ආයුබෝවන්…නිරෝගිමත් සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා බයිස්කෝප් යහළු යෙහෙලි හැමෝටම. ඉතින් ඔන්න මං අදත් සිංහල සබ් එකක් අරන් ආවා ඔයාල හැමෝම වෙනුවෙන්. මේක ටිකක් පරණ චිත්‍රපටයක්. ඒ කියන්නේ 2002 දී තමයි මේ චිත්‍රපටය තිරගත වුනේ. The Sum of All Fears 2002. Tom Clancy විසින් රචනා කල The Sum of All Fears…

ආයුබෝවන්…නිරෝගිමත් සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා බයිස්කෝප් යහළු යෙහෙලි හැමෝටම. ඉතින් ඔන්න මං අදත් සිංහල සබ් එකක් අරන් ආවා ඔයාල හැමෝම වෙනුවෙන්. මේක ටිකක් පරණ චිත්‍රපටයක්. ඒ කියන්නේ 2002 දී තමයි මේ චිත්‍රපටය තිරගත වුනේ. The Sum of All Fears 2002. Tom Clancy විසින් රචනා කල The Sum of All Fears නවකතාව පදනම් කරගෙන මේ චිත්‍රපටයේ තිරරචනය Paul Attanasio සහ Daniel Pyne විසින් රචනා කර ඇත. Mace Neufeld ගේ නිෂ්පාදනයෙන් Phil Alden Robinson අධ්‍යක්ෂනය කල මෙම චිත්‍රපටයේ Ben Affleck, Morgan Freeman, James Cromwell, Liev Schreiber, Alan Bates, Philip Baker Hall සහ Ron Rifkin සමග Bruce McGill රංගනයෙන් දායක වෙනවා. ජැක් රයන් CIA විශ්ලේෂකයෙක්. එහි අධ්‍යක්ෂ විලියම් කැබට් සමග රයන් රුසියාවට යන්නේ ගිවිසුම් මගින් නියම කරගෙන තියන න්‍යෂ්ටික අවි පරික්ෂාකරන්නයි. චෙච්නියාවට සිදුවන පහරදීමක් රුසියාව විසින් සිදුකලේ යැයි දෙරට අතර පොඩි විරසකයක් ඇති අවස්ථාවක නොසිතූ ලෙස බැල්ටිමෝරයේ න්‍යෂ්ටික අවියක් පුපුරා යමින් එක්සත් ජනපදයට විශාල ජීවිත හානියක් සිදුවේ. ජනාධිපති හා ඔහුගේ උපදේශකයින් මෙය රුසියානු රජයේ ප්‍රහාරයක් යැයි කියමින් රුසියාවට දැවැන්ත ප්‍රහාරයක් දියත් කිරීමට සැරසේ. මේ පිළිබදව කරුණු සොයන රයන්ට කැබට් විසින් රුසියාවට යවන ජෝන් ක්ලාක්ගෙන් දැනගන්නට ලැබෙන්නේ ඇමරිකාවට පහර දුන් අවිය ඇමරිකානු නිෂ්පාදනයක් බවයි.
මේ අභිරහස කෙසේ විසදේවිද?
ඇමරිකානු රුසියානු ප්‍රහාර සිදුවෙයිද?
බැල්ටිමෝර් ප්‍රහාරයේ මොළකරු කවුද?
මේ ප්‍රශ්ණ සේරටම උත්තර තියනවා The Sum of All Fears චිත්‍රපටයේ.
Jack Ryan යනු චිත්‍රපට මාලාවක එන චරිතයකි. බෙන් ඇෆ්ලෙක් යනු එහි තුන්වන රංගන ශිල්පියයි. පළමුවැන්නා Alec Baldwin ය. ඔහු The Hunt for Red October චිත්‍රපටයේ ජැක් රයන් ලෙස රගපෑවේය. දෙවැන්නා Harrison Ford ය. ඔහු Patriot Games සහ Clear and Present Danger යන චිත්‍රපට දෙකෙහි ජැක් රයන් ලෙස රගපෑවාය. බෙන් ඇෆ්ලෙක්ට පසු ජැක් රයන් ලෙස රගපෑවේ Chris Pine ය. ඒ Jack Ryan: Shadow Recruit නම් 2014 තිරගතවූ චිත්‍රපටයේය. මෙම චිත්‍රපටය 2001 පෙබරවාරි 12 වන දින රූපගත කිරීම ආරම්භ කර ඇත. චිත්‍රපටයේ වැඩි කොටසක් මොන්ට්‍රියල් වල රූගත කර ඇති අතර එහි ඔළිම්පික් ක්‍රීඩාංගනයේද රූපගත කර ඇත. ජනාධිපතිවරයාගේ ගුවන් යානයේ දර්ශණ රූගත කරලා තියෙන්නේ JAG නම් ඇමරිකානු රූපවාහිනී කතා මාලාවකට සැකසූ දර්ශන තල වලයි. මෙහි නිෂ්පාදන කටයුතු එම වසරේම ජූනි මාසයේ අවසන් වී ඇත.
චිත්‍රපටය මුදාහැරීමට කටයුතු සූදානම් කර තිබුනේ 2001 වසර අවසානයේය. නමුත් චිත්‍රපටය ප්‍රදර්ශණය ආරම්භ කරන්නේ 2002 මැයි 31ය. මේ පිළිබද එවකට බොහෝ මාධ්‍ය ආයතන මත පල කලේ චිත්‍රපටය ප්‍රමාද වීමට සැප්තැම්බර් 11 ප්‍රහාරය බලපා ඇති බවයි. නමුත් අධ්‍යක්ෂකවරයාගේ අදහස වුනේ මෙය 2002 ගිම්හාන චිත්‍රපටයක් නිසා මෙය 2002 මැයි මස තිරගත කල බවයි. විනාඩි 124ක් දිවෙන මෙම චිත්‍රපටය සදහා ඇමරිකානු ඩොලර් මිලියන 68ක මුදලක් වැයවී ඇත. නමුත් චිත්‍රපටයේ සමස්ථ ආදායම ඩොලර් මිලියන 193.9කි. චිත්‍රපටය සදහා IMDb දර්ශකයේ 6.4/10 ක අගයක් ලැබී ඇති අතර Rotten Tomatoes අගය 59% කි. එහෙනම් අදට මං ඔයාලගෙන් සමු ගන්නවා. ආයෙත් දවසක මේ වගේ ලස්සන චිත්‍රපටයකට සිංහල සබ් අරන් මං එන්නම්. එතෙක් ඔයාල හැමෝටම නිරෝගී සුව රැදුනු සුබ දවසක් වේවා..
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි Bluray පිටපත් සඳහා අදාළ වේ.
3,145 downloadsDownload The-Sum-of-All-Fears-2002.zip55 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රොෂාන් ශමීර ජයසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2019-03-30
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රොෂාන් ශමීර ජයසිංහ
Subtitles
16 comments
හසිත මධුෂාන්
punsara
tnx supiriyak dunnata old is gold
Bobby
Thank you very much
Lakshansilva18
උපසිරිසියට බොහොම ස්තුති
Journey to the west 2 (2017) mekata sub dennako
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි සබ් එකට :) :)
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Kavinu
Thnkq!
isuru srinath sjs
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට .....
රොෂාන් ශමීර
අදහස් දැක්වූ හැම දෙනාටම බොහොම ස්තූතියි..
ජය වේවා..Pramukmili
Thanx bro.
සාරංග
සිංහල උපසිරැසි වලට ගොඩක් ස්තූතියි
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dewadithya
Thanks for sub!
indika75
thanks..
Rumesh Asanka
thank you
dasun
Tnx
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!