Watch Trailer

Fountain of Youth (2025) Sinhala Subtitles | තාරුණ්‍යයේ දිය උල්පත සොයා [සිංහල උපසිරසි]

Fountain of Youth (2025) Sinhala Subtitles කොහොමද ඉතිං හැමෝටම? කට්ටියම හොඳින් ඇති කියල හිතනවා. ඔන්න එහෙනම් මේ අරගෙන අදටත් හැමෝම වගෙ හොයන තාරුණ්‍යයේ උල්පත හොයාගෙන යන, ගයි රිචීගෙ අතින් අධ්‍යක්ෂණය කෙරුනු ත්‍රාසජනක වික්‍රමාන්විතයක් ගැන චිත්‍රපටයකට උපසිරැසි. මේකෙදි දැනටමත් ඔයාල යම් අදහසක් එන්නැති කියලා…

 

Fountain of Youth (2025) Sinhala Subtitles

කොහොමද ඉතිං හැමෝටම? කට්ටියම හොඳින් ඇති කියල හිතනවා. ඔන්න එහෙනම් මේ අරගෙන අදටත් හැමෝම වගෙ හොයන තාරුණ්‍යයේ උල්පත හොයාගෙන යන, ගයි රිචීගෙ අතින් අධ්‍යක්ෂණය කෙරුනු ත්‍රාසජනක වික්‍රමාන්විතයක් ගැන චිත්‍රපටයකට උපසිරැසි. මේකෙදි දැනටමත් ඔයාල යම් අදහසක් එන්නැති කියලා හිතනවා නම දැක්කම. ඉතිං ඒ නිසා චිත්‍රපටයෙ ස්ටෝරි ලයින් එක ගැන කිසිඳු දෙයක් සඳහන් නොකර චිත්‍රපටයෙ යම් යම් විස්තර කීපයක් ඔයාලට බලාගන්න මේ විදිහට පහලින් මං සඳහන් කරන්නම්.

පැය දෙකයි මිනිත්තු 5ක කාලයකට සීමාවෙන මෙම Fountain of Youth චිත්‍රපටය IMDb දර්ශකයෙ 5.7ක වගෙ අගයක් අරගෙන තියෙනවා. Rotten Tomatoes අගය 36% ක අගයකුත් ලබාගෙන තිබෙනවා. ඒ වගේම චිත්‍රපටය අයත් වෙන්නෙ Mystery කියන ඛාණ්ඩයට.

චිත්‍රපටය තුළ ප්‍රධාන චරිත වශයෙන් ඔබ අප කවුරුත් දන්න Eiza Gonzalez, John Krasinski, Natalie Portman සහ Domhnall Gleeson ව දැක බලාගන්න පුළුවන් වෙනවා. ඊට අමතරව Arian Moayed, Stanley Tucci, Laz Alonso (The Boys කතාමාලාවේ මදර්ස් මිල්ක්), Benjamin Chivers, Daniel de Bourg, Michael Epp, Steve Tran සහ Perdita Weeks රංගනයෙන් දායක වෙනවා.

ඉතිං ඔබත් Mystery සහ Adventure ටයිප් එකෙ රසිකයෙක් නං අනිවාරෙන්ම මේ චිත්‍රපටය බලන්න කියලා මතක් කරනවා. මොකද පැය 2ක කාලය ගෙවිලා යනවා දැනුනෙවත් නෑ. පවුලේ හැමෝටම වුනත් එකට ඉඳන් බලන්න පුළුවන් enjoyable චිත්‍රපටයක් කිව්වත් වැරදි නෑ. එහෙනම් ලිපිය වැඩිය දිග්ගස්සන යන්නෙ නෑ. ඒ නිසා මෙතනින් දැනට මං නවතිනවා තවත් උපසිරැසියකින් නුදුරේදිම හමුවන තුරු බලාපොරොත්තුවෙන්.

හැමෝටම ජයවේවා! සුභ දවසක්!

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

4,936 downloadsDownload Fountain-of-Youth-2025-Sinhala-Subtitles.zip53 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුක්ෂාන් ඛාන් (රුකා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2021-09-27
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Subtitles by

රුක්ෂාන් ඛාන්

Subtitles

4,936 downloadsDownload Subtitles53 KB

4 comments

  1. Buddhika laKMal

    තෑන්ක්ස් මචෝ සබට

  2. gihan

    උපසිරැසියට බොහෝම ස්තුති

  3. Bimsara Yashan (ඔලිව)

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. මේ ෆිල්ම් එක නම් තාම බැලුවේ නෑ. වෙලාවක බලමු. ජයවේවා!

  4. Sahan Gayantha

    thanks a lot Rukshan saho sub ekata