මේක කොහොම පටන් ගන්නද කියල ඔළුවට අදහසක් එන්නෙත් නෑ. කොහොමහරි බයිස්කෝප් කියන ආඩම්බරකාර පවුලත් එක්ක එකතුවෙලා ආපු ගමනේ අද දෙවනි සංධිස්ථානය පසු කරන්න තමයි මම මේ කතාව කියන්නෙ. විමා කියන විදියට නම් මේක තුන්වෙනි සංධිස්ථානය. පළවෙනි සබ් එක කරපු එකා දෙවනි සබ් එකත් කරනවනම් අනිවාරෙන් ඒකා පළවෙනි සංධිස්ථානය පහු ක…

මේක කොහොම පටන් ගන්නද කියල ඔළුවට අදහසක් එන්නෙත් නෑ. කොහොමහරි බයිස්කෝප් කියන ආඩම්බරකාර පවුලත් එක්ක එකතුවෙලා ආපු ගමනේ අද දෙවනි සංධිස්ථානය පසු කරන්න තමයි මම මේ කතාව කියන්නෙ. විමා කියන විදියට නම් මේක තුන්වෙනි සංධිස්ථානය. පළවෙනි සබ් එක කරපු එකා දෙවනි සබ් එකත් කරනවනම් අනිවාරෙන් ඒකා පළවෙනි සංධිස්ථානය පහු කරනව කියල තමයි ඒ යකා කියන්නෙ. 😀 කොහොමින් කොහොමහරි මම අද අරගෙන එන්නෙ මගේ 100 වැනි උපසිරැසි නිර්මාණය. සමහරු නම් මාව දන්නෙත් නැතුව ඇති. ඒකට හේතුව මම ගොඩක් උපසිරැසි අරගෙන එන්නෙ ටීවී සීරීස් වලට නිසා. උපසිරැසි 100ක් කළා වුණත් ඒ අතරෙ මම චිත්‍රපටි සඳහා උපසිරැසි ලබා දුන්නෙ ඉතාම අඩුවෙන්.
ඉතිං මම කියන්න ඕනෙ මම කොහොමද මේ උපසිරැසිකරණයට ඇබ්බැහි වුණේ කියල. “2017 ජූලි 03” එතකොට මම කැම්පස් එකේ අවසාන වසරෙ ඉගෙන ගන්න ගමන් හිටියෙ. දවසක් මම නිකමට බයිස්කෝප් එකට ගොඩ වෙලා උපසිරැසියක් හදන්නෙ කොහොමද කියල විස්තර බැලුව. මොකද ඒ වෙනකල් කවුරුහරි උපසිරැසියක් දෙනකං ඉඳල ඒක බාගෙන බැලුව මිසක්, උපසිරැසියක් කරන්න අදහසක් තිබුණෙ නෑ. එහෙම කරල මම ලයින් 300ක් විතර තිබුණු Valhalla Rising (2009) චිත්‍රපටියට ( මේක ගොඩක් ලස්සන ෆිල්ම් එකක් නම් නෙවෙයි) සබ් දෙන්න කියල හිතාගෙන බයිස්කෝප් එකට මේල් එකක් දැම්ම. ඒකට උත්තර දුන්නෙ “අසංක ප්‍ර්දීප් රණතුංග” අයිය. නැත්තං අපි හැමෝම දන්න ලෝගන් අයිය. ඊට පස්සෙ ඉතිං මම සබ් එක කරල යැව්ව. වැරදි වගයක් තිබිල ඒව හදල දුන්න. ඊට පස්සෙ ඉතිං මට වැඩේ අල්ලල ගියා. ඊට පස්සෙ 2018 මාර්තු 30 වෙනකොටත් මම උපසිරැසි ලබා දීල තිබුණෙ උපසිරැසි 7ක් විතරයි. ඊට පස්සෙ එක දවසක් විමා කිව්ව Krypton එපියක් හිර වෙලා තියෙනව, පුළුවන් නම් කරල දීපං කියල. ඉතිං මම දවසක් යන්නත් කලින් ඒක කරල දුන්න. ඊට පස්සෙ ඉතිං “විමා” නිතර දෙවේලෙ අරක කරපං, මේක කරපං කිය කිය සබ් කරන්න බාර දිදී කරදර කළා. ඉතිං ඔහොම තමයි 100ක් දක්වා මේ ගමන ඉතාම වේගයෙන් මට එන්න හැකියාව ලැබුණෙ.
ඊටත් පස්සෙ කාලය ගෙවිල යනකොට මට මූණු පොතෙන් බයිස්කෝප් සැට් එක හමු වෙනව. එතනින් එහාට නම් කතා කරල වැඩක් නෑ. සමහර ඒවට සබ් කරන්න මාව දාල කියලවත් මම දන්නෙ නෑ. ඇඩ්මින්ල අපේ කිසිම අවසරයක් නැතුව අපෙන් බලහත්කාරයෙන් සබ් කරවගන්න පටන් ගත්ත. 😀 බලහත්කාරයෙන් කිව්වට ඉතිං කැමැත්තෙන් තමා සබ් කළේනම්. එහෙම කතබහ කරද්දි තමයි බයිස්කෝප් සුහද හමුව පැවැත්වුණේ. මුහුණු පොතෙන් කතාබහ කරල තිබුණ වුණත් කවදාවත් දැකල නැති යාළුවො සෙට් එක මුණ ගැහුණෙ එදා තමයි. ඒක අමතක නොවෙන සිදුවීම් ගොන්නක් ජීවිතේට එකතුවුණු දවසක්. ඒ හමුවීමෙන් පස්සෙ මාස කීපයක් යනකල් පාරෙ බැහැල යන්න බැරි විදියෙ අපවාද, මඩ ප්‍රහාර වලට දිගින් දිගටම ලක් වෙන්න වුණා. 😏😏 ඒකෙ ප්‍රධානියා වෙන් කවුරුවත් නෙවෙයි හසා තමයි.
100 වැනි උපසිරැසිය වෙලාවෙ මම ඇත්තටම මතක් කරන්න ඕනෙ පිරිසක් ඉන්නව ඇඩ්මින් මණ්ඩලය ඇතුළෙ. මම කවදාවත් දැකල නැති, කතා කරලත් නැති බයිස්කෝප් නිර්මාතෘ “ඉසිර ගුණතිලක අයිය” එයා නැත්තං මම අද මේ ලිපිය ලියන්නෙත් නෑ. ඊට පස්සෙ හැමෝම දන්න හැමෝම ආදරේ කරන අපේ “රොයිලි අයිය.” එතකොට ලෝකෙ මොන කෙළවරේ හිටියත් අපි එක්ක හැමදාම ලඟින් ඉන්න, අඩුපාඩු දැක්කම ඒව කියල දෙන අපේ හසායියා. ඊට පස්සෙ උපසිරැසිකරණයේදි මට ගොඩක් උපකාර කරපු සමීර කරුණාරත්න සහෝදරයා, තමන්ව “හන්දියා” ලෙස හඳුන්වා ගන්න, බයිස්කෝප් හැම කෙනෙක් එක්කම තමන්ගෙ පැටිකිරිය කියවන, මාව උපසිරැසිකරණයට ඇදල ගත්ත විමා, 😂😂 හැමදාම දරුණු ලෙස මඩ ප්‍රහාර වලට ලක් වෙන ජෙරෝමි (පූසා), සීනිබෝල ආසිරි, හෙන ගැට්ටෙන් ඉන්න යශෝධ, පාඩුවේ පෝස්ට් ටික හදාගෙන, සබ් එකක් කරගෙන ඉන්න චාමර, ඒ වගේම ලොකු කාර්යබාරයක් ඉෂ්ට කරන සිසිලයිය, සුධීර අයිය, ලෝගන් අයිය, වගේම නිර්මාණි සහෝදරිය. තව ටිකෙන් අමතක වෙනව “සෝජු බඩා” තිසර නියෝ මේ හැමෝම ලෙංගතුව මතක් කරන්න ඕනෙ.
ඊට අමතරව මට හමු වුණා යාළුවො ගොඩක්. හොඳ යාළුවො ගොඩක්. ලහිරු, අචින්ත, නුවන්ත, නුලුපුල් (ටියුබ්), රවිඳු මලය, ප්‍රනීත් චින්තක, දිලා, තරිඳු, කාලිංග, චන්දිම (සර්), දසන්(කොටා), පීටර් (සඳුන්), දේවක, ඉසුරු, යුශාන්, මයුර, කවිෂල් මලය, වගේම මගේ යෙහෙළිය ශෂී, මේ හැමෝම මට හමු වුණු හොඳ යාළුවො. එකා වගේ හැම එකාටම උදව් කර ගන්න ගමන් බයිස්කෝප් වෙනුවෙන් තමන්ගෙ කාලය කැප කරමින් අනිත් අයගේ තෘප්තිය වෙනුවෙන් තමන්ගෙ තෘප්තිය කැප කරපු අය. එක නමක් හරි මඟ හැරිල නම් සමාවෙන්න ඕනෙ. මම ඔය මතක ඔක්කොම තමා දැම්මෙ. මීට අමතරව බයිස්කෝප් පවුලේ තව ගොඩාක් යාළුවො එකට එකතුවෙලා ඉන්න. ඒක සුහද හමුවෙදි ගොඩාක් හොඳින් තේරුම් ගියා. ඉතිං මේ තමයි මගේ කතාව. මේක ගොඩක් අය කියවන එකක් නෑ. ඒත් ඉතිං හැමදාම 100 වැනි උපසිරැසියක් කරන්න වෙන්නෙ නෑනෙ. ඒකයි මේ ඔක්කොම කිව්වෙ. දැන් එහෙනම් ඉතිං චිත්‍රපටිය පැත්තට හැරිල බලමු නේ. 😀😀
How to train your dragon (HTYD) මුල්ම සිනමා කෘතිය එළි දකින්නෙ 2010 වර්ෂයේ. IMDb මීටරය කරකවල පළමු වටයෙන්ම හොඳම 250 අතරට එන්න සමත් වුණු ත්‍රිමාණ සජීවීකරණ සිනමාවක් බවට HTYD සමත් වුණා. ඊට පස්සෙ නැවත අපිට මෙහි දෙවැනි දිගහැරුම ලැබෙන්නෙ How to train your dragon (2014) විදියට, අවුරුදු හතරකට පස්සෙ. ඊටත් පස්සෙ How to train your dragon : The Hidden World (2019) නිකුත් වෙන්නෙ ඉන් වසර 5කට ආසන්න කාලෙකට පස්සෙ. ලේසි පහසු නෑ මෙය 2019 පෙබරවාරි 22 විකාශය ඇරඹුණු සතියෙ සති අන්තයේ ඇ:ඩො:මි $55ක ආදායමක් ලබනව. ඇමරිකාව සහ කැනඩාව තුළ පමණක් ඇ:ඩො:මි $148 ක් මේ වෙද්දි ආදායම් ලබල තියෙනව. ඒ වගෙම ලෝකෙ වටේම ගත්තම ඇ:ඩො:මි $494ක ආදායමක් ලබල තියෙනව. එතකොට වියදම් කරල තියෙන්නෙ කීයද දන්නවද? ඇ:ඩො:මි $129 ක් විතරයි. පේනවනෙ මාසයක් වගේ ඇතුළෙ ලබල තියෙන ආදායම කොහොමද කියල. මේ වෙනකොට IMDb දර්ශකයේ 7.9ක ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබාගෙනත් අවසන්. අධ්‍යක්ෂණය Dean DeBlois විසින් සිදු කරල තියෙන්නෙ, Cressida Cowell තමයි මේ කතා මාලාවේ නියම හිමිකරු. දැන් ඉතිං කතාව පැත්තට හැරෙමු නේ.
කලින් කතාව තුළදි අපි දැක්ක, බ්ලඩ්ෆිස්ට් නිසා දූෂිත වුණු ඇල්ෆාගෙ බලපෑම නිසා ටූත්ලස්, හිකප්ට එල්ල කරපු ප්‍රහාරය වලක්වන්න ගිහින් හිකප්ගෙ තාත්ත මැරුණ. ඒත් ඒ ඔක්කොම සටන් අවසානයේ ටූත්ලස් හැම මකරෙකුගේම ඇල්ෆා බවට පත් වුණා. හිකප් වයිකින්වරුන්ගේ නායකයා බවට පත් වුණා. ඒ ඔක්කොම එහෙම තියෙද්දි ඉතිං මේ වතාවෙ හිකප්, ටූත්ලස් ඇතුළු පිරිස මූණ දෙන්නෙ කලින් කතා දෙකටම වඩා ඉතාම දරුණු ඝාතකයෙක් එක්ක. හිතල බලන්න, අනිත් හැම ජාතියකම මකරු ඕන පදම් ඉද්දි ඇයි නයිට් ෆියුරිල විතරක් එක්කෙනෙක් ඉන්නෙ. ඔන්න ඔය ප්‍රශ්නෙට උත්තරය තමයි ග්‍රිමෙල් කියන්නෙ. ග්‍රිමෙල් කියල කියන්නෙ නයිට් ෆියුරි ඝාතකයෙක්. ඉතිං ඔහුගේ ඝාතන රැල්ල නිසා තමයි නයිට් ෆියුරිල වඳ වෙලා ගිහින් තියෙන්නෙ. කතාව ආරම්භ වෙන්නෙ හිකප්, ඇස්ට්‍රිඩ් ඇතුළු යාළුවො පිරිස යනව නැව් වගයක හිරකරගෙන ඉන්න මකරු ටිකක් බේර ගන්න. ඒක සාර්ථක කර ගන්න හැකි වුණත්, මේ මකරුන් නිදහස් කර ගැනීම ගැන මකරු අල්ලගත්ත පිරිස ඉන්නෙ ලොකු කේන්තියකින්. ඉතිං ඒ නිසා තමයි ඔවුන් ග්රිමෙල්ගෙ උපකාර ඉල්ලන්නෙ. ඒ අනුව තමයි ග්‍රිමෙල් ටූත්ලස් පස්සෙ පන්නන්නෙ. හෝව් හෝව්.. එතකොට කවුද අර ලස්සන සුදු කෑල්ල. ඔව් ඔව්.. අවසානෙ ටූත්ලස්ටත් හරියනව. නයිට් ෆියුරි වර්ගයාගෙ අවසන් ගැහැණු සත්වයා ඉන්නෙ මේ මකරු අල්ලන පිරිස එක්ක. ඇය ලයිට් ෆියුරි කෙනෙක්. කොහොමහරි ටූත්ලස් ඇය ගැන දැනගත්තට පස්සෙ ආලයෙන් මුසපත් වෙනව. කෑල්ල පට්ට ලස්සන වුණාට කට්ට කාල තමයි ටූත්ලස් මෙයාව යාළු කර ගන්නෙ. ඉතිං මේ ඔක්කොම මෙහෙමෙ වෙන අතරෙ ග්‍රිමෙල්, හිකප්ගෙ ගෙදරටම ඇවිල්ල තර්ජනය කරන්නෙ, ටූත්ලස්ව මරන්න ඉඩ නොදුන්නොත් මුළු ගමම විනාශ කරනව කියල. ඊට පස්සෙ තමයි හිකප් තීරණය කරන්නෙ එයාගෙ තාත්ත පුංචි කාලෙ එයාට කියල දුන්න කතාන්දරයක එන මකරුන්ගේ ක්ෂේම භූමිය වෙන සැඟවුණු ලෝකය හොයාගෙන ගමෙන් පිටත් වෙලා යන්න. එතනින් එහාට සම්පූර්ණයෙන්ම තියෙන්නෙ කලබැගෑනිම තමයි.
කතාව ලොකුවට විස්තර කළාම බලන්න දෙයක් නැති වෙනව නේ. ඉතිං හිකප්ට මේ සැඟවුණු ලෝකය හොයාගන්න හැකි වේවිද? ලයිට් ෆියුරි පේන තරම්ද හොඳද? ග්‍රිමෙල් අවතක්සේරුවට ගැනීම හිකප්ට ඇති කරන කරදර මොනවද? අවසානෙ මොකක් වෙන්න පුළුවන් ද? ඔය ඔක්කොටම උත්තර පැය 1 විනාඩි 40 කින් දැනගන්න පුළුවන්. අවසාන විනාඩි කීපයේ කාලය විශාල ලෙස හකුළුවා දැක්වීමක් වෙන නිසා ආයෙත් මේ තුළින් සිනමා නිර්මාණයක් බිහි වේවිද කියන්න නම් දන්නෙ නෑ. එහෙනම් ඉතිං හිකප්, ටූත්ලස් දෙන්න එක්ක සැඟවුණු ලෝකය හොයාගෙන යන්න ලෑස්ති වෙන්න.
තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු. ජය වේවා..!

Due to copyright issues, we no longer provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR සහා HD පිටපත් සඳහා අදාළ වේ.
68,830 downloadsDownload How.to_.Train_.Your_.Dragon.The_.Hidden.World_.2019-_BR-Update.zip75 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උදයංග සම්පත්
Subtitles
297 comments
prageeth chamalka
nimethneerada
Thanx bro sub ekta
Sasanka98
Thanks brother!
samathandi
Thanks
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
100 වෙනි උපසිරැසියට හදවතින්ම සුභ පතනවා
වැඩි වැඩියෙන් ටීවී සීරීස්ම සබ් කරමු
ජයPASINDU1952
Thanks For The Sub Bro...
Saman sanjaya
supiri ahhh ... congratulations 100ta ..
sathnuwan
Thanks thanks thanks amboo mama balagena hitiye sub eka enakam.
Janith Jayasankha Adhikari
nohoma isthuthiyi sub walata
Janith Jayasankha Adhikari
100th sub ekata thanks, lesi wadak nemei, apita karana udawwata thanks a lot
sashan
Thanks bro meka Anakanma balan hitiye.
Jaya weva digata yamu. Elasathnuwan
ආ අමතක වුණා 100 වෙනි sub එකට සුබ පැතුම් ❤️❤️
AravindaMadu
suba ekata sththuiii saha suba pathum 100 weni kadaima jayagaththata.....
Jumanji
බොහොම ස්තුතියි.
Sanath Indika
thx brooo
Lakshan Thennakoon
සබ් එක දෙනකන් ඇගිලි ගැන ගැන හිටියේ. සයිට් එකට හත්පාරකට වඩා ආව, 100 වෙනි උපසිරසියට උණුසුම් සුබපැතුම්. සහෝ, සබ් එක ඉක්මනට දුන්නට ගොඩක් පිං, ආදරෙයි බයිස්කෝප්
Sandunprabath1230
එනකන් හිටියෙ..Thanks සහෝ
Chämàrá Sâmpáth
100'වැනි කඩයිමට සුභපැතුම් මචං.
මෙතැනින් නොනැවතී තවත් කඩයිම් වලට ලගාවෙන්න හැකියාව ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා වගේම ඉදිරි වැඩ කටයුතුත් හොදින් කරගන්න ලැබේවා කියලා සුභ පතනවා.
මාවත් මතක් කලාට හුගාක් ස්තුතියි මාමේ
මේකෙ බ්ලුරේ ආව හැටියෙම අනිවාර්යයෙන්ම බලනවා.
ජය!sachiravihanga
ස්තූතියි සහෝ. තවතවත් ජවය ලැබේවා
lushan...thusi
නියමායි thanq.. bro
podda
thanks machan..... 100 suba pathanawa
Ravindu Rukshan
100 වෙනි උපසිරැසය වෙනුවෙන් සුභ පැතුම්
මෙතැනින් නොනැවතී ඉදිරියටම යන්න ලැබේවා කියා පාර්ථනා කරනවා.
බ්ලුරේ එකක් ආවාහම අනිව චිත්‍රපටය නරඹනවා.හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....
ඒ වගේම තුන්වෙනි කඩඉමටත් සුබ පැතුම්...!කවිශල් රසින්ත (කවී)
දෙවැනි කඩයිමට එහෙම නැත්තම් 100වැනි උපසිරැසියට උණුසුම් සුභ පැතුම්. බයිස්කෝප් පවුලෙන් හම්බවුන නිහතමානි අයියා කෙනෙක් තමා, අපේ ගම් පලාතෙම තමයි. ඕන වෙලාවක උදව්වකට ඉන්න කෙනෙක් කියලා කියන්නත් පුළුවන්. මාවත් ඉතින් මතක් කලාට ස්තූතියි ඈ. 50වැනි කඩයිම කරලා පැත්තකට වෙන්න ඕන කිව්වට ඒ 50 ගහන්න ගියාට වඩා ඉක්මනට ඉතුරු පනහ ගැහුවා නේද? කිව්වා වගේම මේක නවත්තන්න බෑ. එහෙනම් ඉතින් ඊළග කඩයිම් වලටත් යන්න ශක්තිය ධෛර්ය වාසනාව හා ජොබ් එක කරන අතරේ වෙලාවත් හම්බුවෙන්න කියලා ප්‍රර්ථනා කරනවා. ජීවිතයේ ඉදිරි කටයුතුත් සාර්ථක වේවා කියලා අනික් අතට ප්‍රාර්ථනා කරනවා.
එහෙනම් ජය වේවා...!!Radeon
sub ekata tnx bn elama
කෞශල්‍ය දුෂ්‍යාන්
100 වැනි උපසිරසට උණුසුම් සුභ පැතුම් අයියේ.ඉක්මනට 150ත් ගහමු.මේක දෙනකං බලං හිටියෙ.සබට බොහොමතුති.සදා ජය.
V.T.Piyumal
තැන්ක්ස් බ්‍රෝ සබ් එකට..දිගටම කරගෙන යන්න...ජය වේවා...!
Tharaka
THANKS...............
100 SUB EKATA SUBA PETUM........එල්.සී. දමැල්
100වෙනි උපසිරසට මගේත් සුභ පැතුම් එක් කරනවා. නොනැවතී යමු උදයංග සහෝ ඉතාමත් වේගවත්ව ඊළඟ කඩයිම් වෙතටත්. අනික් වැඩත් සාර්තකව කරන්න කාලය ලැබෙන්න ඕන කියලා පතනවා.
ජය...තාරක නුවන් දිල්හාර ©T
හදවතින්ම සුභ පැතුම් එකතු කරනවා තට්ට මාමා වෙත සීය වෙනි උපසිරසි කඩයිම වෙනුවෙන්..
තවතවත් උපසිරසි කටයුතු වලට දායක වෙමින් ඊලඟ කඩයිම් වලටත් ඉක්මනින් හැකියාව ලැබේවායි ප්‍රාර්ථනා කරනවා.
ඒ වගේම අර වයසක මනුස්සයා එක්ක හැප්පෙන්න යන්න එපා කියලත් අනතුරු අඟවනවා.
එහෙනම් ඊලඟ කඩයිම බලා ගමන් අරඹමු!!
ස්තුතියි උපසිරසියටත්..
ජයෙන් ජය!!!Rumesh dhanushka
Thanks udayanga ....
Osanda_Viraj
සබ් එකට තෑන්ක්ස්
Sarojalakmali
බොහොමයක් ස්තුතියි.මග බලන් හිටියා එනකන් සබ් එක.
Gayan weerasinghe
Thanks mcn
mewantha
enakanmai balan hitiye thakz bro
1997lakmallakmal
100 weni sub ekata suba pathum.....!!!!!
Hashan M. Priyadarshana
Thank you bro sub ekata... Jaya wewa!
Shashi
මුලින්ම 100 වෙනි උපසිරැසිය වෙනුවෙන් මගේ සුභ පැතුම් සහෝ...
බයිස්කෝප් එකට උපසිරැසි කරන්න පටන් ගත්ත මුල්ම පාර ඒක මිස් වුණා.
ඒත් ඒක අත්හරින්නේ නැතුව ආයිමත් පටන් ගත්තා.
ඒ පටන් ගත්ත ගමන මාර වේගයෙන් 100 වෙනි කඩයිමට වෙනකම් ආවා.
මොන වැඩේ තිබුණත් භාරගත් උපසිරැසි අඩුවක් නැතුව හරි වෙලාවටම දෙනවා.
ඉතින් සහෝ... බොහොම ස්තුතියි.
ඊළඟ කඩයිමටත් ඉක්මනින්ම යන්න පුළුවන් වෙන්න කියලා සුභ පතනවා.
ජය වේවා!RandiS
ඊයෙ ඉදං බලං හිටියෙ බ්‍රෝ දානකං✌️.දැංනෙ දන්නෙ මේකත් බයිකෝප් බ්‍රදර් කෙනෙක්ගෙ සෙන්චරියක් කියල.ආයෙ අහන්න දෙයක් නෑ සුපිරියටම ඇති.බලං හිටිය එකෙං කිසිම පාඩුවක් නෑ බ්‍රෝ.සුබ පතනවා 100ට.ජයවේවා!!ගොඩාක් ස්තූතීයි.!!!
shevin
Thanks saho
Sahan Sulakkhana
100 වෙනි උපසිරසියට සුබ පැතුම් සහෝ.දිගටම අපිට මේ වගේ sub එක දෙන්න.ඒ වගේම කාරුණික ලෙස sahodowhunters එකේ sub එකත් ඉල්ලනවා.ඒ වගේම මේ උපසිරසියට ගොඩාක් ස්තුතියි සහෝදරයා!!!!!!!!!!!!!!!!!
kosala1980
tnxxxxxxxxxxxxxxxxxxxxxxx
Dilshan Kelum
Thanks...
ශසිත් සඳරුවන්
දෙවෙනි කඩඉමටත් සුබ පැතුම් කිව්වා එහෙනම්...
50ට සුබ පතලා මහ ලොකු කාලයක් ගියේ නෑ නෙව. මේන් මේ යකා 100ත් ගහලා. මේක ඉතින් අනිවා බැලිල්ලක්. සබටත් තුති කිව්වා. දිගටම සබ් දෙමු ආ...
ඔබට ජය!Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ .....!
AUSHI
Thanks bro..
Ara N Madhu
godak kal balan hitiya malli...thanks alot....aasawen balapu movieseries ekak danna kaalae enadanma....
ChamathRulz
ගොඩාක් ස්තුතියි මචං සබ් එකට
NisalaWila
ස්තූතියි සබ් එකට.
දසිත චාමික
100වෙනි උපසිරැසි ගැන්වීමට සුභ පැතුම් සහෝ! බොහොම ස්තූතියි කාලය ශ්‍රමය වැය කරමින් මේ කරන්නාවූ සේවයට! ජය!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
එනකන් බලන් හිටියේ..බොහොම ස්තූතියි උපසිරැසියට සහෝ..ජය වේවා ❤️