ඇස් දෙක මිදි ගෙඩි වාගෙයි… කන් දෙක පිපිඥ්ඥා වාගෙයි… ලස්සන හිනාවකින් සැරසී එන්නේ මේ අපේ අම්බිලි… ඇගට හාදු දෙන මේ කම්බිලිය… ඔබත් ඒ වගේම පැමින මා අසලින් ඉඳ ගනියි… කොතරම් ලස්සනද ඔහු… හැමෝටම එක වගේ සලකන… අපේ අහිංසක අම්බිලි… මගේ අම්බිලි… ඔබේ අම්බිලි… හිනාවකින් මුව සරසාගෙන මෙන්න එනවා අපේ අම්බිලි… වැඩිහිටිය…

ඇස් දෙක මිදි ගෙඩි වාගෙයි…
කන් දෙක පිපිඥ්ඥා වාගෙයි…
ලස්සන හිනාවකින් සැරසී එන්නේ මේ අපේ අම්බිලි…
ඇගට හාදු දෙන මේ කම්බිලිය…
ඔබත් ඒ වගේම පැමින මා අසලින් ඉඳ ගනියි…
කොතරම් ලස්සනද ඔහු…
හැමෝටම එක වගේ සලකන…
අපේ අහිංසක අම්බිලි…
මගේ අම්බිලි… ඔබේ අම්බිලි…
හිනාවකින් මුව සරසාගෙන මෙන්න එනවා අපේ අම්බිලි…
වැඩිහිටියෙක් උනත් අම්බිලි මනසින් පොඩි ළමයෙක් වාගෙයි. ගමේ ඉන්න පොඩි උන් එක්ක ක්‍රිකට් ගහනවා. සෙල්ලම් කරනවා. මේ අම්බිලිගෙ හොඳම යාලුවා තමයි බොබී. එයා ජාතික බයිසිකල් ශූරයෙක්. ඔහු නැවත අම්බිලිගේ ගමට පැමිනෙනවා. ඉතින් අම්බිලි තමයි එයාව පිලිගන්න ජයටම උත්සවයක් එහෙම ලෑස්ති කරල මහන්සි වෙන්නෙ. ගමට ආවට පස්සෙ බොබී නැවත කේරලයේ සිට කාශ්මීරෙට බයිසිකල් සවාරියක් ආරම්බ කරනවා. බොබීට ගොඩක්ම ආදරේ කරන අම්බිලිත් හැමෝටම හොරෙන් බොබී පස්සෙන් යනවා. ඉතින් ඒ ගමනෙදි සිද්ද වෙන දේවල් තමයි කතාවෙ ඉදිරියට තියෙන්නෙ.
මේ චිත්‍රපටිය තිරගත වෙන්නෙ 2019 අවුරුද්දෙ අගෝස්තු 9 වෙනිදා. 2016 අවුරුද්දෙ ආපු ගප්පි චිත්‍රපටිය අධ්‍යක්ශනය කරපු ජෝන් පෝල් ජෝජ් තමයි මේ චිත්‍රපටිය අධ්‍යක්ශනය කරන්නෙ. අම්බිලි ලෙසින් Kumbalangi Nights , Virus, Sudani from Nigeria, ලෙසින් චිත්‍රපටි වල රංගනයෙන් දායක වුන Soubin Shahir. Vishnu vijay තමයි සංගීත අධ්මේයක්ශනය කරන්නෙ.
ඉතින් මේ චිත්‍රපටිය කේරලයේ වගේම ඉන්දියාවේ විවිධ මනරම් පසු තල දර්ශන ඔබව පැය දෙකහාමාරකට පාරාදීසයකට එක්ක යනවා නිසැකයි. ඒ යන ගමන් කමෙන්ටුවක් දාගෙන යන්න අමතක් කරන්නත් එපා. තවත් චිත්‍රපටියකින් මුන ගැහෙමු.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම Proper HDRip පිටපත් සඳහා අදාළ වේ.
4,901 downloadsDownload Ambili.2019.Baiscopelk.com_.zip39 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-10-06
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දහරා මුතුඅමා
Subtitles
26 comments
කවිනු වීරක්කොඩි
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි....!
anushka5800
meke trailer eka balapu dawase idala sub enakm hitiye thnkzzz
anushka5800
bala ,dream girl hindi dekak hoda mattame comerdy film dekak.. sub denna balanna..
Bandara76
Thanks Little Sister Dimuthu.....see u again with malayalam Film
rangika Kariyawasam
බෝම තුති .නියම ෆිලුමක්.තද තද
kasun sudangama
thank you akke mohanlal ge ittymaani film ekatath sub eka denawada ??
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!ranga11112
thank you nangi...jaya weva..
theruwansaranaiNadeesha rox alahakoon
Tnx subt
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Hemantha De Silva
ස්තුතියි මුතු....
ස්තුතියි බයිස්...D.Chamara
bohoma sthuthi sis
Measha
Thank you
Asanka Nadishan
ස්තූතියි.. සබ් එක ok උනාට downlods වල download link වලින් download කරන්න බැ. ඉස්සර open load හරහ දුන්න ඒවා හරි. ඒත් දැන් බැරි ඇයි?
mahinda
thanks..
malshika
tnx sis.jaya wewa
sampath n perera
thanks
YasasWeerasinghe
As always we appreciate your effort. Nice work. Keep it up. :)
nish47
ස්තූතියි සහෝ
saman97
thanks so much
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි …..!
Kavishna
thnx sis...
ශසිත් සඳරුවන්
සබට තුති වේවා...
දිගටම සබ් දෙමු ආ...
ජය!kanchana
ස්තුතියි දුව.. උපසිරැසි දුන්නට. දිගටම කරගෙන යන්න..
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ෆස්ට් හාෆ් එකේදී වෙනම පාරාදීසයක් මැවෙනවා
සෙකන්ඩ් හාෆ් එකේදී සහෝදරත්වය මිත්‍රත්වය ගැන ආයෙ ආයෙ හිතන්න පුලුවන් කතාවක් මවනවා
ස්තූතියි අක්කේ, දැන් මේක ආයෙ පාරක් බලනවා!!!