Watch Trailer

Kaaviya Thalaivan (2014) | බාල සම්මුදානන් දා නාඩගම් සභාවෙ තියෙන ගල් කැට පවා රගපානව [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනෙ ඉතින් ඔයාලට? ගොඩ කාලෙකින් මේ පැත්තට එන්නත් බැරි වුනා. මන් නැතුව පාලුවෙන්ද හිටියෙ? 😀 මොන පාලුවක්ද නේ. දැන් අපිට කොච්චර උපසිරැසි නිර්මාණ කරුවො සෙට් එකක් ඉන්නවද? පාලුව යන්නත් එක්ක එයාල ඔය දෙන්නෙ ඔයාලට ඇති තරම් උපසිරැසි. හම්මේ… මන් ඇත්තෙන්ම මේ දවස් ටිකේ උපසිරැසි යෙදුවෙ නැත්තෙ මන් දුර ගමන…

Kaaviya Thalaivan (2014)

කොහොමද යාලුවනෙ ඉතින් ඔයාලට? ගොඩ කාලෙකින් මේ පැත්තට එන්නත් බැරි වුනා. මන් නැතුව පාලුවෙන්ද හිටියෙ? 😀 මොන පාලුවක්ද නේ. දැන් අපිට කොච්චර උපසිරැසි නිර්මාණ කරුවො සෙට් එකක් ඉන්නවද? පාලුව යන්නත් එක්ක එයාල ඔය දෙන්නෙ ඔයාලට ඇති තරම් උපසිරැසි. හම්මේ… මන් ඇත්තෙන්ම මේ දවස් ටිකේ උපසිරැසි යෙදුවෙ නැත්තෙ මන් දුර ගමනක් ගිය නිසා.. ඒ ගමන නම් මෙහෙම කියල නිම කරන්න බෑ. කියන්න ගියොත් මන් නතර කරන එකක්වත් නෑ. ඒ නිසා අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු. 

ඔයාල දැක්ක නේ මම මේ චිත්‍රපටයට යොදල තියෙන නම. “බාල සම්මුදානන් දා නාඩගම් සභා.” ඔතන ඔය නාඩගම් කියන්නෙ නාට්‍ය වලට. දැන් තේරෙනවනෙ මේ චිත්‍රපටය මොන වගේ චිත්‍රපටයක් ද කියල. අන්න හරි ඔයාල හිතුව හරියටම හරි මේක නාට්‍ය න් ගැන කියවෙන සුපිරිම සුපිරි චිත්‍රපටයක්. ඔය නාට්‍ය හා රංග කළාව කරන කට්ටියට නම් මේ චිත්‍රපටය බැලුවොතින් තවත් ආස හිතෙයි නාට්‍ය විශය හදාරන්න. (මටත් හිතුන නෙ නාට්‍ය හා රංග කළාව කරන්න. මට මෙහෙම හිතු නම් නාට්‍ය හා රංග කළාව කරන කට්ටියට තව කොහොම හිතෙයි ද ඒ විශය කරන්න?) අම්මෝ මාරම ලස්සන සිංදු වගයක් තියෙනව. ආයෙ නිකන් ඇගම හිරි වැටිල යන්න ලස්සන සිංදු වගයක් තියෙනව. ( මට නම් ඇග හිරි වැටුන හොදේ ) 

ඔයාලට මට තව දෙයක් කියන්න තියෙනව.  සමීර අයිය තමයි මට මේ ෆිල්ම් එකට කාල රාමුව සාදා දුන්නෙ. “ඔන්න මම එයාට මේ වෙලාවෙ සුභ පතනව එයාගෙ 100 වෙනි උපසිරැසි කරණයට… සහෝ තව ඕනි ආ..”  මන් ඔයාලට කිව්ව නේද ලස්සන සිංදු වගයක් තියෙනව කියල. මම මේ චිත්‍රපටයට උපසිරැසි කර ගෙන යන කොටයි දැක්කෙ අපෙ සමීර අයිය මෙන්න මේ වගේ දෙයක් එක සිංදුවක මැද ලයින් එකේ ලියල තියෙනව.. (” end.( මේක නම් පට්ට සිංදුව. නියමෙට සබ දාන්න ඔන්න.”) සමීර අයිය ගෙ  ඒ වචන ටික හන්දම මම ඒ සෝන්ග් එකට උපසිරැසි යෙදුව. අනිත් ඒවටත් මම යොදල තියෙන්නෙ. හැබැයි මම සිංදු දෙකකට උපසිරැසි යොදන්නෙ ගියේ නෑ. මොකද ඒ වචන මට බැරෑරුම් වැඩී. ඒ වචන වල ගැබ් වෙලා තියෙන අර්තය මට තේරෙන්නෙ නෑ. 🙂  එහෙනම් මන් කතාව නවත්තල ආයෙමත් කතාව පැත්තට යන්නම්.. 😀 

මේ චිත්‍රපටය අද්‍යක්ෂණය කරල තියෙන්නෙ Vasanthabalan.  මෙයාගෙ ෆිල්ම් එකක් තමයි Angadi Theru  කියන්නෙත්. ඒකත් මරු ෆිල්ම් එක. මම හිතනව ඒ ෆිල්ම් එකත් ඕ ගොල්ලන් සිංහල උපසිරැසිත් එක්කම බලන්න ඇති කියල. හම්.. ඒ වගේම මේ කතාවට IMDB රේටින් එක 8.0 ගානක් ලැබිල තියෙනව. චිත්‍රපටයට සංගීතයෙන් දායකත්වය සපයල තියෙන්නෙ අපි කවුරුත් හොදට දන්න ප්‍රවීන ගායන වේදියෙක් වගේම සංගීත අද්‍යක්ශකවරයෙක්. ඒ වෙන කවුරුත් නෙමෙයි ඒ  A.R. Rahman මහතා. ඔහුගේ සංගීතය නිසාම මේ චිත්‍රපටය තවත් ලස්සන වෙලා තියෙනව. ඒ වාගේම මේ ෆිල්ම් එක රූගත කර තියෙන්නෙ ඉන්දියාවේ කර්නාටක ප්‍රදේශයේ. හම්… එහෙනම් මම මෙහි චරිත ටික ඔයාලට හදුන්වල දෙන්නම්..

  • කාලියප්පා බාගවදර්.. – මොහු මෙම චිත්‍රපටයේ ප්‍රධාන නළු වශයෙන් තම රංගනයෙන් දායකත්වය සපයයි. මොහුගේ ඇත්ත නම Siddharth.
  • ගෝමතී නායගම් පිල්ලෙයි.. -මොහුත් මෙමෙ චිත්‍රපටයේ ප්‍රධාන නළුවෙකි. මොහුගෙ ඇත්ත නම Prithviraj Sukumaran.
  • තවතිරු සිවදාසු ස්වාමිදන්.. (සාමී) -මොහු මෙම චිත්‍රපටයේ ගුරුවරයාගෙ චරිතයෙන් තම රංගන දායකත්වය සපයයි. මොහුගෙ ඇත්ත නම Nasser.
  • ගානකෝකිලම් වඩිවාම්බලම්.. (වඩිවූ) -මැය මෙම චිත්‍රපටයේ ප්‍රධාන නිළිය වශයෙන් තම රංගන දායකත්ව සපයයි. මැයගේ ඇත්ත නම වන්නේ Vedika.
  • රන්ගම්මා.. -මැයද මෙමෙ චිත්‍රපටයේ ප්‍රධාන නිළියක් වශයෙන් තම රංගන දායකත්වය සපයයි. මැයගේ ඇත්ත නම වන්නේ Anaika Soti. 

මන් ගොඩක් කියපු නිසා කතාව පොඩ්ඩක් කෙටියෙන් කියල දාන්නම්, ඇත්තෙන්ම කිව්වොතින් මම මෙහෙම කියන්නත් කැමති නෑ. මොකද මේ චිත්‍රපටය ඒ තරම් ලස්සනයි. මට බයයි මම කතාව කියල ඕය ගොල්ලන්ගෙ කුතුහල නැති කරයි කියල. 😀  

“බාල සම්මුදානන් දා නාඩගම් සභා” මෙන්න මේ නාට්‍ය සභාවෙන් තමයි කතාව පටන් ගන්නෙ. මේ නට්‍ය සභාව කරගෙන යන්නෙ සාමී කියන කෙනා. (එයා හොදම නාට්‍ය ප්‍රොෆෙසර් කෙනෙක්. හි.. හි..) ගෝමදීව මේ නාට්‍ය සභාවට ගෙනල්ල දාන්නෙ එයාගෙ තාත්ත. ගෝමදීගෙ තාත්ත ඇවිල්ල එයාව මේ සභාව දාල යන එක ගෝමදී මෙහෙම කියනව.

පූසා තමන්ගෙ පැටියව 

දාල යනව වගේ,

මගේ තාත්ත මාව නාට්‍ය

කොම්පැනියක දාල ගියා.

ඔන්න ඔය විදියට තමයි ගෝමදී මේ සභාවට බැදෙන්නෙ. ඊට පස්සෙ නාට්‍යකට සභාවේ හැමෝම සහබාගිවෙන්න කෝච්චියෙ යන අතරෙ තමයි කාලිව හම්බෙන්නෙ. කාලි කෝච්චියේ හිගමන් ඉල්ල ඉල්ල ලස්සනට සිංදුවක් ගායනා කරනව. ඒ සිංදුවට ආස හිතිල සාමි කාලිව සභාවට බදවගන්නව. ඔන්න ඔහොම මේ දෙන්නම මේ සභාවට බැදෙන්නෙ. ඒත් ලොකු වුනාට පස්සෙ ගෝමදීට ඊර්ෂ්‍යාව ක් ඇති වෙනව කාලි ගැන. මොකද හැම තිස්සෙම සාමි කතා කරන්නෙ කාලිගෙ පැත්තට වර්ණනා කර නකොටත් සාමි වර්ණනා කරන්නෙ කාලිව. ගෝමතී ගැන එච්චරම මුකුත් නෑ. (ෆිල්ම් එක බලන් යද්දි තේරෙයි.) ඔය අතරට වඩිවු කියන ගෑන් ළමයෙක් ඇවිල්ල සභාවට බැදෙනව. (ඒ බැදෙන විදිය ඔයාලට බලාගන්න පුලුවන් ෆිල්ම් එක බලන් අතර තුරදි) ……..

මම කතාව මෙතනින් කියන එක නවත්තනව. ඔය කතාවෙ මම ඕගොල්ලන්ට බාගයක්වත් කියල නැතුව ඇති. මම ඉස්සෙල්ල කිව්ව වගේ මම කතාව ඕගොල්ලන්ට කියන්න යන්නෙ නෑ. මොකද මට බයයි ඔයාලට කුතුහලයක් නැති වේවි කියල. එහෙනම් චිත්‍රපටය නරබල රස විදින්න… 

තවද මෙම චිත්‍රපටයට තවමත් කිසිම භාෂාවකින් උපසිරැසියක් නිකුත් නොකර තිබූ අතර මෙය මා අසාලිවීමෙන් කළ උපසිරැසි ගැන්වීමක් වේ.!

 

Beware of Dags (2014) on IMDb

 

 

704 MB කොපිය මෙතනින් බාගන්න

A7D995427E84BA0D2BC3C7059FEDE3ABD6235634 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,346 downloadsDownload Kaaviya-Thalaivan-2014.zip315 B

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/12/SRaj.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “SNAKE RAJ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

SNAKE RAJ

Subtitles

2,346 downloadsDownload Subtitles315 B

49 comments

  1. nalinda trinco

    Woow Patta film eka... thanks saho sub ekata

    1. kasun

      thanks idiriyatama yamu.......

    2. Snake Raj

      ස්තූතී සහෝ.!

  2. Anushka

    එළකිරි සහෝ..
    සබට භෝම ස්තුති, මේකට සබ් දෙනකන් හිටියේ

    1. Snake Raj

      එහෙනන් ඉතින් බලන්න තමයි තියෙන්න සහෝ. ජය වේවා.!

  3. KP Muthukumarana

    අද තෑගි දෙනවා දෙනවා ඉවරයක් නැහැ....
    සුපිරි ෆිලුමක් වගේ...
    උපසිරැසියට ස්තුතියි....
    ඔබට ජය....!!!

    1. Snake Raj

      එකෙන්ම සහෝ.. ජය වේවා.!

  4. පුබුදු

    well done brother................

    1. Snake Raj

      වෙල්කම් බ්‍රදර්.!

  5. me

    Thanks

  6. supun

    thanx machan hoya hoya hitiya film ekak deviyo dunna wage dunnata

    1. Snake Raj

      එකෙන්ම සහෝ.. බයිස්කොප් කියන්නෙ දෙවියෙක් ම තමෞ සහෝ..
      ඔබට ජය.!

  7. Kulanjana Maduranga

    niayamai ahhhhhhhhh…thanks RAJ saho..sub ekata..digatama sub demu.jaya wewa......

    1. Snake Raj

      එකෙන්ම එකෙන්ම සහෝ.!

  8. dinesh

    lassanai macho sub ekata thanks

    1. Snake Raj

      මමද මචන් ලස්සන? හි.. හි..
      ජය වේවා.!

  9. ආදරය හීනයක්

    තෑන්ක්ස් මචං....දෙමළ ෆිල්ම්නම් අතාරින්නෙම නෑ!

    1. Snake Raj

      අතා අරින්න එපා මචන්.

  10. Emi

    Thank you

  11. thisal

    එල එල නාට්ය ලයින් ෆිල්ම් නම් මම බලන්නෙ නැ මොකද පට්ට කම්මැලියි එත් මෙකෙ රගපාන නලුවෙඔ දෙන්නා සුපිරි නිසා බානවා තැන්ක්ස් බන් සබට දිගටම සබ් දෙමු ඇ

    1. Snake Raj

      එල එල සහෝ..

  12. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    ජය වේවා. !

    1. Snake Raj

      එකෙන්ම.!

  13. Sisira Hegoda

    Thanks.

    1. Snake Raj

      වෙල්කම් සිසිර අන්කල්, සහෝ, සීයේ..! :D

  14. නලින්

    ස්තුතියි ඉමේෂ් මල්ලි. නියම වැඩක් අහා!

    ජය වේවා! එලස්ස්!!

    1. Snake Raj

      ස්තූතී නලින් අයියා.!

  15. Thanushka

    Thanks machan sub ekata...

    1. Snake Raj

      :) එල කොල්ලො.. ජය වේව.!

  16. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  17. Sisila Prasad

    නියමයි සහෝ....ඔහොම යමු... :D ජයවේවා

    1. Snake Raj

      එල එල.. සහෝ..

  18. Tharindu

    thanx 4 sub bro... :)

    1. Snake Raj

      වෙල්කම් තරින්දු බ්‍රදර්.! :D

  19. SaDuN dAnUsHkA (ධනූ)

    රජකාලේ ටැමිල් යකෝ මකේ තියෙන්නේ
    උඹ නම් රජ කාලේ පොරක් බන්
    නියමයි, දිගටම අසා ලිවීම් දෙමු
    ටැමිල් උපසිරැසි කිව්වොත් ඉතින් බයිස්කෝප් තමයි
    එල කිරි....

    1. Snake Raj

      එකෙන්ම සදුන් අයිය..!

  20. “චූටී මල්ලි”

    එල ස්නෙක්
    සෙට් උනොත් බලනවා
    සබට තුති
    ඔබට ජය...............

    1. Snake Raj

      ස්තූතී චූටි මල්ලි.

  21. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    නියමයි නියමයි
    ආපූ කාලෙම බලන්න පටන් ගත්තා.
    බට් එපා වුනු නිසා අතහැරලා දැම්මා.
    ඒත් මේ ලගදී බලන්න හිතිලා බැලුවා
    එල කතාවක්.
    "ඒයි මිස්ටර් මයිනර් එන්න පාක්කරා,
    උන් කනවගලෛයි ඉම්සයාක්ක නිනෙයිකිරා"
    මං කැමතිම සිංදුව ෆිලුමෙ තියෙන
    සබට තුති.
    ජයෙන් ජයම වේවා!

    1. Snake Raj

      හේයී මිස්ටර් මයිනර් මොනාද බලන්නේ..?
      මගෙ රාත්‍රියම නැති කරන්න් හිතනව..
      සුළඟ මහින් මාල අමුන එවනවා..
      ආදරේ.. අතින් අරන් අදිනවා..

      ජය වේව.!

  22. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

    1. Snake Raj

      එකෙන්ම.

  23. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ….. සුභපැතුම්..!
    දිගටම කරගෙන යන්න ශක්තිය . කාලය ලැබේවා..
    අපි වෙනුවෙන් කරනා මේ සත්කාර්යයට අපගේ ස්තුතිය.
    ජයෙන් ජය..

  24. ඉන්ද්‍රජිත් කුමාර

    පට්ට කතාව මචෝ, පට්ට සිංදු ටිකක් නේ තියෙන්නේ !

  25. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  26. Menu

    සබ් එකට බොහොම ස්තුතියි !!

  27. දසන් බුද්ධික

    ඔන්න දැනුයි ගත්තේ සහෝ...... පට්ට පට පට...... ජය වේවා..... !!!!

  28. Kukii

    Thank u sahoo...

  29. nidi

    ස්නේක් රාජ්,
    මේ චිත්රපටය බාගෙන බලන්න මෙච්චර දවසක් පරක්කු වුණ එක ගැන මාර දුකයි. ඒ තරමටම අපූරැ චිත්රපටයක්.
    නාට්‍ය කලාවට පෙම් බැන්ද අයට විතරක් නෙවෙයි, නාඩි වැටෙන ඕනැම කෙනෙකුට මේ චිත්රපටය රස විදින්න පුළුවන්.
    ඔයාගේ ලිපියෙන් කියනවා වාගේම සිංදු ටිකත් ඉස්තරම්.
    රංගනය, පසුතල, ලොකේෂන්ස් එකකට එකක් ගැළපෙනවා. සයිට් එකේ රසික හැමෝටම ආරාධනා කරනවා මේක නරඹලා රහ බලන්න!
    රාජ්, ඔයාට ගොඩක්......ගොඩක් ස්තුතියි!