Watch Trailer

Kadamban (2017) with Sinhala Subtitles | කැලය අපේ ශක්තියයි [සිංහල උපසිරසි සමඟ]

මහපොළොව අපි කාටත් අයිතියි. එය රැක ගැනීම අප සැමගේ යුතුකමක් වගේම, එය විනාශ කරන උදවියට විරුද්ධ වීමත් අපේ යුතුකමක් වෙනවා. කඩම්බන් අප වෙත ගෙන ආ පණිවුඩය එයයි. මේ උපසිරසිය මට යෝජනා කල සඳුන් අයියටත් ස්තුති කරන ගමන්ම පසුගිය උපසිරසි වලට යහපත් ප්‍ර‍තිචාර ලබා දී අපව දිරිමත් කළ ඔබටත් ස්තුතිවන්ත වෙනවා. කඩම්බන් ච…

මහපොළොව අපි කාටත් අයිතියි. එය රැක ගැනීම අප සැමගේ යුතුකමක් වගේම, එය විනාශ කරන උදවියට විරුද්ධ වීමත් අපේ යුතුකමක් වෙනවා. කඩම්බන් අප වෙත ගෙන ආ පණිවුඩය එයයි. මේ උපසිරසිය මට යෝජනා කල සඳුන් අයියටත් ස්තුති කරන ගමන්ම පසුගිය උපසිරසි වලට යහපත් ප්‍ර‍තිචාර ලබා දී අපව දිරිමත් කළ ඔබටත් ස්තුතිවන්ත වෙනවා. කඩම්බන් චිත්‍ර‍පටිය ගැන පොඩි විස්තරයක් කරන්නම්.

කඩම්බා වනය යනු ස්වාභාවික සෞන්දර්යෙන් පිරුණු සම්පත් වලින් බහුල කඳුකර වන පෙදෙසක්. මේ වනය වාසස්ථානය කරගෙන ජීවත් වෙන එක්තරා ගෝත්‍රික පිරිසක් ඉන්නවා. ගෝත්‍රික කීවාට අමුම අමු ගෝත්‍රික නෙවෙයි. සරමක් බැනියමක් එහෙම ඇඳලා ඉන්න ටිකක් ශිෂ්ට සම්පන්න පිරිසක්. හරියට අපේ ආදි වාසීන් වගේ. මේ අය ජීවත් වෙන්නේ කඩම්බා කඳු මුදුනේ. එයාලගේ දුකට සැපට හැම දේකටම ඉන්නේ කඩම්බා වනය තමයි. මේ කඩම්බා කඳු පන්තිය පුරාවටම හුණුගල් නිධි බහුල නිසා එක්තරා සිමෙන්ති සමාගමකට මේ ප්‍රදේශය අත්පත් කරගන්න ආසාවක් පහළ වෙනවා. නමුත් කඳු මුදුනේ ජීවත් වෙන කඩම්බා වාසීන් නිසා එම ආසාව ඉෂ්ට කරගන්න අමාරුයි. ඒ නිසා අපේ කතාවේ දුෂ්ටයා වෙන සිමෙන්ති කම්හලේ ප්‍ර‍ධානියා, මෙම කඩම්බා වැසියන්ව ඔවුන්ගේ ගමෙන් එළවන්න සැලසුම් කරනවා. නමුත් ඒ කිසිම සැලසුමකට ඒ මිනිස්සුන් අහු වුනේ නෑ. ඒකට ප්‍ර‍ධානම හේතුවක් තමයි කඩම්බන් (ආර්යා). උත්සහ කරලා බැරිම තැන දුෂ්ටයින් තීරණය කරනවා කාටවත් නොදැනී කැලේ ඇතුලෙදිම මේ මුළු ගමම විනාශ කරලා දාන්න. දවසක්…එක්කොත් ඕන්නෑ. ඔතනින් එහාට කිවුවොත් ඉතින් කතාව බලලා වැඩක් නැතිවෙනවා. ඉන් එහාට සිදු වුණේ මහ පොළොව නුහුලන අපරාධයක්. නමුත් රැහේ වාසනාවට ඒ අපරාධෙන් කඩම්බන්ගේ දිවි ගැළවෙනවා. සොබාදහමේ නාමයෙන් ඒ දරුණු මිනිස්සු ජීවිතයෙන් වන්දි ගෙවිය යුතුයි කියලා කඩම්බන් එදා තීරණය කරනවා. ඉතිරිය ඔයාලම ඇරන් බලන්න.

කතාවක් හැටියට ගත්තාම ඔය විදියේ කතා බොහොමයක් අපි දමිළ සිනමාව තුළ දැක තිබෙනවා. ඒ නිසාද මන්දා දමිළ රසිකයින් නම් එච්චරටම මේ ෆිලුම රසවිඳලා නැහැ. දමිළ අයට එහෙම වුණාට අපිට නම් එහෙම දැනෙන එකක් නැහැ. මේ කතාවේ පසුබිම් තල හරිම ලස්සනයි. ආර්යා හුඟක් මහන්සි වෙලා තියෙනවා මේ ෆිලුම ගොඩ දාන්න. මුදල් පරමාර්ථයෙන්ම පමණක් චිත්‍ර‍පටි කරන අද කාලේ සොබාදහම වෙනුවෙන් මෙහෙම නිර්මාණයක් සිදු කරපු එකට අධ්‍යක්ෂක තුමාට ස්තුතිවන්ත විය යුතුයි. නමුත් VFX යොදා ගැනීමේදී මීට වැඩිය තාත්වික විදියට ගත්තා නම් තවත් අගෙයි. ගුණ දොස් කීවා ඇති.කාලෙකට පස්සේ මම බොහොම සැහැල්ලුවෙන් උපසිරසි කරපු ෆිලුමක් මේක. මොකද මේකේ දෙබස් අඩු නිසා. හොඳයි එහෙනම් ෆිලුම ඇරන් බලන්න කියලා ආරාධනා කරනවා.

ඔබ සැමට ජයෙන් ජය !

Kadamban (2017) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

TamilMV.mx – Kadamban (2017) Tamil HDRip – XviD – 700MB – MP3.avi

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

7,301 downloadsDownload Kadamban-2017.zip37 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/Indrajith-Udayakumara.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉන්ද්‍රජිත් උදය කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

7,301 downloadsDownload Subtitles37 KB

52 comments

  1. sanath indika

    thx broo

  2. g@neo

    සහෝගෙ සබ් නම් පට්ටම කොලිටි.කිසිම ඉස්පිල්ලක පාපිල්ලක අඩුවක් නෑ.කණගාටුවෙන් උනත් මට ඒ වෙනුවෙන් කරන්න පුලුවන් සුබපැතීම සහ අවංකවම ස්තූති කිරීම විතරයි.

  3. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    —–ස්තූතියි—–

    මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
    චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  4. Nirodha uthpala

    Thx bro obata jaya digatama demu

  5. g@neo

    BAISCOPEDOWNLOAD එකේ DIRECT LINK එක මට නම් වැඩ කලේ නෑ.ඒනිසා මෙන්න වැඩ කරන ලින්ක් එකක්upindia.mobi/197880/wsmzyjQ
    මුලට http කෑල්ල ගහල ගන්න.

  6. SPD

    sabata godak sthuthi saho. idiriyatath me wagema sub demu. jaya wewa..!

  7. Charli Max

    Thanks bro sub ekata…karthige ekatai baahubali 2 sub denna.

  8. samee

    supiri machan.gdaak thanx machan ikmanata sub eka dunnata

  9. Nelson

    Good Work Friend, Thanks!

  10. D.Chamara

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ

  11. thisal

    බොහෝම ස්තුතියි

  12. එල්.සී. දමැල්

    බොහොම ස්තුතියි සහෝ මේ වගේ වටින කතාවකට උපසිරස ගෙනාවට…
    මමනම්, දමිළ සිනමාවට වැඩිය ළැදි නොවුනට මේ වගේ එකක්නම් අත අරින්න හිතක් නැහැ…
    එහෙමනම් තවත් මේ වගේ සුපිරි චිත්‍රපටයකින් ඉක්මනින් මුණගැහෙමු…

  13. Gayan

    sub ekata thank’s saho. Jayawewaa!

  14. kasun madushanka

    එලම…….

  15. shan

    meka enakam mcn balan hitiye,,

    tnx mcn sub ekata…

  16. කෞෂාන් පියුමන්ත

    ආර්යා ඉන්නවනම් ඉතින් අනිවා බෑමක් තමයි.සබට රොම්බ තෑන්ක්ස්

  17. Sanindu Lakkitha

    ***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
    ~~බුදුසරණයි..ජය වේවා~~

  18. shasith sandaruwan

    සිසිලයාට වගේම මෙන්න මූටත් ආච්චි වැහිලද කොහෙද. දිගටම සබ් දෙනවා…
    නියමයි මචෝ වැඩේ…
    දිගටම සබ් දෙමු ආ…
    ඔබට ජය!

  19. Gathsara Umesh Kumara

    Bohom sthuthiy sahooo….sabat..ikmnim thwath upasireaiyskim jamuwemmoo

  20. Chami.S

    Thanks..
    Good Luck..

  21. mahesh babu

    Ela ela bro…….
    ඔයාගේ මහන්සියට බොහොම ස්තුතියි
    Thawath paharakin hamuwemu
    Jaya wewa!!!!!!!!

  22. Imesh Akalanka

    Bahubali 2 sub ekath ikmanata one.hoda DVDrip ekak release wela.

  23. Kulanjana Maduranga

    niayamai…tamil nm aniwa balanawa.thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  24. kelum chathuganga abeysekara

    thanks

  25. Eranga Sandaruwan

    උප සිරැසියට බෝම ස්තූතියි….
    ජය වේවා…

  26. Mithun

    umbai sisila sahoi virarai saho gammanma tamil move tikak danna eka digata apu gaman ekata nm bohoma ස්තුතියි . Anit un maha kaiwaru karayo ekko karana ekakta sab eka karanna danna ona , ara (bogan ekata sab danna කොච්චර kal giyada film ekat epa una download karam unna e katawa wadak na
    Mn dakapu sirama upasirasi karuwak oya bro . Oyat balaLa eka asawanma apitat upasirasi ganwala ganawa oya .
    Bohoma stuthi matuwak kala sawata.
    Onna saho gnnawa oyaga sab ekka film balannat asai.
    Thx bro දිගටම hodama tamil apitat danna sat unot jaya wawa
    Eka asawanma

  27. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴

  28. kasun

    Thanks bn sub ekata bahubali 2 ekath dennako

  29. Indrajith Udaya Kumāra

    ​සහෝ බාහුබලි මම නෙවෙයි කරන්නේ..ළඟදීම උපසිරසිය ලැබෙයි.. !

  30. Mahesh

    Sub ekata thanx

  31. Bhagya madushan

    thanks

  32. Kantha_DLA

    Film eka beluwa…
    Sub eka gena kiyala wedak nehe..Best..best.Better..
    Hondata therena wideyata thiyanawa..
    Puluwan nam me widiyata tamil film witharak karanna..
    godak hondata wachana galapala thiyanawa..

    අලුත්ම චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙන ඔබට
    ………….. මාගේ ප්‍රණාමය……..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    —–ස්තූතියි—–

  33. Ranga Prasanna

    කට තිබ්බ පලියට කියවන්නෙපා බන්. සබ් එකක් කරලම බලපන් කොච්චර කට්ටක් කන්න ඕනෙද කියලා. අනෙක් සබ් ලියන මිනිස්සු තමන්ගෙ වැඩ රාජකාරි කොච්චර අතපසු කරගෙනද මේවා කරන්නේ. එක දිගට සබ් දෙන්න බැරි වුනා කියලා පිස්සෙක් ව‍ගේ කමෙන්ට් දන්නෙපා. ඒ සබ් ලියන අයත් මේ ‍කමෙන්ට් බලනවා. ඒ අයගෙ හිත මොන තරම් නම් රිදෙයිද? උඹ ෆිල්ම් බලපන්. මේ වගේ ගෝත කමෙන්ට් දාන්නෙපා. සිසිල, ඉන්ද්‍රජිත් මහන්සි වෙනවා වගේම අනෙක් අයත් මහන්සි වෙනවා මේවට. එක්කෝ උඹ කමෙන්ට් නොදා ඉඳපන්

  34. thusitha

    thanks broooo,,,,niyamai,,,jaya wewa

  35. chathurani dias

    Sub ekat thnk you

  36. AvishkA

    thanks for sub bro

  37. AvishkA

    puluwannam baiscopedownlods web page akata hyperlink akak dannakoo plzzzzzz

  38. nidi

    Indrajith lassana film ekakata wadath lassanata sub karala! thanks!

  39. Mithun

    Ana gon hutto
    Umba anunga awa assa puka danna natuwa sab eka gattanam kata piyan yaman.
    Sab karana un kana kattak ganawat, ka ekkawat tarahata dapu comd ekak nawa hutto qwa. Eka umba apita kiyala danna ona na api හොදාකාරවම dannawa eka.
    Eka digata sab daddi ana satutata dapu commed ekak maka. Ehama upasirasi karuwan inna eka wasanawak. A satutstai maka kiuwa. Anika maka upasirasi karana un dannawa mama gana.
    To puka danna epa anuga raddawal assa avit.
    Hoda ho naraka wawa yako kiyanna ona, kiyan natuwa කොහොමද .

    1. Indrajith Udaya Kumāra

      හිතන්න පැති කීපයක් තියෙනවා. බයිස්කෝප් රසිකයෙක්ගේ කෝණෙන් බැලුවොත් මිතුන් තමුන්ට දැනුණු දේ තමයි පවසලා තියෙන්නේ. එවැනි අදහස් බයිස්කෝප් අපිට හුඟක් වැදගත් මිතුන්. හොඳ මෙන්ම නරකත් ඔබලා තුලින් තමයි අපි දැනගන්නේ එතකොට තමයි බයිස්කෝප් එකේ කොලිටිය වැඩි කරගන්න පුළුවන්. උපසිරසි කරන අපි මුල් තැන දිය යුත්තේ රසිකයින්ට බවයි මගේ මතය. රංග අපේ සහෝදරයාගේ ප්‍ර‍කාශය උපසිරසිකරුවෙකුගේ කෝණය. ඒ අමාරුකම මමත් හොඳට දන්නවා උපසිරසියක් කරන්න කොච්චර කට්ටක් කනවද කියන එක. නමුත් රසිකයෙක් විදියට බැලුවාම මිතුන්ට ඒක අදාළම නැහැ. ඔහු බයිස්කෝප් අඩවියෙන් බලාපොරොත්තු වුනේ ඒක නෙවෙයි. බයිස්කෝප් සයිට් එක මෙච්චර ප්‍ර‍සිද්ධ වෙලා අද ලංකාවේ ඉහළම තැනකට එන්න ප්‍ර‍ධානම හේතුවක් තමයි බයිස්කෝප් නිසා සතුටු වුණු මිතුන් වගේ ලක්ෂ සංඛ්‍යාත රසිකයින්. අපි උපසිරසියක් නිකුත් කරන්න කලින් අනෙකුත් තරඟකාරී වෙබ් අඩවියකින් අපිට කලින් උපසිරසියක් දැම්මොත් අන්න එතන අපිට හිතන්න යමක් තිබෙනවා. යම් හෙයකින් අපි බාරගත් උපසිරසියක් රසිකයින් බලාපොරොත්තු වෙන කාලය ඇතුලත දීමට නොහැකි වීමේ වරද අපි නිහතමානීව බාරගත යුතු වෙනවා. ඔය කඩම්බන් මම බාරගත්තු එකක් නෙවෙයි. සඳුන් ධනුෂ්ක තමයි බාරගත්තේ. ඔහු කාර්යබහුල වුණු නිසා තමයි මට කිව්වේ උපසිරසිය කරන්න කියලා. එය තමයි විය යුත්තේෙ කියා මා සිතනවා.

  40. Chamara Asanka

    Sinhala sub ekta thnx wewa✌️✌️✌️✌️

  41. cenaboy

    ko ban dl karanna thanak nane
    kawru hari link eka denawada pls

  42. Supun

    Ela brooooooooo

  43. ‌දනන්ජය ලක්ෂිත

    මචන්ලා දන්න කෙනෙක් කියපන්කො දෙමළ ටොරන්ට් බාන්න සයිට් එකක්..

    1. Mala

      Meke tiyena link eka google search karahan..... eeta passe eke enawa tamilmv.io kiyala page ekak eke yata tiyenawa me film eka torrent walin download karana link ekak.. e link ekata yatin tiyenawa magnet download kiyala... eka click karapu gaman download wenawa... habai torrent downloader app eka tiyenna ona

  44. ක්‍රිෂ්

    සබි එක ගත්තා පිල්ම් එක බා ගන්න බැරි වුනා දවසේම ටරයි කොරලත් නැද්ද කොල්ලනේ ලිනක් එක

  45. Mithun

    Meka nm kiyanna wachana na supiri ma film eka. Bagattata tikak nidahasa balanna ona kiyala tibba baluwata passa hituna eccara dawas unnna ai kiyala
    Great move

  46. pradeep

    Eedo Rakam Aado Rakam ekatai supreme ekatat sub diyn mchn thx

  47. ashan lankanath

    thanks .........................good luck

  48. Ashoka Maxzz

    Plzz .kadamban. tamil movie eke sub dennako

  49. Krishan Hasitha

    Thankx bro

  50. amdsl1

    niyami

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.