Watch Trailer

Little Monsters (2019) Sinhala Subtitles | සින්දු කියන පුංචි රාක්ෂයෝ [සිංහල උපසිරසි]

ආයුබෝවන්. සුබ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් අඩවියේ හැමෝටම. ඉතින් ඔන්න මම අදත් ඔයාලට තවත් ලස්සන ඉංග්‍රීසි චිත්‍රපටයකට සිංහල සබ් අරන් ආවා. ටිකක් අමුතු මාදිලියේ කතාවක්. ඩේවිඩ් යනු තමන්ගේ ජීවිතය අන්තෙටම අවුල් කරගත්ත කෙනෙක්. එයා අන්තිමේදී නතරවෙන්නේ සෞඛ්‍ය සම්පන්න නැති තම දරුවා වන ෆීලික්ස් සමග තනිවූ සහෝද…

ආයුබෝවන්. සුබ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් අඩවියේ හැමෝටම. ඉතින් ඔන්න මම අදත් ඔයාලට තවත් ලස්සන ඉංග්‍රීසි චිත්‍රපටයකට සිංහල සබ් අරන් ආවා. ටිකක් අමුතු මාදිලියේ කතාවක්.

ඩේවිඩ් යනු තමන්ගේ ජීවිතය අන්තෙටම අවුල් කරගත්ත කෙනෙක්. එයා අන්තිමේදී නතරවෙන්නේ සෞඛ්‍ය සම්පන්න නැති තම දරුවා වන ෆීලික්ස් සමග තනිවූ සහෝදරිය ළඟයි. ෆීලික්ස් සමග පාසලට යන ඩේවිඩ්ට කැරොලයින් හමුවෙනවා. එදිනට පසුදා පන්තියෙන් යන විනෝද චාරිකාවට එක් අම්මෙකුට එන්න බැරිවන නිසා ඩේවිඩ් ඒ සඳහා ඉදිරිපත් වෙනවා. පසුදා ඔවුන්ගේ චාරිකාව අතරතුර ඔවුන්ට මුහුණ දෙන්න සිද්දවෙන්නේ අමුතුම ආකාරයේ අත්දැකීමකටයි.

මේ චිත්‍රපටයේ තිර රචනය සහ අධ්‍යක්ෂණය Abe Forsythe විසිනි. මෙහි රංගනයෙන් Lupita Nyong’o, Alexander England, Kat Stewart, Diesel La Torraca සහ Josh Gad එකතුවේ. මේ චිත්‍රපටය 2019 ජනවාරි 27 වන දින සන්ඩන්ස් සිනමා උළලේදී මංගල දර්ශනය පවත්වා ඇත. ඉන්පසු ඔක්තෝබර් 8 වන දින එක්සත් ජනපදයේදී සීමිත නිකුතුවක් ලෙසිනුත්, ඔක්තෝබර් 31 ඔස්‍ට්‍රේලියාවේදී සහ නොවැම්බර් 15 එක්සත් රාජධානියේත් නිකුත් කර ඇත. චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන මිස් කැරොලයින්ගේ චරිතය Lupita Nyong’o විසින් රඟ දක්වන අතර ඇය කෙන්යානු-මෙක්සිකානු රංගන ශිලිපිනියකි.

සාමාන්‍යයෙන් චිත්‍රපටය සඳහා විචාරකයින්ගේ ධනාත්මක විචාර ලැබුණු අතර බොහෝ දෙනෙක් Lupita Nyong’o ගේ රංගනයට ප්‍රශංසා කර ඇත. විනාඩි 94ක් පුරා දිවෙන මෙම චිත්‍රපටය සඳහා IMDb 6.3ක අගයක් සහ Rotten Tomatoes 80% ක අගයක් ලැබී ඇත. එහෙනම් මම ගිහින් එන්නම්. ඔයාල හැමෝටම නිරෝගිමත් සුබ දවසක් වේවා.

~ ජය වේවා ~

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

2,911 downloadsDownload Little-Monsters-2019.zip58 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රොෂාන් ශමීර ජයසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2019-03-30
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

2,911 downloadsDownload Subtitles58 KB

11 comments

  1. Kasun saranga

    පෝලිසිය හන්දිය කිතුල්ගල

  2. Shamal manojan

    උපසිරැසියට බොහොම ස්තූතියි.

    Request...

    Murder - 1930
    M - 1931
    Romeo and Juliet 1968

    සහ ඇල්ෆඩ් හිච්කොක්ගේ ෆිල්ම්

  3. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  4. Anonymous

    Goda kalayak balan hitiya thanks broo

  5. indika75

    thanks..

  6. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. isuru srinath sjs

    උපසිරැසියට බොහොම ස්තුතියි මචෝ

  9. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  10. lakshan

    thanks .......................

  11. Dewadithya

    Thanks for sub!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.