Watch Trailer

Ulkuthu (2017) Sinhala Subtitles | මැරයකු වී පලිගනිමි [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප් වාසී සියලු දෙනාට අරුත්බර දිනයක්ම වේවා..! එසේනම් සුපුරුදු පරිදි මා අද දිනත් අප අඩවියට ගොඩවන්නේ 2017 වසර අවසානයේ තිරගතවු අලුත්ම අලුත් ක්‍රියාදාම (Action) සහ හාස්‍ය වර්ගීකරණයට අයත් දමිළ සලරුවක් සමඟින්..! මැරකම හා සාහසිකත්වය කියන්නේ කිසි සේත්ම යහපත් ක්‍රියාවන් නොවේ..! මෙම චිත්‍රපටය තුලින් පෙන…

බයිස්කෝප් වාසී සියලු දෙනාට අරුත්බර දිනයක්ම වේවා..! එසේනම් සුපුරුදු පරිදි මා අද දිනත් අප අඩවියට ගොඩවන්නේ 2017 වසර අවසානයේ තිරගතවු අලුත්ම අලුත් ක්‍රියාදාම (Action) සහ හාස්‍ය වර්ගීකරණයට අයත් දමිළ සලරුවක් සමඟින්..! මැරකම හා සාහසිකත්වය කියන්නේ කිසි සේත්ම යහපත් ක්‍රියාවන් නොවේ..! මෙම චිත්‍රපටය තුලින් පෙන්වා දීබෙන කරුණක් වනුයේ එක්තරා පළිගැනීමක් වෙනුවෙන් තම මුළු ජීවිතයම කැප කර වෙනස්ම මඟකට පාතබා තම අභිප්‍රාය ඉෂ්ඨ කරගන්නා සාමාන්‍යය දුප්පත් තරුණයෙකුගේ කතාවක් ඇත්තටම මේ තරුණයා සිදුකරන ක්‍රියාව නිවැරදිද යන්න ඔබ විසින්ම තීරණය කලයුතු වෙනවා කිමද අද සමාජයේ කිසිඳු අර්ථයක් නොමැතිව කිසිදු හේතුවක් සාධකයක් නොදැන විවිධ කරදරයන්ට මූහුණපෑමට ඔබටත් සිදුවෙලා ඇති ඇතැම් විට ඔබගේ සමීපතමයන්ට හෝ සිදුවෙලා ඇති ඒ අතරිනුත් ඇතැමුන්ට මරණය පවා උරුම වෙලා ඇති මෙම චිත්‍රපටය පුරා දිවයන්නේ එවැනි කතාවක් එසේනම් මෙම චිත්‍රපටය සඳහා උපසිරැසි ගැන්වීමට අවස්ථාව සකස් කර දුන් කවදදත් මට උදව්කරනා සිසිල ප්‍රසාද් සහෝට ස්තුතිය පිරිනමමින් චිත්‍රපටයේ කතාව සහ අනෙකුත් විස්තරයන් දෙස අවදානය යොමු කිරිමටයි මේ සූදානම..!

පසුගිය වසරේ දෙසැම්බර් මස 29 දින තිරගත කිරිම ආරම්භ කල මෙම චිත්‍රපටය Kaarthick Raju නම් වු Thirudan Police 2014 යන චිත්‍රපටයේද රචනය හා අධ්‍යක්ෂනය කල අධ්‍යක්ෂකවරයා අතින්ම ලියැවි අධ්‍යක්ෂනය වු චිත්‍රපටයක්..! මෙම චිත්‍රපටය සඳහා imdb දර්ශකයේ ලකුණු 7.4/10 ක් ලබා තිබෙනවා. මෙහි රංගනය දමිළ චිත්‍රපට රසිකයින්ට හොඳ රසිකත්වයක් ලබාදී දමිළ සිනමාවේ යම් පෙරලියක් කල චිත්‍රපට කීපයක් වු Visaranai 2015 . Tamizhuku En Ondrai Azhuthavum 2015 හා Thirudan Police 2014 යන චිත්‍රපටයන්හි ප්‍රදාන චරිතයන් නිරුපනය කල Dinesh විසින් ප්‍රදාන චරිතය මෙහිදීද හොබවනු ලබනවා.

මෙහි කතාව දෙසට අවදානය යොමුකලහොත් රාජා නම් තරුණයෙක් සිටිනවා රාජා පවසන ආකාරයට ඔහු තම නිවසේ ඇතිවු රණ්ඩුවක් හේතුවෙන් නිවස අතඇර දමා නිශ්චිත ස්ථානයක් නොමැතිව ගමන් කරන පුද්ගලයෙක් මේ අතරම තමා මැරයෙක් යැයි පවසමින් පුරසාරම් කියනා සුරා සංකර් නමින් පුද්ගලයෙක් සිටිනවා ඉතින් දිනක මේ රාජා සුරා සංකර්ව මුණ ගැසෙනවා දෙදෙනා අතර අතිවන යම් සිද්ධියක් නිසා රාජාට සුරා සංකර් ගේ නිවසේ නැවතීමට ඉඩක්ද ලැබෙනවා සුරා සංකර් රාජාට බෙහෙවින්ම ඇලුම් කරන්නේ ඔහු ව්‍යාපාර උපාධියක් හදාරා ඇති අයෙකු බව පැවසු නිසාවෙන්..! සුරා සංකර් ගේ නැඟණිය කඩල්අරසි රාජා ඇය හා ප්‍රේමයෙන් බැඳෙනවා මෙ අතරම එම පලාතේ ප්‍රසිද්ද මැරවරයකුගේ පුත්‍රයකු වන සරවනන් හා රාජා අතර ගැටුමක් ඇතිවනවා ගැටුමෙන් පසුව සුරා සංකර් ගේ හා රාජා ගේ ජිවිත වල විශාල වශයෙන් වෙනස්ම සිදුවීම් රාශියක් වන අතර සුරා සංකර් ට තමන් පෙර නොසිතු විරු ලෙසින් කරදරයන්ට පවා මුහුණ පෑමට සිදුවෙනවා. එසේ නම් මා මීටත් වඩා මේ පිළිබද විස්තර කිරිමට බලාපොරොත්තු වන්නේ නෑ මා මුලින් කී කරුණ ගැනද සිතා බලා මෙම චිත්‍රපටය රසවිඳ ඔබගේ වටිනා අදහස් උදහස්ද දක්වා යන මෙන් ඔබ සැමගෙන් ඉල්ලි සිටිමින් තවත් උපසිරැසියක් සමඟින් නැවතත් හමුවීමේ බලාපොරොත්තු වෙන් අදට මා සමුගන්නවා. ඔබ සැමට කඳසුරිඳුගේ පිහිටයි…!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා අදාළ වේ.

6,334 downloadsDownload Ulkuthu-2017.zip63 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/MTRTharidu.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015/10/16
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා

Subtitles

6,334 downloadsDownload Subtitles63 KB

43 comments

  1. Malik Chandika

    Thanks

  2. NmE-milinda

    Thanks broo

  3. dhammika prasad

    තෑන්ක්ස් සහෝ උපසිරැසියට

  4. kumaradasa

    Sub ekata thanks mcn

  5. gihan perera

    Thanks bro sub ekata...god bless you..digatama sub damu...good luck!!

  6. ඩොක් අයියා

    ගොඩක් ස්තුති “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” මල්ලියෝ
    ඔන්න එහෙනම් ඔයාගේ උපරැසිය බාගත්තා

  7. dumindu chathuranga

    ela thanks

  8. dinusharivishan

    thank you ub ekata machan

  9. oshanda

    තෑන්ක්ස් සහෝ උපසිරැසියට

  10. kumaradasa

    sub ekata bohoma stuti.

  11. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  12. ranishka

    subtitles watena time eka aul :(

    1. Tharindu_Rukshan_Perera

      Download කරේ ⁣මොන කොපි එකද..?

    2. ranishka

      700MB

    3. Tharindu_Rukshan_Perera

      හදන්නම්

    4. Anila

      Baganna link plz bn

  13. ajith fernando

    thanks malli

  14. baiscope2017

    sthuthiy.jaya wewa

  15. vimukthi_dharaka

    thank you ayeth me wage ekak denna

  16. damith.thara

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි තරිඳු සහෝ.
    ජයෙන් ජය.

  17. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  18. තරිඳු පෙරේරා

    සබ් එක මැච් වෙන්නේ නැ සහෝ 700MB කොපියට

  19. nuwanhunter

    ස්තුතියි

  20. dharitha

    තප්පර දෙක තුනක් එහා මෙහා වෙලා සබ් එක 450MB එකේ.ඒ වුනාට එක පාරක් හදාගත්තාම ගානට සෙට් වෙනවා.මහන්සි වෙලා හදපු සබ් එකට ස්තූතියි මචෝ.ජය වේවා

  21. sanjuMadhu

    thanks mchan sub ekta..!

  22. C.R.Jayalath

    Niyamai Tharindu Aiya Jaya Wewa!!!

  23. Mahee

    බොහෝම ස්තුතියි සහෝ සබ් එකට.. 400mb එකට සබ් එක තප්පර ගානක අව්ලක් තියනවා පොඩ්ඩක් බලන්න එක ජය වේවා!!

  24. RiT

    thanx macho. sub eke poddak awl wela 700mb copy and 1.4 GB copy

    1. Vinoth Rockz

      Ow bn

  25. Vinoth Rockz

    Sub ekata thx
    1.43 gb ekata sup eka aul bro
    Puluwan velavakata eka hadanna

  26. C lakmal

    good, Velaikkaran (2017) denna balanna

  27. Nishshanka Ruwan

    ස්තුතියි :)

  28. Navodkavishan

    Thanx bro

  29. gayanveranga

    Tnx for sub

  30. chamithRathnayake

    Thanx Bro

  31. ශසිත් සඳරුවන්

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට...
    දිගටම සබ් දෙමු ආ.... :P
    ඔබට ජය!

  32. Malakasj

    Ft thz

  33. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  34. hasi525

    ela

  35. tharaka madushanka herath

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.

  36. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  37. Dimuth

    Thanks bro..

  38. santhusha319

    thanks bro