Watch Trailer

Vaanam Kottattum (2020) Sinhala Subtitles | වැසි වැස්සාවෙන් [සිංහල උපසිරැසි සමග]

ආයුබෝවන් සියලුම දෙනාට, ඔන්න අද දමිල කැටගරියට අයත් වන චිත්‍රපටයකට සබ් එක අරගෙන ඇවිත් තියනව. මේක නිකුත් වෙන්නෙ 2020 පෙබරවාරි 7වෙනිද, ඒ වගේම මේ චිත්‍රපටියට ප්‍රධාන වශයෙන් රන්ගනයෙන් දායක වෙන්නෙ Vikram Prabhu, Madonna Sebastian සහ Aishwarya Rajesh. මීට අමතරව Amitash Pradhan, R. Sarathkumar, Raadhika Sar…

ආයුබෝවන් සියලුම දෙනාට, ඔන්න අද දමිල කැටගරියට අයත් වන චිත්‍රපටයකට සබ් එක අරගෙන ඇවිත් තියනව. මේක නිකුත් වෙන්නෙ 2020 පෙබරවාරි 7වෙනිද, ඒ වගේම මේ චිත්‍රපටියට ප්‍රධාන වශයෙන් රන්ගනයෙන් දායක වෙන්නෙ Vikram Prabhu, Madonna Sebastian සහ Aishwarya Rajesh. මීට අමතරව Amitash Pradhan, R. Sarathkumar, Raadhika Sarathkumar වගේ ප්‍රසිද්ද නලු නිලියනුත් දායක වෙනව. අධ්‍යක්ෂනය Dhana Sekaran මහතා විසින් සිදුකර ඇති අතර නිෂ්පාදනය චිත්‍රපටි අධ්‍යක්ෂ Mani Ratnam මහතාගෙනි. චිත්‍රපටියට මේ වෙනකොට 7.3ක IMDb අගයක් හිමිවෙලා තියනව.

සාමාන්‍ය දමිල චිත්‍රපටියක මෙන් ගහ මරාගැනිලි තිබුනත්, චිත්‍රපටිය පුරාවට අවුරුදු 16ක් තිස්සේ දරුවන්ගෙන් සහ තම භාර්යාවගෙන් වෙන් වී සිට, අවුරුදු 16ක් පුරාවට සිරබත් කෑමෙන් පසු ගෙදරට පැමිනෙන පියෙකුට විදින්නට සිදුවෙන අත්දැකීම් හද කම්පා කරනව සුලුයි. ඉක්මන් කෝපය, හදිසි තීරණ ගැනීම, වැනි දේවල් වලින් සිදුවෙන්න පුලුවන් දෑ අපිට මෙහිදී දැකබලාගන්න පුලුවන්. සංගීතය Sid Sriram සහ K Krishna Kumar ඉතින් හොද සින්දු ටිකකුත් අහන්න පුලුවන් වෙයි.

කතාව ගැන පොඩි විස්තරයක් කියන්නම්, පවුලෙ සාමාජිකයො සෙල්වා එයාගෙ අම්මයි තාත්තයි නංගියී, කෝවිල් වදින්න යන්න පිටත් වෙනකොට දවසක් සෙල්වගෙ තාත්තගෙ අයියව කවුද කපල කියල ආරංචි වෙනව. ඉතින් තරහට සෙල්වගෙ තාත්ත බෝස් ගිහින් එයාගෙ අයියව කපපු අයව මරනව. මේක නිසා එයාට අවුරු 16කට හිරේට යන්න සිද්ද වෙනව. ඔය අතරෙ සෙල්වගෙ අම්ම ලමයි දෙන්නව බොහොම අමාරුවෙන් උස්මහත් කරනව, වර්ථමාන කතාවෙ සෙල්වාට හිටපු ගමන් ව්‍යාපාරයක් පටන්ගන්න අදහසක් පහල වෙනව, නොහිතපු විදිහට ව්‍යාපාරය දියුනු වීගෙන එනව. ඔන්න එතකොට තමයි අවුරුදු 16කට පස්සෙ සෙල්වගෙ තාත්ත හිරේ ඉදන් එන්නෙ. ඔය අතරෙ සෙල්වට ප්‍රීතා කියන කෙල්ලෙක්වත් අදුනගන්න ලැබෙනව. ඉතින් සෙල්වගෙ තාත්ත ගෙදර ආවගෙන් පස්සෙ එයාලට විදින්නට සිදුවෙන අත්දැකීම්, කරදර, වෙනස්කම්, චිත්‍රපටය නරඹන ගමන් පැහැදිලි කරගන්න බාර කරමින්, තවත් මෙවන් නිර්මාණයක් ගෙන එමේ බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා…

ජය ශ්‍රී!

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා අදාළ වේ.

9,128 downloadsDownload VAANAM-KOTTATTUM-2020.zip64 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චානක ඉඳුනිල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2018-08-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

චානක ඉඳුනිල්

Subtitles

9,128 downloadsDownload Subtitles64 KB

14 comments

  1. Achi

    තැන්ක්ස් මචෝ සබ් එකට...Full Speed 2016 ෆිල්ම් එකට පුලුවන්නම් සබ් කරන්නකෝ...

  2. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :)

  3. Anonymous

    thanks sahoo

  4. sarangaw

    සබ ට ගොඩක් ස්තුතියි !

    - සාරංග -

  5. Lasantharathnasirirox

    බොහෝම ස්තුතියි චානක සහෝදරයා උපසිරැසියට..ජයෙන් ජයම වේවා !!

  6. Rukshan37

    Ela

  7. විමා

    සබට බොහොම තුති මලේ

  8. කවිනු වීරක්කොඩි

    ස්තූතියි chanaka අයියා! ඩවුන් වෙන්න දැම්මා
    ප්‍රිත්විරාජ්ගේ බ්ලොක්බස්ටර් ෆිල්ම් එක Ayyappanum Koshiyum (2020) ඇවිල්ලා
    බජට් එක කෝටි 7යි/ දැනට ෆුල් ග්‍රොස් එක කෝටි 33.15යි.
    පුලුවන් නම් ඒකටත් සබ් දෙන්න :)

    1. Achi

      මාත් ඩව්න්ලොඩ් කරගෙන බන් ඉන්නේ...පුලුවන්නම් සබ් දෙන්න

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. D.Chamara

    bohoma sthuthi sahoo

  11. gayanmagee

    thanks

  12. ශසිත් සඳරුවන්

    සබට තුති වේවා...
    දිගටම සබ් දෙමු ආ...
    ජය!

  13. Anonymous

    thanks