ආයුබෝවන් බයිස්කෝප්වාසී සියලු දෙනාටම, ඔයාලට වෙනදා වගේම අදත් ගෙනාවා ලස්සන හිංදි කතාවක්. එක පෙලට හිංදි කතා ගොඩක් කරපු එකේ මේකත් කරලා දාන්න, තවත් පහරක් කියලා මගේ ඇඟේ ගැහුව ආසිරි සහෝට ස්තූතියි. බැලුවම තමයි තේරුනේ ෆිලුමේ අමුතු ගතියන්යක් තියෙනවා කියලා. කතාව හොඳ උනාට හරියට සම්පූර්ණ සබක් හොයාගන්න තමයි අමාරු…
ආයුබෝවන් බයිස්කෝප්වාසී සියලු දෙනාටම, ඔයාලට වෙනදා වගේම අදත් ගෙනාවා ලස්සන හිංදි කතාවක්. එක පෙලට හිංදි කතා ගොඩක් කරපු එකේ මේකත් කරලා දාන්න, තවත් පහරක් කියලා මගේ ඇඟේ ගැහුව ආසිරි සහෝට ස්තූතියි. බැලුවම තමයි තේරුනේ ෆිලුමේ අමුතු ගතියන්යක් තියෙනවා කියලා. කතාව හොඳ උනාට හරියට සම්පූර්ණ සබක් හොයාගන්න තමයි අමාරු උනේ. පොඩි පොඩි අඩුපාඩු තියෙයි. වැඩි කතාවක් නැතුව බලමු කතාව පැත්තට හැරිලා. මිර්සා කතාව ගොඩනැගිලා තියෙන්නේ ඇත්තටම පන්ජාබ් දේශයේ ජනප්‍රිය ජනකතාවක් පදනම් කරගෙන. මිර්සා – සහීබාන් දෙන්නාගේ ආදර කතාව තමයි කතාවස්තුව වෙලා තියෙන්නේ. පැරණි ජනමත වලට අනුව මේ පෙම්යුවල ආත්ම ගනාවක් තිස්සේ එකිනෙකාට මුණගැහුනත්, මෙයාලට කවදාව එකට එක්වෙන්න බැරිඋනාලු. ඒ මේ දෙන්නා හමුවුන පළවෙනි ආත්ම භවයේ කරපු ලොකු පාපකර්මයක් නිසා. ඒ හැම ආත්ම භවයකෙන් පස්සේ මේ දෙන්නා මුණගැහිලා එකතු වෙන්න හැදුවත් අවාසනාවන්ත විදිහට දෙන්නට සමුදෙන්න වෙනවා. මේ කතාවත් ගලායන්නේ එහෙම තමයි. පුරාණයේ ඉඳන් පැවතගෙන එන කතා නිසා මේවා වෙනස් කරලා කතාව අලුතින් නිර්මාණය කරන එක අනුමත කරන්න බැහැනේ. IMDB 4.6 සාමාන්‍ය අගයක්ලැබිලා තිබ්බත්, මිර්සාට හොඳ ප්‍රතිචාර සිනමා ලෝකයෙන් ලැබිලා තියෙනවා.
2017 ෆිල්ම්ෆෙයා සම්මාන උළෙලේදී හොඳම සංගීත අධ්‍යක්ෂණය සහ හොඳම තනු නිර්මාණයට හිමි සම්මානවලට නිර්දේශ වෙලා ස්ක්‍රීන් වීක්ලි උළෙලේදී මෙහි මිර්සාගේ සහ මොනීෂ්ගේ චරිතයට පණපෙවූ හර්ෂ්වර්ධන් කපූර්හොඳම නැගීඑන නළුවාට හිමි සම්මානය ලබාගත්තා.2017 ස්ටාඩස්ට් සම්මාන උළෙලේදී තවත් සම්මාන 3කට නිර්දේශ වී එයින් දෙකක් ලබාගත්තා. හරි එහෙනම අපි කතාව පැත්තට එමු. මොනීශ් සුචිත්‍රා කියන්නේ පොඩි කාලේ ඉඳලම යාලුවෝ. ගියේ එක පාසලට ඉගෙන ගන්නේ එකම පන්තියේ. ඒත් සුචිත්‍රා ටිකක් ඉහළ පැලැන්තියක ළමයෙක්. සුචිත්‍රාගේ අම්මා, සුචිත්‍රා පොඩිකාලෙදී නැති උනා. තාත්තා තමයි පොඩි කාලේ ඉඳන්ම එයාව බලාගන්නේ. එයාගේ තාත්තා පොලීසියේ ලොකු තනතුරක් දරණ ලොක්කෙක්. මොනීශ් නම් ටිකක් දුප්පත්. ඒ උනාට සුචිත්‍රා ගේ තාත්තා මොනීශ්ටත් හරි ආදරෙයි. නිතරම වගේ සුචිත්‍රාගේ ගෙදරට ඇවිලා එයාව බලලා යනවා. ඔහොම දෙන්නා වතාවක් ඉස්කෝලේ පන්තියේ ඉද්දී මොකද්දෝ හේතුවකට පන්තියේ උගන්වන සර් මොනීශ්ට දඬුවන් කරනවා. ඒකෙන් පස්සේ මොනීශ් ඉන්නේ සර් එක්ක හරි තරහෙන්. කොටින්ම කිව්වොත් සුචිත්‍රා කියන දේවත් අහන්නේ නැහැ. දවසක් ඉස්කෝලේ යන්න සුචිත්‍රා මොනීශ්ලගේ ගෙදරට ගිහින් එයාට ඉස්කෝලේ යන්න කතාකරද්දී අම්මා කියනවා එයා උදින්ම පිටත් උනා කියලා, ඇත්තටම මෙයා ගෙදරින් විතරක්ම නෙවෙයි ගමෙන්ම යන්න ගිහිල්ලා ඒ ලොකු කලබලේකුත් කරලා. එහෙම තමයි කතාවේ මුල්ටික නම් යන්නේ වැඩිය කියන්න යන්නේ නැහැ නැත්තම් ඔයාලට බලන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැනේ. වෙනදවගේම චිත්‍රපටය බලන්න ආරාධනා කරනවා.
තවත් උපසිරසයකින් මුණගැහෙමු.
*-* ජය ශ්‍රී *-*

Due to copyright issues, we do not provide any torrent links.
Mirzya (2016) Hindi 720p DVDRip x264 AAC 5.1 ESubs
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.
3,328 downloadsDownload Mirzya-2016.zip20 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/යසිරු2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
යසිරු හසරංග
Subtitles
17 comments
එල්.සී. දමැල්
Ipsitha Sahan
Thank you
Kantha_DLA
අලුත්ම චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙන ඔබට
.............. මාගේ ප්‍රණාමය........
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
-----ස්තූතියි-----Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
ජය වේවා!
බුදු සරණයි!Chalana Rukshan
thnx bro...
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
මේනක...
thnx bro…සිංහල උපසිරැසියට
Amalka Himeshan
Thanks subekata
kavinda
sabata thanks bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ashan lankanath
thanks ..........................................
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
ikman
lol
nipun gunasekara
Jolly LLB 2 sub dennako
chathura
කලින් ආත්මේ ඊතල ඔක්කොම කඩලා තම ස්වාමියාව පාවා දුන් ඇය නොමැරී බේරෙන්නේ ආදරේ නිසාද? බොහේ ආදර කතා වල ( උදා රොමියෝ ජුලියට්) ගැහැනිය චපල බව පෙන්වනවා නේද?
Tharindu TD
Thanks for subtitles...
Mekata sub denna puluwanda
( Badrinath Ki Dulhania 2017 )Suren
Need to The Ring (2007) sub
Thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

THAAAAAAAAAANNNNNNNNNKKKKKKKKSSSSSSSS