ආයුබෝවන් හැමදෙනාටම. මේක මගේ 13 වෙනි සබ් එක. මේක ජපන් ඇනිමේෂන් චිත්‍රපටයක්. දැනට ටික කාලෙකට කලිනුත් මං ජපන් ඇනිමේෂන් චිත්‍රපටයකට උපසිරස ලබා දුන්නා. ඒ My Neighbor Totoro [1988] කියන චිත්‍රපටයටයි. මේකත් කලින් එක වගේම ගොඩක් ලස්සන කතාවක්. කාටුන් චිත්‍රපටයක් උනත් මෙය කිසිම වයස් භේදයකින් තොරව ඕනම කෙනෙක්ට…

ආයුබෝවන් හැමදෙනාටම. මේක මගේ 13 වෙනි සබ් එක. මේක ජපන් ඇනිමේෂන් චිත්‍රපටයක්. දැනට ටික කාලෙකට කලිනුත් මං ජපන් ඇනිමේෂන් චිත්‍රපටයකට උපසිරස ලබා දුන්නා. ඒ My Neighbor Totoro [1988] කියන චිත්‍රපටයටයි. මේකත් කලින් එක වගේම ගොඩක් ලස්සන කතාවක්. කාටුන් චිත්‍රපටයක් උනත් මෙය කිසිම වයස් භේදයකින් තොරව ඕනම කෙනෙක්ට රසවිඳින්න පුළුවන් එකක්. ඒ වගේම ආරම්භයේ ඉඳන් අවසානය වෙනකම්ම එකම ගැම්මෙන් බලන්න පුළුවන් එකක්.
මේ චිත්‍රපටය නිපදවා තිබෙන්නෙ 1986 වර්ෂයේදි. මෙය සුපක්‍රට ඇනිමේෂන් චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වන ජපන් ජාතික Hayao Miyazaki විසින් අධ්‍යක්ෂණය කරන ලද්දක්. සංගීතය නිර්මාණය කර තිබෙන්නෙ Joe Hisaishi විසින්. මෙය නිෂ්පාදනය කර තිබෙන්නෙ සුප්‍රකට ජපන් ඇනිමේෂන් චිත්‍රපට සමාගමක් වන Studio Ghibli මගින්. ජපන් ඇනිමේෂන් චිත්‍රපට නරඹන අය නම් මේ නම් තුන හොඳට අහලා ඇති. මොකද මේ නම් තුන සඳහන් වන විශිෂ්ට ගණයේ ඇනිමේෂන් චිත්‍රපට රැසක්ම තිබෙනවා. මෙම චිත්‍රපටය 8.1 ක් වැනි ඉහල IMDB අගයක්ද ලබා තියෙනවා. දැනට ටික කාලෙකට කලින් මෙය IMDB හොඳම චිත්‍රපට 250 ලැයිස්තුවටත් අයිතිව තිබුනා. නමුත් මෑතකදි එය එම ලැයිස්තුවෙන් ඉවත්ව ගොසින්. ඔබ ඇනිමේෂන් චිත්‍රපට වලට ප්‍රිය කරන කෙනෙක් නම් අනිවාර්යෙන් මෙය නරඹන්න. මොකද මේ වගේ ලස්සන රෑප රාමු, අලංකාර සංගීතය හා හොඳ කතන්දරයක් අන්තර්ගත මෙවැනි ඇනිමේෂන් චිත්‍රපට අපට දැක ගන්නට ලැබෙන්නෙ ගොඩක් කලාතුරකින්. ඉතිං මෙවැනි චිත්‍රපටයක් කීයටවත් මග ඇරගන්න එපා.
මේ චිත්‍රපටයේ කතාව ගොඩනැගී තිබෙන්නෙ “ලපුටා” නැමැති මන:කල්පිත රාජධානියක් වටා. එය වසර ගණනාවකට පෙර ඉතා ඉහල තාක්ෂණයක් තිබු මිනිසුන් කොට්ටාශයක් වාසය කළ රාජධානියක්. ඔවුන්ට ඉතා ඉහල යුධ තාක්ෂණයක් තිබිලා තියෙනවා. මේ රාජධානියේ විශේෂත්වය තමා එය අහසේ පාවෙන දූපතක් වීම. මෙන්න මේ සැඟවුනු රාජධානිය සොයායන කුඩා ළමුන් දෙදෙනෙක් වටා තමයි මේ චිත්‍රපටය ගොඩනැගී තිබෙන්නෙ. මං මේකේ කතාව නම් ලොකුවට විස්තර කරන්න කැමති නැහැ. මොකද එය චිත්‍රපටයේ රසයට හානියක් වෙන නිසා. ඒ වගේම මං මේකට සබ් එක හදන්න යොදා ගත්තෙ 720p බ්ලූරේ පිටපතක්. එය පාසුකාලීනව ඉංග්‍රීසී භාෂාවෙන් හඬ කවන ලද්දක්. එහි කොලිටිය ඉතාමත්ම ඉහලයි. ඔයාලා චිත්‍රපටය බාගන්නකොට අනිවාර්යෙන්ම ඒ පිටපතම බාගන්න. වෙන වෙන පිටපත් වලට සබ් එක ගැලපෙන්නෙ නැති වෙන්න පුළුවන්, මොකද මේක ජපන් චිත්‍රපටයක් නිසා. එහෙනම් මං දැනට සමුගන්නම්. තවත් සබ් එකකින් ලඟඳීම හමුවෙන්නම්.
ඔබ සැමට ජයෙන් ජය !!!
Due to copyright issues, we do not provide any torrent links.
Laputa – Castle in the Sky (1986) 720p BRRip x264 AAC
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
3,212 downloadsDownload Castle-in-the-Sky-1986-Baiscopelk.com_.zip46 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “James DC” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
James DC
Subtitles
28 comments
Amalka Himeshan
අසිත
ෂා නියම ෆිල්ම් එකකට සබ් දීලා තියෙන්නේ.තෑන්ක්ස් සහෝ.
මේකට සබ් දෙනකම් හිටියේ
පුළුවන් නම් මේ අනිත් ජපන් ඇනිමේෂන් ෆිල්ම් ටිකත් සබ් දෙන්න....
Nausicaä of the Valley of the Wind (1984)
Kiki's Delivery Service (1989)
Only Yesterday (1991)
Porco Rosso (1992)
Ocean Waves (1993 TV Movie)
From Up on Poppy Hill (2011)
ඔබට ජය!!!අසිත
The girl who leapt through time (2006)
Summer Wars (2009)
The Boy and the Beast (2015)
Ghost in the shell (1995)
The Cat Returns (2002)
Akira(1988)
The castle of cagliostro (1979)
Tales from earth sea (2006)From Up on Poppy Hill (2011) ෆිල්ම් එකට නම් සබ් තියෙනවා.මේ ඔක්කොම ෆිල්ම් වලට හොද කොපි Team Nanban දීල තියෙනවා
James DC
මේ ෆිල්ම් ගොඩක් ඒවා මං ගාව තියෙනවා. සබ් ටික අනිවා දෙන්නම්.
ඉෂාන් මදුෂ
අසිත සහෝ කියලා තියන ටිකටත් සබ් දෙනවනම් ගොඩක් වටිනවා
සුපිරිම anime ෆිල්ම් ටිකක්Nirasha Sadadewmini Atapattu
ow ow
අසිත
අනිවා
අසිත
එල
KAVINDA GAMAGE
සුබපැතුම් නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.ඉෂාන් මදුෂ
මේ වගේ නියම ජපන් ඇනිමේෂන් එකකට සබ් දුන්නට
බොහෝම ස්තුතියි.සහෝ මේ දෙකටත් සබ් කරන්නකෝ
Ghost in the Shell (1995)
Ghost in the Shell 2: Innocence (2004)
මේකේ අලුත් ෆිල්ම් එක එන්න කලින් සබ් දෙනවනම් ගොඩක් හොදයි
ජය වේවා!Udara Damith B/K
..............බොහෝම ස්තුතියි..............
Sanath Indika
thx broo :) ela ela
Chalana Rukshan
thnx bro...
malinda
සුපිරි බ්‍රෝ
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!s
Goda kalayakin japan ekak dila.thxxx me wage lassana nirmana genawata.digatama me wage lassana nirmana denna puluwannam.oyata jaya
Chanu
anna ekai kiyanne japan anime ela... ;)
Chanu
thx sub ekata.......
jaya..........!!!!!!!!!!!!!!!Kulanjana Maduranga
niayamai…thanks JAMES DC saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dimuthu
Godak lassana movie ekak. thank you!!!
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තුතියි....
Sahan saranga
සබ් එක වැඩ නෑනේ
Ravindu Heshan - Admin
Dan Wada kARANAWA
Nirasha Sadadewmini Atapattu
Kiki's Delivery Service ane aiye mekata subtitlrs dennako please
Waruna Kamalawansha
මේ ඇනිමේෂන් නම් පට්ට.. බොහොම් ස්තූතියි
sasanka sathyajith
Thanks for th sub
Anonymous
Thanks for Sub...❤❤❤
Advertisement

බොහෝම ස්තූතියි උපසිරැසියට මන් මේක මාසෙකට කලින් බැලුව ලස්සන කාටුන් එකක් ඔයා සබ්දුන්න අනිත් ඇනිමේශන් එක (My neighbore totoro)එකත් බැලුව ඒකත් ලස්සන කාටුන් එකක් පුලුවන්නම් nausicaa of the valley of the wind ඇනිමේශන් එකටයි Final fantasy advent childrens ඇනිමේශන් එකටයි සබ් දෙන්න