Watch Trailer

Enola Holmes 2 (2022) Sinhala Subtitles | ජනප්‍රිය වෙන්න පුලුවන් ෂර්ලොක්ට විතරද? [සිංහල උපසිරසි]

ජනප්‍රිය නළු/නිලියන් රැසක්ම යොදා ගනිමින් නිර්මාණය කර 2020 වසරේදී නිකුත් වූ Enola Holmes චිත්‍රපටයෙ දෙවැනි කොටසට අදාල උපසිරැසිය අරගෙන තමයි මේ මුණගැහෙන්නෙ. මුල්ම චිත්‍රපටය නරඹා නැත්තම් මේක බලන්න එපා. චිත්‍රපටයට පාදක වුන දේවල් එක්කම මුල් චිත්‍රපටය වෙනුවෙන් ලබා දුන්න ලිපියෙ ඇතුලත් කරලා තියෙනවා. ඒකත් කි…

ජනප්‍රිය නළු/නිලියන් රැසක්ම යොදා ගනිමින් නිර්මාණය කර 2020 වසරේදී නිකුත් වූ Enola Holmes චිත්‍රපටයෙ දෙවැනි කොටසට අදාල උපසිරැසිය අරගෙන තමයි මේ මුණගැහෙන්නෙ. මුල්ම චිත්‍රපටය නරඹා නැත්තම් මේක බලන්න එපා. චිත්‍රපටයට පාදක වුන දේවල් එක්කම මුල් චිත්‍රපටය වෙනුවෙන් ලබා දුන්න ලිපියෙ ඇතුලත් කරලා තියෙනවා. ඒකත් කියවලා මුල් කොටස බලලා එන්න.

මුල්ම Enola Holmes චිත්‍රපටය නිකුත් වෙලා Netflix තුල වැඩිම දෙනෙක් නැරඹු චිත්‍රපට අතරට එක් වෙමින් ලැබූ අතිසාර්ථකත්වය මතම 2020 වසරේම සැප්තැම්බර් මාසයේදී Netflix ආයතනය නිවේදනය කරනවා මෙහි දෙවැන්නක් නිර්මාණය වනවා කියලා. සුපුරුදු පරිදි එනෝලා හෝම්ස් චරිතය ‘Millie Bobby Brown’ විසින්ද, ෂර්ලොක් හෝම්ස්ගෙ චරිතය ‘Henry Cavill’ විසින්ද ප්‍රධාන චරිත විදිහට නිරූපණය කරද්දී සෙසු චරිත වෙනුවෙන් David Thewlis, Louis Partridge, Susie Wokoma, Adeel Akhtar, Sharon Duncan-Brewster, Helena Bonham Carter යන අයගෙ එකතුවෙන් සිදු වී තියෙනවා. තරමක කාර්යබහුල කාර්ය සටහනක් තිබුණු නිසාම මයික්‍රොෆ්ට් හෝම්ස් චරිතය නිරූපණය කල ‘Sam Claflin’ මේ වතාවේ දකින්න ලැබෙන්නෙ නැහැ. 😐

සුපුරුදු පරිදි මුල් චිත්‍රපටය අධ්‍යක්ෂණය කල ‘Harry Bradbeer’ යටතේ මෙහි අධ්‍යක්ෂණයත් වගේම මුල් චිත්‍රපටයෙ තිර පිටපත නිර්මාණය කල ‘Jack Thorne’ යටතේම දෙවන චිත්‍රපටයට අදාල තිර පිටපත නිර්මාණයද සිදුවෙලා තියෙනවා. පැය 02යි විනාඩි 10ක් පුරාවට ධාවනය කාලයක් සටන් වෙච්ච මේ චිත්‍රපටය Netflix ඔස්සේ නිකුත් වෙන්නෙ මේ වසරේ නොවැම්බර් 04′ වැනිදා. මේ වෙද්දී මේ චිත්‍රපටය සදහා IMDb දර්ශකයෙ 6.8/10 ක අගයක් වගේම Rotten Tomatoes වෙබ්අඩවියෙ 92% ක ඉහළ ප්‍රේක්ෂක පැසසුමක් ලැබිලා තියෙනවා.

– සැබෑ සිදුවීම් වලදී වැඩ වර්ජනය වෙනුවෙන් සම්බන්ධ වූවන් –

හෝම්ස් කෙනෙක් විදිහට එනෝලට මුහුණ දෙන්න වෙන අභියෝග හා ඇයගෙ තවත් එක් වික්‍රමයක් ගැන තමයි මේ චිත්‍රපටයෙ කතාවට ඇතුලත් වෙන්නෙ. විශේෂයෙන්ම කියන්න ඕන මේ දෙවැනි කොටස සුවිශේෂී වෙන්නෙ 1888 වසරේදී ලන්ඩනයේදී එක්තරා කර්මාන්ත ශාලාවකදි තමන් වෙනුවෙන් නැගී සිට හඩ නැගු ‘Matchgirls’ strike’ නොහොත් ‘Bryant & May’ නම් වූ ගිනිකුරු නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවකදී වර්ජනයක් සිදු කල කාන්තාවන් මෙන්ම තරුණ ගැහැණු ළමයින්ගෙ වර්ජනය අදාල කතාව මේ චිත්‍රපටයෙ කතාවට අලලා ගොඩනගලා තියෙන නිසායි.

ඒවගේම කියන්න ඕන දෙවන චිත්‍රපටය අවසන් වෙන්නෙ තුන්වැන්නකට අදාල ඉගි ගණනාවක්ම ලබා දීලයි. තුන්වන චිත්‍රපටයට සම්බන්ධ වීම සම්බන්ධයෙන් ෂර්ලොක් හෝම්ස් රංගන ශිල්පී හෙන්රි කැවිල් නම් මාධ්‍ය සාකච්ඡාවක් අතරතුරදී ලබා දෙන්නෙ හරිම අවිනිශ්චිත පිළිතුරක්. මොකද එයා වැඩි අවධානයක් ඉදිරියේදී ලබා දෙන්නෙ සුපර්මෑන් චරිතය ප්‍රේක්ෂකයාට දැකගන්න සලස්වන එකටයි. මොකද වෙන්නෙ කියලා ඉදිරියේදී බලමු.

එහෙනම් ඉතිං චිත්‍රපටය නරඹන්න කියලා ආරාධනා කරන ගමන් අදට සමුගන්නවා. සුභ දවසක් හැමෝටම!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

24,953 downloadsDownload Enola-Holmes-2-2022.zip116 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

චාමර සම්පත්

Subtitles

24,953 downloadsDownload Subtitles116 KB

43 comments

  1. Ishan

    Thank you බයිස්කොප්

  2. ලක්ෂාන්

    සුපිරියක් චාමර අයියා.ජයවේවා ❤️

  3. Kushan

    Sub akta thanks

  4. Anonymous

    Thanks for sub
    The school for good and evil sub plz

  5. DMT SANJEEWA

    Thanks aiya

  6. sameera

    mchn balana film godata 2020 awa film eka mathaka thibboth thama pudume..nikamata hithapan dawasata eka film ekak beluwath

  7. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  8. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  9. Buddhika laKMal

    එනකං හිටපු ෆිල්ම් එකක්.. සබ් එක ඉක්මනටම දුන්නට බොහෝම ස්තූතියි බ්‍රෝ.....
    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

    1. Kavi T S

      Thanks brother ♥️️

  10. Naveen

    උපසිරසියට තුති

  11. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි චාමර සොයුර …..

    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

  12. Roshan

    Thanks bro... Great job...Good luck...

  13. Hasitha

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!

  14. Kevin D...

    Thanks...

  15. Anonymous

    තෑම්ක්ස් බොම්ක❤️

  16. Hashan

    Thnx bossh for the sub..❤️

  17. pramud

    RIPD 2 ekt sub dennkooo

  18. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......

  19. Chaminda

    Thanks Brother sub 1ta...❤️❤️❤️❤️Sniper.Rogue.Mission 1tath sub dennako

  20. Anonymous

    the school for good and evil filumata sub dennako mcho
    mekatath pattama thanks

    1. Anonymous

      Thanks, plz upload the greatest beer run ever movie subtitles

  21. Hasiya KG

    උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා... මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි.... ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා... තෙරුවන් සරණයි...❤️✌️

  22. H.A දසුන් දිල්හාර

    ස්තූතියි සහෝ සබ් එකට

  23. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  24. bunny

    Thanks buddy

  25. Sahan Gayantha

    thanks a lot saho sub ekata

  26. Anonymous

    ane puluwanm srt sub denna.idx sub ekka balana ba.eke sub ekat pahadili na.srt denna

  27. Anonymous

    Thanks machan sub ekata

  28. Akash Fernando

    twd ekata sub one

  29. Shan

    twd ekatath one

  30. හිරාන් ශාරංග

    උපසිරැසිය වෙනුවෙන් ගොඩක් ස්තුතියි

  31. Anonymous

    me adds nis baiscop එකට එන එකත් අප්පිරියයි

  32. Bandula

    Thanks for sub

  33. ramesh viranga mendis

    Waking dead eke ithuru episodes walatath sub karala dennako machan...

  34. lakshan

    thanks .....................

  35. Anonymous

    Thank you so much bro.❤

  36. Sithum Prabodha

    Harrigan's Phone movie එකට subtitle දෙන්න පුළුවන් ද?

  37. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  38. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  39. Malith samarawickrama

    Thanks bro sub ekata

  40. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!

  41. Dewadithya

    Thanks for Sub!