Watch Trailer

Ali and Nino (2016) with Sinhala Subtitle | අලි සහ නිනෝ… [සිංහල උපසිරැසි සමඟ]

උකුස්සෙකුට සමාන තියුණු බැල්ම, සිත් ඇදගන්නා සිනාව, එකදු රැවුල් ගසකට හෝ හිස එසවීමට ඉඩ නොදුන් දිගටි මුහුණ, රාජකීය ගමන් ලීලාව. ඒ තරුණයා මාව පිස්සු වැට්ටුවේ දැකපු පළවෙනිම දවසෙමයි. වෙනතකට අවධානය යොමු කරන්න හැදුවත් මටත් නොදැනීම මගේ ඇස් එයාව ලුහුබඳින්න අරන්. කවදාවත් මෙහෙම වෙලා නැහැ, මෙහෙම අතරමං වෙලා නැහැ.…

උකුස්සෙකුට සමාන තියුණු බැල්ම, සිත් ඇදගන්නා සිනාව, එකදු රැවුල් ගසකට හෝ හිස එසවීමට ඉඩ නොදුන් දිගටි මුහුණ, රාජකීය ගමන් ලීලාව. ඒ තරුණයා මාව පිස්සු වැට්ටුවේ දැකපු පළවෙනිම දවසෙමයි. වෙනතකට අවධානය යොමු කරන්න හැදුවත් මටත් නොදැනීම මගේ ඇස් එයාව ලුහුබඳින්න අරන්. කවදාවත් මෙහෙම වෙලා නැහැ, මෙහෙම අතරමං වෙලා නැහැ. අන්න.. අන්න එයත් මං දිහා බලනවද කොහේදෝ… ඔව් බැලුවා තමයි. මුහුණේ යන්තමට හිනාවක්.. මගේ මුළු හිතම සීතල වෙලා ගිහින්.. කවුද එයා??

ජෝර්ජියානු කුමාරිකාවකගේ හිත අතරමං කරපු ඒ කොල්ලා කවුද??

“අලිඛාන්” කවුදෝ එයාගේ නම කියනවා ඇහුණා. දෙයියනේ, එයා මුස්ලිම්!!

සැකයක් නෑ හඳ පවා ඇයට දෙවැනි වෙනවා ඇති. ඒ රතු දෙතොල, කැරලි ගැහුණු කොන්ඩය.. ආඩම්බරයි වගේ. වෙන්නැති කුමාරියක්නේ. අම්මටයි තාත්තටයි මැදි වෙලා වටපිට බල බල ඉන්නේ, කා එක්කවත් කතා නැහැ. මං දිහා බැලුවද නැත්තම් මට එහෙම හිතුනද?? අන්න ඒ සුදු මුහුණ රතු වෙන්න අරන්. ඒ පාර පැත්තක් බලන් හිනාවෙනවා. ගැහැණු ළමයෙක් ගැන මෙච්චර විපරම් කරපු කාලයක් මට මතක නැහැ. මොනවා වෙලාද මට? හ්ම්ම්ම්, එයා කුමාරිකාවක්. ඇරත් ජෝර්ජියානු කතෝලික. ඉතින් ඇයි මම මෙහෙම????

“ඔයා වෙන නෝනලා ගේන්නේ එහෙම නෑනේ?” මුස්ලිම් අය කසාද හතක් බඳින හින්දා එයා එහෙම අහන්න ඇති.
“මම ඔයාලගේ ආගමට එන්න ඕනද?” තවත් ප්‍රශ්නයක්.

මම දෙගිඩියාවෙන් ඇහුවේ ප්‍රශ්න දෙකයි. එයා හිනාවෙනවා. අර මාව පිස්සු වට්ටන හිනාව..
“නෑ” එයා උත්තර දුන්නා. තාමත් හිනාවෙනවා. හැමදේම හොඳින් සිද්ධ වුණා නේද? මගේ හිත සතුටෙන් කෑමොර දෙනවා.

ඒත් දෙවියන් අපට එහෙම කාරුණික වුණාද?
ඉරණම අපිට උදව් කරාද?
අපිව එකතු කරන්න ආපු ඒ “දුෂ්ටයා”
නිදහස ඉල්ලා හඬපු “අසර්බයිජානය”
රැවටීම.. යුද්ධය.. ලේ… ලේ.. හිත් පිත් නැති නිදහස..
ඒත් එක්කම,
අසරණ අපි දෙන්නා!!!!

අසර්බයිජානු මුස්ලිම් ජාතික තරුණයෙක් සහ ජෝර්ජියානු කතෝලික තරුණියක් අතර ඇතිවුණු අනුවේදනීය ආදර අන්දරයක් පදනම් කරගෙන ලියවුණු නවකතාවක් තමයි Ali and Nino කියන්නේ. ,මේ වෙද්දී භාෂා 30කට අධික ප්‍රමාණයකට මේ පොත පරිවර්තනය වෙලා තියෙනවා. ඒ වගේමයි මුද්‍රණ වාර 100 පසු කරලා තියෙනවා. ඉතින් මේ පොත, ලෝකයේ කියවන ජනතාව මොන තරම් පිස්සු වට්ටලද කියලා කාටත් හිතාගන්න අමාරු නැතුව ඇති. මේ උමතුව සිනමා ප්‍රේක්ෂකයන්ටත් ලබාදෙන්න ඔස්කාර් සම්මාන ලාභී අධ්‍යක්ෂක අසෛෆ් කපාඩියාට හිතිලා තියෙනවා. ඒ අදහස ඔස්සේ පැළවුණු බීජය මහ ගසක් විදිහට 2016 ජනවාරි මාසෙදි එළි දකිනවා. කාගේ කාගේත් නොමද පැසසුම් වලට ලක්වෙන අලීගෙයි නිනෝගෙයි ආදර කතාව ජාත්‍යන්තර සිනමා දර්ශකයේ 7.9ක අගයක් සටහන් කරන්නත් සමත් වෙලා තියෙනවා. තවත් අටුවාටීකා අවශ්‍ය නැහැනේ. ඉතින් මේ අමරණීය ආදර කතාවේ අවසානය හරියටම නිශ්චය කරගන්න ඕන නම් අනිවාර්යෙන්ම බලන්න කියලා ඉල්ලා සිටිනවා.

ලිපිය ලස්සනටම තියෙනවා නේද? මේ ලස්සන ලිපියත් ලියලා දුන්නේ ඉතින් වෙන කවුරුත් නෙමෙයි, අපේ මයුර අයියා. ඉතින් ලිපිය වෙනුවෙන් මයුර අයියට බොහොමත්ම ස්තුතියි. ඒ ​වගේම අසංක සහෝටත් ස්තුතිවන්ත වෙනවා මට මේ චිත්‍රපටය ලබා දෙන්න අවස්ථාව ලබා දුන්න එකට.

Ali and Nino (2016) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි සියලුම BR/HD පිටපත් සඳහා අදාළ වේ.

3,275 downloadsDownload Ali-and-Nino-2016-BR.zip62 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/09/me-bclk.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එල්.සී.දමැල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

එල්. සී. දමැල්

Subtitles

3,275 downloadsDownload Subtitles62 KB

23 comments

  1. Kantha_DLA

    අලුත්ම චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙන ඔබට
    .............. මාගේ ප්‍රණාමය........
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    -----ස්තූතියි-----

  2. Sanindu Lakkitha

    බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට..
    කාලෙකින් හොද ආදර කතාවක් බැලුවෙත් නෑ.. මේක අනිවා බලන්න ඔනි..
    බුදුසරණයි..ජය වේවා..

  3. chandana

    ගොඩක් ස්තුතියි මචන් sub එකට....
    දෑන් බලන්න හදන්නෙ.....
    පුලුවන්නම් මේ filmඑකටsubදෙන්න බලපන් "office christmas party"

  4. Mayura

    නියමයි මචන්. මං ඉතින් සබ එක්ක කලින් බැලුවනේ. පට්ටම සබ.. නියමෙට තිබුණා මචන්.

    1. එල්.සී. දමැල්

      හෙ හේ සබ කෙසේවෙතත්, ලිපියනම් සුපිරියි... :)

  5. mithun

    ලස්සන ලිපියක් ඇත්තටම අස හිතුන බලනම ටයිප් එකෙ මුවී එකක් නොබා ඉන්නෙ කොහොමද නේ,,. සබ් එක දැම්මට බොහොම ස්තුතියි ඔයාට සහෝ

  6. Dilip Prasanna

    thnq mchn

  7. Chalana Rukshan

    size eka nan wadi bro...

  8. අසිත

    elama saho thanks

  9. Kulanjana Maduranga

    niayamai…thanks LC saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. Nelson

    Good Work Friend
    Thanks!

  11. Madu

    jaya wewa.....!!!

  12. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ…
    ජයෙන් ජයම වේවා...!!

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  15. R.S. Samantha

    thank u bro.....
    ela ela patta film 1k meka

  16. nidi

    me film eka balanna nohithana ayath Mayurage lipiya kiyawapuwama film eka balanna hithanawata seka nehe. ee tharam apuruwata lipiya liyala. thanks Mayura! hebei lipiya kochchara honda wunath wedak nehene subs tikai, film ekai honda nethinam. ewath niyamai! thanks L.C.! Brothers of The Wind wge film ekakata subs deela, me wage film ekak thora gaththata godak thanks! specially kiyanna one me film eke dharshana gena! super!

  17. මොහොට්ටි

    හොඳම වර්ගයේ ෆිල්ම් එකක්.ස්තුතියි

  18. Madusanka

    Thanks bro

  19. nirodha uthpala

    Lipiyatai sub eakatai dekatama denna tama thx soo much bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ..

  20. trok

    tnx bro

  21. deshan5

    bohoma pin terenna film balanna awastawa dunnata

  22. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!