මිර්සා, අවුරුදු 80ක මහල්ලෙක්. ඉන්නෙ ලොකු වලව්වක. ලොකු වුනාට ගරා වැටිච්චි අබලන්, කඩන් වැටෙන්න ඔන්න මෙන්න තියෙන අවුරුදු සීයක් විතර පරන වලව්වක්. මේ වලව්ව අයිති මිර්සගෙ නෝනා ෆාතිමාට.. උන්දැ මිර්සට වැඩිය අවුරුදු 15කින් වැඩිමල්. වලව්වට රැවටිල තමයි මිර්සා ෆාතිමාව කසාද බැඳල තියෙන්නෙ. තණ්හාවට ආවට මේ වලව්ව න…

මිර්සා, අවුරුදු 80ක මහල්ලෙක්. ඉන්නෙ ලොකු වලව්වක. ලොකු වුනාට ගරා වැටිච්චි අබලන්, කඩන් වැටෙන්න ඔන්න මෙන්න තියෙන අවුරුදු සීයක් විතර පරන වලව්වක්. මේ වලව්ව අයිති මිර්සගෙ නෝනා ෆාතිමාට.. උන්දැ මිර්සට වැඩිය අවුරුදු 15කින් වැඩිමල්. වලව්වට රැවටිල තමයි මිර්සා ෆාතිමාව කසාද බැඳල තියෙන්නෙ. තණ්හාවට ආවට මේ වලව්ව නිසා මිර්සට කරදර ගොඩකට මුහුන දෙන්න සිද්ද වෙනවා. කාමර මහා ගොඩක් තියෙන මේ වලව්ව කුලී කාරයො ගොඩකට කුලියට දීල තියෙනවා. ඒ කට්ටියගෙන් කපටිම මිනිහා තමයි බාන්කේ කියන්නෙ. අම්මයි නංගිල තුන් දෙනයි එක්ක වලව්වෙ කුලියට ඉන්න මිනිහට මෝලක් තියෙනවා. අනිත් කුලී කාරයො හැමෝම කුලිය රුපියල් 70ක් දෙද්දි මිනිහා දෙන්නෙ රුපියල් 30යි. ඒකත් ගන්න ගියාම රටේ නැති අඩු පාඩු කියනවා.
මේ බාන්කේගෙත් අරමුණ කොහොම හරි වලව්ව අයිති කරගන්න එක. ඒ වගේම මිර්සත් බලන් ඉන්නෙ ෆාතිමා මැරෙනකන් වලව්ව එයාගෙ නමට අයිති කරගන්න. බලමු අන්තිමේදි දිනන්නෙ කවුද කියල.
මේ චිත්‍රපටියට පදනම් වෙලා තියෙන්නෙ උත්තර් ප්‍රදේශ් වල ජනප්‍රිය සාම්ප්‍රදායික පපට් වැඩසටහනක්. ඒ පිරිමියෙක්ගේ බිරිඳ (සිතාබෝ) සහ අනියම් බිරිඳ (ගුලාබෝ) අතර සිදුවන රණ්ඩු සරුවල් තමයි ඒ වැඩසටහනට පදනම් වෙන්නෙ.

(ගුලාබෝ සහ සිතාබෝ පපට්)
ඒ හා සමාන හැසිරීම් රටාවන් තමයි චිත්‍රපටියෙ බාන්කේ සහ මිර්සා තුල දක්නට ලැබෙන්නෙත්. ඒ වගේම ලක්නව් හි ජන ජීවිතය ගැන බොහොම අපූරුවට මේ චිත්‍රපටියෙන් විදහා දැක්වෙනවා.
චිත්‍රපටිය අධ්‍යක්ශනය කරන්නෙ Vicky Donor, Madras Cafe, Piku, October සහ Sardar Udham Singh චිත්‍රපටි අධ්‍යක්ශනය කරපු Shoojit Sircar. ඒ වගේම අමිතාබ් බච්චන් සමගින් ආයුශ්මන් කුරානා රංගනයෙන් දායක වෙනවා.
ඉතින් පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ සිනමා ශාලා වල චිත්‍රපට ප්‍රදර්ශනය කර නොහැකි නිසා ඩිජිටල් මාධ්‍ය ඔස්සේ විකාශය කිරීමට අධ්‍යක්ශක තීරණය කරනවා. ඒ අනුව මේ චිත්‍රපටිය ජූනි 12 වනදා Amazon Prime Video හරහා විකාශය කලා. ඉතින් එක එක වැඩ කටයුතු නිසා ඉවර කරගන්න ටිකක් පරක්කු වුනා. ඒ ගැනත් සමාවෙන්න.
තවත් චිත්‍රපටියකින් මුන ගැහෙමු.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම HD /WEB පිටපත් සඳහා අදාළ වේ.
7,050 downloadsDownload Gulabo-Sitabo-2020.zip60 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-10-06
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දහරා මුතුඅමා
Subtitles
27 comments
dilhani
Lalani Maduwanthi
thank you
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!indika75
ආයුශ්මන් කුරානාගෙ නම් ඉතින් කියන්න දෙයක් නෑ.බොහොම ස්තූතියි .
Shamal manojan
උපසිරැසියට බොහොම ස්තූතියි.
90 දශකයේ හින්දි චිත්‍රපටිත් පුලුවන් විදියට දෙන්න.
Kavinu
තෑන්ක්ස් සබ් එකට M.S. Dhoni: Untold Story එකේ සබ් එක bluray update කරන්න
din_rana
Thank you sis sub ekata, puluwan nan broken but beautiful season 2 ekata sub dennako
gihan perera
මේක මං බැලුවා.. ඇත්තටම මාර තණ්හාවක් තමයි... ලස්සන වෙනස් කතාවක්.... ස්තුතියි නංගියා වෙච්ච මහන්සියට.... දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබේවා...., ජය වේවා... දෙවි පිහිටයි....
Nilush Angana
Sub ekata thanx
maduka
sthuthiyi sub ekata
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
isuru srinath sjs
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට..
D.Chamara
bohoma sthuthi ...
Manohari
Thank you very much sis..
srgtd321
Thanks Nangi..
tharidu16
thanks
sahangayantha
thanks a lot sahodari sub ekata
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි....!
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!! බුදු සරණයි!!Lasaoneplus
Prema diwana 1993 me film ekata subtitles denna
melinda
thank you
Shane de Silva
Thanks for the subtitle. Keep it up the good work.
ශසිත් සඳරුවන්
සබට තුති වේවා...
දිගටම සබ් දෙමු ආ...
ජය!Anonymous
Thanks!!!
mindika
Thanks!!!
සුභාෂිණි මල්ලව ආරච්චි
බොහොම ස්තුතියි
MAALNATH
Thanks ..............good luck ....................
Advertisement

thank you so much