Watch Trailer

Amar, Akbar and Anthony (1977) Aka Amar Akbar Anthony Sinhala Subtitles | ඉන්දීය හින්දි සිනමාවේ පැරණි ජනප්‍රිය සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි සමඟ]

මෙය පැරණි හින්දි සිනමාවේ ජනප්‍රියතම සිනමාපටයකි. IMDb සිනමා දර්ශකයේ 7.5 ක ඉහළ අගය කිරීමක් පවතින, ජනප්‍රිය සුවිශේෂ සිනමා නිර්මාණයකි. අපරාධ නායකයෙක් වන “රොබට්” විසින් සිදු කරන ලද මාරාන්තික රිය අනතුරකට වගකිව යුත්තා ලෙස ඔහුගේ ගෝලයෙක් වන “ක්‍රිෂන්ලාල්” උසාවියට ඉදිරිපත්වේ. එහිදී තම හාම්පුතා වෙනුවෙන් ඒ අපර…

මෙය පැරණි හින්දි සිනමාවේ ජනප්‍රියතම සිනමාපටයකි. IMDb සිනමා දර්ශකයේ 7.5 ක ඉහළ අගය කිරීමක් පවතින, ජනප්‍රිය සුවිශේෂ සිනමා නිර්මාණයකි.

අපරාධ නායකයෙක් වන “රොබට්” විසින් සිදු කරන ලද මාරාන්තික රිය අනතුරකට වගකිව යුත්තා ලෙස ඔහුගේ ගෝලයෙක් වන “ක්‍රිෂන්ලාල්” උසාවියට ඉදිරිපත්වේ. එහිදී තම හාම්පුතා වෙනුවෙන් ඒ අපරාධයේ වගකිව යුත්තා ලෙස ඔහු ඉදිරිපත් වෙන්නේ, තම දරු තිදෙනා සහ බිරිඳට, රොබට් විසින් උපකාර කරනා බවට පොරොන්දුවීමෙන් පසුවය. දඬුවම් කාලයෙන් පසුව “ක්‍රිෂන්ලාල්” නිදහස් වේ. නිවෙසට පැමිණෙන ඔහුට පවුලේ අසරණ තත්වය වැටහේ. බිරිඳට ක්‍ෂය රෝගය වැළඳී තිබූ අතර දරුවන් බොහෝ විට හාමතේ සිටි බව දැනගනී. රොබට පොරොන්දු වුවත් කිසිම උදවුවක් කර නොතිබිණි. එහෙත් නැවතත් තම පවුලට උදවු පතා ක්‍රිෂන්ලාල් රොබට්ව හමුවෙයි. උදව් කිරීම වෙනුවට ක්‍රිෂන්ලාල්ව අවමානයට ලක් කර, ඔහුගේ හෙංචයියන්ට ඔහුව මරා දමන ලෙස අණ කරයි. ක්‍රිෂන්ලාල්, ඔවුන්ගෙන් බේරී රොබට්ගේ මෝටර් රථයකින් පලා යයි. එහි රහසිගත රත්තරන් තොගයක් තිබෙන අතර එය පසුපස රොබට්ගේ හෙංචයියන් ලුහුබඳින්නට විය. ක්‍රිෂන්ලාල්, ඔවුන් මඟ හැර තම නිවසට යයි. එහිදී බිරිඳ සියදිවි නසා ගන්නා බවට ලිපියක් තබා නිවසින් පිටවී තිබිණි. පසුව දරුවන් තිදෙනා රැගෙන යන ඔහු, ඔවුන් තිදෙනා පල්ලියක් ඉදිරිපිට තබා තමා පැමිණි වාහනය වෙනත් තැනකට දමා එන්නට පිටත් වෙයි. නමුත් නැවත රොබට්ගේ මැරවරයන්ට කොටුවන ඔහු රථය සමඟ කන්දක් පහළට පෙරළෙයි. එතැනට පොලිසිය පැමිණෙන නිසා මැරවරයන් පලා යයි. මෙහිදී රථය ගිනිගත් නිසා ක්‍රිෂන්ලාල් මියගිය ලෙස සැළකේ. නමුත් මෙහි තිබූ රත්තරන් ලබාගත් ක්‍රිෂන්ලාල් ඒවා සඟවා තබා තම දරුවන් සිටි තැනට යයි. නමුත් එවිට දරුවන් විසිරී ගොස් තිබිණි.

පසුව එම රත්රන් විකුණා ක්‍රිෂන්ලාල් ධනවතෙක් විය. දරුවන් නොයෙක් තැන්වල හැදී වැඩී මහත් විය. ඔවුගේ නම් අමර්, අක්බාර් සහ ඇන්ටනි නම් විය. ඔවුන්ගේ චරිත විවිධ ආකාරයෙන් ක්‍රියාත්මක වූ අතර අවසානයේ ඔවුන්ට තම පියා සහ මව හමුවේද? අමිතාබ් භච්චන්, ඍෂී කපූර් සහ විනෝද් ඛන්නා ප්‍රධාන චරිත නිරූපණයට දායක වි සිටින, කුතුහලයෙන් පිරි සංවේදී කතා පුවතක් රැගත් හින්දි චිත්‍රපටයකි. මෙය ද ශ්‍රී ලංකාවේ ඉතාමත් ජනප්‍රිය වූ චිත්‍රපටයකි. සුවිශේෂ හින්දි ගීත කීපයක්ම ඇත.

මා විසින් මීට පෙර සිංහල උපසිරසි යෙදූ “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළ ඇති “දෝස්ති”, “ආයි මිලන් කී බේලා”, ඇන් ඊවිනින් ඉන් පැරිස්”, බූට් පොලිෂ්”, “සංගම්”, “සාති” “මෙරා නාම් ජෝකර්”, “අනාරි”, “දේව්දාස්”, “ආහ්”, “දිල් අප්නා ඕර් ප්‍රීත් පරායේ”, “ශ්‍රී 420”, “ද බයිසිකල් තීෆ්”, “ද ක්‍රසන්ඩා ක්‍රොසින්”, හම් හින්දුස්ථානි”, “හම්රාස්”, “සුරාජ්”, “ගීත්” ,”අප්නා දේශ්”,”අර්සු”,”කැරවෑන්”, “අල්බේලා”, “ජන්ග්ලී”, චෝරි චෝරි”, “අන්දාස්”, “ආන්” “ජිස් දේශ් මෙන් ගංගා බේති හේ”, “තෙරේ ගර් කී සාම්නේ”,”ගෝරා ඕර් කාලා” “සෝල්වා සාල්”, ”මිලැප්”, “බ්‍රහ්මචාරී”, “කාෂ්මීර් කී කාලි”, “දුලාරි”, “ප්යාර් කා මෝසම්”, ටී ශ්‍රී මන්සිල්”, “අසාද්”, “තුම්සෙ අච්චා කෝන් හේ”, “බොබී”, “ගවාර්”, “ගුම්රාහ්” “ආනන්ද්”, “දොන්”, “කාලියා”, “ද ග්‍රේට් ගැම්බ්ලර්”, “ෂාහෙන්ශා”, යන පැරණි හින්දි චිත්‍රපට එක්තරා යුගයක අතිශය ජනප්‍රිය වුවත් මෙම සිනමාපට පසුගිය කාලයේ රුපවාහිනී නාලිකාවක හෝ ඩීවීඩී තැටියක් ලෙස හෝ ඇහැට දකින්නටවත් නොතිබුණි. මාගේ පුද්ගලික රුචිකත්වයත් මෙම කාලයේ සිනමාපට වන අතර, මෙම ජනප්‍රිය පැරණි හින්දි සිනමා සිනමාපට ගොනුව හැකි තරමින් සිංහල උපසිරසි සහිතව ව්‍යාප්ත කිරීම මාගේ උපරිම උත්සාහයයි.

මෙය මාගේ “බයිස්කෝප් වෙබ් අඩවිය” හරහා දෙනු ලබන හතලිස් හත්වෙනි සිංහල උපසිරසිකරණයයි. අන්තර්ජාලයේ Amar Akabar Anthony | Vinod Khanna, Rishi යනුවෙන් යූ ටියුබ් හි සඳහන්ව ඇති පැය දෙකයි, මිනිත්තු හතලිස් හතයි, තත්පර තිස්අටක ධාවන කාලයක් සහිත වීඩියෝව මේ සඳහා හොඳින්ම ගැළපෙන බව ද සලකන්න. පැරණි හින්දි සිනමාපට ප්‍රිය කරනා ඔයාලා වෙනුවෙන්ම 1950, 1960, සහ 1970 දශකවල සිනමාපට සඳහා පමණක් සිංහල උපසිරසි නිර්මාණය කිරීම පමණයි මා සිදු කරන්නේ. ඒ නිසා ඒවා බලාපොරොත්තුවෙන් නිතරම මේ වෙබ් එක සමඟ බැඳී සිටින ලෙසින්ද ඉල්ලා සිටින්නෙමි. ඒ වගේම මේවා බාගත කරගන්නා ඔයාලාට සරල යුතුකමක් තිබෙනවා. එනම් මේ උපසිරසියක් වෙනුවන් වචන කිහිපයක අදහස් දැක්වීමක් සිදු කිරීම සහ අවශ්‍ය සිනමාපට පිළිබඳව යෝජනා ඉදිරිපත් කිරීමයි. ස්තූතියි!

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

ගැළපෙන පිටපත බයිස්කෝප් ඩවුන්ලෝඩ්ස් වෙබ් අඩවියෙන් ලබාගන්න.

1,209 downloadsDownload Amar-Akbar-Anthony-1977.zip43 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විතානගේ ප්‍රියන්ත දයාකීර්ති” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-03-31
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

1,209 downloadsDownload Subtitles43 KB

13 comments

  1. Pcvenom

    sub ekata thanks
    Ek Phool Do Mali ekatth Sub Danna

  2. indika75

    thanks..

  3. Deegayu Abeysekera

    thank u very much

    next madhumathi ekata sub denna puluwannam

  4. Aruna23

    kawda bn mewa balanne

  5. Amila Roshan

    ගොඩක් ස්තූතියි මේ වගේ පැරණි චිත්‍රපට වලට උපසිරැසි ලබා දෙනවට
    ඔබගේ උපසිරැසි සකස් කොට ඇත්තේ ලිඛිත ක්‍රමවේදයට හැකි නම් වාචික ක්‍රමවේදයට උපසිරැසි ලබාදෙන්න චිත්‍රපටියේ උපරිම රසාස්වාදය සදහා ඒක ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා
    ඉතින් ඔබට හැකි නම් shola aur Shabnam 1992 චිත්‍රපටියට උපසිරැසි ලබාදෙන්න

  6. maduka

    bohoma sthuthiyi sub ekata

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. isuru srinath sjs

    ඔබ මේ කරනා සේවයට බොහොම ස්තුතියි !!!

  9. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  10. ශසිත් සඳරුවන්

    සබට තුති වේවා...
    දිගටම සබ් දෙමු ආ...
    ජය!

  11. mihiraj

    File Not Found.. film eka ganna link ekk denn puluwanda..

  12. Priyantha Dayakeerthi

    ෆේස් බුක් එකේ. පැරණි හින්දි සිනමාපට සිංහලෙන් නරඹමු වෙබ් එකට ගොස් මෙයට අදාළ වීඩියොව ඩවුන්ලෝඩ් කරගත හැකිය.

  13. Lasantharathnasirirox

    "!"!"බොහෝම ස්තුතිවන්ත වෙනවා සියලුම උපසිරැසිකරණ වෙනුවෙන්..තව ටිකයි නරඹන්න තියෙන්නේ..අනිත් ඔක්කොම වගේ බැලුව..ජයවේවා "!'!"

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.