අන්බු දේවනකෝට්ටෛ ගමේ ජීවත් වෙන පාසල් ගුරුවරයෙක්. මේ දේවනකෝට්ටෛ ගම තාමත් අවුරුදු ගාණකින් පස්සෙන් ඉන්නෙ. මේ ගමේ නිතර නිතර කුල භේද ආරවුල් ඇතිවුණා. නිතර නිතර සිද්ද වෙන මේ ආරවුල් බේරුම් කරන්නෙ අන්බුගේ තාත්තා උලගනාදන්. මෙයාට ගමේ මිනිස්සු උලගනාදන් මහත්තයා කියලා ගෞරවයෙන් කතා කලා. උලගනාදන් හයවෙනි බුද්ධියක්…

අන්බු දේවනකෝට්ටෛ ගමේ ජීවත් වෙන පාසල් ගුරුවරයෙක්. මේ දේවනකෝට්ටෛ ගම තාමත් අවුරුදු ගාණකින් පස්සෙන් ඉන්නෙ. මේ ගමේ නිතර නිතර කුල භේද ආරවුල් ඇතිවුණා. නිතර නිතර සිද්ද වෙන මේ ආරවුල් බේරුම් කරන්නෙ අන්බුගේ තාත්තා උලගනාදන්. මෙයාට ගමේ මිනිස්සු උලගනාදන් මහත්තයා කියලා ගෞරවයෙන් කතා කලා. උලගනාදන් හයවෙනි බුද්ධියක් තියෙන, ස්වෝත්සාහයෙන් හිතන්න කෙනෙක්. අන්බුගේ අම්මව තමයි උලගනාදන් මහත්තයා කසාද බැඳලා තිබුණෙ. අන්බුට වඩා වැඩිමහල් කෙනෙක් වුණ උලගනාදන්, ගමේ ගෞරවණීය විදිහට ජීවත් වුණ කෙනෙක්. ඒත් අන්බුගේ නංගි තමන්ගේම කුලයේ කෙනෙක් එක්ක පැනලා ගිය හින්දා උලගනාදන්ගේ නාමයට පැල්ලමක් ඇති වෙලා තිබුණා. ඉතින් උලගනාදන්, තමන්ගේම කුලයෙන් කසාදයක් කරගන්නෙ නැහැ කියලා සහතික කරලා අන්බුගෙන් ලියුමක් අරගන්නවා. ඔහොම වෙද්දි, අන්බු වැඩ කරපු ඉස්කෝලෙට ජෙසිකා කියලා අලුතෙන් ගුරුවරියක් එකතු වෙනවා. ජෙසිකා බ්‍රිතාන්‍ය ජාතික තරුණියක්. අන්බුගේ හිතේ ජෙසිකා ගැන ආදරයක් ඇති වෙනවා. ජෙසිකා මුලින් කැමති නැති වුණත් ටික දවසකින්ම අන්බුට කැමති වෙනවා. ඒ වුණත් ජෙසිකාගේ තාත්තා ඉන්දියානුවෙක් වුණ අන්බුට කැමති වුණේ නැහැ. මේ නිසා අන්බු ජෙසිකාගේ තාත්තව කැමති කරගන්න ක්‍රමයක් ගැන කල්පනා කරමින් ඉන්නවා. ජෙසිකා පාසල් ගුරුවරියක් විදියට රැකියාව කලත් ජෙසිකාගේ පවුල අද හෙටම ආපහු ලන්ඩන් යන්න බලාගෙන හිටියේ. ජෙසිකාගේ තාත්තා ජෙසිකා ඉස්කෝලෙට බැඳුන එක ගැන අකමැත්තෙන් හිටියේ. කොහොම වුණත් එයාලා ලන්ඩන් යන්න, එයාලගෙ ඉඩම විකිණෙන කල් බලාගෙන හිටියා. ඒත් මේ ඉඩම භූපති කියලා කෙනෙක් වංචාවෙන් අරගන්න හදනවා. භූපති නිතරම ජෙසිකාගේ තාත්තා විලියම් එක්ක ආරවුල් ඇතිකර ගත්තා. භූපතිට උලගනාදන්ගේ සහය ලැබෙද්දි විලියම්ස්ට සහය ලැබුණේ තුවක්කුවෙන්. අන්බුට ජෙසිකාව ලබාගන්න එයාගේ තාත්තාගේ කැමත්ත ඕනේ. ඒත් ජෙසිකාගේ තාත්තාට එයාගේ ඉඩම ඉක්මනටම විකුණගෙන ලන්ඩන් යන්න බලාගෙන ඉන්නෙ. භූපතිටත් ඒ ඉඩම උවමනා වෙලා තිබුණා.
මෙහි රංගනයෙන්, මරියා රියාබොෂ්ප්කා, සත්‍යරාජ්, ප්‍රේම්ජි අමරෙන්, ආනන්දරාජ් යන අය එතතු වෙනවා. ඒ වගේම නළු සූරි, සුළු කොටසක් සඳහා සහභාගි වෙනවා.තෙළිඟු අධ්‍යක්ෂකවරයෙක් වුණ අනුදීප්ගෙ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වෙන මේ චිත්‍රපටය දෙමළ, තෙළිඟු භාෂා දෙකෙන්ම නිකුත් කලා. අනුදීප් Jaathi Ratnalu (2021) චිත්‍රපටය අධ්‍යක්ෂණයෙන් වඩාත් ප්‍රසිද්ධියට පත් වුණා. ජාති රත්නාලු චිත්‍රපටය ඉ.රු. කෝටි 4ක් වගේ ඉතාමත් අඩු මුදලකින් නිෂ්පාදනය කරන්නෙ. තිරගත කිරීමෙන් පස්සෙ මේ චිත්‍රපටයට ඉතාමත් ඉහල ප්‍රතිචාර හිමිවුණා. ඒ වගේම ආදයම ඉ.රු. කෝටි 80ක් පමණ ලබා ගන්නවා. විශේෂත්වය මේ චිත්‍රපටය මුළුමනින්ම වාගේ හාස්‍යමය චිත්‍රපටයක්.
චිත්‍රපටයට සංගීතය සපයන්නෙ අපේ ද මෑන්. ගීත තුනක් මේ චිත්‍රපටයට ඇතුලත් වෙනවා. “බිම්බිලිකි පිලාපි” ගීතය ගායනයෙන් අනිරුද් එකතු වෙනවා. අනිරුද් – ශිවකාර්තිකෙයන් දෙන්නගේ සංයුතිය දන්න දෙයක්. මේ දෙපලගේ සංයෝගයෙන් නිර්මාණය වුණ ගීත වාර්තා පවා පිහිටුවලා තියෙනවා. ඒ වගේම “ජෙසිකා” සින්දුව ගායනා කරන්නෙ තාමන්මයි. Don (2022) චිත්‍රපටයේ ශිවකාර්තිකෙයන්ගේ නර්ථනය ආකර්ෂණීය නිසාම ෂෝබි මාස්ටර්ව “බිම්බිලිකි පිලාපි”, “ජෙසිකා” ගීතවල නර්ථන රචනයට සම්බන්ධ කරගෙන තියෙනවා. Doctor (2021), ඩොන් චිත්‍රපට අතරට පිළිවෙලින් මේ චිත්‍රපටයත් ඉ.රු. කෝටි 100 පහු කරාවි කියන බලාපොරොත්තුව තිබුණා. ඒ වුණත් මේ චිත්‍රපටය ආදායම් වශයෙන් ශිවකාර්තිකෙයට තවත් අසාර්ථක චිත්‍රපටයක්. ශිවකාර්තිකෙයන් දිගින් දිගටම හාස්‍ය වර්ගීකරණයේ චිත්‍රපටි තෝරාගන්නවා කියලත් විවේචන එල්ල වුණා. ඊලඟට එන්න තියෙන මාවීරන් ක්‍රියාදාම චිත්‍රපටයක්. ශිවකාර්තිකෙයන්ගේ තේරීම සාර්ථක වේවිද කියලා ඉස්සරහට බලාගන්න පුළුවන් වේවි.
ඔක්තෝබර් 21 දීවාලිය වෙනුවෙන් නිකුත් වුණ මේ චිත්‍රපටයට සෘණ වගේම සාමාන්‍ය ප්‍රතිචර තමයි ලැබුණෙ. විශේෂයෙන් තමිල්නාඩු ප්‍රේක්ෂකයින්ගෙන් වැඩි වශයෙන් සෘණාත්මක විවේචන ලැබෙද්දි තෙළිඟු ප්‍රේක්ෂකයින්ගෙන් වඩා හොඳ ප්‍රතිචාර ලැබුණා. කොහොම වුණත් මේ වෙද්දි ඉ.රු. කෝටි 30ක පමණ ආදායමක් ලබාගෙන තියෙනවා. මේ චිත්‍රපටයට ලැබුණු Imdb අගය 5/10ක්. ඒ වගේම TOI අගය කිරීම 2/5ක්. බලනවද නැද්ද කියන තීරණය ඔයාලට බාරයි. වෙන වැඩ රාජකාරි නැතිව නිවී සැනසිල්ලෙ මේ චිත්‍රපටය බලනව නම් ගොඩක් හොඳයි. මොකද කලබලෙන් බැලුවොත් චිත්‍රපටියේ හාස්‍ය මඟහැරෙන්න පුළුවන්. වෙනදා වගේම අදහස් දක්වන හැමෝටම ස්තූතියි! ආයේමත් තවත් චිත්‍රපටයෙන් හමුවෙමු!
බුදු සරණයි! සියලු දෙවි දේවතාවුන්ගේ රැකවරණයි!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Tamil HQ HD පිටපත සඳහා අදාළ වේ.
7,100 downloadsDownload Prince-2022-HQ-HDRip.zip7.3 MB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු නවින්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-06-14
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු නවින්
Subtitles
37 comments
Kantha_DLA
Roy
Thank You Brother
Hasitha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!
Anonymous
Patta
Anonymous
Hc hd neh?
Naveen Mbr
ඔව්. Ott ආවම අප්ඩේට් එකක් දෙන්නම්.
මයුර
සබට තුති මචෝ
Naveen
උපසිරසියට තුති
Neo
Thanks brother
Keep it upලහිරු
තෑන්ක්ස්! ඔයාගේ සබ් ගැන කියන්න දෙයක් නෑ. සුපිරියි.
PS-1 එකෙත් සබ් එක සුපිරියටම තිබුනා.
මේක Proper HDRip රිලීස් වුනාම බලනවා.Anonymous
Thanks for sub
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Buddhika laKMal
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥Anonymous
Tamil sub king in baiscope nowadays
Thanks brotherManoj
සිංහල උපසිරසියට ස්තුතියි
Idunil Weerasinghe
Thanks brother
Ravindu_Heshan
බොහොම ස්තූතී මල්ලි සබ් එකට
Naveen Mbr
ස්තූතියි හේෂාන් අයියේ!
oshanda
thanks naveen malli... elakiri
Naveen Mbr
ස්තූතියි ඔෂධ අයියේ!
Anonymous
තෑම්ක්ස් බොම්ක❤️
Anonymous
Setwunna mta nm filuma...anyway thanks
Eranda
Thanks brother
Anonymous
Elazz
Anonymous
තැන්ක්ස් වේවා
Anonymous
Elaz
Bandula
Thanks for sub
Lahiru
Proper HDRip පිටපතට අප්ඩේට් එකක් දෙනවද?
කලින් HC HDRip එක SRT වලින් දුන්න නිසා අප්ඩේට් එකත් SRT වලින් දෙන්නකෝ.Naveen Mbr
සයිට් එකට දීලා තියෙන්නෙ. මොනව කරාවිද දන්නෙ නැහැ. බලමුකෝ.
Thasitha Nilanka
Sub eka update karala nane
Lahiru
අප්ඩේට් එක තාම නෑනේ.
Anonymous
Update karan nathda
Thasitha Nilanka
Update karan nathda
Naveen Mbr
HQ HDRIP එකට අප්ඩේට් කරලා තියෙන්නෙ.
Naveen Mbr
Disney Hotstar Proper HDrip කොපියට අප්ඩේට් කරලා තියෙන්නෙ.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
ගොඩක්ම ස්තූතියි රවිඳු සොයුර …..
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි……..!