ALAPPUZHA GYMKHANA (2025) Sinhala Subtitles ආයුබෝවන්. කට්ටිය බලාපොරොත්තු තියාගෙන හිටපු තවත් චිත්‍රපටයක් අද නිකුත් උනා. අදම ඔන්න උපසිරැසිය ගෙන එනවා. බොක්ස් ඔෆිස් කෝටි 65කට ආසන්නමුදල්ක් උපයා ගත් අති සාර්ථක චිත්‍රපටියක් හැටියට සලකන්න පුළුවන් මේ චිත්‍රපටය විශේෂයින්ම ක්‍රීඩා ලෝළීන් ආදරයෙන් වැළඳ ගනී. අලප…

ආයුබෝවන්. කට්ටිය බලාපොරොත්තු තියාගෙන හිටපු තවත් චිත්‍රපටයක් අද නිකුත් උනා. අදම ඔන්න උපසිරැසිය ගෙන එනවා. බොක්ස් ඔෆිස් කෝටි 65කට ආසන්නමුදල්ක් උපයා ගත් අති සාර්ථක චිත්‍රපටියක් හැටියට සලකන්න පුළුවන් මේ චිත්‍රපටය විශේෂයින්ම ක්‍රීඩා ලෝළීන් ආදරයෙන් වැළඳ ගනී.
අලප්පුයා (ALAPPUZHA මෙය මලයාලින්ට ආවේනික ZHA ශබ්දය අනුව උච්චාරණය වෙන ක්‍රමය අනෙක් ජාතීන්ට අනුව වෙනස් වෙන්න පුලුවන් අලපුයා අලපුලා, අලපුසා හැටියට විවිධ පුද්ගලයින් ශබ්ද කරනවා) දිස්ත්‍රික්කයේ පාසල් අධ්‍යාපනය හදාරා උසස් අධ්‍යාපනය සඳහා කොලීජියකට අතුල් වීමට වෙර දරන යෞවනයන් කණ්ඩායමක් පිළිබඳවයි මේ කතාව. විභාගය (අපේ උසස් පෙළට සමාන) අසමත් වීමත් සමග ලබන වාරයේ සිය සිහිනය සැබෑ කර ගැනීමට පොත පත ගැන ලොකු විශ්වාසය නොතබා ක්‍රීඩා කෝටාවක් තුලින් සහන ලබා ගැනීමෙ අදහසින් බොක්සිං ක්‍රීඩාවට යොමු වීමට මේ තරුණයෝ තීරණය කරනවා. ආරම්භය ඔවුන් සිතුවාට වඩා දුෂ්කර උනත් කාලය ගෙවෙද්දී ඔවුන්ගේ බලාපොරොත්තුව කෝටාවට සීමා නොවී ඉන් එපිටට යනවා. සහෝදරත්වය, කණ්ඩායම් හැඟීම ඉස්මතු වෙද්දී ඔවුන් මුහුණ පාන සිද්දීන් වලට එකමුතුව මුහුණ දෙන්නත් ඔවුන්ට සිදු වෙනවා. ඒ සමගම ඔවුන්ගේ අපේක්ෂාව ජයහ්‍රහණයයි.
චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට යොවුන් නළු නස්ලන් පණ පොවනවා. ඔවුන්ගේ පුහුණු කරු ලුක්මන් අවාරන්. ඝනපති පෝඩුවාල්, සන්දීප් ප්‍රදීප්, ෆ්‍රැන්කෝ ෆ්‍රැන්සිස්, හබිශ් රහමන්, අනගා මායා රවි වැනි යොවුන් නළු නිළියන්ද ශයින් ටොම් චාකෝ, කොට්ටායාම් නසීර් සෙසු චරිත රඟපානවා. උන්ඩා, තල්ලුමාලා, ලව් වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කල කාලිඩ් රහමන්ගේ වැඩක්. මෙහි කැමරාකරණය සහ අදාල බොක්සිං තරඟ රූ ගත කිරීම් ගැන නම් කතා නොකරම බෑ. ඒ තරඟ ඒ තරම්ම තාත්වික සහ ප්‍රශස්ථ ලෙස ඉදිරිපත් කර තිබෙනවා. මේ අතිශය තියුණු බොක්සිං තරඟ සිනමා හලක නම් ඉතා ඉහලින් රස විඳින්න ඉඩ තිබුනා.
ඉතිං මේ කොල්ලො ටික කේරළ අන්තර් දිස්ත්‍රික් තරඟාවලියට සහභාගී වෙලා කුසලානය රැගෙන එයිද බලමු.
එහෙනම් තව ලස්සන උපසිරැසියකින් සමග හමු වෙමු.
ALAPPUZHA GYMKHANA (2025) Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය Malayalam HQ PreDVD පිටපත් සඳහා පමණක් වලංගු වේ.
2,840 downloadsDownload ALAPPUZHA-GYMKHANA-2025-Sinhala-Subtitles.zip66 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
ALAPPUZHA GYMKHANA (2025) Sinhala SubtitlesSubtitles by
BANDULA K
Subtitles
4 comments
Buddhika laKMal
Arawinda
චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි…….. A S Hචිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි…….. A S HKavi
බොහොම ස්තූතියි සහෝ
ඉක්මනටම අරගෙන ආවට
ජය වේවා!Sahan Gayantha
thanks wewa saho sub ekata
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ස්තූතියි බන්දුල සහෝ සබට...