Watch Trailer

The Crow: City of Angels (1996) Sinhala Subtitles | පළිගන්නා සහ සුරදූතයන්ගේ නගරය [සිංහල උපසිරැසි සමග] (18+)

ආයුබෝ වේවා !!! බයිස්කෝප්වාසී සියලු දෙනාටම හොදින් ඉන්නවා නේද. ඔන්න එහෙනම් ඉක්මනටම තවත් ෆිලුමක් අරන් ආවා. මේක මම කලින් දුන්න The Crow කියන කොමික් චරිතය ඇසුරින් නිර්මාණය උන චිත්‍රපට මාලාවේ දෙවැනි චිත්‍රපටය. පලවෙනි කොටසයි , තුන් වෙනි කොටසයි කලින් දීලා තියෙන්නේ. මේ චිත්‍රපටය නම් පළමු කොටස වෙන The Crow (…

ආයුබෝ වේවා !!!  බයිස්කෝප්වාසී සියලු දෙනාටම හොදින් ඉන්නවා නේද. ඔන්න එහෙනම් ඉක්මනටම තවත් ෆිලුමක් අරන් ආවා. මේක මම කලින් දුන්න The Crow කියන කොමික් චරිතය ඇසුරින් නිර්මාණය උන චිත්‍රපට මාලාවේ දෙවැනි චිත්‍රපටය. පලවෙනි කොටසයි , තුන් වෙනි කොටසයි කලින් දීලා තියෙන්නේ. මේ  චිත්‍රපටය නම් පළමු කොටස වෙන The Crow (1994) ෆිලුමේ කතාවෙන් අවුරුදු කීපයකට පස්සේ වෙන සිදුවීමක් විදියට තමයි ගලාගෙන යන්නේ ඒ නිසා මේක බලන්න කලින් මුල් ෆිලුම බලලා හිටියනම් හොඳයි. එමෙන්ම IMDb 4.7ක අගයක් ලබගන්නත් 82%ක ගූගල් පරිශීලක කැමත්ත ලබාගන්නත් මේ ෆිලුම සමත් වෙලා තියෙනවා. අනිත් ඒවා වගේම මේකත් Action/Crime/Fantacy යන කාණ්ඩ වලට තමයි වෙන් කරලා තියෙන්නේ. මෙහි බොක්ස් ඔෆිස් වාර්තාව ලෙස දැක්වෙන්නේ ඩොලර් මිලියන 17.9ක්. ඒ වගේම මේ  චිත්‍රපටය ය අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Tim Pope නම් අධ්‍යක්ෂකවරයයි. ප්‍රධාන චරිතය වන ක්‍රෝ ලෙස මෙවර රංගන දායකත්වය ලබ දෙන්නේ Vincent Perez නම් රංගන ශිල්පියායි, ඊට අමතරව Mia Kirshner, Thomas Jane, Iggy Pop,  යන නළු නිළියන් තම රංගන දායකත්වය ලබාදෙනවා.  චිත්‍රපටයේ 18+ දර්ශන කීපයක් තියෙන නිසා තනියම බලන්න කියලා මතක් කරන්නත් ඕන 😛 ඒ වගේම මේ අවුරුද්දේ The Crow චරිතය පාදක කරගෙන Remake  චිත්‍රපටයක් එන්න තිබුනත් ලොවපුරා ඇතිවෙලා තියෙන අවදානම් තත්වය නිසා ඒක බොහෝවිට කල් යන්න පුලුවන්.

ඩිට්‍රොයිට් කියන්නේ ඇමරිකාවේ තියෙන දූෂිතම නගරයක්. මංකොල්ලකරුවන්, මිනීමරුවන්, මත්කුඩු වෙළෙන්දන්, දූෂකයන් වැනි සියලු අපරාධකරුවන්ගේ නිජබිම විදියට මේ නගරය හදුන්වන්න පුලුවන්. ජුදා අර්ල් තමයි මේ රාජධානියේ පාලකයා. මේ නගරයේ වෙන සියළුම අපරාධ වැඩ වෙන්නේ ජුදාගේ අනුමැතිය පිට තමයි. ජුදාට මේ තත්වෙට එන්න උදව් කරපු ප්‍රධාන කෙනෙක් තමයි සිබිල් කියන්නේ, ඇයට අනාගතය දැකීමේ සුවිශේෂ හැකියාවක් තියෙන නිසා ජුදා ඇයගේ හැකියාව තමන්ගේ අපරාධ රාජධානිය ගොඩනගන්න යොදාගන්නවා. ඊට අමතරව නීමෝ, ස්පයිඩර් මංකි, කාලී සහ කර්ව් කියලා ප්‍රධාන ගෝලයෝ 4 දෙනෙක් ජුදාට ඉන්නවා. ඉතිං මේ භයානක නගරෙ තමන්ගේ පුංචි පුතා එක්ක ජීවත් වෙන අහිංසක මනුස්සයෙක් තමයි ඈශ් කෝර්වන් කියන්නේ. දවසක් ඈශ්ගේ පුතා දකින දෙයක් නිසා ඈශ්ටයි, පුතාටයි දෙන්නටම ජුදාගේ හෙංචයියො අතින් මරණයට පත් වෙන්න සිදුවෙනවා. පළමු චිත්‍රපටයේ ක්‍රෝ බවට පත් උන එරික් ඩ්‍රේවන්ගේ පුංචි යාළුවා සේරාව මතකද ? දැන් මේ වෙන කොට එයා දැන් ලොකු තරුණියක්, කපුටාගේ ආත්මය විසින්  ඇයට දන්වනවා යම් කිසි වැරද්දක් වෙලා තිබෙන නිසා ඒ වැරද්ද නිවැරදි කිරීමට කපුටාගේ ආත්මය නැවත පැමිණිය යුතුයි කියලා. කපුටු ආත්මය මෙවර ක්‍රෝගේ බලයන් ලබා දෙන්නේ කාටද ? ජුදා අර්ල්ගේ රාජධානියට මොනව වෙයිද  ? ඈශ්ගේ පවුලට මැරෙන්න උනේ ඇයි ? කපුටු ආත්මය මෙවරත් යුක්තිය පසිදලයිද ?

ඔන්න එහෙනම් ඔයාලා ඉල්ලුවා වගේ ෆිල්ම් 3ක්ම දුන්නා. තව එකක් තියෙනවා ඒක තමයි මේ චිතරපට මාලාවේ අසාර්ථකම චිත්‍රපටිය. පුලුවන් උනොත් ඒකත් දෙන්න බලන්නම්. එහෙනම් ඉතිං ඔයාලත් රටේ පවතින ඇඳීරි නීතීයට ගරු කරලා ගෙදරට වෙලා පරිස්සමින් ඉන්න. ඉක්මනටම මුළු ලෝකෙම පෙර තිබුන සාමාන්‍ය තත්වයට පැමිණේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සිනමාපටය උපසිරැසි ගැන්වීමට අවසර දුන්න ශාන් විමුක්ති (විමා) සහෝටත් ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම කම්මැලි නැතුව ලොග් වෙලා කොමෙන්ට් එකක් දාගෙන කියලා ඔයාලා හැමෝගෙන්ම පුංචී ඉල්ලීමකුත් කරන ගමන් ගිහින් එන්නම්. තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු. මම දනුවා. තෙරුවන් සරණයි !!!

#STAY SAFE #STAY HOME

https://en.wikipedia.org/wiki/The_Crow:_City_of_Angels

 

 

 

Due to copyright issues, we do not provide any torrent link. 

ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

1,645 downloadsDownload The-Crow-City-of-Angels-1996.zip23 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Subtitles by

යුරාන් ධනුක

Subtitles

1,645 downloadsDownload Subtitles23 KB

17 comments

  1. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ...
    The Crow: Wicked Prayer (2005) එකටත් සබ් දෙන්න එතකොට film series එකම සම්පූර්ණයිනෙ බ්‍රෝ..
    ජය වේවා.!

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  3. geeganagamage

    ගොඩාක් ස්තුතියි අන්තිම ෆිල්ම් එකටත් සබ් දෙන්න අනිවාර්යයෙන්ම බලනවා .

  4. thushararox

    තෑන්ක්ස්. වන් මෝ... වන් මෝ...

  5. indika75

    Thanks..

  6. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  7. YasasPerera

    thanks bro

  8. isuru srinath sjs

    බොහොම ස්තුතියි මචෝ සිංහල උපසිරැසියට...

  9. Mahesh

    පොඩි අදහසක් කියන්නද??
    මේ දවස් වල site එකේ ගොඩාක් පරන ෆිල්ම් වල sub වැටෙනවනේ,ඒත් පොඩ්ඩක් බලන්න ඒවා download කරන ප්‍රමානය,comment දාන ප්‍රමානය ගොඩක් අඩුයි
    ඒකට හේතුව ගොඩ දෙනක් පරන ඒවා බලන ප්‍රමානය අඩුයි.......
    ඒ නිසා මන් නම් කියන්නේ 2015න් පස්සේ ආපු ෆිල්ම් දුන්නනම් පට්ට
    (Kannada,bengali,malayalam,telugu සුපිරි action,thriller ෆිලුම් තියනෝ , etc)

  10. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  11. Shamal manojan

    බොහෝම ස්තුතියි සහෝ මේ ලබාදුන්නු උපසිරැසියට. ......... බෙහෙවින්ම ස්තුතියි.......

    පහත කමෙන්ට් ඒක ගැන වචනයක් කියන්න කැමතියි. ඔහු කියන විදියේ උපසිරැසිකරුවන් මෙම වෙබ් අඩවියේ සියගණනින් ඉන්නවා. ඒහෙත් ඔබ වැනි පැරණි චිත්‍රපට සදහා උපසිරැසි ලබාදෙන අය ඉතාම අඩුයි. විශේෂයෙන්ම පැරණි Horror කැටගරිය අවධානය යොමුකරන ඔබ වැනි උපසිරැසිකරුවන් නැති තරම්ය. අතිශයින්ම දුර්ලභය. ඒබැවින් ඔබ දුර්ලභ උපසිරැසිකරුවෙකි. ඒබැවින් ඔබ ලබාදෙන උපසිරැසි වලට කමෙන්ට් අඩු වුනත් අනෙක් අය ලබාදෙන උපසිරැසි සියයක වටිනාකම ඔබ වැනි උපසිරැසිකරුවන් ලබාදෙන පැරණි ඒක් උපසිරැසියක තියෙනවා. අප වැනි ඒවැනි ෆිල්ම් සොයන අයට ඔබ ලබාදෙන උපසිරැසි මැණික් මෙන් වටිනවා. ඒබැවින් දිගටම පැරණි Horror, thriller, mystery යන කැටගරි වලින්ම ෆිල්ම්ම ලබාදෙන මෙන් මා කාරුණිකව ඉල්ලා සිටිනවා. ඒමෙන්ම හැකිනම් තවත් ඒවැනි දුර්ලභ උපසිරැසිකරුවන් බයිස්කෝප් අඩවියට ඒක්කාසු කරගන්නා ලෙස මා ඉල්ලා සිටිනවා. ඉංග්‍රීසි දන්නවා නම් මමත් ඔවැනි ෆිල්ම සියගණනක් මෙ වෙනකොට උපසිරැසි කරලා ඉවරයි. ඒහෙනම් ජයවේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

    මෙම ෆිල්ම් ටික ගැනත් කාරුණික අවධානය යොමු කරන්න කියලා ඉල්ලා සිටිනවා සහෝ....

    Candyman - 1992
    Candyman 02 : Farewell to the Flesh - 1995
    Candyman 03 : Day of the Dead - 1999
    Candyman 04 - 2020 September 25

  12. Suranjan

    Thanks jayawewa.....!

  13. Udara Damith Dissanayaka

    ela

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. Dinuka

      Thanx bro

  15. Dewadithya

    Thanks for sub!

  16. Pramukmili

    Thanxx bro..................