Watch Trailer

All About Eve (1950) Sinhala subtitles | ඊව්ගේ කතාව [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම ඉස්සෙල්ලාම සුබම සුභ අළුත් අවුරුද්දක් වේවා කියල ප්‍රාර්ථනා කරනව. ඔන්න අවුරුද්දෙ පලවෙනි සබ් එක අරගෙන ආව බයිස්කෝප් යාලුවන්ට. අවුරුද්දෙ පලවෙනි එක කිව්වට මේක කරන්න පටන් ගත්තෙ ගිය අවුරුද්දෙ. සෑහෙන කාලයක් ගියා. මෙවර තෝරගත්තෙ 1950 වසරේ තිරගත වෙච්ච ඕල් අබවුට් ඊව් කියන චිත්‍රපටය. මේක මම බාගෙනත් සෑහෙන…

හැමෝටම ඉස්සෙල්ලාම සුබම සුභ අළුත් අවුරුද්දක් වේවා කියල ප්‍රාර්ථනා කරනව. ඔන්න අවුරුද්දෙ පලවෙනි සබ් එක අරගෙන ආව බයිස්කෝප් යාලුවන්ට. අවුරුද්දෙ පලවෙනි එක කිව්වට මේක කරන්න පටන් ගත්තෙ ගිය අවුරුද්දෙ. සෑහෙන කාලයක් ගියා. මෙවර තෝරගත්තෙ 1950 වසරේ තිරගත වෙච්ච ඕල් අබවුට් ඊව් කියන චිත්‍රපටය. මේක මම බාගෙනත් සෑහෙන කාලයක්. හොඳ වෙලාවට හොඳ ඇක්ටිව් ටොරන්ට් එකකුත් හම්බ උනා.

ජෝසප් එල් මැකෙවිස් ගේ අධ්‍යක්ෂණයට තිරපිටපත සකස් වෙන්නෙත් ඔහුගේ අතින්මයි. එකම දවසේ ඔස්කාර් සම්මාන දෙකක් දිනාගැනීමට ඔහු සමත් වෙන්නෙත් මේ චිත්රපටය නිසා. ඒ හොඳම අධ්‍යක්ෂණය හා හොඳම තිරපිටපත වෙනුවෙන්. ඒ විතරක් නෙමේ හොඳම චිත්‍රපට ලැයිස්තුවේ 116 වන තැන හිමිකරගෙන සිටින මේ සිනමාපටයට ඉහත සම්මාන දෙකත් ඇතුලුව ඔස්කාර් සම්මාන හයක් දිනාගන්නවා. ඊට අමතරව තවත් සම්මාන 17 දිනාගෙන තවත් සම්මාන 17 ක් සඳහා නාමයෝජනාත් වෙනවා.

බෙට් ඩේවිස්, ඈන් බැක්ස්ටර්, ජෝර්ජ් සෑන්ඩර්ස්, සෙලෙස්ට් හෝම්ස්, ග්‍රේ මෙරිල් හියූ මර්ලෝ යන අය ප්‍රධාන චරිත සඳහා රංගන දායකත්වය සපයනවා. මෙච්චර සම්මාන ප්‍රමාණයක් දිනාගත්ත සිනමාපටය ගැන තවත් කතන්දර කියන්න ඕන නෑ කියලයි මම හිතන්නෙ. ඔබ බලන්න ඇතිනෙ ස්ටාර් ඉස් බෝර්න්. මේ සිනමා සිත්තමේ කතාවත් ඒකට ගොඩක් සමීපව යන කතාවක්. ආශාව, උනන්දුව කැපවීම, වංචාව, කපටිකම මේ හැමදෙයක්ම එකතුකරගෙන වේදිකාවට පෙම්බැඳි යුවතියකගේ හීනය මල්පලගන්වාගන්නා ආකාරය වටා තමා මේ කතාව ගෙතිල තියෙන්නෙ. ඊව් තම හීනය සැබෑකරගන්නා ආකාරය බලන්නනම් ඔබත් මේ සිනමාසිත්තම රසවිඳින්න.

යිෆී ටොරන්ට් අඩවියෙන් වීඩියෝ පිටපත බාගන්න පුලුවන්. ඒ වගේම මේ උපසිරැසියේ තියෙන වැරදීම් වලට සමාව ඉල්ලන්න ඕන. මොකද මේකෙ සමහර දෙබස් මට තේරුණේම නෑ. සමහර දවස්වලට ලයින් දෙකතුනක් ටයිප් කරල අතැරල දාපු දවසුත් තිබුණ. ඒ තරමට එපා උනා සබ් කරන එක මේ ෆිල්ම් එකෙන්. කරන්න ඇහුවට මම හිතුවෙ නෑ මෙච්චර අමාරු වෙයි කියල. ඒත් වැරදි වැරදි හරි කරගත්ත. අඩුපාඩු තියෙනවනම් කියලදෙන එකනම් ගොඩක් හොඳයි. තවත් සලරුවකින් හමුවෙනතුරු ආයුබෝවන්.

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත සඳහා අදාළ වේ.

1,313 downloadsDownload All-About-Eve-1950.zip89 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ බුද්ධික නුවන් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-07-10
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

1,313 downloadsDownload Subtitles89 KB

15 comments

  1. Hashan M. Priyadarshana

    Thank you bro sub ekata...
    Jaya wewa..!

  2. Kulanjana Maduranga

    subata thanks saho....

  3. benukanimsena

    හම්මේ.... ආයෙත් අයියගේ සබක් ඇවිල්ලා...
    බොහොම ස්තූතියි අයියේ....
    උබේ සබක් එනකම් ආසාවෙන් ඉන්නේ

  4. Udara Damith Dissanayaka

    ela

  5. AsithaDilruwan

    මුලින්ම තෑන්ක්ස් සහෝ ජීවිතේට පාඩමක් ඉගෙනීමට හැකි ආදර්ශයක් ගත හැකි මේ වගේ චිත්‍රපට සඳහා උපසිරැසි නිර්මාණකරණයට තෝරා ගත්තා එකටම...
    ෆිල්ම් 100කට සබ් කරනවට වඩා මේ වගේ ෆිල්ම් 10 කට සබ් කරලා ලබන්න පුළුවන් සතුට වැඩියි.
    ගොඩක් වෙලාවට මෙවන් චිත්‍රපටයක් සාමාන්‍ය චිත්‍රපටයක් මෙන් 02 ගුණයක් හෝ 03 ක ධාවන කාලයක් සහිත චිත්‍රපටයක් වනවා.ඒ නිසාම මෙවන් චිත්‍රපටයක උපසිරැසි නිර්මාණයට අවශ්‍ය කරන කාලය හා ශ්‍රමයත් නිතැතින්ම තෙතුන් ගුණයක් වනවා.
    ඉහල සිනමා රසයක් ඇති බොහෝ දෙනෙක් අප අතර ඉන්නවා නමුත් ඔවුන් නිහඩව සබ් දෙන ෆිල්ම් එකක් අරන් බලනවා….

    මේ ෆිල්ම් එකට එන Vivews සහ වැටෙන Comments ගණන අනිත් ෆිල්ම් වලටත් වඩා අඩු වෙයි.
    සබ් කරලා ලබන්න පුළුවන් සතුට Vivews සහ Comments වලින් මනින්න බෑ සහෝ…
    ජයෙන් ජය වේවා!!!

  6. Bandara 1976

    Thanks Bro...Old is Gold

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Priyantha Dayakeerthi

    බුද්ධික නුවන් සොයුර.
    ඔබ මෙතෙක් සිංහල උපසිරසි දුන් සියලු සිනමාපට මා නැරඹුවා. මෙයත් එසේමයි. ඩවුන්ලෝඩ් කර නරඹනවා. කලාත්මක පැරණි සිනමාපට රසිකයන් වෙනුවෙන් කරනු ලබන මෙම වෙහෙසකර අගනා මෙහෙයට මාගේ උපහාරය මෙයින් පිරිනමමි!!!

  9. indika75

    thanks..

  10. malithmadhushan45

    බොහොම ස්තුතියි සහෝ උපසිරසට ජයවෙවා

  11. හසිත මධුෂාන්

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට.....!

  12. ricadodamien

    Thank U Buddika Brother & Baiscope team for the Sub, amazing movie & love it very much. All the best to Baiscope Team............

  13. Shamal manojan

    යාලුවා,
    A Star is Born - 1954 ෆිල්ම් එකට සබ් දෙන්න පුලුවන්ද?

    Yts එකේ bluray තියනවා

  14. sasanka

    thanks for the sub

  15. Chandika

    Thanks for subtitle