කොහොමද කට්ටියට? සෑහෙන කාලෙකින් ආයෙත් ආවා ටිකක් පරණ වුනත් නියම ෆිලුමක උපසිරැසියක් අරගෙන. ඔයා උදේ ඇහැරෙන කොට ඔයාගේ ගේ ඇතුලේ සති දෙකක් බඩගින්නේ ඉඳපු මිනීමරු කොටියෙක් හිටියොත් කොහොමද? මතක් වෙද්දිත් බය හිතෙනවා නේද? ඔයා උඩ තට්ටුවේ කාමරේක නිදාගෙන ඉන්නකොට කොටියා පහළ තට්ටුවේ ඇවිද ඇවිද කෑම හොයනවා. ඔයාට ගෙදර…

කොහොමද කට්ටියට? සෑහෙන කාලෙකින් ආයෙත් ආවා ටිකක් පරණ වුනත් නියම ෆිලුමක උපසිරැසියක් අරගෙන. ඔයා උදේ ඇහැරෙන කොට ඔයාගේ ගේ ඇතුලේ සති දෙකක් බඩගින්නේ ඉඳපු මිනීමරු කොටියෙක් හිටියොත් කොහොමද? මතක් වෙද්දිත් බය හිතෙනවා නේද? ඔයා උඩ තට්ටුවේ කාමරේක නිදාගෙන ඉන්නකොට කොටියා පහළ තට්ටුවේ ඇවිද ඇවිද කෑම හොයනවා. ඔයාට ගෙදරින් එළියට යන්න මුකුත්ම ක්‍රමයක් නෑ. දොර, ජනෙල් ඔක්කොම ලෑලි ගහලා අවහිර කරලා. කෙටියෙන්ම කිව්වොත් කලින්ම සැලසුම් කරපු ඉතාමත්ම සූක්ෂම මිනීමැරුමක්.
ඒ ඔක්කොමත් හරියි කියමුකෝ. පොඩ්ඩ ඇත්නම් තරහා ගිහින් යකා නටන පොඩි මන්ද මානසික මල්ලි කෙනෙකුත් ඔයාට ඉන්නවා. එයාගෙ කරදරේ ඔක්කොටම එහා. කොටියා ඔය දෙන්නා පස්සෙන් පන්නගෙන එනකොට මල්ලි බඩගිනියි, කෑම ඕනි කියලා කෑ ගහනවා. ඇත්තමයි ඔයා වුනා නම් ඒ වෙලාවට මොනවා කරයිද කියලා ඔයාටවත් හිතාගන්න බෑ නේද? සමහරවිට මල්ලිගේ ලෙඩේ අමතක කරලා කන පුරෝලා එකක් ගහයි ”කෑ නොගහ හිටු” කියලා. ඉතින් එහෙම නොකර පුදුම විදිහෙ ආදරේකින් තමන්ගේ මල්ලි ටොම්වත් බලාගන්න අක්කා කෙනෙක් තමයි ”කෙලී” කියන්නේ. මල්ලි වෙනුවෙන් මෙයා කොච්චර කැප කිරීම් කරනවද කිව්වොත් තමන්ගෙ උසස් අධ්‍යාපනේට පවා ආයුබෝවන් කියන්නයි කෙලී හදන්නේ තමන්ගෙ මල්ලිව බලාගන්න ඕනි හින්දම. ඒ වගේ සංවේදී කතාවකුත් මේ කතාවේ අන්තර්ගත වෙලා තියෙනවා. තවත් කියවන්න ගියොත් කතාව මෙලෝ රහක් නැතිවෙයි. ඒ හින්දා ඔයාලම අරන් බලන්නකෝ මේ දේවල් සිද්ධවෙන්නෙ කොහොමද? මේ දරුණු සැලසුම කාගෙ අදහසක්ද? මල්ලිවත් බේරගෙන තමන්ටත් බේරෙන්න කෙලීට පුළුවන් වෙයිද කියලා..
IMDB දර්ශකයේ 5.9 ක අගයක් දිනාගන්න සමත් වෙලා තියෙන Drama/ Horror/ Thriller ගණයට වැටෙන මේ චිත්‍රපටයේ කෙලීගේ චරිතයට Briana Evigan වගේම ටොම්ගේ චරිතයට Charlie Tahan පණ පොවනවා. කෙලී එහෙම නැත්නම් Briana Evigan තමයි Step up කතා මාලාවේ ඇන්ඩිගේ චරිතයට පණ පොවන්නේ.
එහෙනම් ඉතින් අදට මම ගිහින් එන්නම්. ඔයාලා හැමෝටමත්, බයිස්කෝප් අඩවියටත් ජය!
Due to copyright issues, we do not provide any torrent links.
burning.bright.2010.720p.bluray.x264
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
3,351 downloadsDownload Burning-Bright-2010.zip23 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/-ජයසූරිය-e1409515100721.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොහාන් ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සොහාන් ජයසූරිය
Subtitles
15 comments
kumara
Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
2015 - 2016 වසරවල චිත්‍රපට සඳහා
උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.අසිත
elama saho thanks
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි සහෝ
ජය!Sanindu Lakkitha
:::::::බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට:::::::
:::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! ::::::::::::::::::Mithun
Oka e dawas wala dvd wala baluwa matakai
Post eka dakiddima matak una
Sab eka damma ekata stuthi saho
WatinawaUdara Damith B/K
බොහොම ස්තූතියි .
...Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dilan
Supiri film ekak saho.jaya wewa obata.
Rajitha
Thanks bro......jayawewa.....!
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
ජය වේවා!
බුදු සරණයි!chamath
elama bro...
Hashan M. Priyadarshana
Thank you
VIRADAKA KAVIKARA
thank you brother
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

පට්ට පිලුමක්නෙ මචං. එල එල. ජයවේවා. බබොහෝම පිං.