Watch Trailer

Ali G Indahouse (2002) with Sinhala Subtitles | එය සැබෑ ලෙස පවත්වා ගන්න.ගරු කරනවා. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මගේ පලවෙනිම සබ් එක මම ඔයාලට ගෙනාව.පලවෙනි එක නිසාවෙන්නැති මේක කරන්න සෑහෙන කාලයක් ගත වුනා.අන්තිමේදි කොහොමහරි වැඩේ ගොඩ දාගත්තා.මම හිතන් හිටියෙනම් මගේ පලවෙනි සබ් එක Hush කියන ෆිල්ම් එකට කරන්නම් කියල.ඒත් සයිට් එකේ බලනකොට ඒකට සබ් එක දීල තිබ්බා.හිතේ දුක තිබ්බත් මම දෙවනියට කරන්නම් කියල හිටපු සබ් එක පල…

Ali G Indahouse (2002)

ඔන්න මගේ පලවෙනිම සබ් එක මම ඔයාලට ගෙනාව.පලවෙනි එක නිසාවෙන්නැති මේක කරන්න සෑහෙන කාලයක් ගත වුනා.අන්තිමේදි කොහොමහරි වැඩේ ගොඩ දාගත්තා.මම හිතන් හිටියෙනම් මගේ පලවෙනි සබ් එක Hush කියන ෆිල්ම් එකට කරන්නම් කියල.ඒත් සයිට් එකේ බලනකොට ඒකට සබ් එක දීල තිබ්බා.හිතේ දුක තිබ්බත් මම දෙවනියට කරන්නම් කියල හිටපු සබ් එක පලවෙනි එක විදිහට පටන් ගත්තා.සබ් එක කරන්නද කියල අහපු ගමන් ‘හරි සහෝ කරල එවන්න. කියල කියපු රොයිලි අයියට මුලින්ම ස්තූති කරන්න ඕනෙ.

ෆිල්ම් එක ගැන කියනවානම් ටිකක් පරණ වුනාට මේක මම බලපු සුප්ප කොමඩි ෆිල්ම් එකක්.2002 තමා මේක තිරගත වෙලා තියෙන්නේ.මේ ලිපිය ලියන්න විස්තර හොයනකොට තමා දැනගත්තේ මේ ෆිල්ම් එක හදන්න පාදක වෙලා තියෙන්නේ Da Ali G Show කියන ටීවි ෂෝ එක.මේ ෆිල්ම් එකේ ඔයාලට හම්බවෙන අලි ජි කියන චරිතෙ මුලින්ම එලියට එන්නේ The 11 O’Clock Show කියන වැඩසටහනෙන්.එතන ඉදන් තමා අලි ජී තමන්ගේ වැඩ පෙන්නන්නේ.ඉතින් මොනවද මේ අලි ජී කරන වැඩ?? අලි ජි කියන්නේ ස්ටේන්ස් වල පදිංචි වෙලා ඉන්න තරුණයෙක්.මෝඩ,හරියට වචන කියන් නැති(ඒනිසා සබ් එක කරද්දිත් ගොඩක් ප්‍රශ්න ආව.),කෙල්ලො දැක්කාම ලෝකෙ අමතක වෙන කෙනෙක්.මෙයා කරන්නේ අසරණ ළමයින්ට උගන්නන එක(උගන්නන්නෙ පිස්සු දේවල්) මෙයාට දවසක් දැනගන්න ලැබෙනව මෙයා වැඩ කරන,මේ ළමයි ඉන්න මධ්‍යස්ථානෙ රජයෙන් වහන්න හදනවා කියලා.අලී ඒකට සම්පූර්ණ විරුද්ධයි.ඉතින් මෙයා ඒකට විරුද්ධව උපවාසයක් එහෙම කරල අන්තිමට නතරවෙන්නේ රටේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රී කෙනෙක් වෙලා. එතනින් නතර වෙන්නේ නෑ මෙයා කැබිනට් එකටත් පත් වෙනවා(හරියට අපේ රටේ වගේම තමා).ඔහොම ගිහින් මෙයාට තමන්ගේ මධ්‍යස්ථානය බේරගන්න පුලුවන් වෙයිද කියලා බලාගන්නනම් ෆිල්ම් එක බලන්නම වෙනවා.

මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Mark Mylod විසින් අපේ ප්‍රධාන චරිතේ ඒ කියන්නේ අලි ජිට පණ පොවන්නේ Sacha Baron Cohen.මෙයා මේකෙ තිර රචනයටත් දායක වෙලා තියනවා.ඒවගේම මෙයා මේ ෆිල්ම් එකේ ද්විත්ව චරිත රගපානවා ඒ අලි ජී හා බොරැට් විදියට.The Dictator,The Brothers Grimsby කියන ෆිල්ම්වලත් ප්‍රධාන චරිත කරන්නේ මේ Sacha Baron Cohen විසින්මයි.මේ ෆිල්ම් එකට IMDB 6.2/10 අගයක් ලැබිල තියනවා.ඒත් මේක වඩාත් සුදුසු වෙන්නේනම් ලොකු අයට (පොඩි අය අයින් කරල ලොකු අය විතරක් බලන්න) මේක මගේ පලවෙනි සබ් එක නිසා අඩුපාඩු ගොඩක් තියෙන්න පුලුවන්.ඉතින් ඔයාලගෙ යෝජනා චෝදනා හැමදේම මට වටිනවා.ඒ හින්ද කොමෙන්ට් එකකුත් දාගෙනම යන්න. මම එහෙනම් නවතිනවා.

සුභ දවසක්.ඔබට ජය!

 

Ali G Indahouse (2002) on IMDb

 

 

 

Ali-G Indahouse 2002 DVDRIP Xvid-BHRG

Ali G In Da House (2002) DVDRIP

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.

3,446 downloadsDownload Ali.G.Indahouse.2002.Baiscopelk.com_.rar69 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/MethikaWawala1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මේථික වෑවල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

3,446 downloadsDownload Subtitles69 KB

29 comments

  1. praneeth madu

    thanks mcn

  2. Arshad Anas

    tancx machan sub akaeta mata genartion iron moive akata sub denna puluwandha

  3. Namal

    maru comadiya saho thanks

  4. එල්.සී. දමැල්

    පළමු වැඩේට සුභ පතනව!!!

  5. indika

    ගොඩක් ස්තූතියි... !!!

  6. Kulanjana Maduranga

    G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks METHIKA saho.Me wge idiriyatath sub denna shakthiya labewa...Baiscope 1th ekka digu gamanak yamu....jaya wewa...........

  7. Dulanga

    Thanks

  8. ishan

    ela bro...thanks!!!!!!!!!!!!!!

  9. Thisara Neo

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  10. Rajitha

    Thank you machan......jayawewa.....!

  11. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

  12. Amila kaushalya

    Saho pattai bn sacha baron cohen thama mama kamathima comedy actress puluvannam meyagema BRUNO kiyala film 1k tiyenava bn patta akatath sub denna

  13. Sajith Anthony

    පළමු උපසිරැසියට සුභ පැතුම් සහෝ
    උපසිරැසියට බොහෝම ස්තුතියි
    ජයෙන් ජයම වේවා...!!!

  14. Wayantha Sandaruwan

    සුපිරි ෆිලුමක් වගේ අරං ඇවිල්ල තියෙන්නෙ,
    පළමු උත්සාහයට සුභපැතුම් සහෝ, සුපිරිම වැඩක්,
    දිගටම sub දෙන්න කියලත් කියනවා,
    ගොඩක් ස්තූතියි sub එකට,
    ජය වේවා! තෙරුවන් සරණයි!

  15. pradeep

    සුභ පැතුම්.................

  16. Dulan C. Silva

    78ad4424390e1360fa459e6df45db4fdc5cbaa49

    1. nirmal ranasinghe

      thanks

  17. Amila Mudalige

    Thanks Saho

  18. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. Ishan

    thanks for the sub
    where is the torrent ? how i download

  20. මේථික වෑවල

    Comment කරපු අයටත් සුබපතපු හැමෝමත් ගොඩක් ස්තුතියි.තවත් උපසිරසකින් ළගදීම මුණගැහෙමු.

  21. venuka

    elaaaaaa,......................
    thanxxx

  22. eranga

    ela bro ela ado uba wadda

  23. Eranga Wickramasingha

    ado ela . uba wadda . thanx for sub

  24. Dulitha Chiran

    cngrtz saho 1st sub ekata. gd luck. keep it up

  25. Thisara Neo

    සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.

    Hail Hydra

  26. Hashan Chamara

    tnz for sub

  27. tharanka

  28. indika75

    පළමුවන උපසිරැසියට උණුසුම් සුබ පැතුම් !!!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.