ආයුබෝවන්! සෑහෙන කාලෙකට පස්සේ තමයි මම අද බයිස්කෝප් එක පැත්තට ආවේ. අද අරගෙන ආවේ 2013 දී තිරගත වුන චිත්‍රපටයක්. මේක කරන්න අවසර ලබා දුන්නේ සුධීර මාලන් සහෝදරයා. මේක දෙවනි ලෝක යුද්ධයේ හංගේරියාවේ සිද්ද වුන සත්‍ය සිදුවීමක් ඇසුරෙන් තමයි හදලා තියෙන්නේ. ඉතින් දෙවනි ලෝක යුද්ධ කාලෙදී හංගේරියාව කියන්නේ ජර්මනිය ප…

ආයුබෝවන්! සෑහෙන කාලෙකට පස්සේ තමයි මම අද බයිස්කෝප් එක පැත්තට ආවේ. අද අරගෙන ආවේ 2013 දී තිරගත වුන චිත්‍රපටයක්. මේක කරන්න අවසර ලබා දුන්නේ සුධීර මාලන් සහෝදරයා. මේක දෙවනි ලෝක යුද්ධයේ හංගේරියාවේ සිද්ද වුන සත්‍ය සිදුවීමක් ඇසුරෙන් තමයි හදලා තියෙන්නේ.
ඉතින් දෙවනි ලෝක යුද්ධ කාලෙදී හංගේරියාව කියන්නේ ජර්මනිය ප්‍රමුඛ අක්ෂ පාර්ශවයේ රටක්. ඒක වුනේ 1929 ලෝක ආර්ථික අවපාතයෙන් ගැලවීමට හංගේරියානු රාජ්‍යට නාසි ජර්මනිය සහ ෆැසිස්ට් ඉතාලිය සමග තියෙන වෙලද සහ දේශපාලන ප්‍රතිපත්ති ලිහිල් කරන්න වුනා. ඉතින් හංගේරියාවට ඇතුල්වෙන්න කුරුමානම් අල්ලපු හිට්ලර්ට මේක හොදම අවස්ථාවක් වුනා. ඉතින් මේ වෙලද ගිවිසුම් හින්දා හගේරියාවට ජර්මනියෙන් දැඩි බලපෑමක් එල්ල වුනා. ඒ බලපෑම කොච්චරද කියනවා නම්, 1938 වෙද්දී හංගේරියාවේ විදේශ සහ දේශපාලන ප්‍රතිපත්ති ජර්මනියේ ප්‍රතිපත්ති වලට දැඩි ලෙස සමාන වුනා. ඒ කොහොමද කියනවා නම් 1938 වෙද්දී හංගේරියාවේ වෙනත් සුලු ජාතීන්ට වෙන රටවලට ඇතුලුවීම සහ වෙනත් රටවල් වල ජාතින්ට හංගේරියාවට පැමිනීම තහනම් වුනා. විශේෂයෙන්ම යුදෙව්වොන්ට. ඒ වගේම හංගේරියාවට දේශ සීමා අරගල තිබ්බා චෙකොස්ලෝවැකියාව, ස්ලෝවැකියාව සහ රුමේනියාව සමග. මේ දේශ සීමා අර්බුද විසදන්න ජර්මනිය උදව් කරපු හින්දා, හංගේරියාවට ජර්මනිය එක්ක එකතු වෙනවා හැරෙන්න වෙන විකල්පයක් තිබිලා නෑ. මේ වගේ තත්වයක් යටතේ හංගේරියානු නායක රීජන්ට් හෝර්ති බලරහිත තත්වයකට පත් වෙනවා. 1940 වෙනකොට හංගේරියව නාසි ජර්මනියේ පූර්ණ බලපෑමකට යටත් වෙනවා. 1944 දී ජර්මනිය කුමන්ත්‍රණයකින් රීජන්ට් හෝර්ති පහ කරලා. ජර්මනියට හිතවත් ෆැසිස්ට් පක්ශයක් වන ඊතල කුරුස පක්ශය බලයට ගේනවා. එතනින් පස්සෙ තමයි හංගේරියාවේ යුදෙව්වොන්ට අපල කාලය පටන් ගන්නේ. හිට්ලර්ගේ යුරෝපයේ ඉන්න යුදෙව්වන් ඉවත් කිරීමේ සැලැස්ම මත, හංගේරියානු යුදෙව්වන් අවුෂ්විට්ස් ඇතුලු කදවුරු වලට යවනවා.
ඔන්න ඔය වගේ කාලෙකදී තමයි චිත්‍රපටිය දිග හැරෙන්නේ. එලික් කෝහෙන් කියන්නෙ ගමේ ඉදලා බුඩාපේස්ට් නගරෙට ඇවිත් විශ්වවිද්‍යාලයේ ඉගෙනගන්න ගමන් රස්සාවක් කරන තරුණයෙක්. ජර්මනිය හංගේරියවට ඇතුලු වෙන හින්දා එයා ගෙදර යනවා. මොකද එතකොට යුදෙව්වොන්ට බුඩාපේස්ට් නගරය ආරක්ශිත නැති හින්දා. එයා ගෙදර යද්දී, ගමේ ඉන්න හැම තරුණයෙක්ම කම්කරු සේවයට කැදවලා. ඉතින් අකමැත්තෙන් හරි එලික්ට කම්කරු කඳවුරට යන්න වෙනවා. ටික දවසකින් එලිකුයි යාලුවයි එතනින් පැනලා ගෙදර එනවා. ගෙදර ඇවිත් බලද්දී පවුලේ කවුරුවත් නෑ. මුලු ගෙදරම විනාශ කරලා. සමහරු අනිත් අයගේ ගෙවල් අල්ලාගෙන. ඉතින් පවුලේ අයව හොයන්න කියලා එලික් යාලුවා එක්ක ආපහු බුඩාපේස්ට් එනවා.ඉතුරුටික චිත්‍රපටය නරඹලාම දැනගන්න. මේ චිත්‍රපටියෙ එලික් කෝහෙන්ගේ චරිතය නිරූපණය කරන්නේ එතකොට ඇත්තටම ඉදලා තියන Pinchas Tibor Rosenbaum කියන පුද්ගලයාගේ චරිතයෙන්.
මේ චිත්‍රපටිය Action, Drama, History වර්ගයේ චිත්‍රපටියක්. IMDb රේටින්ග්ස් 6.2/10 ක ප්‍රමානයක් ලබා තියනවා. අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Mark Schmidt විසින්. ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ අයර්ලන්ත ජාතික Jonas Armstrong විසින්. එයා තමයි අපි කවුරුත් දන්න Robin Hood (2006) රූපවාහිනි කතා මාලවේ රොබින් හුඩ්ගේ චරිතයට ඉන්නේ. ඊට අමතරව ප්‍රවීන නලු Ben Kingsley සහ Hannah Tointon මෙහි අතිරේක රංගනයේ යෙදෙනවා.
නැවත හමුවෙමු!

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසි BR / DVD පිටපත් සඳහා අදාළ වේ.
2,135 downloadsDownload Walking-with-the-Enemy-2013.zip100 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ අසිත ජයසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-08-07
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
අසිත ජයසිංහ
Subtitles
15 comments
Kantha_DLA
DhanushkaAASL
Thanks sub akata
Chanmatara
Sub එකට thanx bro....
chiro
supiri film ekak thnx sub ekata
jagath55
Thanks
Sanath Perera
thanks machan sub eka dunnata...
supiri kathawak wage....
jayen jaya...
digatama sub demu...AsithaDilruwan
Ela saho thanks
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වෙවා...!!THE NEW FOLDER
සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ…..!
සහෝ කලින් සබ් කරපු ෆිල්ම් දිහා බැලුවාම මේකත්
ඒ වගේම හොද එකක් වෙන්න ඇති කියලා හිතනවා.Wicki
සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි
Chulender kasun
බොහොම ස්තුතියි
..................................රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Waruna Kamalawansha
සුපිරි... බොහේම ස්තූතියි උපසිරැසියට...
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!