ගොඩක් ඈත කාලේදී මුළු ලෝකෙම මිනිසුන් හිතාගෙන හිටියේ මේ ලෝකය පැතලියි කියලයි. ඒක හරියට පැතලි තැටියක් වගේ අභ්‍යවකාශයේ පාවෙමින් තිබෙන අතරේදී හිරු සහ සඳු මේ තැටිය වටා කැරකෙන බව තමයි ඉස්සර මිනිසුන් විශ්වාස කළේ. ඒ ඔවුන්ට පොළව මතුපිට හැඩය වෘත්තාකාර ලෙස නොපෙනෙන හින්දා වෙන්න පුළුවන්. ඉතින් මේ ඇලෙක්සැන්ඩර් අධි…

ගොඩක් ඈත කාලේදී මුළු ලෝකෙම මිනිසුන් හිතාගෙන හිටියේ මේ ලෝකය පැතලියි කියලයි. ඒක හරියට පැතලි තැටියක් වගේ අභ්‍යවකාශයේ පාවෙමින් තිබෙන අතරේදී හිරු සහ සඳු මේ තැටිය වටා කැරකෙන බව තමයි ඉස්සර මිනිසුන් විශ්වාස කළේ. ඒ ඔවුන්ට පොළව මතුපිට හැඩය වෘත්තාකාර ලෙස නොපෙනෙන හින්දා වෙන්න පුළුවන්. ඉතින් මේ ඇලෙක්සැන්ඩර් අධිරාජ සමයේදී පවා ලෝකය සැළකුවේ ගෝලාකාර වස්තුවක් විදිහට නෙවෙයි. තැටියක් වගෙයි. ඉතින් මේ කාලේදී මුළු ලෝකෙටම අධිරාජ්‍යයෙකු වෙන්න අධිෂ්ඨාන කරන සිහින මවන, ඒ වෙනුවෙන් වැඩ කරන රජ කුමාරයෙක් බිහිවුණා. ඒ තමයි ඇලෙක්සැන්ඩර්. ඔහුගේ පියා දෙවැනි ෆිලිප් රජතුමා. මව තමයි ඔලිම්පියාස් රැජිණ.
ඇලෙක්සැන්ඩර්ගේ සිහිනය වෙලා තිබුණේ මේ මුළු ලෝකයම පාලනය කිරීම. ඉතින් ඔහුගේ මුළු ජීවිත කාලයෙන් බාගයක්ම ගත වුණේ ඒ ආශ්‍රිත කටයුතු වලට. ඔහුගේ ඉලක්කය වෙලා තිබුණේ ලෝකයේ නැගෙනහිර කෙළවරට ගමන් කිරීම. ඒ කියන්නේ ආසියාව දෙසට ගමන් කරලා ආසියාවත් තමන් සතු කර ගැනීම. පෘථිවිය තැටියක් වගේ සමතලා දෙයක් කියලා හිතපු නිසා ලෝකයේ ඔවුන් වාසය කරපු බටහිර කෙළවරේ ඉඳන් නැගෙනහිර කෙළවරට රාජ්‍යය අල්ලා ගැනීමෙන් තමන් ලෝකයටම රජු වන බවයි ඇලෙක්සැන්ඩර් විශ්වාස කළේ. ඇලෙක්සැන්ඩර් කියන්නේ ඉතාමත් දක්ෂ පුද්ගලයෙක්. ඔහුගේ නාමය ඉතිහාසය තුළ අද පවා රැඳෙන්නේ මේ ශ්‍රේෂ්ඨත්වය නිසයි. ඔහුගේ ගුරුවරයා වුණේ ඇරිස්ටෝටල් නම් ග්‍රීක දාර්ශනිකයායි. ඉතින් මේ සිනමා සිත්තම නිර්මාණය වී තිබෙන්නේ මේ මහා පෙරළිකාර ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයාගේ ජීවිත කතාව පිළිබඳවයි.
මේ කතාවේ චරිත සඳහා දායක වෙන්නේ ඉතාමත් ජනප්‍රිය රංගන ශිල්පීන් පිරිසක්. ඇලෙක්සැන්ඩර් චරිතය සඳහා Colin Farrell රංගන දායකත්වය ලබාදෙන අතරම Angelina jolie, ඔලිම්පියාස් රැජිණගේ චරිතය රඟ දක්වනවා. ෆිලිප් රජතුමන් ලෙස රංගනයෙන් දායකත්වය ලබාදෙන්නේ Val Kilmer. Jared Leto හෙෆෛෂන්ගේ චරිතයට පණපොවනු ලබනවා.Rosario Dawson රොක්සෙන් ගේ චරිතය නිරූපණය කරන අතරම අවසාන වශයෙන් Anthony Hopkins මහළු ටොලමි වෙනුවෙන් රංගන දායකත්වය ලබා දෙනවා. මෙම චිත්‍රපටිය අධ්‍යක්ෂණය කොට තිබෙන්නේ Oliver Stone. ඒ වගේම Intermedia Films, Lxtlan productions, France 3 Cinema, Pacific Film, Egmond film and Television, IMF international, Media and film GmpH & co. 3, Productions KG යන ආයතන නිෂ්පාදන දායකත්වය ලබලා දීලා තියනවා. මෙය 2004 වර්ෂයේ නිකුත් වුණ චිත්‍රපටියක්. ඒවගේම මිනිත්තු 206ක කාලයක් මෙය දිවයනවා. ඒ වගේම මෙම චිත්‍රපටිය ඩොලර් මිලියන 167.3ක Box Office ආදායමක් ලබා ගැනීමට සමත් වෙලා තියනවා.
ඉතින් රසවිඳින්න මේ මහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයාගේ ජීවිත කතාව! මේ මගේ 92 වන උපසිරැසි ගැන්වීම.ඒ වගේම උපසිරැසි නිර්මාණකරණයට මාව හඳුන්වලා දුන්න මගේ අක්කා (ගයේෂා සත්සරණී) වත් මතක් කරමින්, මේ නිර්මාණය ලබා දුන් විමාටත් ස්තූතිය පුද කරනවා. නැවත අලුත් උපසිරැසියකින් හමුවෙමු. ජය!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි YTS BR පිටපත් සඳහා අදාළ වේ.
9,155 downloadsDownload Alexander.2004.zip84 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොනාලි තාරිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-12-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සොනාලි තාරිකා
Subtitles
41 comments
ඩොක් අයියා
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!Ishan Madusha
නියමයි.බොහොම ස්තූතියි
pradeep hashan
thanks for sub
nike_11
Thx akke
Sadeu_Bandara
සිංහල උපසිරසි ලබා දුන්නට බොහොම ස්තුතියි.
pulasthima
thanks sis
Mahesh Rajapaksha
Thanks for sub...
akalankagayan
Thnx.......
M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා
good work sis
විමා
සබට බොහොම ස්තුතියි සොනාලි :D
THE NEW FOLDER
Ela thankssssssss
kavinuweerakkody
අක්කාගේ සබ් එකක් නම් ඉතින් නියමෙටම ඇති!! 2017,2018 නොවුණට කමක් නැහැ..ටිකක් පරණ වුණාට මේ වගේ සුපිරි ෆිල්ම්ස්වලටත් දිගටම සබ් දෙන්න හැකියාව ලැබේවා!!
TharakaWAS
ela.nangi...
subata thanks...
digatma karan yamu...
Jaya wewa....!!!Kulanjana Maduranga
subata thanks sis...keep it up....
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සොනාලි.
මේ වගේ ලොකු ටයිම් ලයින් එකක් තියෙන එකකට සබ් දෙන එක එසේ මෙසේ වැඩක් නෙවෙයි.
ජයෙන් ජය.DhanushkaAASL
THANKS
jagath55
Thanks
kelumchathuranga
thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි....!
nihalpujitha
super super brooo
Nipuna_L
dlen
thank you.
suranuwan
thank you....
madhusankha
Thanks sis.....
prarath
sub 1ta thanx puluwan nam vampire diaries wala sub dannako.
mariyan12
thank uuuuuuuuuuuuuuuuuuuuuuuu
mariyan12
thank uuu
Lakshansilva18
උපසිරිසියට බොහොම ස්තුති
Thanks
sadeapa
thanks
Sasanka sathyajith
Thanks for the sub
Nishan
Thanx sis
Gihan
Thanks For the subtitles......Good luck
Anonymous
Me film eka upload karannako
Yashashsri
Thanks sister thank you very much for your time and effort
S.H Tharaka Prabhath
Thanks for the sinhala sub sister...
Lahiru Lakshan
thanks sis....
Anonymous
Thanks Sis
Viraj
Thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Alexander (2004) Sinhala Subtitles | මහා ඇලෙක්සැන්ඩර් [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/01/Alexander-2004.jpg)

ස්තුති නංගියෝ උපරැසියට, ඔන්න මමයි පළවෙනියා