Watch Trailer

Boy 7 (2015) with Sinhala Subtitles | හැකර් [සිංහල උපසිරසි සමඟ]

ඔක්කොටම කලින් ඔයාලා හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා!!! ඉතිං යාළුවනේ 14 Blades, Goemon, Kyaa Super Kool Hain Hum (2012) කියන ෆිල්ම් වලට උපසිරැසි අරගෙන ආපු මම මගේ හතරවෙනි උපසිරැසි ගැන්වීමත් අරගෙන ආවා. මේ පාර මං සබ් අරගෙන ආවේ BOY 7 කියන ෆිල්ම් එකට. මේ ෆිල්ම එක 2015 වර්ෂයේ දී තිරගත වුන ෆිල්ම් එකක්. මේ…

ඔක්කොටම කලින් ඔයාලා හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා!!! ඉතිං යාළුවනේ 14 Blades, Goemon, Kyaa Super Kool Hain Hum (2012) කියන  ෆිල්ම් වලට උපසිරැසි අරගෙන ආපු මම මගේ හතරවෙනි උපසිරැසි ගැන්වීමත් අරගෙන ආවා. මේ පාර මං සබ් අරගෙන ආවේ BOY 7 කියන ෆිල්ම් එකට. මේ ෆිල්ම එක 2015 වර්ෂයේ දී තිරගත වුන ෆිල්ම් එකක්. මේ ෆිලම් එකේ MATTHIJS VAN DE SANDE BAKHUYZWN කියන නළුවත් ELLA-JUNE HENRARD කියන නිළියත් ප්‍රධාන චරිත රඟපානවා. මේ ෆිල්ම් එකේ 01:31:36 ක ධාවන කාලයක් තියෙනවා. ඒ වගේම මේක විද්‍යා ප්‍රබන්ධ අශ්‍රිත කතාවක්. MATTHIJS VAN DE SANDE BAKHUYZWN සම් කියන චරිතයත් ELLA-JUNE HENRARD ලාරා කියන චරිතයත් රගපානවා.

ෆිල්ම් එකේ ස්ටොරිය කියන්න කලින් මුලින්ම කියන්න ඕනි මේ ෆිල්ම් එකේ වර්තමානයයි අතීතයයි කියලා කතා දෙකක් පෙන්නනවා කියලා. ඉතිං මේ ෆිල්ම් එකේ ස්ටෝරි එක තමයි මේකේ ඉන්නවා සම් කියලා කොල්ලෙක්. මෙයා සුපිරි හැකර් කෙනෙක්. තව මෙයාට ඉන්නවා ලාරා කිියලයි ලුයිස් කියලයියාළුවෝ දෙන්නෙකුත්. කතාව පටන්ගන්නේ මේ සම් කියන කෙනා දුම්රියක ඉදිද්දී. ඒ වෙලාවේ එතනට එනවා පොලිසිය. එයාලා හැම කෙනාගෙන්ම ID එක ඉල්ල ඉල්ල එද්දී සම් ගෙනුත් ID එක ඉල්ලනවා. එ්ත් සම් ගාව ID එකක් නෑ. අඩුම තරමේ එයාට එයාගේ නමවත් මතක නෑ. ඉතිං පොලිසිය එයාව අරගෙන යන්න හදනකොට මෙයා පොලිසියට ගහලා බේරිලා දුවනවා. ඒ වෙලාවේ සම්ට කෙල්ලෙක් ඇවිල්ලා උදව් කරනවා. ඉතිං ඔහොම සම් අර කෙල්ලත් එක්ක කෑම කන්න යනවා. ඒ වෙලාවේ ඒ හෝටලේ හිටපු වේටර්වරියක් සම් ගාවට ඇවිල්ලා පොතක් දෙනවා. සම් ඒක අරන් කියවනවා. එයා එක කියවද්දී එතන ඉදන් තමයි සම්ට මතක නැතිව තිබ්බ ඒවා මතක් කරගන්න පුළුවන් වෙන්නේ. එයාගේ නම සම් කියලත් එතනදී එයා දැනගන්නවා.

දවසක් මේ සම් කියන කෙනාට කට්ටියක් රටේ තියෙන ආරක්ෂක අමාත්‍යංශයේ වෙබ් එක හැක් කරන්න කියනවා. ඉතිං මෙයා මේක හැක් කරනවා.හැබැයි මේ වැඩෙන් එයාව අත් අඩංගුවට පත්වෙනවා. මොනාවුනත් ඉතිං මේ සම්ව ආරක්ෂක ආමාත්‍යංශය විසින් හිරේට දාන්නේ නැතිව මේ වගේ හැකර් කෙනෙකුට තවත් අවස්ථාවක් දෙන්න ඕනි කියලා හිතලා මොහුව වෙනත් සමාගමකට යවනවා එයාගේ හැකියාව වර්ධනය කරගන්න කියලා. මේක‍ෙදී තමයි සම්ට ලාරාවයි ලුයිස්වයි හම්බවෙන්නේ. මේකේ ඉදන් මේ අය විවිධ වැඩ කරනවා. කෙසේ වුනත් ඔවුන් ඉන්නේ හිර ගෙදරක් වගේ තැනක කියලා දැන ගෙන ම‍ෙයාලා මෙතනින් පැනගන්න උත්සහ කරනවා. එකේදී මේකෙ මාරස්ටර් කියලා කට්ටියක් ඉන්නවා එයාලා මේ සම් කියන කෙනාට එයාගේ යාළුවන්ටසා සම් ලාරාව හොය හොයා යද්දී සම්ට ලාරාව හම්බවෙනවා. හැබැයි ඒ කලින් හිටපු ලාරා නම් නෙවෙයි. එයාට චිප් එකක් හයි කරල තියෙන්නෙ.ඒ නිසා එයා එතන ඉන්න එයාට අණ දෙන කෙනා කියන ඕනි දෙයක් එයා කරනවා. මේක දැක්ක සම් ඊළගට මේ වැඩේ වෙන් නෙ මට තමයි කියල හිතලා ඒ චිප් තියෙන .තැනට ගිහිල්ලා එයාගේ චිප් එක මාරු කරනවා. ඉතිං සම් හිතපු විදියටම සම්ටත් චිපු එක හයි කරනවා. හැබැයි සම් එි චිපු එක මුලින්ම මාරු කරපු නිසා එයාට මොනාවත් වෙන්නේනෑ. හැබැයි එයාට චිප් එකක් හයි කරාම කරන දේවල් ඒ විදියටම රගපානවා. මෙයා මේ ක්‍රමයෙන් හදන්නේ මේ සමාගම ඇතුළේ සිද්ධවෙන දේවල් මුළු ලෝකයටම පෙන්වන්නයි මේ සමාගමෙන් සියලු දෙනාම බේරගන්නයි. ඉතිං මේකෙ මෙතනින් එහාට මොනව වෙයිද? මේ සම්ට මේ සමාගමේ ඇත්ත තත්ත්වය මුළු ලෝකයටම පෙන්වන්න පුළුවන්වෙයිද? ඒ වගේම මෙයාගේ ලාරා, ලුයිස් ඇතුළු අනෙකුත් හැම යාළුවෙක්ම බේරගනන් පුළුවන් වෙයිද?

ඉතිං යාළුවනේ තවත් ෆිල්ම් එකක සබ් එකත් එකක් නැවතු හමුවෙමු.

නැවතත් ඔයාලට HAPPY NEW YEAR!!!!

පසු සටහන
මෙම උපසිරැසිය අප්‍රේල් මස 8 වන දින මෙම සොහොයුරා යොමු කරන ලද එකකි. අතපසුවීමකින් මග හැරී ඇත.

 

Boy 7 (2015) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Boy 7 2015 English Movies DVDRip XviD AAC New Source ~ _rDX_
Boy.7.2015.1080p.BluRay.x264-iLLUSiON

මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.

2,266 downloadsDownload Boy-7-2015.zip43 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/Nilupuldara1-e1484915517782.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිලුපුල් උදාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

නිලුපුල් උදාර

Subtitles

2,266 downloadsDownload Subtitles43 KB

29 comments

  1. sanjaya

    ela.thanx

  2. eranga

    good work thankssssss...........

  3. asitha

    Elama saho thanks

  4. Nati

    Thank you

  5. Chami.S

    Thanks…

  6. punsara

    thankyou sahoo

  7. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    —–ස්තූතියි—–

    මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
    චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  8. Charli Max

    Ela bro.thanks…

  9. D.Chamara

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ

  10. Chalana

    thnx bro…

  11. Nelson

    Good Post Friend, Thanks!

  12. Nelson

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  13. මලින්ද

    wow….
    සුපිරි එකක් වගේ….
    ගන්න තැනක් තමයි හොයා ගන්න අමාරු…
    අව්ලක් නෑ… සබ් එකට තෑන්ක්ස් මචෝ……
    නියම වැඩක්….
    Good Luck…..

  14. Sajith Dushyantha Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

  15. Nisal Tharinda

    thnak tou bro

  16. sankha sandaruwan

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴

  17. g@neo

    මේ බයිස්කෝප් ඩව්න්ලෝඩ් සයිට් එකේ ඩිරෙක්ට් කොපිය වැරදී. වෙන මොකක්ද ෆිලුමක කොපියක් දීල තියෙන්නේ. අපරාදෙ මම බෑව

  18. Lakshan

    Thanks BRO sabata. The Song movieth sub eaka dennako…….

  19. chathurani dias

    Sub ekata thank you.

  20. viraj

    Sub eka film ekata match wenne na n

  21. Sanjeewa

    Thanks brother…..sub eka film ekata match venne na…good luck…

  22. Supitha

    dila thiyana 786mb direct download copiyata sub 1 galapenne naha. puluwannam hadala denna. thanks

  23. Udara Damith B/K

    ado උබ බඩල්කුබු රෙද

  24. chamod dhananjaya

    me sub 720p blueray walata hariyata weda na ne .plz ekata weda ekak danda...

  25. chamika

    sub eka match wenne nane

  26. nipun

    ela ela bro patta film ekak ne. aluth films walata sub demu.

  27. AsithaDilruwan

    Özgür Yildirim අධ්‍යක්ෂණය කල Boy 7 (2015) එකක් සහ
    Lourens Blok අධ්‍යක්ෂණය කල Boy 7 (2015) කියලා ෆිල්ම් දෙකක් තියෙනවා..

  28. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

  29. Rukshan37

    Ela