මේක තමයි මම මුලින්ම කරපු උපසිරැසි ගැන්වීම. සයිට් එකෙන් හැමදාම සබ් බාගන්න නිසා මටත් හිතුනා, සබ් එකක් කරන්න. මේක ගොඩ කාලෙක ඉඳල තිබ්බ අදහසක්. ඊට පස්සේ බොහොම අමාරුවෙන් සිංහලෙන් සබ් ඇවිල්ල නැති මේ ෆිල්ම් ඒක හොයා ගත්තා. පටන් ගත්තට පස්සේ තමයි වැඩේ අමාරුව තේරුනේ, ඔක්කොම ඉවර කරන්න දවස් 5ක් විතර ගියා. මේ ෆිල…

මේක තමයි මම මුලින්ම කරපු උපසිරැසි ගැන්වීම. සයිට් එකෙන් හැමදාම සබ් බාගන්න නිසා මටත් හිතුනා, සබ් එකක් කරන්න. මේක ගොඩ කාලෙක ඉඳල තිබ්බ අදහසක්. ඊට පස්සේ බොහොම අමාරුවෙන් සිංහලෙන් සබ් ඇවිල්ල නැති මේ ෆිල්ම් ඒක හොයා ගත්තා. පටන් ගත්තට පස්සේ තමයි වැඩේ අමාරුව තේරුනේ, ඔක්කොම ඉවර කරන්න දවස් 5ක් විතර ගියා.
මේ ෆිලුම IMDB මීටරේ 5.4ට යනකන් කරකවලා තියෙනවා. නිකුත් උනේ 2015 මැයි මාසේ. හොලිවුඩ් සුපිරි නළුවෙක් වන Bradley Cooper තමයි ප්‍රධාන රංගනයෙන් දායක වෙලා තියෙන්නේ. ෆිලුම වැටෙන්නේ comedy Romance ඝනයට. ඒත් මේක බැලුවාම මහා ගොඩක් හිනායන ෆිල්ම් එකක් නෙවේ. කොහොමුනත් මේකේ ලස්සන කතාවක් ඇතුලත් වෙලා තියෙනවා.
ෆිල්ම් එක ගැන කතා කලොත් Brian Gilcrest,ප්‍රධාන නළුවා තමයි ෆිල්ම් එකට අපිව එන්ටර් කරන්නේ. එයාම එතැනදී කියන විදියට, එයා හමුදාවෙන් අයින් වෙලා කෝටිපති ව්‍යාපාරිකයෙක්ගේ Global One කියලා සමාගමකට වැඩ කරන කෙනෙක්. මේ සමාගම ඇමෙරිකා ගුවන් හමුදාව එක්ක එකතු වෙලා අලුත් සන්නිවේදක චන්ද්‍රිකාවක් දියත් කරනවා හවායි දූපතෙන්. මේ මෙහෙයුම සඳහා මෙයා හවායි දූපතට එනවා. එහෙදි එයාට එයාගේ කලින් බිරිඳව මුණගැහෙනවා. ඒ වගේම මෙයාගේ සහයකයා හැටියට කටකාර ලස්සන ගෑණු ළමයෙක් මෙයාට හම්බෙනවා. මේ කරුණු ඔස්සේ තමා ෆිලුම ගලාගෙන යන්නේ. ඇත්තටම මේ කෝටිපතියාගේ අරමුණ බොහොම පරම, පවිත්‍ර එකක්ද? මේ චන්ද්‍රිකාව ගුවන් ගත කරන්න මෙයාට පුළුවන් වෙයිද? බ්‍රයන් එයාගේ කලින් බිරිඳ එක්ක ආයේ සම්බන්දයක් පටන් ගනීද? එහෙම නැත්නම් කටකාර සහයිකාව මෙයා එක්ක අලුත් සම්බන්දයක් පටන් ගනීද?මේ දේවල් දැනගන්නනම් ඔයාලට ෆිල්ම් ඒක බලන්නම වෙනවා. ෆිල්ම් එක ඇවිල්ලා අවුරුදු එක හමාරක් විතර නිසා සමහරු බලලත් ඇති. ඒත් නොබලපු අයට අනිවාර්යෙන් බලන්න කියලත් ආරාධනා කරනවා, ලස්සන ෆිල්ම් එකක්. ඉංග්‍රීසි නොවන භාෂාවක ෆිල්ම් එකක සිංහල සබ් අරන් ආයෙත් එන්න බලාපොරොත්තු වෙනවා, ඔයාලට ජයෙන් ජය!
Due to copyright issues, we do not provide any torrent links.
Aloha.2015.720p.BluRay.x264-YIFY
ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
975 downloadsDownload Aloha.2015.Baiscopelk.com_.zip46 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/TharinduRRasanga1-e1485642059118.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු රසාංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
තරිඳු රසාංග
Subtitles
16 comments
Kulanjana Maduranga
Dulanga
Thanks
Sajith Anthony
පළමු උපසිරැසියට සුභ පැතුම සහෝ!
සබ් බොහෝම ස්තුතියි
ජයෙන් ජයම වේවා...!!!Hima Benaragama
Good luck for the 1st try... keep it up... :-)
Kalhara
පළමු උපසිරැසියට සුභ පතනවා. ඉදිරියටත් බලාපොරොත්තු වෙනවා.
Kantha_DLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......
මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි….!
Chalana Rukshan
thnx bro...
සනා බ්‍රෝ සනා
thanks wewaa sano ekenma thawa demu..............
බවන්ත හේරත්
english sub එක්ක ෆිලුම බැලුවා. පට්ට ලස්සන story එකක්. එවගේම emma stoneගේ රංගනය. සුපිරි.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Prabuddha Kulatunga
thank you.. :D
චතුෂ තුෂර කුමාර
හොඳ ෆිල්ම් එකක්... ඇත්තටම රේටින් මෙයිට වඩා තියෙන්න තිබුනා කියලයි මට හිතෙන්නේ...
ඔක්කෝටම වඩා අල්ලලා ගියේ අන්තිම සීන් එක... පොඩි එකී ඒක සුපිරියටම කරනවා...
ස්තූතියි සබ් කලාට...nidi
Tharindu, baiscope site ekata pun sandakma wennata wasana! honda wedak hondata karala thiyenne, thanks!
ravindu
Thanks bro
dragonhero
thanks
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie

G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..