මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු ” Capernaum (2018) බලන් කඩතුරා හැර දෑසේ…. ” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තූති කරපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ. ලෝකෙ වටේ විවිධාකාර භාෂා වලින් නිර්මාණය උන සිනමා නිර්මාණ රස…

මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු ” Capernaum (2018) බලන් කඩතුරා හැර දෑසේ…. ” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තූති කරපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ.
ලෝකෙ වටේ විවිධාකාර භාෂා වලින් නිර්මාණය උන සිනමා නිර්මාණ රසවිඳිනකොට හම්බ උන වෙනස්ම විදියේ නෝර්වීජියානු සිනමා නිර්මාණයක් තමයි මේ පාර උපසිරැසියක් කරන්න තෝර ගත්තෙ. IMDb දර්ශකයේ 7.2ක් rotten Tomatoes වර්ගීකරනයේ 87%ක් එක්කම ලෝකෙ වටේම සිනමා සම්මාන උලෙළවල් නියෝජනය කරලා සම්මාන 3ක් සහ නිර්දේශවීම් 10ක් ලබාගත්තු සුපිරිම නෝර්වේජියානු ෆිල්ම් එකක්. කෙටියෙම්ම කිව්වොත් මිනිත්තු 116ක් පුරාවට ඉහලට ගත්තු හුස්ම ආපහු පහලට දාන්න අමතක කරවන ෆිල්ම් එකක්. මේ නෝර්වීජියානු ෆිල්ම් එකේ සාර්ථකත්වය කොච්චරද කියනවා නං 2019 අවුරුද්දේදී “Cold Pursuit” නමින් ලියම් නීසන් (Liam Neeson) රගන හොලිවුඩ් නිර්මාණයක් විදියට මේ ෆිල්ම් එක නැවත ප්‍රතිනිර්මාණය උනා. අලුත් රී මේක් එකෙන් පරන ෆිල්ම් එකේ ගතිය ගන්න බෑ කියන නිසාත් ඕල්ඩ් ඊස් ගෝල්ඩ් කියන නිසාත් පරන උනාට මුල් ෆිල්ම් එකටම සබ් එක කලා. මටත් මේ ෆිල්ම් එක හොයලා දීලා සබ් එකක් කරනවා මේකට කරපං කියලා ලෝක පරාල ඇණයක්ම උන මගේ මිතුරාටත් බොහොම ස්තූතියි. මොකද ෆිල්ම් දෙකම බැලුවාම මටත් හිතුනේ ඕල්ඩ් ඉස් ගෝල්ඩ් කියලාම තමයි. තීරණය ඔබ සතුයි….
මේ ෆිල්ම් එකේ කතාව ගැන කියන්න උත්සාහ කරන එක මහම මහ බොරු වැඩක්. ඒත් ඉතිං පුලුවන් විදියකට උත්සාහ කරන්න එපැයි.
” හිම වැටෙන සීත රැයක සිදු වෙන පැහැර ගැනීමක්….
දුම්රිය වේදිකාවක රහසේ කෙරෙන ඝාතනයක්….
අවසන් මොහොතේ හෙලිවන රහසක්….
රාත්‍රී ගනදුර මැද අතුරුදන් වීම් මාලාවක්….
කුලී මිනී මරන්නෙක්…
විශ්‍රාමික පාතාලයේ සොල්දාදුවෙක්….
මුදලට ගිජුවූ ද්‍රෝහියෙක්….
සහෝදරයා වෙනුවෙන් මරනය තෝරාගත් වීරයෙක්….
පලිගැනීමේ ආශාවෙන් වියරු වැටුන පාතාල කල්ලි දෙකක්….
එක් අත්වැරැදීමකින් සිදුවූ ඝාතනයක් සමග….
ලෙයට ලෙය… ඇසට ඇස… පුතාට පුතෙක්…
ඉල්ලා සටන් වදින පියවරුන් යුගලක්….
අවසානයේ කුමක් සිදුවේවිද….
අවසරයි නරඹන්න ” නිහඬ ඝාතකයා…. “
මේ ෆිල්ම් එක ගැන මම මීට වඩා කිසිම දෙයක් කියන්න යන්නෙ නෑ. මොකද මේ ෆිල්ම් එක නරඹලා මිසක් කියවලා රසවිඳින්න බැරි විදියේ එකක් නිසා. ඒ නිසා හැම කෙනෙක්ටම ආරාධනා කරනවා මේ ෆිල්ම් එක රසවිඳින්න.
තවමත් මේ ෆිල්ම් එක බලන්න ඕනෙ කියල හිතුනෙ නැත්තන් ෆිල්ම් එකේ ට්‍රේල බලලම තීරණයක් ගන්න. නැත්නම් මගේ ලිපි ලිවීමේ නොහැකියාව හින්දා පට්ටම ෆිල්ම් එකක් මිස් වෙයි. ඒ වගේම සබ් කරන්න මග ඇරුන පරන උනත් හොද ෆිල්ම් තියෙනවා නං පහලින් කමෙන්ට් එකක් දාලා යන්න. පුලුවන් විදියකට කරන්නම්….
ඔබට ජය….!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
3,432 downloadsDownload In-Order-of-Disappearance-2014-1.zip72 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසිත මධුෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-07
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හසිත මධුෂාන්
Subtitles
43 comments
jagath55
Jack
Pattai macho...
thnx sub ekataMalithsank
ඊළඟ එක මේක වුනොත් කොහොමද හසිත සහෝ....
"Once upon time in anatolia_2011"හසිත මධුෂාන්
ටිකක් මොලේ කැරකෙන ෆිල්ම් එකක් වගේ නේද සහෝ...? මම බලලම කියන්නං...
Malithsank
තෑන්ක්ස් සහෝ fb එකෙන් මේ ගැන දැන ගත්තේ සෑහෙන කතාබහට ලක්වුනු සිනමා නිර්මාණයක් සහ විශිෂ්ඨ අධ්‍යක්ෂකවරයෙක් මේ පිටුපස ඉන්නවා කියලා දැනගන්න ලැබුනේ....
පුලුවන් නම් මේකට සබ්ගේන්න උත්සාහයක් දරන්න ජය හසිත සහෝ!!!!!
Nirosha Nirosha
thanks
Hashan M. Priyadarshana
Thank you saho sub ekata..
Jaya wewa!තිසර නියෝ
සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.
gihan perera
ස්තුතියි සහෝ...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා....
යුරාන් ධනුක (ධනූ)
බොහෝම ස්තූතියි සහෝ.. !!!
Tharaka
නියමයි සහෝ........... ඉදිරියටත් මේ වගේ විවිධාකාර එකිනෙකට වෙනස් චිත්‍රපට වලට සබ් දෙන්න. අප බලාපොරොත්තු වන්නේත් මෙයයි. ඔබ බයිස්කෝප් වෙබ් අඩවියේ විශේෂිත උපසිරැසි නිර්මාණකරුවෙක්. මා ඔබගේ නිර්මාණ වලට ඉතා කැමතියි. ඔබගේ කලින් උපසිරැසි දුන් Capernaum AKA Capharnaum (2018) ෆිල්ම් එකත් මා නැරඹුවා. එය ඉතාමත් ලස්සන සංවේදී චිත්‍රපටියක්.
සබට බොහෝ ස්තූතියි.............! ජය..............!හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ...!
Ishan Madusha
බොහොම ස්තූතියි උපසිරැසියට
prageeth
thanks
Dayalrw
Thanks
dhanuka
Bro sub ek wd krnne nane
හසිත මධුෂාන්
සබ් එක අවුලක් නැතුව වැඩ කරනවා සහෝ...
ආයෙම පාරක් අරන් බලන්න...
Kantha_DLA
උපසිරසියට ගොඩක් ස්තූතියි.
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!indika75
thanks..
Indika154
Film downloard karanna bene
හසිත මධුෂාන්
බයිස්කෝප් ඩවුන්ලෝඩ් එකේ දාල තියෙනවා සහෝ සබ් එකට ගැලපෙන හොද කොපියක්.
එහෙමත් නැත්නම් mkvcage එකේත් හොඳ කොපියක් තියෙනවා. ඒකටත් සබ් එක ගැලපෙනවා.
Indika154
Film eka nedda. Sub witharaine
sumithwickramarachchi
thanks hasitha
Crathnayake
thank u sir.
D.Chamara
බොහොම ස්තූතියි සහෝ ....
chamodlakchan
Thank you..
Malit Hansa
Sub eke අවුලක් තියනවනේ bro. Download කළාට පෙන්නන් na.
හසිත මධුෂාන්
සමාවෙන්න සහෝ සබ් එක හරියට ඩවුන්ලෝඩ් වෙනවා වගේම වැඩත් කරනවා....
මට තවම අවුලක් අහු උනේ නෑ....
තවම හරිගියෙ නැත්නම් hasitha.m.skyඇට්gmail.කොම්
මෙල් එකට මේල් එකක් දාන්න. මම srt ෆයිල් එක එවන්නම්.
NuwanK
Thank u bro..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
AsithaDilruwan
ela saho thanks
Chanmatara
ගොඩාක් ස්තුතිය සබ් එකට සහෝදරයා .
bLack_sNow
Thanks sub ekata
thunder
nice work. well done boy......
s.s.m
tz sub ekata....
Nivom
thanks
Chulender kasun
Thanks
Saranga J. Liyanagama
ගොඩක් ස්තුතීයි උපසිරසියට.
thanks bro
Lakshansilva18
උපසිරිසියට බොහොම ස්තුති
Extremely wicked, shockingly evil and vile (2019)
puluwannam mey film ekatath sub dennako meka ted bundy (seriel killer) gana film ekak
හසිත මධුෂාන්
රියල් sස්ටෝරියකaින් දපු ෆිල්ම් එකක් නේද සහෝ...?
මම බලලම කියන්නං...
බලන්න තියෙන ලිස්ට් එකට දා ගත්තා...
Shaggy
බොහොම ස්තූතියි
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Kraftidioten (2014) AKA In Order of Disappearance AKA En iskall jävel Sinhala Subtitles | නිහඬ ඝාතකයා…. [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/03/in-order-of-disappearance-2014.jpg)
Thanks