Watch Trailer

All Quiet on the Western Front (2022) a.k.a Im Westen nichts Neues Sinhala Subtitles | බටහිර පෙරමුණ මුළුමනින්ම නිහඬයි! [සිංහල උපසිරසි]

දිනය – 1918 නොවැම්බර් 11 වේලාව – උදෑසන 10.45 ස්ථානය – ජර්මානු, ප්‍රංශ දේශ සීමාව (බටහිර පෙරමුණ) ඉදිරියෙහි දක්නට ඇත්තේ විනාශයෙත් අපකීර්තියෙත් කැඩපතක් බඳු වූ භූමිභාගයකි. ඒ භූමියට මුහුණලා සිටිගෙන සිටින ජර්මානු සොල්දාදුවන්ගේ හැඟීම් පිළිබඳව නිවැරදිව පැවසිය හැක්කේ කා හටද? මීට පැය කිහිපයකට පෙර ජර්මනිය තව ද…

දිනය – 1918 නොවැම්බර් 11
වේලාව – උදෑසන 10.45
ස්ථානය – ජර්මානු, ප්‍රංශ දේශ සීමාව (බටහිර පෙරමුණ)

ඉදිරියෙහි දක්නට ඇත්තේ විනාශයෙත් අපකීර්තියෙත් කැඩපතක් බඳු වූ භූමිභාගයකි. ඒ භූමියට මුහුණලා සිටිගෙන සිටින ජර්මානු සොල්දාදුවන්ගේ හැඟීම් පිළිබඳව නිවැරදිව පැවසිය හැක්කේ කා හටද? මීට පැය කිහිපයකට පෙර ජර්මනිය තව දුරටත් යුද වැදීමට නොහැකිව, ප්‍රංශය හා සටන් විරාමයකට අත්සන් කොට යුද්ධය නැවැත්වීමට එකඟ විය. සටන් විරාමය බලාත්මක වන්නේ උදෑසන එකොළහේ සිට ය. දැන් මෙහි සිටිනා සියලුම සෙබළුන්ද මීට විනාඩි කිහිපයකට පෙර සිටියේ සිය නිවෙස් බලා යන නොතිත් බලාපොරොත්තුවෙනි, ආශාවෙනි. නමුත් ඔවුන් සිය ගිනි අවි සූදානම් කොටගෙන මෙහි සිටගෙන සිටින්නේ ඇයි? බලවතුන් ඉදිරියේ කුඩාවුන් පෑගී යෑම අරුමයක් නොවේ. මෙයද එවැනි එක් අවස්ථාවකි. පුහු මාන්නයෙන් හිස උදුම්මවාගත් ජෙනරාල් තැනගේ අවසාන නියෝගය හෙවත් සටන් විරාමය ඇරඹෙන්නට පෙර, සිය පිතෘ භූමියට ළඟා කර දෙන අවසාන ජයග්‍රහණය ලෙස ඉදිරියෙහි ඇති ප්‍රංශ හමුදාවෝ අත්කරගෙන සිටින බිම් කඩ අල්ලා ගැනීමේ අණ ඉටු කිරීමට මේ සෙබළ පිරිස සූදානම් වී සිටී.

“වෙලාව කීයද?” පෝල් බොයිමර් ඇසුවේ ය.
“තව විනාඩි පහළොවක් තියෙනවා” ඒ අසළ සිටියකුගේ හඬයි.

භට පිරිස ඉක්මන් ගමනින් ඉදිරියට ඇදෙන්නට විය. අවට ඇත්තේ මීදුමින් වැසී ගත් වළ ගොඩැලි, මිනිස් සහ සත්ව මළ සිරුරින් පිරී අමුතුම පරිසරයකි. ළඟ එන අනතුරගැන නොදත් ප්‍රංශ භටයෝ යුද්ධ නිම වීම නිසා, සිය යුධ අගල තුළ සතුටු සාමිචියෙන් කල් ගෙව්වෝය. නමුත් එහි සිටි අණ දෙන නිලධාරිතැනගේ තියුණු දෙසවනට පිටත නිහඬ පරිසරය තුළින් ඇසුණේ, කෙමෙන් කෙමෙන් තමන් දෙසට ළං වන ඝෝෂාවකි. “සතුරු ප්‍රහාරයක්!” අණ දෙන නිලධාරියාගෙ හඬ යුධ අගල පුරා ගිගුම් දුන්නේ ය.

මිනිසුන් යුද වදින්නේ ඇයි? සරළම පිළිතුර දේශපාලන බල පොරය. එකිනෙකාගේ අවශ්‍යතාවයන් මුදුන්පත් කරවා ගැනීමට, අසරණයා බිලි දීම අනාදිමත් කාලයක සිට පැවතෙන්නකි. පළමු සහ දෙවැනි ලෝක යුද්ධ මෙයට හොඳම උදාහරණයන්ගෙන් කිහිපයකි. මේ චිත්‍රපටයේ කතාවට අනුව පෝල් බොයිමර් නම් දාහත් හැවිරිදි තරුණයා සිය පාසැල් මිතුරන් වන ඇල්බට් ක්‍රොප්, ෆ්‍රාන්ස් මියුලර් සහ ලුඩ්විග් බෙම් සමඟ පාබල හමුදාවට බැඳෙන්නේ රට වෙනුවෙන් යුද කොට වීරයෙකු සේ කීර්තියක් ළඟා කර ගැනීමේ ඒකායන අපේක්ෂාවෙනි. එවැන්නකට ආශා නැත්තෙ කවුරුන්ද? අගනා නිළ ඇඳුම්, බයිනෙත්තුව සවි කළ සාඩම්බර G98 අවිය. යුද්ධය අවසානයේ පපුවෙහි පැළැන්දූ යකඩ කුරුසිය සහ ගෞරවනීය අසිපත. මෙවැනි අතිශයෝක්තියන් සෑම කාලයකටම පොදු කාරණා නොවන්නේද? තුරුණු ජවයෙන් පිරි මනසක් මෙවැනි කාරණා වලින් පිරවූ කළ ඔවුන් ඕනෑම දෙයක් කරන්නට පෙළඹෙන බව නොරහසකි. පෝල් ඇතුළු මිතුරන් මෙන්ම ඔවුන් වැනි තව තරුණයන් මිලියන ගණනක් මේ තත්ත්වයන් අත් කර ගැනීමට ආශා කරන්නට ඇත. ඒත් ඒවා ළඟා කරගැනීමට ඇති දුෂ්කරතාවන්, කැපකිරීම්, වේදනාවන් ආදිය ඔවුන් දැන සිටියානම් ඔවුන් සිය තීරණය ගැන දෙවරක් නොසිතනවාට සැක නැත. ඒත් ඔවුන්ගේ මනට පෙන්වන්නේ සුදු රෙදි කඩ පමණි. ඊට යටින් ඇති කළු සත්‍යය ඔවුන් දකින්නේ නැත, ඔවුන්ට පෙන්වන්නේද නැත. පළමු ලෝක යුධ සමයේ අවසන් වසර කිහිපයේදී, තරුණයන් විශාල වශයෙන් හමුදාවට එක්වන්නේ, නිසි පුහුණුවකින්ද තොරවය. ඒ අවධිය වන විට ජර්මනිය සිටින්නේ දරුණු ආර්ථික හා යුධමය අතින් කඩාවැටීමකය. නව සෙබළුන් පුහුණු කරමින් මිඩංගු කිරීමට තරම් කාලයක් ඔවුනට නැත. ඔබ හොඳින් චිත්‍රපටයට කාවදින්නේ නම් එය වටහා ගැනීමට හැකි වනු ඇති බව මගේ විශ්වාසයයි.

නවක සෙබළුන් සෘජුවම යොමු කරන්නේ, වචනයේ පරිසමාපත්තියෙන්ම අපායක් බඳු වූ බටහිර පෙරමුණටය. පෝල් සහ මිතුරන් තිදෙනා පමණක් නොව එදා යුධ පෙරමුණට පය ගැසූ අනික් සියලුම සෙබළුන්, යුධ භූමියේ සිය පළමු අත්දැකීමෙන්ම, තමන් මෙතෙක් කල් සිතෙහි මවා ගත්තා වූ අගනා සිතුවම සැබෑ එකක් නොවන බව වටහා ගනු ලබයි. එවිට ඔබට ආපසු හැරීමක් නැත. ඒත් එක් අවස්ථාවක් ඇත. එනම් වාසනාව තිබුණහොත් ලෑලි ගැසූ පෙට්ටියක ඔබට යා හැකිය. නැතිනම් අතුරුදන් වූවකු ලෙස ලැයිස්තු ගත විය හැක. තවද යුධ ඉතිහාසයේ පළමු වරට යුධ ටැංකි, රාසායනික අවි, ගෑස් බෝම්බ, ගිනි විදින අවි සහ අගල් යුධ ගැටුම්හි කටුක බවද මෙහිදී අත්දකින්නට ලැබෙනු ඇත.

2022 සැප්තැම්බර් 9 වැනිදා නිකුත් ව, ඔක්තෝබර් 28 වැනිදා Netflix හරහා නිකුත් කරන ලද මෙම ජර්මානු සළරුව, යුද්ධයේ කටුකත්වය පිළිබඳ මොනවට කියා පාන්නකි. IMDB 7.9 ද, Rotten Tomatoes 92% ද සහ Metacritic 75% වැනි අගයන්ගෙන් මෙහි ඇති යථාරූපි බව සහ ප්‍රෙක්ෂකයා මෙහි කථාවට ඇඳ බැඳ ගත් ආකාරයට කදිම සාක්ෂි වේ. Erich Maria Remarque නම් ජර්මානු නවකථාකරු විසින් 1929 දී Im Westen nichts Neues (Nothing new in the West) නමින් රචිත, 1930 (IMDB 8.1) දී සහ 1979 (IMDB 7.1) වසර වලද සිනමාවට නැගුණ, 95 වැනි ඇකඩමි සම්මාන උළලේදී Best International Feature Film (2023) කාණ්ඩය යටතේ තරඟ වදින්නට නියමිත මේ සිනමා සිත්තම, යුද්ධය පිළිබඳ ඔබේ අදහස් වෙනස් කරනවා නොඅනුමානයි.

 

https://www.youtube.com/watch?v=Cv-6cAHanZ8

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය Web පිටපත් සඳහා අදාළ වේ.

22,851 downloadsDownload All.Quiet_.On_.The_.Western.Front_.2022.zip35 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරන්ත සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-12-23
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

හිරන්ත සිල්වා

Subtitles

22,851 downloadsDownload Subtitles35 KB

22 comments

  1. Anonymous

    Fb page eke comment ekak dmma mekata sub denna puluwanda kiwwa widiyatama baiscope kollo tika sub eka dunna thnaks brother ❤️❤️

  2. Anonymous

    Thank you so much !

  3. Kushan

    Sub akta thanks

  4. Isuru Ishara

    thank u

  5. H.A දසුන් දිල්හාර

    ස්තූතියි සහෝ උපසිරැසියට.....

  6. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  7. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  8. Buddhika laKMal

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  9. මිලින්ද ප්‍රියලාල්

    ⬛◾ සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි◾⬛

  10. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!

  11. Hasiya KG

    මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා.... ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා...❤️

  12. ishan

    good job

  13. Anonymous

    Boho sthuthi sub walata. Habai click krma ad sotes wlata redirect wena ekai e site unwanted apps download wena ekainm mchmla epa wena wdk.

  14. Mr.Doom

    Thanks Bora

  15. Anonymous

    Thank you..

  16. Malith samarawickrama

    Thanks saho sub ekata

  17. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  19. Anonymous

    බොහොම ස්තූතියි සහෝ සිංහල සබ් එකට. ජයවේවා...

  20. Manu

    Godak Sthuthi..Jaya wewa!

  21. Anthony

    thanks brother
    farewell mr haffmann 2021
    persion lessons 2020 uluwan nam sub denna thank you

  22. Nishan

    Thanx bro