හොඳයි අපි පහුගිය වතාවේ ඔබගේ මනාපය විමසපු සුපිරි නළු ඩෙන්සිල් වොෂින්ටන් ගේ චිත්‍රපට 5 ක් අතරින් ඔබේ මනාපය අනුව මෙන්න මේ චිත්‍රපටියට අද මම උපසිරැසි අරගෙන ආවා. සම්මාන නවයක් දිනා ඔස්කාර් සම්මාන 2ක් ඇතුළු තවත් සම්මාන 30 කට නිර්දේශ වීම ලබන්න සමත් වෙච්ච මේ චිත්‍රපටිය තමා ඔබ තෝරලා දුන්නු චිත්‍රපටය වන්නේ. I…

හොඳයි අපි පහුගිය වතාවේ ඔබගේ මනාපය විමසපු සුපිරි නළු ඩෙන්සිල් වොෂින්ටන් ගේ චිත්‍රපට 5 ක් අතරින් ඔබේ මනාපය අනුව මෙන්න මේ චිත්‍රපටියට අද මම උපසිරැසි අරගෙන ආවා. සම්මාන නවයක් දිනා ඔස්කාර් සම්මාන 2ක් ඇතුළු තවත් සම්මාන 30 කට නිර්දේශ වීම ලබන්න සමත් වෙච්ච මේ චිත්‍රපටිය තමා ඔබ තෝරලා දුන්නු චිත්‍රපටය වන්නේ. IMDB වර්ගීකරණයේ ප්‍රේක්ෂක ඡන්ද 226,746 වැනි සංඛ්‍යාවක් ලබා 7.8/10 ලබාගත් මෙම චිත්‍රපටය ඔබ තෝරාගැනීම එක අතකට පුදුමයකුත් නෙවෙයි.
මේ චිත්‍රපටයට පාදක වෙන්නේ වියට්නාම යුද්ධය කාලේ මියගිය සොල්දාදුවන්ගේ පෙට්ටි වල හොරෙන් හංගගෙන අග්නිදිග ආසියාවේ ඉඳන් ඇමෙරිකාවට හෙරෝයින් ගෙනාපු ෆ්‍රෑන්ක් ලූකස් ගේ කතා වස්තුවයි. 1968 වර්ෂයේ ඇමෙරිකාවේ එල්ස්වර්ත් “බම්පි” ජොන්සන් කියන පාතාල නායකයාගේ දකුණු අත මෙන් සිටි ෆ්‍රෑන්ක් ඔහුගේ හදිසි මරණයෙන් පසුව තම ප්‍රතිවාදී තරඟකාරී කුඩු ඒජන්තවරුන් ගේ කුඩු වලට වඩා දෙගුණයක් හොඳ ඒත් ප්‍රතිවාදීන්ට වඩා මිලෙන් අඩු මත්ද්‍රව්‍ය ලබාදෙන්න ඔහු අතරමැදියන්ව හලා කෙළින්ම කුඩු ආනයනය කරන්න පෙළඹෙනවා. ඇමෙරිකාවේ ඒ වන විට කුඩු රජුන් වෙච්ච ඉතාලි මාෆියා කණ්ඩායම් වලට ඔහුගේ මේ තත්වයෙන් උසස් Blue Magic නමින් වෙළඳ පලට අඩු මුදලකට නිකුත් කරන මේ මත්ද්‍රව්‍ය නිසා වැලේ වැල් නැති වෙනවා. එසේම ෆ්‍රෑන්ක් ඉතා ධනවතෙක් බවට පත්වෙනවා.
මේ අතර නෙවාර්ක් පොලිසියේ සේවය කරන රිචී රොබර්ට්ස් අවසර නොලැබුණු වැටලීමකින් අල්ලාගන්න ඩොලර් මිලිනයක මුදල පවා තම සගයා පවසන ලෙස තමන් සතු කර නොගෙන පොලිසියට භාරදීම නිසා ඔහු තම පොලිස් සගයන්ගේ අප්‍රසාදයට පත් වෙනවා. ඒත් ඉතා වේගයෙන් සමාජය පුරා පැතිර යන මත්ද්‍රව්‍ය වැටලීම සඳහා උසස් නිලධාරීන් ඉතාමත් රහස් පොලිස් කණ්ඩායමක් සාදා එහි ප්‍රධානීත්වය රිචී රොබට්ස් හට ලබා දෙනවා.
ඉතින් මෙතැන් සිට මෙම හොරා පොලිස් සෙල්ලම නියම ආකාරයෙන් ආරම්භ වෙනවා. සත්‍ය සිදුවීමක් නිසා මෙම කතාව පුරා නියමාකාර ලෙසම අල්ලස දූෂණය රජ කරන ආකාරය පෙන්වා තිබෙනවා. ඒත් මේ චිත්‍රපටයේ සැබෑ අයිතිකරුවන්ගෙන් නම් සෑහෙන විවේචන එල්ල වුනා. ඒ අතරට අයත් වෙච්ච එකම එක විවේචනයක් මම කියන්නම්. “මෙම චිත්‍රපටය සීයට එකක් සත්‍ය හා සීයට අනූ නවයක් හොලිවුඩ්“
534 MB (BR) කොපිය මෙතනින් බාගන්න ac7d6244fc204081ff1026a3ef620942a1a13eb6 950 MB (DVD) කොපිය මෙතනින් බාගන්න f790ba878d9ff7c30245626ba28e8c6d897050d9 1.09 GB (BR) කොපිය මෙතනින් බාගන්න b787065e79723cf42fd60423004a4f5348efea79 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,609 downloadsDownload American.Gangster.2007.Sinhalasub.zip213 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/රොයිලි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
90 comments
Geeth Vindula
උදය
bala balmu
shanaka
රොයිලි අයියා තැංකු වේවා,බාන්න එකක් නැතුව හිටියේ,බාමි බාමි
maneesh
පට්ට ෆිල්ම් එක....හැමෝම බලන්න.........
රොයිලි
මොකෝ මේ කමෙන්ට් අඩු. කට්ටිය අඩුම ගානේ බාමි කියලවත් ලියල යන්නෝ... :)
@ Geeth Vindula, උදය, shanaka,
ඔව් මචන්ලා එලම ෆිල්ම් එකක්. බාගෙන බලන්න වෙනස තේරෙයි.@ maneesh,
අන්න ඒකනේ පට්ටම ෆිල්ම් එකක්. හැමෝම බලන්න.පිටස්තරයා
මේ දවස් වල ඉතාමත් විශිෂ්ඨ ගණයේ චිත්‍රපටි ගැන බයිස්කෝප් එකෙන් කියනවා (කලින් ඒවා චාටර් කිව්වා නෙමෙයි :p ).
මම මේ දවස් වල ටිකෙන් ටික බලන්නෙ මේක. ඉතාමත් විශිෂ්ඨ රංගණ කිහිපයක්ම දකින්න ලැබුනා කියලා මට හිතෙනවා. මම තාම කතාව බලලා ඉවර නෑ. හැබැයි දැනට බලපු පොඩි කොටසෙනුත් නියම චිත්‍රපටියක් කියලා හිතුනා.
ආයේමත් බයිස්කෝප් එකට මගේ ප්‍රණාමය මේ වගේ චිත්‍රපටියක් ගැන ලිව්වට.
මලිත්
ඔන්න මාත් බානව හොදෛ,,,
AL1717
Elakiri Machan Meka Bewa... Maxxaa Film Ekak..
Akila
අනිවා බානව.thanks........
දිනුක
බාමි බාමි......
nilanthaherath
රොයිලිගේ වැඩක්නේ. මමත් බාමී. එල එකක් වගේ. තෑන්ක්ස් රෝයිලි. අපි වෙනුවෙන් කාලය හා ශ්‍රමය කැප කරනවට. මචන් කමෙන්ට්ස් අඩු වුනාට ගණන් ගන්න එපා. කට්ටිය මූවි එක බානවා. කොහොමත් කමෙන්ට්ස් එකකින් හරි උඹලා සෙට් එක ධෛර්යමත් කරන එක බයිස්කෝප් එකට සෙට් වෙන කට්ටියගේ යුතුකමක් කියලා මට හිතෙනවා. අපේ කොල්ලො සෙට් එක අපි ධෛර්යමත් කරන්න ඔ්නේ.
රොයිලි
@ පිටස්තරයා,
ස්තූතියි මචෝ කමෙන්ට් එකට. හොඳ චිත්‍රපටියක් දුන්නම ඇත්තටම කමෙන්ට් අඩු වෙනවා මචෝ. පුදුමය කියන්නේ අපේ උන්ට ඕනා මරා ගන්න ලේ පෙන්වන යුද්ධ ඒවමනේ. :(@ මලිත්,
ස්තූතියි මචෝ කමෙන්ට් එකට. :)රොයිලි
@ AL1717,
ස්තූතියි මචෝ කමෙන්ට් එකට. :)@ Akila,
ස්තූතියි මචෝ බලලම කියන්න කොහොමද කියලා :)රොයිලි
@ දිනුක,
ස්තූතියි මචෝ. :)@ nilanthaherath,
ඒකනේ මචෝ. අපිට මේ කෙරුවාවෙන් හම්බවෙන්නේ කමෙන්ට් එකකින් උඹලා දෙන සහයෝගය විතරයි. වෙන තඹ සතේක දෙයක් හම්බවෙනවද. අවුලක් නැහැ මචෝ උඹ අමතක නොකර කමෙන්ට් දැම්මනේ. ඒ ඇති. :)kasun
hmmmm....... Dawas ganak thisse banna eakka nathuwa hitiye.... eala eala.... maxxa film eakka wage..????
aniwa....bami bami........
:DUraj Deemantha
තව ෆිල්,ම් 4ක් විතර බෑවට පස්සේ මගේ හාඩ් එකේ ඇගිල්ලක් ගහන්න ඉඩ නැති වෙනෝ...... :(
ගුරෝ, රොයිලියෝ, මට හාඩ් එකක් එවපියෝ.......... :P
NUWAN
mama banna dammoooooooo
Sameera
Ala film 1k ,baluwa . full quality ,no 1ta tiyanwa
shan
kalin daapu film den baanne e dawaswala baiscope site eka gena danagena hitiya nathi nisa.kauruth mukuth hithanna epa e gana. thanx roily saho parana ewa delete nokara thibbata.onna banna demma.....
Kasun.D
maru film eka...
Shashi Fernando
tikak kammali.
jana
patta machan
eraNga
supiri film akak machan txz
quik
thanks
kalinga
ජයම වේවා මචං
Bandula
mamath vote kala thx
rakitha ranathunga
Patta film ekak wage aiye
thanks sub ekataranga
aniwa balannama one film akak :)
f_live
නියමයි සහෝ මේකේ ඉන්නේ සුපිරිම දෙන්නෙක් නේ
ganidu
තැන්ක්ස් වේවා!
sds
tx :)
hh
aththtama mey nam supirima film akak saho
නලින්
නියමයි රොයිලි අයියා. මැක්සාම මුවි එකක් නොවැ ගෙකැල්ලා තියෙන්නේ
පට්ට කථාවක් වගේ 18+ නිසා තමයි අවුල.. කමක් නැහැ.. එළකිරි වේවා
ජය වේවා,!
tharanga
නියමයි සහෝ මේක දුන්න එක නම්
waruna
supirima royli :)
rakitha ranathunga
royly aiya baanna kiyala bala karanna hinda ratings balannewath nethuwa baanna demma
uda
සුපිරි නේ...
සුපිරි කිව්වහම සේරම සුපිරි!
අපේ කට්ටියගේ මනාපෙත් සුපිරි! චිත්‍රපටියත් සුපිරි! සබ් ගෙනා කෙනාත් සුපිරි! සබ් එකත් ඉතින් දෙකක් නෑ සුපිරිම තමා...බලන්ඩ ඕනෑ මාත්! ඊගාව පෝල් එකටත් යන්ඩ ඇහැක් වෙයි එහෙනම් ඉක්මනටම ;)
Praneeth
තැන්කූ වේවා!!!!
ඩෙන්සිල් වොෂින්ටන් ගේ අනිත් ෆිල්ම් වලටත් සබ් දෙන්න පුළුවන් ඉක්මනින්..sd
ela
Erozon
"පාතාල නායකයෙක් වෙන්න ඉගෙන ගම්මුද?පාතාල නායකයෙක් වෙන්න ඉගෙන ගම්මුද?"
මේ චිත්‍රපටය සහ මෙම වැකිය ජාතික ආරක්ෂාවට තර්ජනයක් !
Pubudu Supun
උඹත් ජාතික ආරක්ෂාවට තර්ජනයක් :P
Krish
Thankuuu wewaaa.......!!!!
tharindu
hamboooo sub eka denakan hitiyeeeeee......thanskss thansksss....sub ekatahh...caprio geth oya list eke thava movies dekakada koheda denna thiyenavooooo.........
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
අඩේ මේක දීල තියෙන්නේ රොයිලි මහත්තයද...
මම මේ ඩෙන්සිල් අයියත් ඉන්න එකේ පස්සේ වෙලාවක ගම්දෝ නොගම්දෝ කියලා හිතමින් ඉන්න අතරේ නේ දැක්කේ මේක දීලා තියෙන්නේ රොයිලි මහත්තයා කියලා..
දැන් ඉතින් නොගෙන කොහොමෙයි....දැන් තියෙන ආර්ථික තත්ත්වෙත් එක්ක උඩ ලියල තියෙන මාතෘකාවේ කෙනෙක් වෙන්නත් හිතයි...
බලමුකෝ යමක් ඉගෙන ගන්න පුළුවන් වෙයිද කියලා...
එහෙනම් ජය වේවා>>>.
ඔන්න බාන්න දැම්මා....ශාන් විමුක්ති [වීමා] 〠
මෙන්න රොයිලිය අධිරාජ්‍යවාදී ගැත්තන්ට එක්කාසු වෙලා අමෙරිකන් ගැන්ග්ස්ටර්ව ලංකාවට ගෙන්නල ඒ මදිවට සිංහලත් උගන්වල අර උඩින් තිබුනු දේශප්‍රේමී අදහස් දැක්වීම නිසා මගේ ඇගේ ලේ උනුවෙලා දේශානුරාගයෙන් මේ අදහස් දැක්වීම කරන්නෙ...
ආයෙ මෙහෙම කරොත් බලාගෙනයි රොයිලියෝ බොලාට මේ ආශ්චර්යමත් දේශයට පය ගහන්න දෙන්නෙ නෑ හොදේ කටුනායකින්ම ආයෙ හරවල යවනව අන්න ඒක මතක තියාගත්තොත් හොදා ;)
මෙන්න එහෙනම් සබ් එක බෑවෝ..ඕඕඕඕඕ...!!!!!
පික්චර් එක ලග තියේ
උපසිරසට බොහොම ස්තූතියි රොයිලියෝ
ජය!!!sisitha
අම්ම මරුනේ......
කලින් බලලා නම් නෑ.........
ඩෙන්සිල් ඇන්ඩ් රසල් ඉන්නවා කියන්නේ........
සබට තෑන්ක්ස්.#ChalinduDeshan (කිනා)
අප්පේ රොයිලි අයියේ අතට බේස්ලට් ගොඩක් දාන්න වටිනවා.
මෙන්න බෑවා.
ගොඩක් ස්තූතියි ඈ.
මේ දවස් වල මම ටිකක් මැර සයිඩ් එකට බැහැල ඉන්න හංද මට ඕක වටිනවා :D
ස්තූතියි..
ජයවේවා!චරිත පොල්ගස්දෙනිය
බොහොම ස්තුති උපසිරසියට
මේක බලලා මාත් පාතාලයට යයිද ???
හි හි හි ..... :D
හැබැයි මේකට මාර කමෙන්ට් නේ වැටිලා තියෙන්නේ රොයිලි අය්යේ
ආයේ ලංකාවට එන්නත් බැරි වෙයි වගේද ???නිරෝෂ්
ela..thanks
sanath
mamath balaagana hitapu film ekak thama me deela thiyenne thanks royli
dushman
jaya wewa baiscope
sada jaya wewa bami bami
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie


Ah Ela Film Ekak Wage Banna Ona Mekath :D