෙක් එයාගේ අම්මා ආයේම එනකල් කියලා බලන් ඉන්න හැටි ගැන තමා කතාව දිග හැරෙන්නේ, එයාගේ තාත්තගේ ආදර කතාව ගැනත් හරිම ලස්සනට කියවෙන මේ ෆිල්ම් එක ගැන වැඩි විස්තරයක් මම නොකියා ඉන්නම්, මොකද ඒක බලන අයගේ රසවින්දනයට බාධාවක් වෙන්න පුලුවන්. කොහොම හරි Son Ye-jin (සූ-ආ) රංගනයෙන් දායක වෙන බොහොම ලස්සන තව චිත්‍රපට කීපයක නම් පහලින් දාන්නම්.

The Classic 2003
A Moment to Remember 2004
April Snow 2005
The Last Princess 2016
The Negotiation 2018

එහෙනම් වෙනදා වගේම හැමෝට ආරාධනා කරනවා ෆිල්ම් එක බලන්න කියලා, ඒ වගේම කලින් ෆිල්ම් වල වගේ උපසිරසේ අඩුපාඩු නැති තරමටම මේ ෆිල්ම් එක හොදට කලා කියලා හිතනවා, අඩුපාඩු තියනවා නම් ඒවත් පෙන්නලා කමෙන්‍ට් එකක් දාන්න කියලා හැමෝගෙන්ම ඉල්ලනවා, එහෙනම් හැමෝටම ජය!!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත සඳහා අදාළ වේ.

9,690 downloadsDownload Be-With-You-2018-1.zip85 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් සචින්ත(සචී)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-11-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිලාන් චන්ද්‍රසේකර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-11-12
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

9,690 downloadsDownload Subtitles85 KB

27 comments

  1. Sohan Jayasooriya

    අඩෝ මටත් යාලුවො කියනවා සෝහා කියලා.. එහෙනම් මම රඟපාපු ෆිලුමක් වගේ මේක.. උඹත් දැන් කොරියන් සීන් එකේ ඉන්නේ නේ..සබට තුති කිව්වා මචෝ ඔන්න එහෙනම්..

  2. එල්.සී. දමැල්

    මේකනම් ලිස්ට් එකට ඇඩ් කරගන්න ඕන ෆිල්ම් එකක් වගේ.
    කොරියන් නම් නොබලන තරම්.
    ස්තුතියි මේක ගෙනාව⁣ට...
    ජය ✌

  3. Helili Hemamali

    ලස්සන චිත්‍රපටයක් වගේ. ස්තූතියි මල්ලි සිංහල උපසිරැසියට!

  4. geeganagamage

    බොහොම ස්තුතියි අනිවාර්යයෙන්ම බලනවා සුපිරිම වැඩක්

  5. Ishan Madusha

    බොහොම ස්තූතියි සබ් එකට

    1. Tharudya

      ගොඩක් ලස්සන කතාවක් අයියෙ ඇත්තතටමඒක බලද්දී ඇස් දෙකට කදුලු ආව මට ඒක බලලා අවසානෙ ආපහු පාරක් බලන්න හිතුනා ඇත්ත ටම ලස්සනයි අයියෙ මේ වගේ කතා ගේනවට ගොඩක් ස්තුතියි අයියෙ ඉස්සරහට ත් මේවගේ දුක හිතෙන කතා ගේනවද

  6. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  7. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

    (psarips/torrentgalaxy/yts
    site wala thiyana honda aluth
    movies walata sub denna plz..)

  8. HMK MAX

    thanksss brooo ..... mama request karapu ekakkkk dunnataaa

  9. isuru srinath sjs

    උපසිරැසියට බොහොම ස්තුතියි !!!

  10. Chanu Mikhail

    Thanks

  11. Prakash Rangana

    බොහොම ස්තුතියි සහෝ සබ් එකට. මේක Be With You ජපන් ෆිල්ම් එකේ Remake එකක්. ජපන් එක මේකට වඩා ගොඩක් හදවතට දැනෙන විදිහට නිර්මානය වෙලා තියනව. කොහොම වුනත් ලස්සන ෆිල්ම් එකක්. බලපු නැති අය මෙකත් බාගෙන බලන්න.

  12. Jayasanka

    Thanks macho

  13. Tharindu

    Thanks sahoo meke sinhala sub enakn balan hitiye

  14. සොනාලි තාරිකා

    ලස්සන ෆිල්ම් එකක් වගේ. ඔන්න අයියේ ඔයා ගේ සබ් එක ගත්තා. බොහොම ස්තූතියි සබ් එකට. දිගටම සබ් ගොඩක් අපි වෙනුවෙන් අරන් එන්න ශක්තිය, කාලය, ඉවසීම ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා! ජය වේවා!!

  15. Nilush Angana

    Sub ekata thanx

  16. Duminda Jayanath

    sub eka gaththa.. balala hoda naraka kiyannam.. sub ekata thx machaaaaaaaaaaaaaaaaaaaan

  17. ශසිත් සඳරුවන්

    සබට තුති වේවා!
    ඔන්න ගත්තා.
    දිගටම සබ් දෙමු ආ...
    ජය!

  18. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. Dinuka

    There is a similar movie like this. Be with you ( japan original version ). One of my favorites!

  20. Anonymous

    ස්තූතියි ✌✌

  21. Dewadithya

    Thanks for sub!

  22. Anonymous

    Thanks for the sub. හරිම ලස්සන movie එකක්. අනිවාර්යෙන්ම බලන්න.

  23. Rashmika Kelum

    thank you

  24. Anonymous

    Thanx bro sub ekata.jaya wewa!

  25. Pavith Wijesooriya

    බලපු ලස්සනම කොරියන් මූවී එකක්.සබ් එකත් නියමෙටම තියෙනවා.බොහෝම ස්තූතියි...
    ඉදිරියටත් මේ වගේ චිත්‍රපටි වලට උපසිරසි ලබා දෙන්න.ජය!

  26. Anonymous

    Kathawe mul tika spoil karata thankx

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.