Watch Trailer

Extraction (2020) Sinhala Subtitles | බිහිසුණු මුදවාගැනීමේ මෙහෙයුම… [සිංහල උපසිරැසි]

හොඳම මට්ටමේ හයි බජට් ෆිල්ම් එකක් රිලීස් වෙච්ච කාලයක් මතක නෑ නේද? ඔව්, කවුරුත් නොහිතපු විදියට එක සැරේම මාරාන්තික වෛරසයකින් මුළු ලෝකෙම වෙලාගත්තා. ලක්ෂයකට අධික මිනිස් ජීවිත සංඛාවක් මේ වෙද්දි අහිමි වෙලා තියෙනවා. ඉතිං, ඒ අස්සෙ මොන චිත්‍රපටිද නේද? බොහෝමයක් චිත්‍රපටි කල් යන්න ගත්තා. මිනිස්සු ගෙවල් වලට කොට…

හොඳම මට්ටමේ හයි බජට් ෆිල්ම් එකක් රිලීස් වෙච්ච කාලයක් මතක නෑ නේද? ඔව්, කවුරුත් නොහිතපු විදියට එක සැරේම මාරාන්තික වෛරසයකින් මුළු ලෝකෙම වෙලාගත්තා. ලක්ෂයකට අධික මිනිස් ජීවිත සංඛාවක් මේ වෙද්දි අහිමි වෙලා තියෙනවා. ඉතිං, ඒ අස්සෙ මොන චිත්‍රපටිද නේද? බොහෝමයක් චිත්‍රපටි කල් යන්න ගත්තා. මිනිස්සු ගෙවල් වලට කොටුවෙලා ඉන්දෙද්දි, සිනමා ශලා වහලා තියෙද්දි, අළුතින් ෆිල්ම් රිලීස් කරලා කාට පෙන්නන්නද නේද? හැබැයි ඉතිං, සිනමාලෝලීන් විදියට හොඳ හයි බජට් ෆිල්ම් එකක් බලන්නෙ නැතුව නිකං මොකක්ද මොකක්ද වගේ නේද? අන්න ඒ අය වෙනුවෙන් තමයි මේ වෙලාවෙ නෙට්ෆ්ලික්ස්ලා ඉදිරිපත් වෙන්නෙ. හයි බජට් ෆිල්ම් එකක් වෙනුවෙන් දත කට මැදගෙන ඉඳපු අය වෙනුවෙන් මේක ඉඩෝරයට වැටුණු දිය පොදක් නෙමෙයි, ඉඩෝරයට වැටුණු ගං වතුරක් වගේ වේවි. මේක ගොඩක් විශේෂයි. ඒ වගේම, ගොඩක් වෙනස්ම වැඩක්. ඒ ඇයි කියලා මුලින්ම බලමු.

ලාංකික සිනමා ප්‍රේක්ෂකය ගත්තාම කොටස් කීපයකට වෙන්කරන්න පුළුවන්. හොලිවුඩ්, ඉන්දියානු, කොරියානු, චීන… මේ විදියට ප්‍රධාන වශයෙන්ම කොටස් කීපයක් ඉන්නවා. මේ කොටස් අතරිනුත්, වැඩිම ප්‍රේක්ෂක පිරිසක් ඉන්නෙ හොලිවුඩ් සහ ඉන්දියානු කියන කැටගරි දෙකට කියන එක රහසක් නෙමෙයි. ඉතිං, කවදාහරි හිතුවද හොලිවුඩයයි, දකුණු ආසියානු රටවල් කීපයකුයි එකතු වෙලා, ජාත්‍යන්තර මට්ටමේ ෆිල්ම් එකක් හදාවි කියලා? කවදාහරි හිතුවද ජාත්‍යන්තර මට්ටමේ හොලිවුඩ් නළුවන් එක්ක, ඉන්දියානු බොලිවුඩ් නළුවන් එකම චිත්‍රපටයක රංගනයේ යෙදේවි කියලා? කවදාහරි හිතුවද, එදාමෙදා තුර සිනමා ඉතිහාසයේ වැඩිතම ආදායමක් හිමිකරගත් චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරුන් ඔවුන්ගෙ චිත්‍රපටයක් වෙනුවෙන් ආසියානු රටවල් කීපයක් තෝරගනීවි කියලා? ඔබ ඒ විදියට හිතුවා හෝ නොහිතුවා, ඒ දේ යතාර්ථයක් බවට පත්වෙලා තියෙන්නෙ මේ වෙද්දි.

චිත්‍රපටය සඳහා ප්‍රධාන රංගන දායකත්වය ලබාදෙන්නෙ මාවල් සිනමා විශ්වයේ “තෝර්” චරිතය තුලින් ඉමහත් ජනප්‍රියත්වයක් හිමිකරගත් Chris Hemsworth විසින්. ලොව පුරා ඉමහත් ප්‍රසිද්ධියක් උසුලන රංගන ශිල්පියෙක් විදියට ඔහු ගැන අමුතුවෙන් අටුවා ටිකා සහිතව විස්තර කරන්න අවශ්‍ය වෙන්නෙ නෑ මං හිතන්නෙ. ඔහුව මෙම චිත්‍රපටය සඳහා තෝරාගන්න පෙරාතුව Arnold Schwarzenegger සහ Bruce Willis යන රංගන ශිල්පීන් දෙදෙනාගේ නම් නිර්දේශ වෙලා තිබුණත්, අන්තිමේදි චිත්‍රපටය ගැලපෙනම, නිවැරදිම තීරණයක් විදියට Chris Hemsworth තෝරගෙන තියෙනවා.

අහලා තියෙනවද රූසෝ සහොදරයො ගැන? මාවල් කොමික් චිත්‍රපට බලන කෙනෙක් නම් රූසෝ සහෝදරයො ගැන නොදැන ඉන්න විදියක් නැහැ. නොදන්න අය වෙනුවෙන් මං මෙහෙම කියන්නම්. එදාමෙදා තුර සිනමා ඉතිහාසය තුල වැඩිතම බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාවක් තියපු Avengers: Endgame චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නෙ මෙන්න මේ රූසෝ සහෝදරයො විසින්. ඒ විතරක් නෙමෙයි, Avengers: Infinity War, Captain America: Civil War කියන මාවල් සිනමා ලෝකයේ පෙරලිකාර චිත්‍රපට අධ්‍යක්ෂණය කරපු බලකණුවක් තමයි රූසෝ සහෝදරයෝ කියන්නෙ. ඉතිං, අන්න ඒ රූසෝ සහෝදරයෝ තමයි මේ චිත්‍රපටය නිශ්පාදනය කරන්නෙ.

අහලා තියෙනවද Randeep Hooda ගැන? බොලිවුඩ් රසිකයෝ නම් මේ Randeep Hooda ගැන නොදන්නවා වෙන්න බැහැ. බොලිවුඩ් සිනමාවෙන් බිහිකරපු තවත් අති දක්ෂ, ඒත් ගොඩක් දෙනෙක් නොදන්න චරිතයක් තමයි Randeep Hooda කියන්නෙ. ඔහු මේ චිත්‍රපටයේ විශේෂ චරිතයක් සඳහා රංගනයෙන් දායක වෙනවා. ඒ වගේම, Pankaj Tripathi නම් අති දක්ෂ රංගන ශිල්පියාත් බොලිවුඩ් පුරවරය වෙනුවෙන් මෙම සිනමා නිර්මාණය සඳහා රංගනයෙන් දායක වෙනවා.

චිත්‍රපටය ඉන්දියාවෙ අහමදාබාද් සහ මුම්බායි, බංග්ලාදේශයේ ඩකා සහ තායිලන්තයේ නගර කිහිපයක රූගත කිරීම් සිදුකරලා තියෙනවා. චිත්‍රපටය ඉන්දියාවේ අහමදාබාද්හි රූගත කිරීම් කරනකොට Chris Hemsworth ව දැකගන්න මහජනතාව අතරේ දැඩි නොසන්සුන්තාවයක් හටගෙන තියෙනවා. මොකද, Chris Hemsworth වගේ ජාත්‍යන්තර මට්ටමේ ප්‍රසිද්ධ රංගන ශිල්පියෙක් ඉන්දියාව වගේ රටක මිනිස්සුන්ට හැබැහින් දැකගන්න අවස්තාවක් ලැබෙනවා අඩුයි. අඩුයි කියන්නෙ, මේ වගේ අවස්තාවක් ලැබෙන්නෙ ජීවිතයටම එක වතාවක් වෙන්න පුළුවන්. ඉතිං, සමහර මිනිස්සු පැය 15කට අධික වෙලාවක් බලාගෙන ඉඳලා තියෙනවා මේ විදියට සියැසින්ම Chris Hemsworth ව දැකබලාගන්න. මේ හේතුව නිසයි, අධික වශයෙන් මහජනතාව එක්‍ රැස්වීම නිසා නොසන්සුන්තාවයක් දක්වා වර්ධනය වෙලා තියෙන්නෙ.

ඉන්දීය අර්ධද්වීපයේ කුඩු මාෆියාවෙ රජුගේ පුතණුවන් පැහැරගන්නා බංග්ලාදේශ කුඩු මාෆියාවෙ රජු…
රටවල් දෙකක මත්ද්‍රව්‍ය කෙරුම්කරුවන්ගේ යුද්ධයකට පැටළුණු, පැහැරගැනීමට ලක්වූ පාසල් ශිෂ්‍යයෙක්…
එම ශිෂ්‍යයා මුදවා ගැනීමට මාරාන්තික යුද්ධයක නිතරවන කුළී සොල්දාදුවෙක්…
ඔවුන් පසුපස හඹා එන්නාවූ ඉන්දීය විශේෂ කාර්‍ය බලකායේ හිටපු සෙබලෙකු…
මේ සියල්ලන්ගේම ඉරණම කුමන ආකාරයෙන් විසඳේවිද?
පුරා හෝරා දෙකක් මුළුල්ලේ නොනවතින, දැවැන්ත ක්‍රියාදාම සමුදායකින් සමගින් අවසරයි ඔබ වෙනුවෙන් ගෙනහැර පෑමට මෙම සිනමා සිත්තම…!

ප. ලි. – විශේෂයෙන්ම කියන්න ඕනෙ, නෙට්ෆ්ලික්ස් නාලිකාව මගින් චිත්‍රපටය අන්තර්ජාලයට මුදාහැරලා පැය 2-3ක් වගේ තමයි වෙන්නෙ මේ සටහන ලියවෙන මොහොත වනවිට. ඉතිං, මෙච්චර ඉක්මණට මේ උපසිරැසිය ඔබවෙත ලබාදෙන්න වෙච්ච මහන්සිය පිටිපස්සෙ තව කෙනෙක් ඉන්නවා. හසන්ත වික්‍රමරත්න අයියා. චිත්‍රපටය නිකුත් වෙච්ච වෙලාවෙම, “මල්ලි, උදව්වක් ඕනෙද…?” කියලා අහලා, ඒ දක්වපු සහයෝගය නොවෙන්න මේ උපසිරැසිය ඔබවෙතට පත්කරන්න තව හෝරා කීපයක් ප්‍රමාද වෙන්න තිබුණා. ඉතිං, ඒ සුවිශේෂී සහයෝගය වෙනුවෙන් හසන්ත අයියට විශේෂ ස්තුතියක් පිරිනමනවා.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය NF WEB පිටපත් සඳහා අදාළ වේ.

114,899 downloadsDownload Extraction-2020-Updated.zip28 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සිසිල ප්‍රසාද් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-01-24
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

සිසිල ප්‍රසාද්

Subtitles

114,899 downloadsDownload Subtitles28 KB

199 comments

  1. shanefarcry

    thanks

  2. malithmadhushan45

    අම්මෝ හිතුවෙ නැ දැන්ම දෙයි කියලා. ස්තුතියි සිසිල අයියේ

  3. Hiran Eranda

    thank you sisila ayiye

  4. Shaggie

    එනකන් බලන් හිටිය සුපිරිම ෆිලුමක්..සෑහෙන ඉක්මන්ට දීලනෙ..සබට බොහොම ස්තූතියි

  5. Shantha_bulathsinhala

    FIlm eka download krnna link dala nadda thama

  6. Shansenarathne

    Tnx

  7. නලින් පෙරේරා

    එලස්ස් සිසියා... නියම භාණ්ඩයක් බැස්සුවේ.. වේලි වේලි ඉන්න වෙලාවේ..
    හසා අයියා ගැවිලා නම් කොනකින් හරි ආයේ කියන්න දෙයක් නැ සබ් එක ඇති මසුරන් ටිකට...
    ජය වේවා!~

  8. Anonymous

    thank you both of you brothers

  9. subodha

    Thanks a lot

  10. PaSindu MaDumal

    අම්බෝ...ආපු සැනින්..සබට තුති සිසිල අයියා..!

  11. Hashan M. Priyadarshana

    හම්මෝ release උනා විතරයි සබ් එකත් දීලා ඉවරයි :) :) බොහොම ස්තුතියි බ්‍රෝ

  12. Achi

    බොහොම ස්තුතියි බ්‍රෝ...සබ්..එකට...ආදරේයි

  13. යුරාන් ධනුක (දනුවා)

    ඇති යන්තම්.. කිව්වත් වගේ වේලි වේලි හිටියේ
    බොහෝම ස්තූතියි සිසිල,හසන්ත සහෝලා දෙන්නටම
    පරිස්සමින් ඉන්න !!!

  14. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  15. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ.ජය වේවා!

  16. virajinduka

    Link eka nathdo

  17. roshen malinda

    mechchara ikmanata sub eka dunnata pin

  18. Anonymous

    ELa yaaaalu suba.......

  19. Anonymous

    Thnx brh❤

  20. Anonymous

    කෝ ලින්ක් එක?

  21. Rasindu Perera

    අම්මෝ....නියමයි…සබ් එකට තැන්ක්ස්…
    ෆිල්ම් එක ආපු ගමන්ම වගේ සබ් එකත් අරන් ඇවිත්....
    එනකම් බලන් හිටපු ෆිල්ම් එකක්....

    1. Anonymous

      ලින්ක් 1ක් දෙන්නකෝ...

    2. sindu

      link eka denawada

  22. Ajith Priyantha

    pissu hedenawa 155K utube like
    film eka nm parakma thmi
    sub ekata pattam tnx
    siram thami welila hitiye

  23. UI

    Kiyatawth adhmanam sub 1ka balaporthu une ne ..
    A mahansiyata ..
    Oyalata jayen jaya..
    BS!

    1. sachintha

      සිංහල උපසිරැසියට ස්තූතියි

  24. gihan perera

    නියමයි මචන් නියමයි....කියන්න වචන නෑ....අම්මෝ ( Thor) ඉන්නේ....මේක නොබලා කොහොමද.... ස්තුතියි සිසිල සහෝ වෙච්ච මහන්සියට..... දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබේවා...... දෙවි පිහිටයි....ජය වේවා.....

  25. sashan

    එල මචං එල පට්ට ෆිල්ම් එකක් කාලෙකට පස්සෙ බලන්නෙ මේ වගේ ෆිල්ම් නම් පට්ට ජය වේවා එහෙනම්. තෑන්ක්ස් බ්‍රෝ

  26. Dhanushka Dilranga

    Thankssssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  27. Anonymous

    thnquuuuu

    1. Nisa

      Sub eka wada nane

  28. Nisa

    Sub eka wada nane

  29. Prabodha20

    Sthuthi sahoo...

  30. Anonymous

    ella....

  31. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  32. Chaminda Lakruwan

    ස්තුති සබ් එකට

  33. ishu

    thnaks sub ekata.... jaya wewa

  34. Anonymous

    Thank You

  35. rangika Kariyawasam

    සිසිල සහෝ නියම වැඩක් .මග බලං හිටපු ෆිලුමක් .ජයම වේවා දෙන්නටම.නියමයි සිසිලා.ඩ

  36. Gathsara Umesh

    බොහෝම ස්තූතියි සිසිල අයියේ..❤️

  37. Chandima Prasad

    thankz me wage fattama film ekakata sub dunnata..jaya wewaa...

  38. LAKA

    supiri.x files season 8 9 sinhala sub dennako

  39. tharidu16

    thanks machii

  40. indika75

    thanks..

  41. Anonymous

    Subtitle wena format ekakin pennane ayi. Kohomada hada ganne

  42. tv malli

    ambo sub danakan balan idiye..tnx ikmanata sub eka dunnata..jayawewa....

  43. Sameera

    Supiri brother.. thanks

  44. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

  45. muditha

    sisila uba mokak hari danawanam eka pattane,hasantha aiya mage class yana kale pantiye ekata hitapu yaluwek,miniha enter wenawa kiyanne thawath supiri,
    mama gaththa subu eka.
    jaya wewa

  46. Umasha Chaminda

    Thanks bro

  47. Bandara76

    Great work...sisila bro

  48. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  49. ishan

    thnkq bro sub ekata

  50. Gihan

    Sub ekata Thanks Saho
    Jaya Wewa

Load more comments