Watch Trailer

The Strangers: Prey at Night (2018) Sinhala Subtitles | අවාසනාවන්ත රාත්‍රිය… [සිංහල උපසිරැසි සමඟ]

මේ වසර තුල මම අරගෙන ඇවිත් තියන චිත්‍රපටි ලැයිස්තුව දකින කෙනෙක්ට මම ටිකක් වැඩියෙන් භයානක චිත්‍රපට ප්‍රිය කරන බව පේනව ඇති නෙව. ඉතින් අපේ දිල්ශාන් කොල්ලට නවකවදය ලබාදෙන සොහොයුරු සොහොයුරියන්ට පිං සිද්ධ වෙන්න කරන්න බැරි බව දන්න නිසාම මම මේ නිර්මාණය ඉල්ල ගත්ත. ඉතින් මුලින්ම දිල්ශාන් කොල්ලට සුභ පතනව අද දවස…

මේ වසර තුල මම අරගෙන ඇවිත් තියන චිත්‍රපටි ලැයිස්තුව දකින කෙනෙක්ට මම ටිකක් වැඩියෙන් භයානක චිත්‍රපට ප්‍රිය කරන බව පේනව ඇති නෙව. ඉතින් අපේ දිල්ශාන් කොල්ලට නවකවදය ලබාදෙන සොහොයුරු සොහොයුරියන්ට පිං සිද්ධ වෙන්න කරන්න බැරි බව දන්න නිසාම මම මේ නිර්මාණය ඉල්ල ගත්ත. ඉතින් මුලින්ම දිල්ශාන් කොල්ලට සුභ පතනව අද දවසේ ඔබේ සිගිති බලාපොරොත්තු ඉෂ්ඨ සිද්ධ වෙන්න කියල.

ඊයේ දිනයේ පිටපතක් නිකුත් වුන මේ නිර්මාණය 2008 වසරේ නිකුත් වුන The Strangers නිර්මාණයේ දෙවැන්න ලෙස තමයි නිර්මාණය වන්නෙ. නමුත් මේ නිර්මාණ අතර නම් කිසිම එහෙමයි කියන්න හැකි සම්බන්ධයක් නැහැ ඉතින් මුල් නිර්මාණය නොබැලුව කෙනෙක්ට කිසිම අවුලක් නැතුව බලන්න පුළුවන් මේක. 2018 වසරේ මාර්තු මස 9 වැනිදා ප්‍රදර්ශනය ආරම්භ වුන මේ නිර්මාණය Johannes Roberts (47 Meters Down, The Other Side of the Door) ගේ අධ්‍යක්ෂණයක්. පිටපත කලින් නිර්මාණය කල Bryan Bertino ගෙන් සහ Ben Ketai.ගෙන්. මිලියන 5 ක වියදමෙන් නිර්මාණය කරන ලද මේ සලරුව ඇමරිකා එක්සත් ජනපදය තුල ඩොලර් මිලියන 26 ක් වගේ මුදලක් උපයාගන්න සමත්කම් පාල තියනව. පැය 1 කුත් මිනිත්තු 25 ක් පුරා දිවයන මේ Horror කාණ්ඩය නියෝජනය කරන සිනමා නිර්මාණය වෙනුවෙන් IMDB 5.6 ක අගයකුත්, රෝටන් ටෝමාටෝ 36 % වගේ අගයකුත් ලැබිල තියනව.

තිරයේ දකින මුහුණ ගැන කියනව නම් Christina Hendricks, Martin Henderson වගේම Bailee Madison, Lewis Pullman තමයි ප්‍රධනම චරිත සඳහා එක්කාසු වෙන්නෙ. ඊට අමතරව Emma Bellomy, Damian Maffei, Lea Enslin, Preston Sadleir සහ තවත් පිරිසක් එක්කාසු වෙනව, මේක ඇත්තටම ලොකු කතාවක් නැති සරල කතාවක් තුල අගේට බිය සහ කුතුහලය එක්ක කම්මැලිකමක් නැති වෙන්න ත්‍රාසය මුසු කරන්නට සමත් වුන නිර්මාණයක් නමුත් සමහර දර්ශන නිසා පොඩි උදවිය හෝ ලේ දැකීමෙන් ඉක්මනින් බිය වෙන පිරිස නොබල ඉන්නව නම් තමයි හොඳ.

දැන් වැඩි කතා නැතුව කතාව පැත්තට හැරෙමු. මයික් සහ සින්ඩි තමුන්ගෙ හිතුවක්කාර දුවණිය නේවාසික පාසලකට ඇතුලත් කල පසු ඇයව ගෙන ගොස් භාර දෙන්න තමුන්ගේ ලොකු පුතත්, හිතුවක්කාර දුවනියත් එක්ක පිටත් වීමෙන් තමයි කතාව ආරම්භ වන්නෙ. හිතුවට වඩා පරක්කු වෙන මේ පවුලට අතර මැද දී පවුලේ ඥාතින් පිරිසක් පවත්වාගෙන යන ගිම්හාන කදවුරක නවාතැන් ගන්න සියල්ල සුදානම් කරගෙන හමාරයි. හිතුවටත් වඩා පරක්කු මේ උදවිය නැවත රාජකාරි ආරම්භ වීම නිසා පාලුවට ගිහින් තියන මේ ගිම්හාන කදවුර වෙත යන්නෙ තමුන්ගේ රැය ගත කරන්න ඥාතින් හමු වෙන්න, නමුත් ඔවුන්ට ඒ වෙනුවට සටහනකින්, උදෑසන හමුවෙන තෙක් විවේක ගන්න ලෙස තමයි සඳහන් වන්නෙ. එතනම තිබ්බ යතුරත් අරගෙන තමුන් සඳහා වෙන් වුන ගිම්හාන නිවසට යන මේ පවුල ඒ ඔවුන් එකට ගතකරන අවසාන මොහොත යැයි කිසිසේත හිතන්නට නැතුව ඇති…

ඉතින් ටිකක් නිවසින් එලියට එන දුව සහ පුතා තමයි මුලින්ම මෙතන අවුලක් ඇති බව තේරුම් ගන්නෙ…. ඒ දොර හැර දමා තිබූ නිසවක තිබී තමුන්ගේ ඥාතීන් දෙදෙනාගේ විකෘති කරන ලද මල සිරුරු සොයාගැනීමත් සමඟ…. ඉතින් දැන් මේ ඝාතකයන්ගේ නවතම ඉලක්කය ගිමන් නිවා ගැනීමට පැමිණි මේ පවුලයි… ඔවුන් කී දෙනෙක් දිවිගලවා ගනී ද? මේ පුද්ගලයන් කවුද ? ඇයි ඔවුන් මෙවැනි ඝාතනයන් සිදු කරන්නෙ ? ඔවුන්ගෙන් පළිගැනීමට පවුලේ උදවිය සමත් වේවි ද? මේ සියල්ල බොහොම කුතුහලය පිරුණු මේ සලරුව තුලින් ඔබට දැකගත හැකි වේවි…

කෝකටත් පූර්ව ප්‍රචාරක පටය බලල ඉන්න… සැකයක් නැහැ ඔබ කැමති වේවි…ඉතින් එහෙනම් ආයෙත් උපසිරසක් එක්ක හමුවෙමු. එතෙක් ඔබට ජය වේවා…!!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය HD / WEB / BR පිටපත් සඳහා අදාළ වේ.

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/28616527_1854152187963064_3150036820179633625_o-e1520102326421.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

සමීර කරුණාරත්න

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

32 comments

  1. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  2. Chandika Fdo

    Meke aluth ekak enakan iwasilak nathuwa hitiye 2008 eka wage mekath patta athi ela sub dunnata thanks saho danmma downlod wenna danwa

  3. gihan perera

    Thanks bro...good job and well done....keep continue it...god bless you....see you soon...

  4. .comDevinda

    මෙච්චර ඉක්මනට sub දෙනවට ඔයාට ගොඩක් ස්තුතියි

  5. දිල්ශාන් සචින්ත

    තෑන්ක්ස් සැමි අයියා. මේක බාර අරගෙන එක දවසින් කරලා පලකරලත් නොවෑ. එකෙන්ම පහරක් තමයි ඉතින්. නිවාඩුවක් සෙට්වුන ගමන් බලන්නම්කෝ

  6. Kulanjana Maduranga

    thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  8. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  9. KAVINDU987654321

    උපසිරැසියට ගොඩක් ස්තුතියි. දෙවි පිහිටයි..!

  10. Amalka Himeshan

    Thanks saho sub ekata

  11. ranga11112

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…

  12. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා..!!

  13. Ssds

    Thank wewa!!!

  14. Sineth Rashmika

    ස්තූතියි සහෝ ❤️

  15. Tharindu Rashan

    sub ekata thanks saho.

  16. AsithaDilruwan

    ela ela saho thanks

  17. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. saduhiru1

    සිංහල උපසිරැසියට ස්තූතියි

  19. kavie93

    Download වුණ ගමන්ම සබ දැක්කෙ මාර ම happy ඉතිං..බොහොම ස්තුතියි

  20. Dewadithya

    Thanks

  21. mindika

    Thanks !!!!!!

  22. Viraj

    thanks saho..

  23. vIraj_menaka

    THe strangers prey at night movie eke sub download wenne nene plz solution

  24. Hashan M. Priyadarshana

    Thank you bro

  25. s.s.m

    Tz sub ekata.....

  26. Naveen Rangana

    උපසිරැසියට බොහෝම ස්තුතියි..............ජය වේවා..........!!!!!!!!!!!!!!!!!!

  27. Gayanmanu

    Tnx fore sub

  28. Lahiru M Shan

    ලබාදුන් සිංහල උපසිරැසියට ගොඩක් ස්තූතියි...!!!
    ඉදිරියටත් ගුණාත්මක සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා...!!!

    ඔබට ජයෙන් ජය...!!!

  29. chinthaka_shiwantha

    great work you all doing dear..puluwnnm new police story 2 ekta sub denna jacki change

  30. suraswv

    thanks bro

  31. tv malli

    tnx bn

  32. sandharu

    Thanks sahoo