මම කලින් මලයාලම් චිත්‍රපටියකට උපසිරසි දුන්නට පස්සෙ මේ පාර හින්දි චිත්‍රපටියකට උපසිරසි දෙන්න හිතුවා. මං මේ සබ් එක අරන් එන්නෙ මාස 5කට වගේ පස්සෙ. මේ සබ් එක කරන්න අවසර දුන්නු සිසිල සොයුරාටත් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඉස්සර වෙලාම මගේ පළවෙනි සබ් එකට කමෙන්ට් කරපු සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. මොකද ඒ අය හි…
මම කලින් මලයාලම් චිත්‍රපටියකට උපසිරසි දුන්නට පස්සෙ මේ පාර හින්දි චිත්‍රපටියකට උපසිරසි දෙන්න හිතුවා. මං මේ සබ් එක අරන් එන්නෙ මාස 5කට වගේ පස්සෙ. මේ සබ් එක කරන්න අවසර දුන්නු සිසිල සොයුරාටත් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඉස්සර වෙලාම මගේ පළවෙනි සබ් එකට කමෙන්ට් කරපු සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. මොකද ඒ අය හින්දයි තවත් චිත්‍රපටියකට සබ් එකක් දෙන්න හිතුනෙ. මම මගේ දෙවනි උපසිරසිය විදියට ඔයාලට අරගෙන ආවේ Chachi 420 (1998) කියන චිත්‍රපටියයි. මේ චිත්‍රපටයත් ට්කක් පරණයි. 19 December 1997 වෙනිද තමයි මේක නිකුත් වෙලා තියෙන්නෙ. ඒත් චිත්‍රපටිය නම් නියමයි. ඇත්තම කියනව නම් මේ තේමාවෙම යන සිංහල චිත්‍රපටියක් තියෙනවා. “කවුද බොලේ ඇලිස්” කියල. හැබැයි ඒ චිත්‍රපටිය වගේමයි කියන්න බෑ. චිත්‍රපටි දෙකේම වෙස්වලා ගැනීමක් තමයි තියෙන්නෙ.
2h 35min ක ධාවන කාලයක් සහිත IMDB අගය 7.4 ක් ගත් මේ සිනමා පටය Comedy, Drama, Family ඛාණ්ඩයට වර්ග කොට ඇත.මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය, තිර රචනය සහ රංගනයෙන්ද දායක වෙන්නෙ Kamal Haasan. දෙබස් Gulzar ගෙනි. Kamal Haasan ට අමතරව මෙහි Tabu, Amrish Puri, Om Puri, Johnny Walker, Paresh Rawal, Nassar යන නළු නිළියන් රංගනයෙන් දායක වෙනවා.
කතාව ගැන කිව්වොත් ජයි හා ජානකී කියන දෙන්න යම් ආරවුලක් නිසා දික්කසාද වෙනවා. ඒ දෙන්නගෙ දරුව භාරතීවත් ජානකීගෙ ළඟට යනව.ඒත් ජයිට ඕන වෙනව තමන්ගෙ දුවව බලන්න. ඒක හින්ද එයා වෙස් මාරු කරගෙන ජානකීගෙ ගෙදර යනවා ලක්ෂ්මී විදියට. ඒත් මේ ලක්ෂ්මීට ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. ඒ ප්‍රශ්න මොනවද, ඇයි මේ ජයි ජානකී දෙන්න තරහ වෙන්නෙ කියල ඔය ගොල්ලො චිත්‍රපටිය අරගෙනම බලන්න. (ධාවන කාලය 02:43:31 කියන විඩියෝ පිටපතට අදාලව තමයි සබ් එක කලේ, ඒ නිසා ඒ පිටපතම බාගන්න) ඉතින් නැවත හමු වෙන තුරු ඔය ගොල්ලො හැමෝටම බුදු සරණයි.
ලැබුවාවූ නව වසර සුබම සුබ නව වසරක් වේවා!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි DVDRip පිටපත් සඳහා අදාළ වේ.
1,158 downloadsDownload Chachi-420-1998.zip65 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු ප්‍රසන්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-09-17
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
පුබුදු ප්‍රසන්න
Subtitles
13 comments
හසිත මධුෂාන්
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!Kulanjana Maduranga
subata thanks saho....
Nivom
FB Page ekata une mokakda? Aparaade, Mage friend list eke 50 denek withara like thibba.
Nivom
Dan like pennane You and 2 other kiyala.
palithadesilva
thanks..
geeganagamage
thank you
shanuka900
me film eka godak lassanai.sub ekta thanx.Junoon (1992) hindi horror movie ekatath puluwnnm sub eka denna.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Lahiri
thankz saho
Tharaka Nuwan Dilhara
ස්තුතියි කිව්වා එහෙනම් උපසිරැසියට..
දිගටම උපසිරැසි අරන් එමු
එහෙනම් ඔන්න දාගත්තා බලන්න ඉන්න ගොඩට
ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා.
ජයෙන් ජය!!ශසිත් සඳරුවන්
සබට තුති කිව්වා..
දිගටම සබ් දෙමු ආ...
ඔබට ජය!හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ සබ් එකට.....!
Advertisement

බොහොම ස්තූතියි සහෝ සබ් එකට....
පුලුවන් නම් දිගටම මේ වගේ සබ් කරලා නැති පරන උනත් හොද ෆිල්ම් වලටම සබ් දෙන්න...