Watch Trailer

Birds of Prey: And the Fantabulous Emancipation of One Harley Quinn (2020) Sinhala Subtitles | ජෝකර් ළඟ නැති කොට [සිංහල උපසිරසි සමඟ]

ලයන් කින් සිනමාපටය බයිස්කෝප් ප්‍රේක්ෂකයන්ට අරගෙන ආවට පස්සෙ අද තමා ඔන්න තව සිනමාපටයකට උපසිරසි කරන්න හම්බුණේ. මේකත් මං බාරගත්ත එකක් නෙවේ. හසා අයියා බාරගත්ත එකක්. කොහොම හරි මාත් DC රසිකයෙක් නිසා කිසිම දෙගිඩියාවක් නැතුව හසා අයියට කරන්න වෙන්නෙ නෑ කිවුවම කරන්න බාරගත්තා. කොහොම නමුත් දැන් තියෙන වැඩත් එක්ක…

ලයන් කින් සිනමාපටය බයිස්කෝප් ප්‍රේක්ෂකයන්ට අරගෙන ආවට පස්සෙ අද තමා ඔන්න තව සිනමාපටයකට උපසිරසි කරන්න හම්බුණේ. මේකත් මං බාරගත්ත එකක් නෙවේ. හසා අයියා බාරගත්ත එකක්. කොහොම හරි මාත් DC රසිකයෙක් නිසා කිසිම දෙගිඩියාවක් නැතුව හසා අයියට කරන්න වෙන්නෙ නෑ කිවුවම කරන්න බාරගත්තා. කොහොම නමුත් දැන් තියෙන වැඩත් එක්ක උපසිරසියක් කරන්නවත් හරියට වෙලාවක් නෑ. නමුත් මාත් DC රසිකයෙක් නිසා මේක අහක දාන්න හිතුනෙත් නෑ. අරගෙන ආපු සිනමාපටයේ නම තමා Birds of Prey. වැඩ අධිකකම නිසා මං කොමික් ඉතිහාස්සය ගැන වැඩිය කතා කරන්න යන්නෙ නෑ අද. ඒ නිසා කෙටියෙන් පොඩ්ඩක් විස්තර බලමු.

DC රසිකයින්ට නම් මේ නම ගැන ආයෙ අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. DC කොමික් විශ්වය තුල හම්බෙන සුපිරි වීරවරියන්ගෙන් හැදිච්ච කණ්ඩායමක්. කොමික් ඉතිහාසේ ගත්තම බ්ලැක් කැනේරි සහ බාබරා ගෝඩ්න්, එහෙමත් නැත්නම් අපි හැමෝම දන්න ඔරක්ල් එකතු වෙලා තමා මුලින්ම මේ කණ්ඩායම හදන්නෙ. නමුත් පස්සෙ පස්සෙ මේ කණ්ඩායමට අලුත් සාමාජිකයො එකතු වෙනවා. උදාහරණෙකට හන්ට්‍රස්, ජිප්සී, කැට්වුමන් වගේ චරිත. කාන්තා කණ්ඩායමක් විදිහට පටන් ගත්තත් පස්සෙ අන්තිමට හෝක් වගේ පිරිමි චරිතත් මේ කණ්ඩායමට ඇතුල් වෙනවා කොහොම හරි.

ජෝකර් සිනමාපටය බලලා හරිම උද්දාමයෙන් ඉන්න DC රසිකයෙක්ට මේකෙන් නම් ජෝකර් ෆිල්ම් එකේ තරම් දෙයක් නම් බලාපොරොත්තු වෙන්න බෑ කියලයි මට නම් කියන්න තියෙන්නෙ. DC රසිකයෙක් විදිහට තරමක් දුරට සෑහීමකට පත් වෙන්න පුළුවන්. නමුත් බොක්ස් ඔෆීස් වාර්තා ගැන බලද්දි නම් කොහෙත්ම සතුටු වෙන්න බෑ. ගොඩක් දුරට මේක R රේටඩ් කරපු නිසා වෙන්නත් පුළුවන්. කොහොම නමුත් සිනමාපටයක් විදිහට කම්මැලි කමක් නැතුව හිනා වෙවී බලන්න පුළුවන් කියන එක නම් සහතික වෙන්න පුළුවන්. මාගට් රොබී කියන්නෙ හාලෙ ක්වීන් චරිතෙ කරන්නම ඉපදිච්ච නිලියක් කියලා ඔන්න දෙවැනි වතාවටත් ඔප්පු කරලා පෙන්නලා ඉවරයි. ඒ තරමට ක්වීන් චරිතෙ සිනමාපටය පුරාවටම අපේ හිතට වදිනවා. ක්වීන්ගෙ සටන් ජවනිකා ටික නම් ආයෙ කියන්න දෙයක් නෑ. සුපිරිම සුපිරියි. මං ඒ ටිකම විතරක් කීප වතාවක් බැලුවා. විශේෂයෙන්ම අර පොලීසිය ඇතුලෙ මුල් සටන් ජවනිකාව. වෝනර් බ්‍රදර්ස්ලා මේ කෙල්ලගෙන් තව ඉස්සරහට වැඩක් ගනී කියලා හිතමු. නැත්නම් අන්තිමට කැවිල්ට වෙච්ච දේ තමා වෙන්නෙ. දෙවනියට මගේ හිත හොරකම් කරන්නෙ බ්ලැක් කැනේරි. ඇරෝවර්ස් එක බලපු අයට නම් මේ චරිතෙ තව හොඳට මතක ඇතිනෙ. ට්‍රේලර් එක බලද්දි කැනේරි ගැන හිතුන දේ සිනමාපටය බලද්දි සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. නමුත් ප්‍රශ්නෙ කියන්නෙ කැනේරිගෙ ආරම්භය ගැන අපිට ඒ තරම් දෙයක් දෙන්නෙ නැති එකයි. අනික එයා කැනේරි ක්‍රයි එකත් පාවිච්චි කරන්නෙ එක පාරයි. ඒ ඇරෙන්න කැනේරිගෙ සටන් ජවනිකා එහෙම නම් දෙවැනි වෙන්නෙ හාලෙගෙ ටිකට විතරයි. ක්ලබ් එක පිටි පස්සෙ සටන් ජවනිකාව ගැන නම් කියලා වැඩක් නෑ. ක්ලබ් එක ගැන කියද්දි කතා කරන්න වෙන අනිත් චරිතෙ තමා බ්ලැක් මෑස්ක්. චරිතෙට පණ පොවන්නෙ ගොඩක් ස්ටාර් වොර්ස් ප්‍රේක්ෂකයින්ගෙ කැමතිම නළුවෙක් වෙන ඉවන්  මැක්ග්‍රෙගර්. එයාගෙ රඟපෑම ගැන නම් කියන්න දෙයක් නෑ. බ්ලැක් මෑස්ක් චරිතයට උපරිම සාධාරණයක් කරනවා කියලා මං කිවුවොත් හරි. නමුත් චරිතෙ මේ සිනමාපටයෙන්ම ඉවර කරලා දාන එක නම් අපරාධයක් වගෙයි තේරුණේ. කොහොම නමුත් සිනමාපටයෙදි ජෝකර් නැති අඩුව පුරවන්න නම් මේ කිසිම චරිතෙකට පුළුවන් කමක් හම්බුණේ නෑ කියන එකයි මගේ මතය නම්.

තව වැඩි විස්තර කතා කරන්න යන්නෙ නැතුව එහෙනම් හැමෝටම සිනමාපටය රසවිඳින්න කියලා ආරාධනා කරන ගමන් තවත් සිනමාපටයකින් හමුවෙන බලාපොරොත්තුවෙන් අපි සමුගන්නවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link. 

ලබා දී ඇති උපසිරසි HD / WEB / Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

45,801 downloadsDownload Birds.of_.Prey_.And_.the_.Fantabulous.Emancipation.of_.One_.Harley.Quinn_.2020.Baiscopelk.com_.zip47 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ජෙරෝම් වැලස්කා ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-09-15
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


 

Subtitles

45,801 downloadsDownload Subtitles47 KB

81 comments

  1. demravi

    Thanks Bro <3

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  3. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි මචං සබ් එකට :) :) ...
    ජය වේවා.!

  4. Chamath Wijewickrama

    මචං බයිස්කෝප් ඩවුන්ලෝඩ්ස් සයිට් එකට යන්න බෑනේ

    1. Anonymous

      Yts eken baganin

  5. Anonymous

    sub eka extract wenne nane

  6. Anonymous

    Thank You

  7. Rasindu Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්….
    මෙක නම් Bluray ආවහමම බලන්නේ...

  8. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  9. Suranjan

    Thanks jayawewa.....!

    1. mikafdo

      Sub tika niyamai. ❤️❤️❤️ Film banne bane habai bro.

  10. Anonymous

    TNX

  11. rockz2020

    බොහොම ස්තූතියි! ජය වේවා සහෝ! ✌❤

  12. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  13. Darshana Hettiwaththa

    ෆිල්ම් එක නම් මරු. කොහොමත් වීරයා ඉන්න ඒවට වැඩිය දුශ්ටයා හොඳයිද මංදා!. කොහොම උනත් අවුරුදු 11ක් සිංහල උපසිරැසි දුන්න එකත් පට්ට වැඩක්. පුලුවන් නම් මේකේ පලවෙනි සබ් එක දාපු හැටි ලිපියක් දාන්නකෝ ඇඩ්මින් බ්‍රෝ ලා. කොහොම උනත් මට වගේම ඉදිරි පරපුරටත් මේ සිංහල සබ් උරුමය රැකේවා කියලා ප්‍රාර්තනා කරනවා.
    www.baiscopelk.com නම් සිංහල සබ් විතරමයි. ෆට්ට ඈ

  14. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  15. indika75

    thanks..

  16. eranga hsahan

    tnx for sub

  17. Doctor_paradox

    ස්තුතියි

  18. suranuwan

    thanks bro..

  19. Pramukmili

    thanxx bro..............

  20. melinda

    thank you

  21. gayan215

    bohoma sthuthi saho..

  22. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. Hiran Eranda

    thanks for sub

  24. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි

  25. bhanukarasanga

    THANKS

  26. D.Chamara

    bohoma sthuthi

  27. කෞශල්‍ය දුෂ්‍යාන්

    jaya

  28. Shaggie

    Thnks mchn

  29. arawindasunimal

    thanks sub ekata jayawewa bs

  30. subodha

    Thanks

  31. Ishu mendis

    thanks bro sub ekata... jaya wewa.

  32. kasunc84

    thanks

  33. podda

    thanks!!!

  34. Bimbisha

    Thank u good luck!

  35. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!

  36. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ.harley quinn animated series එකටත් සබ් දෙනවද?
    ජය වේවා..!

  37. sahangayantha

    thanks a lot saho

  38. s.s.m

    tz sub ekata....

  39. Rukshan37

    Ela

  40. Kasunabayasekara

    Thanks bro...

  41. avishka360

    Thanks

  42. sahangayantha

    thanks a lot saho sub ekata

  43. Anonymous

    Thank you bro

  44. ashenwmab

    Thanks bro

    1. MAALNATH

      Thanks ..............good luck ...............

  45. Dushmantha Ranasinghe

    සබ් එකට ස්තුතියි

  46. Udantha

    A meka download load karaganna link akak monahari deyak dendako please!!!!!!!

    1. Wijitha Asanka

      වයිටීඑස්.එම්එක්ස්

  47. Udantha

    Me film aka download kara ganna kranayak kiyandako!!!!

    1. Wijitha Asanka

      වයිටීඑස්.එම්එක්ස්

  48. Anonymous

    Thanks

  49. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!

  50. Dewadithya

    Thanks for sub!

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.