ඔන්න මං මගේ පස්වෙනි උපසිරැසි ගැන්වීම විදියට පට්ට තෙළගු ෆිල්ම එකකට සිංහල සබ් අරගෙන ආවා. මේක 2016 අවුරුද්දේ තිරගත වුනු ෆිල්ම් එකක්. මේත අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ V.V. Vinayak කියන අධ්‍යක්ෂකවරයා විසින්. Akkineni Akhil කියන නළුවත් Sayesha Saigal කියන නිළියක් මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිත රගපානවා. මුලින්ම ක…
ඔන්න මං මගේ පස්වෙනි උපසිරැසි ගැන්වීම විදියට පට්ට තෙළගු ෆිල්ම එකකට සිංහල සබ් අරගෙන ආවා. මේක 2016 අවුරුද්දේ තිරගත වුනු ෆිල්ම් එකක්. මේත අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ V.V. Vinayak කියන අධ්‍යක්ෂකවරයා විසින්. Akkineni Akhil කියන නළුවත් Sayesha Saigal කියන නිළියක් මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිත රගපානවා. මුලින්ම කියන්න ඕනි යාළුවනේ මේ ෆිල්ම් එක තෙළගු වුනාට මං සබ් එක හදලා තියෙන්නේ මේකෙම Hindi Dubbed එකට කියලා.
මේ ෆිල්ම් එකේ කතාව තමයි මීට අවුරුදු ගණනකට පෙර සූර්යය රශ්මිය වැඩිවීමත් එක්ක ගෝලීය උෂ්ණත්වය වැඩිවෙන්න පටන්ගත්තා. ඉතිං මෙමගින් ලෝකය විනාශ වීම වළක්වන්නට කෙනෙක් විවිධ පර්යේෂණ කරා. ඉතිං එහිදී ඔහු එක එක ලෝහ එකතු කරලා සූර්යය ඵලකයක් හැදුවා. ඒ ඵලකයට සූර්යාගෙන් පෘථිවියට පැමිණෙන අධික උණුසුම උරාගැනීමේ හැකියාවක් තියෙනවා. ලෝකය බේරාගැනීමේ මෙහෙවර මත ඔහු මේ ඵලකය සෘෂිවරයන්ට භාරදුන්නා එය ලෝකයේ කේනද්‍රස්ථානයේ තියන්න කියලා. ඉතිං මේ කටයුත්තේදී ඒ සෘෂිවරුන් බොරෝ කරදර මැද්දේ අප්‍රිකාවේ තියෙන පෘථිවියේ කේන්ද්‍රස්ථානය හොයාගෙන ඒ සූර්යය ඵලකය ඔවුන් එතන තියලා එහි ජීවත් වුන හෝජො නම් ගෝත්‍රික ජනතාවකට ආරක්ෂා කිරීමේ වගකීම බාරදුන්නා. එහිදී මේ ගෝත්‍රික ජනතාව මේ වගකීම බාරගෙන මේ වන තෙක් ඒ ඵලකය ආරක්ෂා කරගෙන ඉන්නවා. ඔවුන් සූර්ය ඵලකය හදුන්වන්නේ ජුආ දෙවියන් කියලා. නමුත් අවාසනාවකට රුසියානු ජාතික විශ්‍රාමික හමුදා ජෙනරාල් වරයෙකුට මේ ඕනි කරන්න පටන්ගැනීමත් එක්ක ඒක හොයන්න ඔහු මිනිස්සු යොදවව්වා. එහිදී ඒ මිනිස්සු මේ සූර්ය ඵලකය හොයාගෙන ගෝත්‍රික ජනතාව වෙත යනවා. නමුත් එ් මොහොතේදී බූඩෝ කියන නමින් හදුන්වන නගරයේදී තම ඉගෙනුම් අවසන් කර තම ගෝත්‍රය වෙත ආ ජුආ එක ආරක්ෂා කිරීමේ ඊළග වගකීම ඔහුට පැවරිලා තියෙන්නේ. ඔහු මේ අවස්ථාවේදී ජුආ එකත් අරගෙන පැනල දුවනවා. ඒ නිසා අර කත්රොචිගේ මිනිස්සුන්ට සූර්යය ඵලකය හොයගන්න බැරිවෙනවා.
ඒ වගේම මේ ෆිල්ම් එකේ අකිල් කියල ඔට්ටු දාලා ෆයිට් කරන කෙනෙක් ඉන්නවා. ඒ වගේම මෙයාට හොඳ යාළුවෝ වගයකුත් ඉන්නවා. වෙලාවක් අකිල්ගේ යාළුවෙක් අකිල් ගාවට ඇවිල්ලා එයාට කෙල්ලෙක් ගැහුවා කියලා කියනවා. ඉතිං ඒකට පළිගන්න කියලා අකිල් ඒ යාළුවත් එක්ක ඒ කෙල්ල ඉන්න තැනට යනවා. ඒ කෙල්ල දැක්ක අකිල් එයාට බනින්නේ නැතුව එයාව බේරගන්නවා. මෙයාගෙ නම දිව්‍යා. ඉතිං අකිල් මේ කෙල්ලව යාළුකරගන්න හදනවා. ඉතිං ඒකෙදි මෙයා සුපිරි සුපිරි වැඩ කරනවා. අකිල් කරන දේවල් වලින් එකක් කිව්වොත් මෙයා දිව්‍යව කසාද බදින්න ඉන්න කෙනාව වෙන කෙනෙක්ට බන්දනවා. හැබැයි මේ වැඩේ අකිල් කරා යැයි කියල දන්නේ නැති දිව්‍යා එයාව බදින්න හිටිය කෙනා ඉන්න දිහාවට යනවා ඒ වැඩේට එයාට උදව් කරපු කෙනාව හොයාගෙන දඩුවම් කරන්න කියලා. ඒ නිසා ඉතිං මේ අකිලුත් එහෙට යනවා. එහිදී අකිල් තමන් කරපු ඇත්ත කිව්වට පස්සේ දිව්‍යා අකිල් එක්ක තිබුන මිතුරුකම අතහැරලා යනවා. ඒ වෙලාවේදී දිව්‍යව අර සූර්ය ඵලකය හොය හොය හිටපු මිනිස්සු පැහැරගන්නවා. මොකද මෙයා තමයි මෙහෙ ඉද්දී සූර්ය ඵලකය අරගෙන ගිය ගෝත්‍රික කණ්ඩායමේ පුද්ගලයා එනම් බූඩෝ කියන කෙනාගේ පස්සෙන් ඒ ඵලකය හොයන මිනිස්සු එන වෙලාවෙදී බූඩෝට උදව් කරල තියෙන්නේ.
ඉතිං ඵලකය හොයන මිනිස්සු බූඩෝ ජුආ තියෙන තැන දිව්‍යට කියන්න ඇතියි කියලා තමයි පැහැරගෙන යන්නේ. මේ වෙලාවෙදී දිව්‍ය බේරගන්න ඒ මිනිස්සු පස්සෙන් යන අකිල් ඒ මිනිස්සුන් එක්ක ගහගන්නවා. ඒත් අකිල්ට දිව්‍යව බේරගන්න බැරිවෙනවා. මේ අතරතුරදී අකිල්ගෙ බෙල්ලට අර ජුආ එකට සම්බන්ධ බූඩෝගෙ බෙල්ලෙ තිබ්බ මාලය කැලේ තිබිලා එක් මාර්ගයකින් නගරයට ඇවිල්ලා අකිල්ගේ බෙල්ලට වැටෙනවා. මං මුළු කතාවම කියන එක හරි නෑනේ. ඔයාලම ෆිල්ම් එක බලන්නකෝ.
ඉතිං යාළුවනේ නැවතත් සුපිරි ෆිල්ම් එකක් එක්ක හමුවෙමු. සුභ දවසක්!!!

Due to copyright issues, we do not provide any torrent links.
Akhil The Power Of Jua (2017) Hindi Dubbed Movie
මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.
2,470 downloadsDownload Akhil-The-Power-Of-Jua-2017.zip65 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/Nilupuldara1-e1484915517782.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිලුපුල් උදාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නිලුපුල් උදාර
Subtitles
25 comments
LAKSHAN
isuru neranjan
tnx mcn ela
Sanindu Lakkitha
***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
~~බුදුසරණයි..ජය වේවා~~Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
ayesh
බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට.ජය වේවා….බුදුසරණයි.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴
Gathsara Umesh Kumara
Bohoom sthuthiuy upsiresyt shooi..ikmnin thwath sub 1kin hmuwemmoo..
mahesh babu
Thank’s for sub bro……
Kalekin telugu movie ekak….ela ela
Khaidi no 150 telugu movie 1ta sub demuNirodha uthpala
Thx for sub digatama demu obata jaya bro
hiru
Hindi Dubednam Balanna Appriyai Ban…
Sub Ekata Thanks…
Wena Ekak Karamu Ikmanata…
Telugu Ekak Ahu Wunoth Aragena Balanawa… Ela BroKantha_DLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
—–ස්තූතියි—–මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.Charli Max
ela bro. thanks
shasith sandaruwan
වැඩේ හොඳයි සහෝ…
දිගටම සබ් දෙමු ආ..
ඔබට ජය!Nelson
Good work friend, Thanks!
pinsara
makka ban parana ewa denne.meka balala godak kal
ළහිරු චාමර
baahubali eke sub eka denna puluwanda
hoda kopiyak await tyennesinet
tnkz for sub
premam 2016 telegu ektth sub dennkoooSadeesh Mendis
sub eka nane macho
Sanjeewa
Thanks brother...
sudarshana fdo
sinhala sube ekata thanks bro …ram charange Dhruva (2016) film ekatath ekmaninma sube dannako ekath supiri film ekak..jayawewa ///// j..p..b…s
nipun
ela broooooooooooo.Good luck!
sajith
ela bro aluth telugu film walata sub demu
Tharaka Lahiru
tnq
Anonymous
SHiva 143 subtitles නැද්ද bro
Arawinda Sunimal
thanks sub ekata
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

thanks