Watch Trailer

Ajin: Demi-Human AKA Ajin (2017) Sinhala Subtitles | අමරණීයයන් හෙවත් අඩ-මිනිසුන් [සිංහල උපසිරසි සමඟ]

අමරණීයත්වය කියන්නේ මොකක්ද? ඒක වාසියක්ද? නැත්නම් සාපයක්ද? අපි නම් ගොඩක් කැමතියි නොමැරී ඉන්න. නමුත් ජපානයේ ටොහෝ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය අපේක්ෂකයෙක් වන කෙයි නගයි නම් එහෙම හිතන්නේ නෑ. දවසක් දා අහම්බෙන් සිදු වුන අනතුරක් නිසා එයාට දැනගන්න ලැබුනා තමන් අඩ-මිනිසුන්, එහෙම නැත්නම් අජින් කියන අමරණීය මිනිස් කොට්…

අමරණීයත්වය කියන්නේ මොකක්ද? ඒක වාසියක්ද? නැත්නම් සාපයක්ද? අපි නම් ගොඩක් කැමතියි නොමැරී ඉන්න. නමුත් ජපානයේ ටොහෝ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය අපේක්ෂකයෙක් වන කෙයි නගයි නම් එහෙම හිතන්නේ නෑ. දවසක් දා අහම්බෙන් සිදු වුන අනතුරක් නිසා එයාට දැනගන්න ලැබුනා තමන් අඩ-මිනිසුන්, එහෙම නැත්නම් අජින් කියන අමරණීය මිනිස් කොට්ඨාශයකට අයත් කෙනෙක් කියලා. ඉන් පස්සේ එයාට විඳින්න සිද්ධ වුනේ හොඳ දේවල් නම් නෙවෙයි.

ජපන් රජය හරි නම් මේ වගේ විශේෂිත මිනිස්සු රැකබලාගන්න ඕනි. ඔවුන්ට උදව් කරන්න ඕනි. ඒ වෙනුවට ඔවුන් කරන්නේ මොකක්ද? ඒ අහිංසක මිනිස්සුන්ව දරුණු ගනයේ අත්හදාබැලීම් වලට ලක් කරනවා. පර්යේෂණ කරනවා. ඔවුන් අමරණීයයි තමයි. නමුත් ඔව්න්ට කියලා ජීවිතයක් නැද්ද? වේදනාව දැනෙන්නේ නැද්ද? අඩ-මිනිසුන් සතුව ඇත්තේ අමරණීයත්වය විතරද? අඩ-මිනිසුන්ගේ සැබෑ බලය ලෙස වරෙක සාටෝ විසින් හඳුන්වනු ලබන අඩ-මිනිසුන්ට අරක් ගත් ඒ භූතාකාරය කුමක්ද?

සෑම් සාටෝ.
වසර ගණනාවක් රජයේ වධ බන්ධන වලට හසුවී ඉඳලා සමස්ත මානව ජාතියටම වෛර කරන්න හුරු වුන අඩ-මිනිසෙක්. අමරණීයයෙක් විදියට ඔහුගේ තියෙන බලවත් කම සැහැල්ලුවෙන් හිතන්න නොහැකියි. ඔහු ඒක ඔප්පු කරලාම පෙන්නනවා. එසේම ඔබට හිතාගන්නවත් බැරි දරුණු දෙයක් වෙනුවෙන් ඔහු කරුණු කාරනා පෙළගස්වනවා.

මේ සේරම අස්සේ නගයිගේ භූමිකාව මොකක්ද? ඔහු සාටෝ සමග එකතු වෙලා මානව ජාතියට වෛර කරන්න ගනීවිද? නැත්නම් ඔවුන් වෙනුවෙන් හිටගනීවිද? සාටෝ සහ ඔහුගේ සහචර අඩ මිනිසුන් ලෝකයේ බලවත්ම බලකායක් වන ජපන් හමුදා සමඟ සටන් කරන්නේ කෙසේද? අමරණීයත්වය විතරක් ඒකට මදි නේද? හොඳ උපායමාර්ග සැලසුම් රැසකුත් අත්‍යාවශ්‍යයි. ඉතින් එයා සාර්ථක වේවිද?

Ajin: Demi Human 2017 දී තිරගත වුනු කට්සුයුකි මොටෝහිරෝ මහතාගේ අධ්‍යක්ෂණයෙන් හැඩගැන්වුණු ජපාන සිනමා සිත්තමක්. මේකට පාදක වෙලා තියෙන්නේ ජපානයේ අතිශයින්ම ජනප්‍රිය වුනු ගමෝන් සකුරායි ගේ මංගා චිත්‍රකතා පෙළක්. ජපන් ඇනිමේ සහ කාටුන් නිර්මාණ රැසකට පාදක වුනු මේ කතාව සිනමා සිත්තමක් විදියට IMDB අගය 6.6ක් සහ රොටන්ටෝමැටෝ 79% අගයක් දක්වා අරගෙන තියෙනවා.

මේ චිත්‍රපටය බාරගත්තේ මල්ලි. එයා වෙනුවෙන් කරලා දාන්න උනේ මටමයි. ඒ නිසා සෑහෙන්න කාලයක් පරක්කුත් උනා. ඒ ගැන සමාවෙන්න. අමරණීයන්ගේ ලෝකයට ගොඩ වැදිලා ඔවුන්ගේ ජීවිත ඇත්තටම මොන වගේද, තමන් වෙනුවෙන් ඔවුන් සටන් කරන්නේ කෙසේද, ඔවුන්ගේ බලය සමග සාමාන්‍ය මිනිස්සු කටයුතු කරන්නේ කෙසේද? මේ සියලුම ප්‍රශ්න වලට ඔබට පිළිතුරු ඇක්ෂන්, හොරර් සහ මිස්ට්රි යටතේ වර්ගීකරණය වෙලා තියෙන සංවේදී සිද්ධි සමුදායන් සහ දරුණු සටන් පිරුණු අඩ-මිනිසුන්ගේ මේ කතා පුවත නරඹාම ලබාගන්න.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

5,908 downloadsDownload Ajin.2017.Baiscopelk.com_.zip38 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මාලින්ද පිටිගල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-07-30
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

මාලින්ද පිටිගල

Subtitles

5,908 downloadsDownload Subtitles38 KB

27 comments

  1. Kantha_DLA

    උපසිරසියට ගොඩක් ස්තූතියි.
     ඔබට සහ ඔබ පවුලේ සැමට
     තෙරුවන් සරණ ලැබේවා..!

  2. madusrp1

    meke bluray eka thiyanwane bn

    1. Malinda

      Brrip ekata sub eka OK mcn. post eke mistake ekak.

  3. Eranda Malith 2.0

    Sub ekata thanks

  4. Chanu mikhail

    ela...
    thanks...

  5. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ.පුළුවන්නම් JoJo's Bizarre Adventure: Diamond Is Unbreakable Chapter I
    සබ් දෙන්න.ජය වේවා!

  6. Hashan M. Priyadarshana

    Thank you bro sub ekata

  7. Isurusandeepa007

    thanks

  8. Sanjeewa2010

    Thnxxxxxxxxxxxx

  9. harshani11112

    ස්තුති යාලුවා
    තෙරැවන්සරණයි
    ජයවේවා දිගටම සබ් දෙන්න

  10. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

  11. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  12. jagath_chaminda

    thank saho..

  13. Kulanjana Maduranga

    subata thanks

  14. apa

    thanks shaho.

  15. Vihanga sathsara

    thankss saho film ekata

  16. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. nirodha uthpala

    Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya

  18. AsithaDilruwan

    ela saho thanks

  19. Rukshan37

    ela ela

  20. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  21. sanjeewakbg

    thanks bro....

  22. Sajithlakshan

    thanks .............

  23. eranda weerasinghe

    niyamai.jayawewa

  24. Dewadithya

    Thanks for Sub!

  25. Dinethjs

    Hanebado එකෙ sub අරන් එන්නකෝ