Watch Trailer

Ajji (2017) Sinhala Subtitles | අත්තම්මාගේ පළිගැනීම [සිංහල උපසිරැසි සමග]

එකෝමත් එක කාලෙක ලස්සන කැළයක් ගාව ලස්සන ගමක් තිබ්බා. ඒ ගමේ ලස්සන ගැහැණු ළමයෙක් හිටියා. එයා ගෙදරින් එලියට බහින හැම වෙලේම රතු කබායක් අඳිනවා. ඒ හින්දා හැමෝම එයාට කිව්වේ රතු හැට්ටකාරී කියලා. දවසක් එයාට හිතුනා දුර ඉන්න ආච්චිව බලලා එන්න. ඉතින් එයා කෑම බාස්කට් එකකුත් හදාගෙන ආච්චිව බලන්න යන්න පිටත් වුණා. “ක…


එකෝමත් එක කාලෙක ලස්සන කැළයක් ගාව ලස්සන ගමක් තිබ්බා.
ඒ ගමේ ලස්සන ගැහැණු ළමයෙක් හිටියා.
එයා ගෙදරින් එලියට බහින හැම වෙලේම රතු කබායක් අඳිනවා.
ඒ හින්දා හැමෝම එයාට කිව්වේ රතු හැට්ටකාරී කියලා.
දවසක් එයාට හිතුනා දුර ඉන්න ආච්චිව බලලා එන්න.
ඉතින් එයා කෑම බාස්කට් එකකුත් හදාගෙන ආච්චිව බලන්න යන්න පිටත් වුණා.

“කෙලින්ම ආච්චිලගේ ගෙදර යන්න ඕන, හරිද?”
අම්මා රතුහැට්ටකාරීට කිව්වා.
‘කැලේ අතරමග නවතින්න එපා. අඳුනන්නේ නැති අය එක්ක කතා කරන්නත් එපා’

‘හරි අම්මේ, මං පරිස්සම් වෙන්නම්.’
රතු හැට්ටකාරී කිව්වා.

කැලේ ලස්සන බල බල යද්දී රතුහැට්ටකාරීට අම්මට දුන්නු පොරොන්දුවත් අමතක වුණා.
මල් කඩ කඩ, සමනල්ලු දිහා බල බල ගිය රතු හැට්ටකාරී
තමන් පිටිපස්සෙන් ආපු අඳුරු හෙවනැල්ල දැක්කේ නෑ

හදිසියේම රතුහැට්ටකාරීගේ ගමන හරස් කරේ වෘකයෙක්.
“මොනාද ඔයා මෙහෙ කරන්නේ, පුංචි කෙල්ලේ?” වෘකයා අහනවා
“මම ආච්චිව බලන්නයි යන්නේ, දොළපාර ළඟ තියෙන ගෙදරට”
රතුහැට්ටකාරී එහෙම කියලා පය ඉක්මන් කරා.

ඔය අතරේ වෘකයා කෙටිපාරකින් රතුහැට්ටකාරිට කලින් ආච්චිගේ ගෙදර ගියා.
දොරට තට්ටු කරා. ආච්චි හිතුවේ රතුහැට්ටකාරී ඇවිදින් කියලා.
‘මං බැලුවා මොකද දරුවෝ පරක්කු කියලා’කියාගෙන ආච්චි දොර ඇරියා
ආයේ වචනයක්වත් කියන්න නොදී වෘකයා ආච්චිව හප කරලා දැම්මා

ආච්චිව කාලා දාපු වෘකයා, රතුහැට්ටකාරී එන්න කලින් ආච්චිගේ නිදන ගවුම ඇඳන්,
නිදන තොප්පිය දාගෙන ඇඳට පැන්නා.
මේ මුකුත් නොදන්නා රතුහැට්ටකාරී ඇවිල්ල ගෙදර දොරට තට්ටු කරා.
‘ආච්චි, මං රතුහැට්ටකාරී’
‘ එන්න දුවේ ඇතුලට’ ආච්චිගේ වෙසින් හිටිය වෘකයා කිව්වා.
රතු හැට්ටකාරී ගේ ඇතුලට ගියා

එයාට ආච්චිගේ කටහඬේ වෙනසක් තේරුනා.
‘ඇයි ආච්චි කටහඬ අමුතු?’
‘මට හෙම්බිරිස්සාවනේ දුවේ’ ඒ වෘකයා.
‘ඇයි ආච්චියෙ මේ කන් මෙච්චර ලොකු’ රතුගෙන් තවත් ප්‍රශ්නයක්
‘ඒ ඔයා කියන දේවල් හොඳට ඇහෙන්නනේ’
‘ආච්චියේ, ඔයාගේ ඇසුත් හරි ලොකුයිනේ’
‘ඒ ඔයාව හොඳට පේන්නනේ දුවේ‘

රතු හැට්ටකාරීගේ කටහඬ වෙව්ලන්න ගත්තා.
‘ආච්චි, ඔයාගේ දත් හරි ලොකුයිනේ’
‘ඒ ඔයාව හොඳට හපන්නනේ’ කියපු වෘකයා රතුහැට්ටකාරිගේ ඇඟට පැන්නා
රතුහැට්ටකාරීට මුකුත්ම හිතාගන්න වෙලාවක් තිබ්බේ නෑ
අසරණ රතුහැට්ටකාරි වෘකයාගේ ගොදුරක් වුණා.

Ajji

ලීලාගේ හැට්ටේ මහලා ඉවර කරන්න ආච්චිට හිතුවට වඩා වෙලා ගියා.
රෑ 9ත් පහුවෙලා තිබ්බේ. හැට්ටේ අද රෑම ඕන කිව්වත් එක්ක
ආච්චිගේ ඇහැ ගියේ පැත්තක ඉඳන් හිටිය පුංචි මිණිපිරී දිහාට
මන්ධා, අවුරුදු 10 පුංචි කෙල්ලෙක්.
‘මන්ධා, දුවේ.. දුවලා ගිහින් මේ හැට්ටේ ලීලා නැන්දට දීලා එනවද?’
කියන පරක්කුව මන්ධා හැට්ටෙත් අරන් කළුවරේ එලියට බැස්සා.
පැය බාගයක් ගෙවුණා
තවත් පැය බාගයක් ගෙවුණා
රෑ 10 පහුවුණා විතරයි, ලීලා එනවා ආච්චිව හොයාගෙන.
‘කෝ ආච්චි, හැට්ටේ මහලා ඉවර නැද්ද තාම?’
‘ඇයි මං මන්ධාව එව්වනේ හැට්ටේ අරගෙන’ ආච්චිගේ පපුව සීතල වුණා
‘මන්ධා එහෙ ආවේ නෑ. එමින් ගමනවත් මට මුලිච්චි වුණේ නෑ’
ලීලාට කියලා ඉවර කරගන්න හම්බවුණේ නැහැ,
ආච්චි ටෝච් එකත් අරන් එලියට බැස්සා.
හිතට අමුතු බයක් එද්දී ඇය මන්ධාට කෑගැහුවා.
මන්ධා..
මන්ධා..
මන්ධා…

අන්ධකාරයේ ගිලුණු, කම්පනකාරී, අමුම අමු සිනමා සිත්තමක්.
නැරඹිය යුතුම යථාර්තවාදී සිනමා අත්දැකීමක්
Ajji!!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා අදාළ වේ.

3,238 downloadsDownload Ajji-2017.zip25 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මැක්ෂිමස්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

PHOENIX

Subtitles

3,238 downloadsDownload Subtitles25 KB

27 comments

  1. හසිත මධුෂාන්

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට.....!
    ඒ වගේම නියම ලිපියක්....!

  2. Indika Aruna Kumara

    නියම ෆිල්ම් එකක් වගේ. අනිවා බලනවා.
    බොහොම ස්තුතී sub එකට. ජය වේවා වේවා !!!

  3. Sureshkr

    ela...

  4. Kantha_DLA

    උපසිරසියට ගොඩක් ස්තූතියි.
     ඔබට සහ ඔබ පවුලේ සැමට
     තෙරුවන් සරණ ලැබේවා..!

  5. Hashan M. Priyadarshana

    Thank you broo

  6. තිසර නියෝ

    සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.

  7. Tharaka

    THANKS...............

  8. zeal

    Math Gathha... Thanks mcn...

  9. sampath n perera

    thanks

  10. jaani

    මේ සිනමා සිත්තම බලලා ,‌‌ ‌‌ම‌ේ සබ් ඒකට ‌ෙකොමෙන්ට් ඒකක් ‌න‌ොදමා ගිය‌ොත් හරිම කුහකයි කියලා හිතුණා ඉතාම සං‌ෙවේදි කතාවක් බ‌ොහ‌ොම ස්තූතියි යාලුවා

  11. indika75

    thanks..

  12. D.Chamara

    අනිවාර්යෙන් බලන්න ඕනේ සහෝ බොහොම ස්තූතියි

  13. cawizca

    පට්ට පිලුමක් වගේThanks saho sub ඒකට

    1. Malithsank

  14. RuwanLakshan93

    උපසිරැසට ස්තූතියි සහෝ ජය වේවා....!

  15. Amalka Himeshan

    තැන්ක්ස් සබ් එකට

  16. තාරක නුවන් දිල්හාර ©T

    හරිම සිත්ගන්නාසුළු ආටිකල් එකක්..
    සුපිරියක් වෙන්නැති ලොවෙත්..
    අරගන්නවා එහෙනම්..
    ස්තුතියි මැස්සිමස්..
    ඊලග සුපිරියෙන් හම්බෙමු.
    ජයෙන් ජය!!

  17. N_R

    Thank You.

  18. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. ශසිත් සඳරුවන්

    සබට තුති කිව්වා...
    දිගටම සබ් දෙමු ආ...
    ඔබට ජය!

  20. Dhanukadm

    Elama bn.. ජය

  21. IsuruF

    thnkz

  22. Dula95

    thank u bro

  23. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  24. shanedesilva

    Thanks for the subtitle. Keep it up the good work.

  25. thara_sam

    bohoma sthuthi...

  26. මොළ කකුලුස්

    Thanks for subtitles.jaya wewa..