ඉතිං යාළුවනේ ඔන්න මං තවත් පට්ට සුපිරි ෆිල්ම් එකක් අරගෙන ආවා. මේක 2010 වර්ෂයේ තිරගත වුණු ෆිල්ම් එකක්. මේකට හොඳ IMDB රේටිංග් එකකුත් තියෙනවා. මේක පැය 1යි විනාඩි 20ක ධාවන කාලයක් තියෙනවා. වගේම මේක Action, Comedy වර්ගයේ ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එකේ ඉන්න චරිත ගැන කියනවනම් ෆිල්ම් එකේ ඉන්නවා යමාටා කියල කෙනෙක්…
ඉතිං යාළුවනේ ඔන්න මං තවත් පට්ට සුපිරි ෆිල්ම් එකක් අරගෙන ආවා. මේක 2010 වර්ෂයේ තිරගත වුණු ෆිල්ම් එකක්. මේකට හොඳ IMDB රේටිංග් එකකුත් තියෙනවා. මේක පැය 1යි විනාඩි 20ක ධාවන කාලයක් තියෙනවා. වගේම මේක Action, Comedy වර්ගයේ ෆිල්ම් එකක්.
මේ ෆිල්ම් එකේ ඉන්න චරිත ගැන කියනවනම් ෆිල්ම් එකේ ඉන්නවා යමාටා කියල කෙනෙක්. ඔහු නින්ජා කෙනෙක්. පට්ට සටන්කාරයෙක්. තව ඉන්නවා ජිනායි කියල කෙනෙක්. ඔහුත් නින්ජා කෙනෙක් වගේම පට්ට සටන්කාරයෙක්. වගේම ඔහු යමාටගේ යාළුවා. තවත් ඔවුන් එක්ක වයසක පුද්ගලයෙකුත් ඉන්නවා. ඔහු විවිධ වර්ගයේ ආයුධ හදන් කෙනෙක්. එයා මාර මාර ගැජට් තමයි හදන්නේ. වගේම තව ඉන්නවා රින් කියලා කෙල්ලෙකුත්. එයත් නින්ජා කෙනෙක් වගේම පට්ට සටන්කාරියක්. තව ඉතිං ඉන්නවා පිටකසක්වල ජීවියෝ වගයක්. උමුත් මාර ජීවයෝ තමයි. නින්ජලත් එක්ක සටන් කරද්දි මාර ආතල් තමයි ගන්නේ. හැබැයි මුන් ෆිල්ම් එකේ හැටියට මහ එපා කරපු ජීවීන් වගයක්.
මේ ෆිල්ම් එකේ කතාව ගැන කියනවනම් මේක පටාන් ගන්නෙත් ෆයිට් එකකින්. එතන යමාටා, ජිනායි, අර වයසක කෙනයි ඉන්නවා. හැබැයි මේකේ ඉතිං ෆයිට් කරන්නෙ යමාටා කියන පොර තමයි. ඒ තව නින්ජලා වගයක් එක්ක. මේකෙදී මාර ෆයිට් එකක් දෙනවා. ඒ අතර කොමඩිත් තියෙනවා. මෙයාලා ඔහොම සටන්කරලා ඉවර වෙලා ඉන්න වෙලාවේ එයාලට පේනවා අහසින් එකපාරටම ගිනිබෝලයක් යනවා දකිනවා. වගේම එ්ක රින් කියන කෙල්ලත් දකිනවා. ඉතිං මේ යමාටා, ජිනායි සහ වයසක් කෙනා යනවා එයාලගේ මාස්ටර් හම්බවෙන්න. ඒ වෙලාවෙදී එයාලගේ මාස්ටර් එයාලට කියනවා අර ගිනි බෝලෙ මොකක්ද කොහෙටද ආවේ කියල හොයල බලන්න යන්න කියලා. ඉතිං එයාල ඒ ගිනි බෝලය හොයාගෙන යනවා. ඒ වෙලාවෙදී එයාලට රින්වත් එයත් එක්ක ඉන්න නින්ජලත් හම්බවෙනවා. එතනදි මාර වැඩ තමයි වෙන්නේ. පස්සෙ සෙට් එකම එකතුවෙලා ගිනිබෝලේ වැටිච්ච තැන හොයාගෙන යනවා. එයාලට ඒ වෙලාවෙදී එකපාරටම මාර වැඩක් තමයි සිද්ධවෙන්නේ. එයාලට පිටසක්වල ප්‍රහාරයකට ලක්වෙන්න වෙනවා. ගොඩක් නින්ජලාට මැරෙන්නත් සිද්ධවෙනවා. ඒත් යමාටා මේ කිසිදෙයක් හිතාගන්නවත් බෑ. ඉතිං මේ සිද්ධවෙච්ච දේ නිසා යමාට මාර දුකයි. ඒ නිසා ඔහු තීරණය කරනවා තමන්ගේ සහෝදර නින්ජලා වෙනුවෙන් ඒ පිටසක්වලයගෙන් පලියගන්න. මේකේ තියෙන ෆයිට් වලත් මාර කොමඩි තමයි තියෙන්නේ. හැබැයි පට්ට ෆයිට්. මේකෙ රින් එක්ක පිටසක්වලයෙක් ෆයිට් එකක් යනවා. ඒක තමයි පට්ට ෆයිට් එක. මේකට ඉතිං ඔහුත් එක්ක ජිනායි, රින්, වයසක් පොරත් එනවා. මෙතන ඉදන් තමයි ඉතිං පිටසක්වලන්ගෙයි නින්ජලාගෙයි සටන පටන් ගන්නේ. ඉතිං යාළුවනේ මම මුළු ෆිල්ම් එකම කියන එක හරි නෑනේ. යමාටා ඔහුගේ පලිය ගන්න පුළුවන් වෙයිද? බැරි වෙයිද? යමාටාට, ජිනායිට, රින්ට, වයසක කෙනාට මොකක් වෙයිද? කියලා දැනගන්න ඔයාලම ෆිල්ම් එක බලන්නකෝ.
ඉතිං යාළුවනේ තවත් සුපර් ෆිල්ම් එකක් එක්ක හම්බවෙමු. සුභ දවසක්!!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි DVDRip පිටපත් සඳහා අදාළ වේ.
3,457 downloadsDownload Alien-vs.-Ninja-2010.zip18 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/10/nilupul-udara-new-pic.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිලුපුල් උදාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-23
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නිලුපුල් උදාර
Subtitles
31 comments
Radeon
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
පුලුවන්නම් black butler 2014 සබ් දෙන්න
ජය වේවා!damith.thara
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි නිලුපුල් සහෝ.
ජයෙන් ජය.SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම් වේවා...!!Indunildissanayake
Thanks .. jaya wewaa
Udara Damith Dissanayaka
නින්ජා එකක් නම් ඉතින් අතහරින්නේ නෑ කොහොමත්ම
හරියට lot එකේ මික් වගේ
මේකේ ටොරන්ට් ලගේ සීඩ් නෑ පුලුවන්නම් ඩිරෙක් එකක් හරි බයිස්කෝප් ඩවුන්ලෝඩ් එකේ දානවදIroshan Kumar
Thanks machan
malith
Ela ela
hasitha_dinush
Thanks bro...
Kalpa Chathuranga
Thanks bro....
Devil_D
පට්ට මාර ලිපියක්නේ ! :p
හැමතැනම පට්ට පට පට !
බොහොම ස්තුතියි උපසිරැසියට !
නින්ජා නම් ලොවෙත් බැලිල්ලක් තමයි !hirulak
parippu nat hotale wge. dvdrip torrent sheed na.dvdrip derect link wat na. anika bluray rip oni tharam thiyenawa.
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!Rangana.mee
බාපු අය ලින්ක් එක දෙන්න පීස්
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Malinda
මාර මාර ෆිල්ම් එකක් වගේ. පට්ට තෑන්ක්ස් බ්‍රෝ. :D
suranga sampath
thanks bro
PIUMAL LAKSHITHA
meka dounload karnne kojho,da limk akak awnnko
binalperera
thnks saho
link ekkuth denkoNimo
thanks mate
LoneWalker
Thanks
wasudev
Alien vs ninja film eke copy ganne kohenda baiscopedownloads eke nane
AsithaDilruwan
elama saho thanks
jmdsandamali
Nice
JL Fernando.
Thanks Bro.
DilanDilshan
ela ela
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Nishanfernando
Thanx bro
SamiduT
Bohoma sthuuthi bokka sub ekata mekanan supirima mewage thawa supiri film tikak danakan balan innawa suba pathum
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
krishantha_danuja
ඔන්න අපිත් එකතු වුන.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

sub ekata tnx bn