හොඳයි, කවුද හොංකොං වල සුන්දර රාත්‍රියක් ගත කරන්න ආස ? එහෙම ආස අය විතරක් මේක අරන් බලන්න. මේ චිත්‍රපටිය ඇවිල්ලා හොංකොං නගරයේ තිබෙන අසිරිය සහ එහි සිටින මිනිස්සුන්ගේ ජීවන රටාව ඉතාමත් ලස්සනට පිළිඹිබු කර පෙන්වන චිත්‍රපටියක්. ඔයාලා දන්නවා හොංකොං කියන්නේ ලෝකේ තියන තවත් එක අලංකාර තාක්ෂණික නගරයක්. ඇත්තටම මේ…

හොඳයි, කවුද හොංකොං වල සුන්දර රාත්‍රියක් ගත කරන්න ආස ? එහෙම ආස අය විතරක් මේක අරන් බලන්න. මේ චිත්‍රපටිය ඇවිල්ලා හොංකොං නගරයේ තිබෙන අසිරිය සහ එහි සිටින මිනිස්සුන්ගේ ජීවන රටාව ඉතාමත් ලස්සනට පිළිඹිබු කර පෙන්වන චිත්‍රපටියක්. ඔයාලා දන්නවා හොංකොං කියන්නේ ලෝකේ තියන තවත් එක අලංකාර තාක්ෂණික නගරයක්. ඇත්තටම මේ හොංකොං නගරේ මිනිස්සුන්ගේ හැඟිම් දැනීම් ගැන ටිකක් හැරිලා බැලුවොත් මෙයාලගේ ප්‍රධාන අවශ්‍යතාවය තමයි සල්ලි හම්බ කරන එක. පුංචි විසි කරලා තියන ප්ලාස්ටික් කෑල්ලකින් වුනත් මෙයාලා බලන්නේ ඒක අරන් කපලා කොටලා හදලා විලාසිතාවක් දාලා ආදායමක් ලබන්න. අපේ රටේ මිනිස්සු වගේ නෙමෙයි. අපේ අය නම් ඉතින් පාරේ ප්ලාස්ටික් බෝතලයක් වැටිලා තියනවා දැක්කොත් උපරිම කරන්නේ ඒකට පයින් ගහන් යන එක. මෙහෙම හොංකොං ගැන මම හොඳ කිව්වට අපේ අයගේ වගේම මෙයාලගෙත් නරක දේවල් තියනවා. උදාහරණයක් විදියට ගත්තොත් කරුණාව දයාව කියන එක නම් හුඟක්ම අඩුයි. අපේ රට වල ඉන්න උදවිය වගේ නෙමෙයි. හරිම ලෝබයි, තවක් කෙනෙක්ට උදව්වක් පදව්වක් කරන්න කලින් දෙපාරක් හිතනවා. සමහරු තමන්ට වාසියක් වෙනවා නම් විතරයි උදව් කරන්නේ. අපේ රටවල මිනිස්සු ඒ අතින් හොඳයි අපේ අනිත් පුරුදු නරක වුනාට අපේ ජාතියේ මිනිසුන්ගේ කරුණාව දයාව තාම හිත් වල තියනවා. මේ කරුණාව දයාව මෙයාලගේ නැති වෙන්න හේතුව මම පෞද්ගලිකව දකින්නේ මුදල් සහ විවිධාකාර තාක්ෂණික මෙවලම් අධික වීම නිසා කියලා. මෙයාලා සල්ලි හම්බ කරනවා සීමාවක් නැතුව. ගොඩක්ම අය මුළු දවසෙම රැකියාවෙම තමයි නිරත වෙලා ඉන්නේ. මෙයාලා මෙච්චර මෙහෙම සල්ලි හම්බ කරාට මෙයාලා ඒ සල්ලි වලින් අපේ මිනිස්සු වගේ ගෙවල් හදලා වාහනයක් අරගන්නවා වගේ දේවල් ඒ සල්ලි වලින් ගොඩක්ම අය කරන්නේ නෑ. මෙයාලගේ ආසාව අපිට වඩා හුඟක් වෙනස්. ඒකට මේ නගරේ තියන තාක්ෂණික දියුණුව තමයි එයාලට බලපාලා තියෙන්නේ. ගොඩක්ම මෙයාලා මාසෙට හම්බ කරගන්න සල්ලි වලින් කරන දේ තමයි විවිධාකාර ඉලෙක්ට්‍රොනික් බඩු මිලදි ගන්න එක. උදාහරණයක් විදියට ස්මාට් ෆෝන්, ලැප්ටොප්, රූපවාහිනි යන්ත්‍ර, පොඩි පොඩි ගැජමැටික් කෑලි වගේ එක එක සුකුරුත්තම් දේවල් තමයි ගන්නේ. ඒවා අරගෙන කැඩුම ආයේ ජීවිතේට අපේ අය වගේ ඒක රෙපෙයර් කර කර හදන්නේ නෑ, විසි කරලා දාලා අලුත් ඒකක් ගන්නවා. මේක තමයි ඒ රටේ හුඟක් මිනිස්සු මාසේ අන්තිමට පඩි ගත්තම කරන්නේ. විනෝද වෙන එකත් මෙයාලගේ ටිකක් අඩුයි. මොකද සල්ලි හම්බ කරන්න එපැයි ඊළඟ මාසේ එන අලුත්ම ගැජමැටික් කෑල්ල ගන්න. මිනිස්සු කතා බහ කරනවත් හුඟක් අඩුයි, ෆෝන්, ටැබ්ලට් ලොකු පොඩි උදවිය අතේ තියාන් මුළු දවසෙම ඔබ ඔබ ඉන්න එක තමයි කරන්නේ. අපේ අය නම් ඒ අතින් හොඳයි. මොකද අපේ පොඩි අය විතරනේ එහෙම අපේ වැඩිහිටි අය එහෙම එච්චර නෑ.
හොඳයි, එහෙනම් හොංකොං ගැන විස්තර කර ඇති කියලා හිතනවා. මම ඔයාලට මේ චිත්‍රපටිය ගැන බොහොම කෙටියෙන් ටිකක් කියන්නම්,
රුබී සහ ජෝශ් නම් ඇමරිකානු පුරවැසියන් දෙදෙනෙකු සිටි. ජෝශ් තම මවු රට අතහැර දමා හොංකොං හී තම පෙම්වතිය සමගින් සිටින බැංකුව සේවය කරන උගත් සුදු ජාතික කඩවසම් තරුණයෙකි. රුබී කෙටි සංචාරයක් සදහා පළමු වතාවට හොංකොං හී පැමිණ සිටින සෙල්ලම් බඩු නිර්මාණය කරන ආසියානු ජාතික රූමත් කාන්තාවකි. දිනක් රුබී තම මිතුරන් සමඟ හොංකොං නගරයේ සංචාරය කරන අතරතුර තම මිතුරන් අහිමි වී නගරයේ කොනක අතරමන් වේ. රුබීට ජෝශ් ව මුණ ගැසෙන්නේ මෙතැන් සිටයි. හොංකොං නගරය පිළිබඳ මනා දැනුමක් තිබෙන ජෝශ් ඇගේ මිතුරන් සිටිනා ස්ථානය සොයා දීමට ඔහුට හැකියැයි රුබී හට පවසයි. රුබී මුලදි මෙයට අකමැත්ත එල කළත් පසුව ඇය ඊට කැමති වේ. මොවුන් දෙදෙනාගේ මේ ගමනේ ආරම්භය සුළු වූවත් එයා ඉතාමත් දීර්ඝ වේ. දෙදෙනාම හොංකොං නගරයේ රාත්‍රී විසිතුරු නරඹමින් තම පෞද්ගලික කරුණු කාරණ ද කතා බස් කරමින් නගරයේ මාර්ග වල ගමන් ගනි. ජෝශ් හොංකොං නගරයේ අසිරිය ඇයට පෙන්වමින් සහ නගරයේ නෙත් ගන්නා ස්ථාන පිළිබඳ කියා දෙමින් ඇයව ඉදිරියට රැගෙන යයි. මෙම ගමනෙන් දෙදෙනාගෙම සිත් වල ආදරයක් හට ගනියි.
ජෝශ් රුබී ව ඇගේ මිතුරන් සිටිනා ස්ථානයට රැගෙන යයිද ? ජෝශ් තමාට පෙම්වතියක් සිටිනා බව ඇයට කී විට ඇය කෙසේ ඊට ප්‍රතිචාර දක්වයිද ? මොවුන් දෙදෙනාගේ මෙම හැඟීමට කුමක් සිදුවේ ද ? ජෝශ්ගේ සම්බන්ධයට මෙය බලපායි ද ? ෆිල්ම් එක අරගෙනම බලන්න.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Bluray පිටපත් සඳහා අදාළ වේ.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/12/UDshehan1-e1480895738302.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “UD Shehan” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
UD Shehan
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
15 comments
THE NEW FOLDER
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
malith
Ela ela
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!Madusara
මම මේ ෆිල්ම් එක බාගෙන බලන් හිටියෙ කවුරුහරි සබ් දෙනකම් බලන් හිටියෙ...බොහොම ස්තුතියී ..
ජයවේවාranga11112
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…
AsithaDilruwan
ela ela saho thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
SP
Thnq!!!
Chanmatara
Thank x bro
tharidu sagara
උපසිරැසියට බොහොම ස්තූතියි… ජය වේවා
Duggy
කතාවේ හරිම අවසානයක් නැති එක ඇරෙන්න පට්ට කතාවක්. නිකම් හින්දි film වලට වඩා හැගීම් වලින් feel වෙනව. උපසිරසියට ස්තූතියි සහෝදරයා
ricadodamien
lovely movie, Thank you Shehan Brother & Baiscope Team for the SUB. All the Best to Baiscope Team..........
Gayan Chathuranga
thanks bro, lovely movie!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…