Watch Trailer

Aligarh (2015) with Sinhala Subtitles | සමලිංගිකත්වය අපරාධයකි…!!! [සිංහල උපසිරැසි සමග]

මුලින්ම කියන්න ඕන මේක සත්‍යය කතාවක්. සමහරු කියනවා සමලිංගික වීම රෝගයක්, මනස විකෘති වීමක් කියලා. සමහරු කියනවා ඒක එහෙම නෙමේය කියලා. මිනිසෙක් තුළ ඇතිවෙන තවත් සාමාන්‍ය හැගීමක්ලු. මම මෙතන මුකුත් කියන්න යන්නේ නැහැ. හැබැයි කොයිදේත් වෙන්නේ සොබාදහමට අනුකූලව කියන එක නම් අපි කවුරුත් පිළිගන්න ඕන. චිත්‍රපටියේ කත…

Aligarh (2015)

මුලින්ම කියන්න ඕන මේක සත්‍යය කතාවක්. සමහරු කියනවා සමලිංගික වීම රෝගයක්, මනස විකෘති වීමක් කියලා. සමහරු කියනවා ඒක එහෙම නෙමේය කියලා. මිනිසෙක් තුළ ඇතිවෙන තවත් සාමාන්‍ය හැගීමක්ලු. මම මෙතන මුකුත් කියන්න යන්නේ නැහැ. හැබැයි කොයිදේත් වෙන්නේ සොබාදහමට අනුකූලව කියන එක නම් අපි කවුරුත් පිළිගන්න ඕන. චිත්‍රපටියේ කතාව පැත්තට ටිකක් හැරෙමු. රාමචන්ද්‍ර සිරාස් ඉන්දියාවේ අලිගර් මුස්ලිම් විශ්ව විද්‍යාලයේ මරාති භාෂාව උගන්වපු මහාචාර්යවරයෙක්. 2010 වසරේ පෙබරවාරි 8වෙනිදා රාත්‍රිය ඔහුගේ ජීවිතේ අඳුරුම රාත්‍රිය වෙන්නැති. සුපුරුදු විදිහට මහාචාර්ය සිරාස් තමන්ගේ මිතුරා (රික්ෂෝ පදවන්නෙක්) එක්ක තමන්ගේ කාමරයට යනවා. කාමරයේ විදුලි පහන නිවා දමනවා. අසම්මත සිදුවීමක් සාමාන්‍ය ලෙස සිදුවෙමින් තිබුණා. ඒත් මහාචාර්යතුමා හෝ ඔහුගේ මිතුරා දැනගෙන හිටියේ නැහැ තවත් කිහිපදෙනෙක් ඒ කාමරයේ සිටින බව….. මින්පසු සිදු වන දේ නැරඹීම ඔබට බාරයි.

හාන්සල් මෙහෙතා විසින් අධ්‍යක්ෂණය කළ මනෝජ් බජ්පායිගේ අසමසම රංගන කුසලතාවයෙන් හැඩවුනු අලිගර් සිනමා සිත්තමයි අද මේ විදිහට අරගෙන එන්නේ. “සමලිංගිකයෙක්” විදිහට හංවඩු ගැහුණු මහාචාර්ය සිරාස්ගේ අනුවේදනීය කතා පුවත මේ ඔස්සේ මනාව සිතුවම් වෙලා තියෙනවා, මනෝජ් ම=බජ්පායි මහාචාර්ය සිරාස්ගේ චරිතයට කළ සාධාරණය කොතරම්ද කියනවා නම් පසුගිය ෆිල්ම් ෆෙයා සම්මාන උළලේදී හොඳම නළුවාට හිමි විචාරක සම්මානයෙන් පවා පිදුම් ලැබුවා. ජාත්‍යන්තර සිනමා දර්ශකයේ 7.8ක අගයක් ලබාගෙන විචාරක ප්‍රේක්ෂක නොමද පැසසුම් ලබාගත් චිත්‍රපටියක්. 18+ කියලා අසභ්‍ය දර්ශන එහෙම මුකුත් නැහැ, ඒවා බලාපොරොත්තුවෙන් නම් මේක බලන්න එපා. නාට්‍යමය චිත්‍රපට වලට කැමති අයට ඉහලින්ම නිර්දේශ කරනවා.

“මං මෙහෙ අවුරුදු 20ක් ඉඳලා තියෙනවා.
මං මගේ විශ්ව විද්‍යාලයට ආදරෙයි.
හැමදාමත් ආදරේ කරා ඒ වගේම ඉස්සරහටත් එහෙමයි.
මොන දේ සිද්ධ උනත් ඒක වෙනස් වෙන්නේ නැහැ.
හැබැයි මං පුදුම වෙනවා,
විශ්ව විද්‍යාලේ මට ආදරේ කරන එක නතර කළොත්,
ඒ මං සමලිංගිකයෙක් හින්දා”
-සිරාස්, 2010-

Aligarh (2015) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Aligarh.2015.Hindi.720p.DVDRiP.x265.ShAaNiG  මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

994 downloadsDownload Aligarh-2015.zip50 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

PHOENIX

Subtitles

994 downloadsDownload Subtitles50 KB

15 comments

  1. මයුර සුරාජ්

    ස්තුතියි මයුර සහෝ.ජයවේවා !

  2. කෞෂාන් පියුමන්ත

    සබට තැන්ක්ස් සහෝ

  3. සිසිත සමරතුංග

    ස්තූතියි මයුර... දිගටම කරගෙන යන්න

  4. Jack

    බොහෝම ස්තුතියි මචෝ සබ් එකට.
    ජය..

  5. ashan lankanath

    thanks ..........................

  6. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි.......
    මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
    චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  7. Kulanjana Maduranga

    niayamai…thanks MAYURA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. sandun

    මෙම චිත්‍රපටය ලංකාවෙ සිටින තරුන මහලු සැවොම නැරඹිය යුතුයි.............(unp ආන්ඩුවෙන් මුදල් ගෙවා ප්‍රචාරය කරන ලදී)

    1. Mayura

      දන්න ඉටි ගෙඩියක් කතා කරපන් බන්

  10. Wasantha

    පුලුවන්නම් මේ වගේ films ටිකකුත් දාන්න හේතුව නොදකින පැත්තක් ගැන දකින්න.im omar වගේ.තව මම දැනුවත්ව විවිධ භාෂා වලිනුත් තියෙයි..

  11. Larlitha Sri Vidhara

    Thakz Bro....Download Wnna Dmma...........

  12. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තුතියි....

  13. lahiru

    Aligarh_2_(2017)_Tamil_Film..sub nadda bro

  14. Saranga J. Liyanagama

    බොහෝම ස්තුතියි සබ් එකට