Watch Trailer

Altered Carbon: Resleeved (2020) Sinhala Subtitles | යකූසාට එරෙහිව ටකේශී කෝවැච් [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම සුබ දවසක් වේවා. Altered Carbon රසිකයන් වෙනුවෙන් ඔන්න මං නෙට්ෆ්ලික්ස්ලා මේ අවුරුද්දේ මාර්තු 23 වෙනිදා නිකුත් කරපු Altered Carbon Resleeved ඇනිමේශන් ෆිල්ම් එක අරං ආවා. Altered Carbon සීරියස් එක බලපු අයට ටකේශී කෝවැච් නැතුව පාලු ඇතිනේ. ඔන්න මේ ඇනිමේශන් එකේ නම් ඩයල් එක ආපහු පරන පුරුදු වැඩේටම බැහැ…

හැමෝටම සුබ දවසක් වේවා. Altered Carbon රසිකයන් වෙනුවෙන් ඔන්න මං නෙට්ෆ්ලික්ස්ලා මේ අවුරුද්දේ මාර්තු 23 වෙනිදා නිකුත් කරපු Altered Carbon Resleeved ඇනිමේශන් ෆිල්ම් එක අරං ආවා. Altered Carbon සීරියස් එක බලපු අයට ටකේශී කෝවැච් නැතුව පාලු ඇතිනේ. ඔන්න මේ ඇනිමේශන් එකේ නම් ඩයල් එක ආපහු පරන පුරුදු වැඩේටම බැහැලයි ඉන්නේ. ඒ වගේම කියන්න ඕනි මේ ඇනිමේශන් එක කෙලින්ම Altered Carbon සීරියස් එකේ ගලාගෙන යන කතා මාලාවට සම්බන්ද වෙන්නේ නෑ. මේකේ වෙනස්ම ග්‍රහලෝකෙක වෙන වෙනස්ම කතාවක් ගැන තියෙන්නේ.

ඇනිමේශන් එක ගැන කෙටියෙන් විස්තර කලොත්, මේ චිත්‍රපටය පැයයි විනාඩි 14ක් පුරාවට දිවයනවා. ඒ වගේම 6.5 ක IMDB අගයක් අරගන්න මේ ෆිල්ම් එක සමත් වෙලා තියෙනවා. මේ චිත්‍රපටය Animation, Action, Crime ගණයට තමා අයත් වෙන්නේ.  මේකේ නිශ්පාධන කටයුතු කරලා තියෙන්නේ Dai Sato. ඒ වගේම පිටපත් රචනය කරලා තියෙන්නේ Dai Sato & Tsukasa Kondo.

මේකේ සටන් ගැන කියනව නම්, සටන් විලාශය ටීවී සීරිස් එකට වඩා හොදට තියෙනවා. කොටින්ම කිව්වොත් Mortal Kombat එකේ වගේ සටන් විලාශයක් තියෙනවා. මේ කතාවට ජපන් මැර කල්ලි සම්බන්දයි. ඒ නිසා සටන් සේරම මරලා පෙති කපන සීන් එකෙන් යන්නේ.

කතාව ගැන කෙටියෙක් කිව්වොත්, කැල්ක්‍රිස්ට් ෆැල්කනර් සහ රෙයිලීන් මැරිලා දැන් අවුරුද්දක් විතර වෙනවා. අවසාන භටයා වන ටකේශි කෝවැක්ස්ට තවත් නැතිවෙන්න දෙයක් නෑ. කතාව පටං ගන්නේ ටනශේඩා ටකේශිව ලැටිමර් ග්‍රහලෝකයට සම්ප්‍රේශනය කරලා යව්නා තැනින්. ටනශේඩා ටකේශිව ලැටිමර් වලට යවන්නේ තව දෙයක් කියන්න ඕනි. මේක ජපන් ඇනිමේශන් එකක් නිසා මම ජපන් පිටපතට ගැලපෙන්න තමා උපසිරසිය හදලා තියෙන්නේ. ඉංග්‍රීසි ඩබ් කරපු ඒවත් තියෙනවා දැක්කා. හැබැයි ඉංග්‍රීසි ඩබ් වල දෙබස් සම්පූර්ණයෙන්ම වෙනස් කරලා දාලා තිබ්බා. සමහර ටයිම් ලයින් ගැලපෙන්නෙත් නෑ ඒ නිසා පුලුවන් නම් ජපන් එක අරගෙන බලන්න.තමන්ගේ සහෝදරයගේ මිනීමැරුම ගැන හොයන්න. රෙයිලීන් මැරිලා කියලා මම උඩදි කිව්වට මැරිලමත් නෑ. රෙයිලීන්ට මොකද වුනේ කියලා කතාවේ මැද හරියෙදි පෙන්නනවා. ඔය කිව්වා මදෑ. ඉතුරු හරිය බලලම දැනගන්න පුලුවන්නේ.

තව දෙයක් කියන්න ඕනි. මේක ජපන් ඇනිමේශන් එකක් නිසා මම ජපන් පිටපතට ගැලපෙන්න තමා උපසිරසිය හදලා තියෙන්නේ. ඉංග්‍රීසි ඩබ් කරපු ඒවත් තියෙනවා දැක්කා. හැබැයි ඉංග්‍රීසි ඩබ් වල දෙබස් සම්පූර්ණයෙන්ම වෙනස් කරලා දාලා තිබ්බා. සමහර ටයිම් ලයින් ගැලපෙන්නෙත් නෑ ඒ නිසා පුලුවන් නම් ජපන් එක අරගෙන බලන්න.

නැවත උපසිරසියකින් හමුවතුරු හැමෝටම ජය…

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත සඳහා වලංගු වේ.

4,110 downloadsDownload Altered.Carbon.Resleeved.2020.Baiscopelk.com_.zip27 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරාන් එරන්ද ගනේපල්ල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

හිරාන් එරන්ද ගනේපල්ල

Subtitles

4,110 downloadsDownload Subtitles27 KB

18 comments

  1. තරිදු

    ආදරනීය බයිස්කෝප් සයිට් එකේසක්‍රීයව දායක වන වැඩිම සබ් ගානක් හදපු මම හිතන විදිහට ,රොයිලි ප්‍රනාන්දු වෙත කෙරෙන කාරුණික ඉල්ලිමයි..

    සමහර ෆිල්ම් සහ ටීවී සීරීස් තියෙනවා වෙන කවුරුවත් නොකරපු නමුත් ඔබ විසින්ම කරන ලද ..මට දැන් තිත්ත වෙලා රොයිලි ප්‍රනාන්දු ගේ සබ් බලලා..මොකද සම්පූර්න ෆිල්ම් එක පුරාවට ඔහුගේ කතෲ අයිතිය සුරකින්න කිය කිය වැටිලා තියෙනවා.ගොඩක් ඒවගෙ සබ් එකේ ෆ්‍රොන්ට් සයිස් එකටම ඒක වැටිලා තියෙනවා..ඒ හේතුවෙන් වෙන්නෙ අපිට ඔහුගේ කතෲ අයිය නැති වීම මිස වෙන දෙයක් නොවේ..ගොඩක් වෙලාවට අපි කරන්නේ සබ් එක එඩිට් කරලා ඒ ඩයලොග් එකම අයින් කරන එකයි..ඒක හෙන කරදර වැඩක්..ෆිල්ම් එක නිදහසේ බලන්න බෑ ඒක නිසා..අපි ඒ එඩිට් කරපු සබ් එක ගොඩක් වෙලාවට ගොඩක් මිනිස්සු අතරේ ශෙයාර් වෙනවා..එතකොට ඒකෙ ඔබගේ නම වත් කොහෙවත් නෑ..ඒ වැඩේ ඉතින් අපි ආසවට කරන වැඩක් නෙවෙයි..කරුනාකර ඉදිරි සබ් වලදී පලමු තප්පර කිහිපයේ පමනක් ඔබගේ නම සහ බයිස්කෝප් නම දර්ශනය වෙන්න සකසන්න..ඔයා ෆ්‍රොන්ට් සයිස් 6 දීලා තිබුනත් සබ් එකට වඩා පොඩියට සබ් එක වැටෙන්න හදලා තිබුනත් එහෙම වෙන්නෙ නෑ ගොඩක් ප්ලෙයර් වල..4න් වලනම් කොහොමත් නෑ..ඉතින් මුලු ෆිල්ම් එක පුරා ඔබේ නම දාවනය වෙන්න හදන්න එපා ප්ලීස්..මම අන්තිමට ඊයේ බලපු ෆිල්ම් එකත් රොයිලි මහතා කලේ..ඒත් මට දැන් ඔබලාගේ සබ් එපා වෙලා මේ හේතුව නිසා..මට විතරක් නෙවෙයි ගොඩක් අයට

    1. Savindu_Ishan

      True story

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  3. Hashan M. Priyadarshana

    බොහොම

  4. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  5. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  6. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ.
    පුළුවන්නම් Godzilla: The Planet Eater (2018) සබ් දෙන්න
    ජය වේවා!

  7. Shaggie

    වාසියක් වගේ..සබට බොහොම ස්තූතියි සහෝ

  8. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

  9. Anonymous

    iroiro arigato gozaimashita

  10. thumara dilani

    thanks

  11. isuru srinath sjs

    බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට ..

  12. Udara Damith Dissanayaka

    hariii
    ela

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. Shehan putha

    Thanks bro

  15. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
    ජයෙන් ජයම වේවා!
    නිදුක් නිරෝගී සුවපත්භාවයම ලැබේවා!

  16. Harsha

    Lassanata karala thinawa sub eka ස්තුති ......

  17. Dewadithya

    Thanks for sub!