Watch Trailer

Along Came the Devil (2018) AKA Tell Me Your Name Sinhala Subtitles | අහිංසකාවියකගේ ජීවිතයම බිලිගත්, බිහිසුණු අමනුෂ්‍යය ආත්මය…! [සිංහල උපසිරසි සමඟ]

තමන්ගෙ අම්මගෙ මරණයෙන් පස්සෙ ඈෂ්ලිටයි එයාගෙ අක්කා ජෝර්ඩන්ටයි බොහොම කටුක ළමා කාලයක් තමයි උරුම වුණේ. ඒකට හේතුව වුණේ එයාලගෙ තාත්තගෙ දරුණු හැසිරීම. එයාලගෙ තාත්තා හැම වෙලාවෙම වගේ මේ පොඩි කෙල්ලො දෙන්නට හොඳටම තරවටු කරනවා. මේ වගේ නොයෙක් ප්‍රශ්න නිසා මෙයාල ගම් පළාත දාල වෙනත් ප්‍රදේශයක පදිංචියට යනවා. කොහොමින්…

තමන්ගෙ අම්මගෙ මරණයෙන් පස්සෙ ඈෂ්ලිටයි එයාගෙ අක්කා ජෝර්ඩන්ටයි බොහොම කටුක ළමා කාලයක් තමයි උරුම වුණේ. ඒකට හේතුව වුණේ එයාලගෙ තාත්තගෙ දරුණු හැසිරීම. එයාලගෙ තාත්තා හැම වෙලාවෙම වගේ මේ පොඩි කෙල්ලො දෙන්නට හොඳටම තරවටු කරනවා. මේ වගේ නොයෙක් ප්‍රශ්න නිසා මෙයාල ගම් පළාත දාල වෙනත් ප්‍රදේශයක පදිංචියට යනවා. කොහොමින් කොහොම හරි කාලය ගතවෙලා ඈෂ්ලි වගෙම ජෝර්ඩනුත් තරුණ වයසට පත්වෙනවා. අධ්‍යාපනික ශිෂ්‍යත්වයක් ලැබුණු නිසා ජෝර්ඩන්ට ඈෂ්ලිගෙන් ඈත්වෙන්න සිද්දවෙනවා. ජෝර්ඩන් ඉගෙනීම් කටයුතු වලට දුර බැහැරකට ගිය නිසා ඈෂ්ලි ආපහු එයාල කලින් ජීවත් වුණු ගම් පළාතට ඇවිත් එයාලගෙ නැන්දා, ටානියාගෙ ගෙදර නතරවෙනවා.

ඈෂ්ලිගෙ ජීවිතේට කණකොකා අඬන්න පටන්ගන්නෙ ටානියාගෙ ගෙදරට ආවට පස්සෙ. ඈෂ්ලිට නොයෙක් විදිහෙ අමුතු ශබ්ද වගෙම කම්පන ඇහෙන්න, දැනෙන්න පටන්ගන්නවා. පාර්ටියකට ගිය වෙලාවක අමුතු කාන්තා රූපයකුත් ඈෂ්ලිට පේනවා. ඉතින් මේ සිද්දවෙන අමුතු දේවල් එක්ක ඈෂ්ලි හිතන්නෙ එයාගෙ මැරුණු අම්මා ආපහු ඇවිත් කියලයි. ඉතින් ඒ ගැන හරියටම දැනගන්න කියල ඈෂ්ලියි එයාගෙ යාළුවා හැනායි එකතුවෙලා පොඩි යාතුකර්මයක් වගේ වැඩක් කරනවා. ඒත් ඒකෙන් වෙන්නෙ මේ දේවල් තවත් දරුණු වෙන එක විතරයි. හැනා දැනගන්නවා ඈෂ්ලිගේ ගෙදර ඉන්නෙ දරුණු අමනුෂ්‍ය ආත්මයක් බව. හැනා ඒ ගැන ඈෂ්ලිට කිව්වත් එයාට මේ සිද්දවෙන කිසිම දෙයක් ගැන තේරුම් ගන්න බැරිවෙනවා. කොහොම වුණත් ටිකෙන් ටික ඈෂ්ලිගේ හැසිරීම වගෙම ආසාවනුත් වෙනස් වෙන්න පටන්ගන්නවා. ඉතින් මෙතනින් එහාට මම කතාව ගැන කියන්න යන්නෙ නැහැ… ඈෂ්ලිට මොකක්ද මේ සිද්දවෙන්න යන්නෙ කියල බලන ඔයාලට දැනගන්න ලැබෙයි…

සත්‍ය සිදුවීම් පෙළක් පාදක කරගනිමින්, Drama | Horror | Thriller යන සිනමා වර්ගීකරණයන්ට අයත්ව 2018 අගෝස්තු මස දහවැනිදා පටන් තිරගත වීම ඇරඹූ මෙම සලරුවේ අධ්‍යක්ෂණය Jason DeVan විසින් සිදුකර ඇති අතර තිර පිටපත නිමවා ඇත්තේ Jason DeVan, Heather DeVan හා Dylan Matlock විසිනුයි. The Handmaid’s Tale කතා මාලාවේ සහ Sharp Objects (2018) හා Under the Silver Lake (2018) යන චිත්‍රපට වලට රංගනයෙන් එක් වූ Sydney Sweeney විසින් මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට රංගන දායකත්වය ලබාදී තිබෙනවා. සෙසු චරිත සඳහා Madison Lintz, Jessica Barth, Bruce Davison සහ Matt Dallas තම රංගනයෙන් දායකවී තිබෙනවා. මිනිත්තු 89ක් පුරාවට ගලායන කතා පුවතක් රැගත් මෙම සලරුවට 4.3/10 IMDb අගයක් සහ Google පරිශීලකයින්ගේ 72%ක මනාප ප්‍රතිශතයක් හිමිවී තිබෙනවා.

“මම කිසිම මනුස්සයෙක් නොදැකපු තරම් අමනුෂ්‍යයෝ දැකල තියෙනවා.”

                                                                                                  – මයිකල්

~~Destiny Is All~~
~~සියල්ල දෛවයයි~~

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා අදාළ වේ.

3,592 downloadsDownload Along-Came-the-Devil-2018.zip35 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ඉසුරු සම්පත් සිරිසේන ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-07-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ඉසුරු සම්පත් සිරිසේන

Subtitles

3,592 downloadsDownload Subtitles35 KB

31 comments

  1. kavindu1@

    thanks for sub

  2. chamithmadhushka

    tnx

  3. Kungfuuu

    Elama

  4. THE NEW FOLDER

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…

  5. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  6. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

  7. gihan perera

    Thanks මචෝ....කාලෙකින් හොල්මනක් දැක්කෙත් නෑ..දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා....

  8. malith

    ELa ela

  9. kasun kumara5863

    Grimm tv series ekata sub denna puluwanda ?

  10. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  11. pradeep darshana

    Sub ekata Jaya Wawa

  12. Kulanjana Maduranga

    thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  13. Dinesh Buddika

    Niyamai .................

  14. Nivom

    උපසිරැසියට ගොඩක් ස්තුතියි

  15. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

  16. muditha gayan

    Thankzzzzzzzz

  17. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  18. sasala

    bohoma thanks sub ekata

  19. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි ඉසුරු සහෝ.
    ජයෙන් ජය.

  20. Himali Dilhara

    meke torrent eka download kara ganna link ekak dennako

    1. Sachindu thakshila

      Yts.am/1337x.to hari ghin ganin....

  21. AsithaDilruwan

    Ela saho thanks

  22. Dushan Tharuka

    Thanks...Elama..

  23. Madhura prasad

    තැන්කු බ්‍රෝ

  24. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  25. Hashan M. Priyadarshana

    Thank you bro sub ekata..
    Jaya wewa!

  26. pradeep priyadarshana

    thank you
    jaya wewa

  27. Kaveen Gayath

    Ela bro

  28. Rukshan37

    Ela ela

  29. parindyabopage

    Thanks aiye ,,,,oke 2 katawat awa giya mase ekatat sub 1 denako

  30. parindyabopage

    THANKS,,,oke 2 katawat awa ekatat sub 1 denako