හැමෝටම ආයුබෝවන්. ඔන්න මේ අවුරුද්දේ මම ගේන පලවෙනි උපසිරැසි නිර්මාණය තමා මේක. මේක දෙන්න ටිකක් කල් ගියේ හේතු තුනක් නිසා. එකක් මේකේ හොද පිටපතක් එනකොට ටිකක් කල් ගියා. දෙවනි එක මේකට සබ දැම්මේ ගොඩක් වැඩ මැද්දේ. අනික තමා ඒ දාද්දිත් මම චිත්‍රපටිය පමණට වඩා කිහිප පාරක්ම බැලුවා. කොහොම උණත් මේ නිර්මාණය ඉවර කරගන…

හැමෝටම ආයුබෝවන්. ඔන්න මේ අවුරුද්දේ මම ගේන පලවෙනි උපසිරැසි නිර්මාණය තමා මේක. මේක දෙන්න ටිකක් කල් ගියේ හේතු තුනක් නිසා. එකක් මේකේ හොද පිටපතක් එනකොට ටිකක් කල් ගියා. දෙවනි එක මේකට සබ දැම්මේ ගොඩක් වැඩ මැද්දේ. අනික තමා ඒ දාද්දිත් මම චිත්‍රපටිය පමණට වඩා කිහිප පාරක්ම බැලුවා. කොහොම උණත් මේ නිර්මාණය ඉවර කරගන්න ලැබීම සතුටක්. සමීර කරුණාරත්න සහෝට මම විශේෂයෙන්ම ස්තූතිවන්ත වෙනවා මේ චිත්‍රපටයේ හොද කොපියක් දාපු සැණින් මට මේල් එකක් එව්වට. දැන් අපි කථාව දිහාවට හැරෙමු.
ඩිස්නි එක මූලිකත්වය අරං මිගෙල් අර්ටෙටා ගේ අධ්‍යක්ෂණයෙන් IMDB අගය 6.2 ක් ලබාගත් ප්‍රධාන චරිත 5 ක් රැගත් මේ චිත්‍රපටයේ රගපාන නළු නිලියන් ඇත්තෙන්ම ජනප්‍රිය පිරිසක්. මේ චිත්‍රපටියේ එම චරිත ටික පිලිවෙලින් මෙහෙමයි. විස්තරාත්මකව මෙන්න තියෙනවා.
චරිතය රංගන ශිල්පියා වයස දැනට සම්බන්ධ වී ඇති නිර්මාණ ගණන(ගූගල් ඇසුරෙනි)
- බෙන් කූපර් ස්ටීව් කැරල් 52 47 කෙලී කූපර් ජෙනිෆ(ර්) ගාන(ර්) 42 34
- ඇන්තනී කූපර් ඩිලන් මිනට් 18 10
- එමලි කූපර් කෙරිස් ඩොර්සි 17 09
- ඇලෙක්සැන්ඩර් කූපර් එඩ් ඔක්ෂන්බුල්ඩ් 13 05
මේ කථාවෙන් කියවෙන්නේ එකමුතුකම ගැන. පවුලක් තමන්ට එන ප්‍රශ්නවලදී එකට එකතු වෙලා වැඩකරන්නේ කොහොමද කියලා මේ කථාවෙන් කියල දෙනවා. මේක ඇත්තටම එකමුතුකම ගැන කියවෙන, නමුත් කොමඩි ගණයේ ලස්සන නිර්මාණයක්. මම මේක මුලින් ඉල්ලන්න මේකෙ ට්‍රේලර් එකක් බලද්දී (මම පුරුද්දක් වශයෙන් මූවීස් ඉල්ලද්දී ඒවායේ ට්‍රේලර් මුලින් බලනවා) මට මේක භාර ගන්න ඉවසිල්ලක් නැති උණා. ඒත් දැන් මම මේ වැඩේ අවසාන කරලා මගේම සබත් එක්ක ආයෙක් බලන කොට මට ලොකු තෘප්තියක් දැනෙනවා.
කථාව පටන් ගන්නකොටම පෙන්නන්නේ වෙන්න තියෙන ඔක්කොම දේවල් ඉවර උණාට පස්සේ තියෙන දර්ශනයකින්. ඒක පොඩි වෙලාවක් ගියාට පස්සෙයි කථාව නියම විදිහට පටන් ගෙන නැවත ආපහු ඒ කොටසට එකතු වෙන්නේ. ඇලෙක්සැන්ඩර් ගේ උපන්දිනය දවසට කලින් දවස හැමෝටම හොද දවසක්. ඒත් ඇලෙක්සැන්ඩර්ට එහෙම නෑ. එයාගේ නරකම දවස එදා. වෙන්න තියෙන ඔක්කොම නරක දේවල් එයාට වෙනවා. නමුත් පවුලේ අය හරි සතුටෙන් ඉන්නේ. එයාලගේ හොදම දවස ඒක. ඇලෙක්සැන්ඩර්ගේ දවස නරක උණ එක ගැන එයාලට එච්චර ගාණක් නෑ. ඒත් ගෙදර වෙන දේවල් වලින් ඇලෙක්සැන්ඩර් ගෙ හිත හොදටම රිදෙනවා. එයා එදා රෑ ප්‍රාර්ථනයක් කරනවා. ඒ තමා තමාට උදා උණ දවස කොච්චර නරක දවසක්ද කියලා අනික් අයටත් පෙන්නල දෙන්න කියලා. ඊට පස්සේ පහුවදාම අනෙක් අයගෙ දවස නරක අතට හැරිලා යනවා. ඇලෙක්සැන්ඩර්ටත් පුදුමයි. ඒත් එයාට ඒ ගැන දුකයි. නමුත් එකිනෙකාට කරදර එන වෙලාවේ එකිනෙකා තම තමන්ව දිරිමත් කරගන්නවා. සැලෙන්නේ නෑ. අන්තිමේදී මේ කට්ටිය දවස ජය ගන්නවා.
මම පසුගිය චිත්‍රපටය වගේම මේ මූවී එකෙනුත් සමාජයට පණිවිඩයක් දෙන්නයි උත්සාහ කරන්නේ. ඒ එකමුතු බව ශක්තියක් කියන එකයි. කවදාවත් තමන්ගේ පවුලේ අයට අමාරු අවස්ථාවක් උදා උණොත් එයාලව තනි කරන්න එපා. දුක හවුලේ බෙදාගෙන සතුට උදා කරගන්න. මම හිතනවා හැමෝම මේචිත්‍රපටයට එකට ආස වෙයි කියලා. සමහරු නං දැනටමත් මේක බලල ඇති. ඒත් සමහර නොතේරෙන තැන් තියෙනවනං සබ් එකත් එක්ක බලන්න. මොකද මම සබ් එක හදද්දී නොදන්නා දේ ගොඩක් අහුවුණා. ඔයාලට උදව්වක් හැටියට මම ඒ හැම එකම විස්තර කරලා දාල ඇති. ඩිස්නි චිත්‍රපට කිව්වොත් ආයෙ බලන්න කියල කියන්න දෙයක් නැහැනේ. එහෙනං සුභ දවසක්. ජයවේවා!
690 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න
20EDBF04081D912C12255E4F70CAA69FA9CFEE761.23 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න
B4A62E3D8EAF1F6FCF38CB145FF401624BF2EA34 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
6,497 downloadsDownload Alexander-and-the-Terrible-Horrible-No-Good-Very-Bad-Day-2014.zip315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/DeepthaT.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දීප්ත තුෂාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දීප්ත තුෂාර
Subtitles
51 comments
Sam
kasun
thanks idiriyatama yamu.......
Thisara
Mama blpu chorma film 1ka
janith dulanjana
thankz machan sub ekata..
නීල නේත්‍ර
සබ් එකට බොහොම ස්තූතියි. ෆිල්ම් එක හම්බවුනාට සබ් නැති හින්ද බලන්න කම්මැලිකමේ හිටියේ.. නැවත වාරයක් බොහොම ස්තූතියි අප වෙනුවෙන් කරන මේ මෙහෙවරට.... සියලු වැඩ කටයුතු සාර්ථකවේවා .. ජයවේවා !!!
Dhanushka
Thanksssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Jack
නියමයි මචෝ.
දිගටම සබ් දෙන්න.
ලිපියත් හොදටම දීලා තියනවා.
බොහොම ස්තුතියි සබ් එකට.Kulanjana Maduranga
niayamai…thanks DHEEPTHA saho..sub ekata..digatama sub demu.jaya wewa......
indika
thnq :)
chandana
බොහෝම ස්තූතියි මේක දෙනකම් බලාගෙන හිටියේ
lakshan
බොහොම ස්තුතියි සබ් එකට.
Mahesh
sub ekata thanx aaaaaaaaa
D.Chamara
niyamai sahoo thanks..
thisal
පට්ට පට පට තැන්ක්ස් සබට බන් කොමඩි නම් අනිවා බැමක්
NPDJs
thankz achan sub ekata patta wage onna down wenna damma...
Darshana
thaaaaaaaaaaannkksss
රුවන් කාරියවසම්
ආ මේක පට්ට.. හැමෝම ගන්න.
ඉසු ඩිපි (Isu DP)
magnet:?xt=urn:btih:D5F825F04897C923835F27AC17D5625F0181F820&dn=karthikeya+2014+telugu+movie+1cd+dvdrip+x264+aac+esubs+rdlinks+first+on+net+exclusive&tr=udp%3A%2F%2Fopen.demonii.com%3A1337%2Fannounce
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
අයියෝ. අද Comment කරද්දි වැරදි වෙනවා වැඩියි. Sorry හොදෙ.
හොද ෆිලුමක් වගේ. බලමු.
ජය වේවා. !
me
Thanks
අසිත
මේක බාගෙනත් අමාරුවෙන් ගොඩක් කල් තියන් හිටිය සබක් දෙනකන්.බොහොම පින්.ජය වේවා!
Sahan
fattama thankz wewaaa sahoo :D
sanjeewa
thanks
prabhath
thanks
amila-kandy
බොහොම ස්තුතියි සබ් එකට.
tharindu
alexander.and.the.terrible.horrible.no.good.very.bad.day.2014.720p.brrip.2ch.x265.hevc.psa
https://kickass.so/alexander-and-the-terrible-horrible-no-g…
ඔබට ජය!
නලින්
ස්තුතියි දීප්ත සහෝ...මේ නළුවා දැක්කත් හිනා යනවා.. ෆිලුම බැලුවට පස්සේ නම් හිනා කළා මැරෙන්න වෙයි.
ජය වේවා!
ANJANA
Thanks...
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Tharindu
thanx 4 sub bro. (y)
supun
joke ෆිල්ම් මරු ඕයි......THANK YOUUUU සබ් 1කට THE INTERVIEW කියන JOKE ෆිල්ම් 1කටත් sub ඕනේ..........
දීප්ත තුෂාර
අනේ සමාවෙන්න කොල්ලෝ. මේ දවස් වල ගොඩාක් වැඩ. ආයෙ සබ් දෙනකොට ටිකක් කල් යය්. මොකද මේකත් මම ගොඩාක් කලින් බාරගත්ත එකක්. වැඩත් එක්ක කරන්න අමාරුයි. ඒත් මම දෙන්න බලන්නම් (30%).
“චූටී මල්ලි”
අනිවා බලන්න ඔනි
එල දීප්ති
සබට තුති
ඔබට ජය...............ගයාන් රූකාන්ත
සබට බොහොම තුති සහෝ,ජය!!
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)ශාන් විමුක්ති (විමා)
මොන කතාද මෙන්න සබ ගන්නවා
බොහොම ස්තුතියි සහෝ උපසිරසට
ජයචන්දිම අමරසිංහ
නියමයි සහෝ….. සුභපැතුම්..!
දිගටම කරගෙන යන්න ශක්තිය . කාලය ලැබේවා..
අපි වෙනුවෙන් කරනා මේ සත්කාර්යයට අපගේ ස්තුතිය.
ජයෙන් ජය..ARA
සබ් එකට බොහොම ස්තූතියි.
රොයිලි
බොහොම ස්තූතියි දීප්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Uraj Deemantha
එල එල බෑමට දැම්මා...... :)
Uraj Deemantha
හොරෙන්ම ගෙට් එකක් තියලා මම දන්නේවත් නෑ...... :(
දීප්ත තුෂාර
ගෙට් එකක්????
සුපුන් ප්‍රමෝද්
පට්ට කොමඩියක් වගේ.
ඔන්න ගත්තා එහෙනම්.
සබට තුති වේවා.
ජයෙන් ජය.!Tharindu
Thank you very much ....!!! :)
Uraj Deemantha
මේකේ 1.23GB Copy එක බෑවේ..... ඒක මගේ ලැපෙත් ස්ටක් වෙනවා...... .පෙන් එකකට දාලා TV එකෙන් බලන්න ගියහම ඒකෙත් නොට් සපෝට් කියලා එනවා..... :( දැන් මේ අඩු සයිස් කොපිය බාන්න යන්නේ.... :(
lakshan
thanks.....
Menu
Love this movie!! thank youu :)
Ayodya
thanks brother
R.S. Samantha
sub ekata thank you macho..!
digatama sub demu.
ela ela
jaya wewa..!!!Dewadithya
Thanks for Sub
dragonhero
thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

thnkss shoo..sub denkn hitiyeee..elzzz..