ආයුබෝවන් හැමෝටම. මුලින්ම මෙහෙම අහන්නම්. ඔයලා ජීවිතේ කවදමහරි දවසක, මිථයා විශ්වාස,හොල්මන් අවතාර, ජ්‍යොතිෂය කියන්නේ ඇත්තක් ද වගේ දේවල් ගැන අනිවාර්යයෙන්ම කල්පනා කරලා ඇති නේද. අද මම අරගෙන ආවේ ඒ විදියේ කතා තේමාවක් යටතේ නිර්මාණය වුන කන්නඩ සිනමා නිර්මාණයක්..මනෝවිද්‍යාත්මක ත්‍රාසජනක වර්ගයට අයිති මෙම චිත්‍රප…

ආයුබෝවන් හැමෝටම.
මුලින්ම මෙහෙම අහන්නම්. ඔයලා ජීවිතේ කවදමහරි දවසක, මිථයා විශ්වාස,හොල්මන් අවතාර, ජ්‍යොතිෂය කියන්නේ ඇත්තක් ද වගේ දේවල් ගැන අනිවාර්යයෙන්ම කල්පනා කරලා ඇති නේද.
අද මම අරගෙන ආවේ ඒ විදියේ කතා තේමාවක් යටතේ නිර්මාණය වුන කන්නඩ සිනමා නිර්මාණයක්..මනෝවිද්‍යාත්මක ත්‍රාසජනක වර්ගයට අයිති මෙම චිත්‍රපටය තිරගත වුනේ පසුගිය 2019 වර්ශයේ දීය. Imdb මීටරයේ 6.9ක අගයක් වගේම ගූගල් පරිශීලයන්ගේ මනාප 91%කුත් මේ වෙද්දි ලැබිලා තියෙනවා.
මේ ලෝකේ කොච්චර දියුණු වුනත් නොපෙනෙන බලවේග ගැන මිනිස්සුන්ට තියෙන විශ්වාසය කිසිම දවසක නැති වෙන දෙයක් නෙමේ. මේ දේවල් යම්තාක් දුරකට හෝ මිනිස්සු තමන්ගේ ජීවිතේදී විශ්වාස කරනවා.. එහෙම කරන්න වෙන එක අවස්ථාවක් හරි හැම කෙනෙක්ටම අත්විඳින්න ලැබෙනවා..
කතාව ගැන කිව්වොත්,
ෂීලාම් කියන මාධ්‍යවේදියා තමයි මේකේ ප්‍රධාන චරිතය වෙන්නේ.. එයා “කරණ” කියලා ජනප්‍රිය රූපවාහිනි වැඩසටහනක් කරනවා..හොල්මන්,අවතාර පිලිබඳව තියෙන කටකතා ගැන හොයන් ගිහින් ඒ දේවල් ඇත්ත නෙමේ කියලා තහවුරු කරන එක තමයි ෂීලාම් එයාගේ මේ වැඩසටහනෙන් කරන්නේ..ඒ වෙද්දි එයා මේ ගැන කොටස් 99ක් කරලා තියෙනවා.. දවසක් නාදුනන මනුස්සයෙක් ප්‍රසිද්ධියේම ෂීලාම්ට අභියෝග කරනවා, එයා පෙන්නන ගෙදරට ගිහිල්ලා එහෙ හොල්මන් නෑ කියලා ඔප්පු කරන්න කියලා…ෂීලාමුත් හා කියලා වැඩේට බහිනවා..ෂීලම්ගේ කතාව වෙනස් වෙන්න ගන්නේ අන්න ඒ වෙලාවේ ඉදන්.. මෙහෙම ගියොත් කතාවේ සේරම ටික කියවෙනවා..ඒ නිසා එතනින් එහාට මොකද වෙන්නේ කියලා ඔයාලටම බලන්න කියලා ආරාධනා කරනවා..
මුලින්ම කියන්න ඕන දෙයක් තමයි අවසානයට කියන්න යන්නේ. බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියත් එක්ක එකතු වෙලා මම කරන පළමුවෙනි උපසිරසිය තමයි මේක. වෙබ් අඩවියට පිළි අරගෙන මේ ෆිල්ම් එක වෙන් කරලා දුන්න සිසිල අයියට මේ වෙලාවේ ස්තූති කරන්න කැමතියි.
මේ දවස්වල ලාංකීය සිනමා රසිකයින් මලයාලම්, කන්නඩ, තෙලිඟු සිනමා නිර්මාණවලට ඇබ්බැහි වෙලා කිව්වොත් මම නිවැරදියි. ඉතින් මේ සිනමා නිර්මාණයත් අනිවාර්යයෙන්ම ඔයාලාට වෙනස් ම අත්දැකීමක් ලබාදෙයි කියලා මට සහතික වෙන්න පුළුවන්..එහෙනම් චිත්‍රපටය බලන්න ආරාධනා කරන ගමන් මම සමු ගන්නවා..තවත් උපසිරසියකින් නැවත හමුවෙමු.
බුදුසරණයි.

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය HD / WEB පිටපත් සඳහා අදාළ වේ.
5,713 downloadsDownload ALIDU-ULIDAVARU-2019.zip48 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මදුශානි ගමගේ” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2020-05-15
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මදුශානි ගමගේ
Subtitles
16 comments
Thushara
Madhushani Gamage
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි සබ් එකට :) :) ...
ජය වේවා.!Madhushani Gamage
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!malithmadhushan45
උපසිරසට ස්තුතියි සහෝදරිය. එ වගේම පලවෙනි උපසිරසට සුබ පැතුම් දිගටම කරමු
geeganagamage
බොහොම ස්තුතියි නියම වැඩක්
indika75
ස්තූතියි.පළමුවන උපසිරැසියට සුබපැතුම් !!!!
Bandara
බයිස්කෝප් අඩවියෛ් පළමු උපසිරැසියට බොහොම ස්තූතියි මදුශානි. සුභ අනාගතයක්
isuru srinath sjs
පලවෙනි උපසිරැසියට සුබ පතනවා.. බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට ..
Mahesh
පොඩි අදහසක් කියන්නද??
මේ දවස් වල site එකේ ගොඩාක් පරන ෆිල්ම් වල sub වැටෙනවනේ,ඒත් පොඩ්ඩක් බලන්න ඒවා download කරන ප්‍රමානය,comment දාන ප්‍රමානය ගොඩක් අඩුයි
ඒකට හේතුව ගොඩ දෙනක් පරන ඒවා බලන ප්‍රමානය අඩුයි.......
ඒ නිසා මන් නම් කියන්නේ මේ දීලා තියෙන ෆිලුම වගේ 2015න් පස්සේ ආපු ෆිල්ම් දුන්නනම් පට්ට
(Kannada,bengali,malayalam,telugu සුපිරි action,thriller ෆිලුම් තියනෝ , etc)එල එල...ජය වේවා!!!
D.Chamara
bohoma sthuthi
Nivom
thanxx
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ශසිත් සඳරුවන්
සබට තුති වේවා...
පළමු උපසිරැසි නිර්මාණයටත් සුබපැතුම්...
දිගටම සබ් දෙමු ආ... ජය!Malith Samarawickrama
Thanks bn sub ekata
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Alidu Ulidavaru (2019) Sinhala Subtitles | නොපෙනෙන බලවේග සොයා [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/05/ALIDU-ULIDAVARU-2019.jpg)
Thanks......