Watch Trailer

Airplane vs Volcano (2014) | ගුවන් යානය සමග ගිනිකන්දක්.. [සිංහල උපසිරසි සමඟ]

මම මුලින්ම බොහොම සතුටින්, පුංචි ආඩම්බරයකුත් එක්ක කියනවා මේක තමයි මගේ ප්‍රථම උපසි‍රැසි නිර්මාණය. ඒ එක්කම මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා බයිස්කෝප් අඩවියටත්. ඒ අය මේ කරන සේවය නම් ඇත්තටම ගොඩක් වටිනවා. ඒ වගේම ඒ දේවල් වලට අපිවත් සම්බන්ධ කරගැනීම ගැන මම බොහොම ස්තුතිවන්ත වෙනවා. මේක මගේ පළවෙනි උපසි‍රැසිය නිසා පොඩ…

Airplane vs Volcano (2014)

මම මුලින්ම බොහොම සතුටින්, පුංචි ආඩම්බරයකුත් එක්ක කියනවා මේක තමයි මගේ ප්‍රථම උපසි‍රැසි නිර්මාණය. ඒ එක්කම මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා බයිස්කෝප් අඩවියටත්. ඒ අය මේ කරන සේවය නම් ඇත්තටම ගොඩක් වටිනවා. ඒ වගේම ඒ දේවල් වලට අපිවත් සම්බන්ධ කරගැනීම ගැන මම බොහොම ස්තුතිවන්ත වෙනවා. මේක මගේ පළවෙනි උපසි‍රැසිය නිසා පොඩි පොඩි වැරදීම් ඇති. ඒවා එච්චර ගණන් ගන්න එපා කියලා කරුණාවෙන් ඉල්ලනවා ඔයාලගෙන්..

හරි එහෙනම් මේ බයිස්කෝප් එක පැත්තට හැරෙමු.. මේක 2014 මාර්තු වල තමයි රිලීස් වුණේ. මේක Action Film එකක්. IMDB එක ගැන කියවනම් ගොඩක් අඩු අගයක් තමයි ලැබිලා තියෙන්නේ. හැබැයි මේ Film එක නම් අවුලක් නෑ. මුල ඉදලා අවසානය දක්වා ගොඩක් කුතුහලයෙන් බලන්න පුළුවන් ‍Film එකක් තමයි මේ. අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ James Kondelik සහ Jon Kondelik යන දෙදෙනා. මේකේ ප්‍රධාන චරිතයට පණ පොවන්නේ Dean Cain විසින්. කතාව ගලාගෙන යන්නේ මේ විදිහට.

ගුවන් යානයකට, ගුවන් මාර්ගය වැරදිලා ගිනිකදු තියෙන ප්‍රදේශයකට යනවා. එකේදී ගුවන් නියමුවො දෙන්නත් මැරෙනවා. හිතන්න පුළුවන්ද දැන් මොකද වෙන්නේ කියලා. ඒ දෙන්නා වෙනුවට ගුවන් යානයේ පාලනය භාර ගන්නේ රික් කියන ගුවන් යානයේ ඉඳපු මගියෙක්. එයාලට උදව් ඉල්ලන්න විදිහකුත් නෑ. රේඩීයෝ හැමදෙයක්ම විනාශ වෙලා. මේ ගුවන් යානයට මොකද වෙන්නේ? රික්ට ගුවන් යානය පාලනය කරන්න පුළුවන්ද? ගුවන්යානයේ ඉන්න අයට මොකද වෙන්නේ? කාටහරි එයාලව බේරගන්න පුළුවන් වෙයිද? එයාලා හැමෝගෙම ජීවිත නැතිවෙයිද?

මේ ඔක්කොම ප්‍රශ්න වලට උත්තර දැනගන්න නම් මේ Movie එක බලන්නම වෙනවා. කණ්ඩායමක් විදිහට කොහොමද වැඩ කරන්නේ, අන් අය ගැන කොයි විදිහටද හිතන්න ඕන, ප්‍රශ්නයකදී කොහොමද ඒකට මුහුණ දෙන්නේ වගේ ගොඩක් දෙවල් මේ මූවි එකෙන් ඔයාලට බලාගන්න පුළුවන්.

ඉතින් ඔයාලා හැමෝටම මේ ‍ෆිල්ම් එක බලන්න කියලා මම ආරාධනා කරනවා. ඒ වගේම ඔයාලගෙ අදහස් මට ගොඩක් වටිනවා. වැරදි අඩුපාඩු තියෙනවා නම් ඒ ගැන මට පෙන්නල දෙන්න කියලා හැමෝගෙන්ම ආදරයෙන් ගෞවරවයෙන් ඉල්ලා සිටිනවා. ආයෙත් නිවාඩුවක් ලැබුණම තවත් බයිස්කෝප් එකක් එක්ක හමුවන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නම්….!

Airplane vs Volcano (2014) on IMDb

 

 

704 MB කොපිය මෙතනින් බාගන්න

95ba25b7032d4c79d23745423c10a8751c92be62 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,323 downloadsDownload Airplane.v.V.2014.baiscopelk.zip36 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/06/RanilS.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රනිල් ශ්‍රීමාල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

රනිල් ශ්‍රීමාල්

Subtitles

3,323 downloadsDownload Subtitles36 KB

44 comments

  1. HimEshCrEeD

    මගෙන් පලමු එක තෑන්ක්ස් බ්‍රෝ

  2. HimEshCrEeD

    තෑක්ස් බ්‍රෝ

  3. shanaka

    Congrats bro....Thanks for sub....

  4. ashoka

    ELA WEDAK.ISSARAHATA THAWA SUB DEMU APITA

  5. නලින්

    පළමු නිර්මාණයට උණුසුම් සුභ පැකුම් ස‍හෝ!

    දිගටම අඩවිය එක්ක එකතු වෙන්න !

    ජය වේවා!

  6. Naween

    පළමු නිර්මාණයට උණුසුම් සුභ පැකුම්.පළවෙනි එකම අඑත්ම එකක් දීපු එකනම් එළ.බොහොම තෑන්ක්ස් සහෝ...

  7. Sampath

    බොහෝම ස්තූතියි සබට

  8. Ayee

    පලමුවෙනි උපසිරැසියට සුභ පැතුම්.. ජය වේවා!
    බයිස්කෝප් අඩවියේ සහෝදර සහෝදරියන් කරන සේවයට ගොඩාක් ස්තුතිවන්ත වෙනෝ..
    ගොඩාක් ස්තුතියි..

  9. Darshana

    පලමු උපසිරසට මගේ සුබ පතුම්.

  10. Kulanjana Maduranga

    G' luck for the 1st attempt Bro. Great work & Lot of thanks. KEEP IT UP.jayen jaya…………

  11. Bora

    1st Sub ekta mge suba pathum :-)

  12. තිසල් නදීශන (සොනික්)

    පළමුසබට තෑන්ක්ස්.

  13. chandima

    පළමු උපැසිරට තුති නියම මුවි එකක් සහෝ.... දිගටම කරගෙන යමු........ සුභපැතුම්.

  14. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :D ජය

  15. widuranga

    1st ekta
    thanx
    2nd ekath ona

  16. ගයාන් රූකාන්ත (ජෝනා)

    ඔන්න සහෝ ගත්තා පට්ට සලරුවක්නේ
    පලවෙනි සබට ගෙනත් තියෙන්නේ ජය!!!
    සාදරයෙන් පිලිගන්නවා බයිස්කෝප් උපසිරසි කණ්ඩායමට :) :)

  17. තිසර නියෝ (Thisara Buddhika)

    පළමු සබට සුබ පැතුම්...
    සාදරයෙන් පිලිගන්නවා බයිස්කෝප් කණ්ඩායමට
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  18. Jack

    නියමයි සහෝ.
    සුපිරි කතාවක්නේ
    බොහෝම ස්තුතියි

  19. Sisira Hegoda

    පලමුවෙනි උපසිරැසියට සුභ පැතුම් ස්තුතියි

  20. Nimesh

    apata rio 2 supiri copy ekata sub denna Ikmanata...
    Biscorp well done......

    1. Nimesh

      sory...You are the best.... You have already done it...

  21. වරුණ රංගජිත් (වරූ)

    1 ta jaya

  22. Thanu

    Thanx mcho sub 1ta

  23. madusanka

    macho ice man film ekata sub denna puluwanda? thx.

  24. dinesh

    ඔන්න බානවා.පලමු සබට තුති

  25. Nelson Rodrigo

    Good Work Brother, Thanks!

  26. AsanTha AkiLa

    පලමු සබට Thanks!

  27. “චූටී මල්ලි”

    සාදරයෙන් පිලිගන්නවා
    තව සබ්ස් කරන්න
    සබට තුති
    ඔබට ජය.......

  28. Gayan V.&.M.C

    nICE bRO..

  29. ප්‍රදිප්

    බොහොම ස්තුතියි යාලුවා.
    දිගටම පුළුවන් විදියට වැඩේ කරමු, නවත්තන්න එපා.

  30. රොයිලි

    බොහොම ස්තූතියි රනිල් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

  31. Amil

    පළමු නිර්මාණයට උණුසුම් සුභ පැකුම් ස‍හෝ!

  32. Dulanga

    ela ela ohoma yan

  33. manjula

    ela.......

  34. දිල්ෂාන් කාලිංග (ඩිලා)

    සබට ස්තුතියි බං…..
    බයිස්කෝප් උපසිරසි කණ්ඩායමට සාදරයෙන් පිලිගන්නවා….
    දිගටම සබ් දෙමු නේද…
    ජයවේවා!

  35. Eranga

    mcn film aka nam gatta a unata sub aka ganna bahane ay aaaaaaa

  36. Charitha Weliwita

    පළමු නිර්මාණයට සුබපැතුම්. අඩුපාඩු හදාගෙන ඉස්සරහට යමු.

  37. ඉෂාර වෙත්තසිංහ

    නියමයි සහෝ............
    පළමු නිර්මාණයට මගේ සුභ පැතුම්.............
    තවත් උපසිරැසි ගෙන ඒමට අවැසි ශක්තිය සහ දිරිය නොමදව ලැබේවායි මම ප්‍රාර්ථනා කරනවා..........
    ඔබට ජය............

  38. Gayan sampath

    පළමු නිර්මාණයට සුභ පැකුම් ස‍හෝ.......

    ජය වේවා.......!!!!

  39. hima rox

    superbbb bro best of luck

  40. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි, පළමු උපසිරසි නිර්මාණයට මගේ උණුසුම් සුබ පැතුම්,ජයවේවා.

  41. Kalum

    palaweni ekt suba pathum saho.......thw thwth karnn labnn kiyal wish karnw....

  42. lohitha sampath

    ගොඩක් ස්තුති ..සනහොදරය

  43. wk. saman

    thanks macho.. onna mamath sub eka gaththa.. digatama sub denna. magen suba pathum...!!!