වෙනස්ම විදිහේ ආදර කතාවක් බලමුද යාළුවනේ……..ඉතින් මුලින්ම කියන්න ඕනේ මේ තමා මගේ පළමුවන උපසිරැසි නිර්මාණය. හැමදාම බයිස්කෝප් අඩවියට ඇවිත් උපසිරැසි බාලා ෆිල්ම් බලපු එක තමා කලේ. ඉතින් මටත් හිතුනා උපසිරැසි නිර්මාණයක් කරන්න ඕනේ කියලා. සමාවෙන්න ඕනේ වැඩේ භාර අරන් සති තුනක් විතර වෙනවා. ජොබ් එකත් එක්ක ඉතින් වැ…
වෙනස්ම විදිහේ ආදර කතාවක් බලමුද යාළුවනේ……..ඉතින් මුලින්ම කියන්න ඕනේ මේ තමා මගේ පළමුවන උපසිරැසි නිර්මාණය. හැමදාම බයිස්කෝප් අඩවියට ඇවිත් උපසිරැසි බාලා ෆිල්ම් බලපු එක තමා කලේ. ඉතින් මටත් හිතුනා උපසිරැසි නිර්මාණයක් කරන්න ඕනේ කියලා. සමාවෙන්න ඕනේ වැඩේ භාර අරන් සති තුනක් විතර වෙනවා. ජොබ් එකත් එක්ක ඉතින් වැඩේ එක දිගට කරගෙන යන්න ලැබුනේ නෑ. පළවෙනි එක නිසා ටිකක් පරිස්සමට තමා වැඩේ කලේ. ඉතින් මගේ පළවෙනි උපසිරැසි නිර්මාණය විදිහට අරන් ආවේ 2014 වර්ශයේ තිරගත කිරීම ආරම්භ කරපු Amira & Sam චිත්‍රපටය.
මෙහි අධ්‍යක්ෂකවරයා Sean Mullin. ඔහු ඇමරිකානු හමුදාවේ කැප්ටන් කෙනෙක් වශයෙන් සේවය කරපු අයෙක්. ඔහු විසින් මීට පෙර සම්මානයට පාත්‍ර උන කෙටි චිත්‍රපට ගනණාවක් අධ්‍යක්ෂනය කරලා තියනවා. ඒ හැම එකක්ම නිර්මාණය වෙලා තියෙන්නේ යුද්ධය හා ඒ සම්බන්ධ සිදුවීම් ඇසුරෙන්. Amira & Sam චිත්‍රපටය හරහා තමා සිනමා අධ්‍යක්ෂකවරයෙක් ඔහු කලඑළි බහින්නේ. ඔහුගේ ජීවිතය යුද්ධය හා සම්බන්ධ නිසාවෙන් ඔහුගේ කෙටි චිත්‍රපට වල වගේම මෙම චිත්‍රපටයත් යුද්ධය හා සම්බන්ධයි. සියැටල් අන්තර්ජාතික සිනමා උළලේදී විශේෂ විචාරයන්ට පාත්‍ර වෙන්න මෙම චිත්‍රපටයට හැකි උනා. IMDb දර්ශකයේ 6.1 හා Rotten Tomatoes දර්ශකයේ 74% අගයක් ලබාගන්න සමත් උන මෙම චිත්‍රපටිය හාස්‍යමය හා ආදර කතාවක් විදිහට තමා හඳුන්වලා දීලා තියෙන්නේ.
මෙම චිත්‍රපටයටයේ ප්‍රධාන රංගන දායකත්වය සපයන්නේ Knocked Up, Superbad, Adventureland වගේ චිත්‍රපට වල චරිත නිරූපණය කරපු ඒ වගේම Silicon Valley රූපවාහිනී කතා මාලාවේ Gilfoyle ගේ චරිතයට පණ පොවන Martin Satrr (සෑම්) සහ ප්‍රධාන චරිතයකට පළමු වරට රංගනයෙන් දායක වන Dina Shihabi (ඇමීරා) විසින්. ඒ වගේම අපි කවුරුත් දන්න Vampire Diaries කතා මාලාවේ Stefan Salvatore ගේ චරිතයට පණ දෙන Paul Wesley (චාලි) මෙම චිත්‍රපටයට රංගනයෙන් දායක වෙනවා. කතාව පැත්තට හැරෙමු එහෙනම්.
සෑම් කියන්නේ ඉරාකේ සහ ඇෆ්ගනිස්ථානේ සේවය කරපු ඇමරිකානු හමුදා භටයෙක්. ඔහු සෑහෙන කාලයක් මව් රටෙන් පිට සේවය කරලා ඇවිත් සමාජයට නැවත අනුගත වෙන්න උත්සහ ගන්නවා. මේ අතරෙදි ඔහු යනවා ඉරාකෙදි තමන්ගේ භාෂා පරිවර්තකයා ලෙස ක්‍රියා කරපු බසාම්ව (Laith Nakli) හම්බවෙන්න. එතනදි සෑම්ට ඇමීරාව හම්බෙනවා. ඇමීරා කියන්නේ බසාම්ගේ ලේලි (සහෝදරියගේ දුව). ඇය ව්‍යාජ DVD පිටපත් අලෙවි කරමින් තමයි මුදල් හොයාගන්නේ. ඉරාකෙදි ඇයගේ සහෝදරයව ඇමරිකානු හමුදාව මරා දැමූ නිසා ඇය හමුදා සෙබළුන් කෙරෙහි වෛරයෙන් පසුවෙන්නේ….ඇය ඇමරිකාවේ රැඳී ඉන්නේ නීතී විරෝධී සංක්‍රමණිකයෙක් විදිහට. කතාව කිව්වා ඇති නේද?
රටවල් දෙකක සංස්කෘතීන් දෙකකට අයත් මේ දෙන්නා අතරේ ආදරයක් ඇති වෙයිද? නීති විරෝධී සංක්‍රමණිකයෙක් විදිහට ඉන්න ඇමීරාට මොකද වෙන්නේ? මේවට උත්තර හොයන්න ඉතින් චිත්‍රපටය බලන්නම වෙනවා. මේක කාලෙකින් බලපු ලස්සන දෙබස් තියන චිත්‍රපටයක් කියලා කියන්න ඕනේ. ඒ නිසා පරිවර්තනය කරනකොට අර්ථයට හානියක් නොවෙන්න පරිවර්තනය කරන්න උපරිම උත්සහ කළා. ඒ උනත් පළවෙනි නිර්මාණය නිසා පරිවර්තන වල හරි වචන වල හරි අඩුපාඩු තියෙන්න පුළුවන්. එහෙම තිබුනොත් සමාවෙන්න කියලා ඉල්ලනවා. හැමෝටම චිත්‍රපටය බලන්න කියලා ආරාධනා කරනවා. ඔයාලා හැමෝම දන්නවානේ බයිස්කෝප් අඩවියට උපසිරැසි නිර්මාණය කරන හැමෝම මේක කරන්නෙ කිසිම වාණිජ පරමාර්ථයක් බලාපොරොත්තුවෙන් නෙමෙයි කියලා. අපිට ලැබෙන්නේ ඔයාලා දාලා යන Comments කියවලා ලැබෙන ආත්ම තෘප්තිය විතරයි. ගොඩක් කියෙව්වා නේද?
ඉතින් මේ වැඩේ කරන්න උදව් කරපු සමීර සහෝටත් රොයිලි සහෝටත් ගොඩක් ස්තූතියි. ඒ වගේම මගේ මිත්‍ර ඉන්දුම උදයංග සහෝටත් ස්තූතියි. කමෙන්ටුවක් කොටාගෙන ගියාට තරහක් එහෙම නෑ. තවත් උපසිරැසියකින් ඉක්මනටම හමුවෙමු……….ජයවේවා!!!
699 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න
A85EA5B0EF51EC95C5D76B74B864EF53FD71121B1.24 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න
5957AC87040DB30135598CBE242A6296D508EA0A ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
2,390 downloadsDownload Amira_and_Sam_2014_baiscopelk.zip116 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ධනුෂ්ක සිරිදර්ශන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ධනුෂ්ක සිරිදර්ශන
Subtitles
41 comments
Jay
Danu SD
ගොඩාක් ස්තූතියි සහෝ....
එල්.සී. දමැල්
ඔන්න පළවෙනි වැඩේට මගෙනුත් සුභ පැතුම්...
අඩවියට සාධරයෙන් පිළිගන්නවා ධනුෂ්ක සහෝ...
උපසිරසට තුති...
ජය...Danu SD
ගොඩාක් ස්තූතියි සහෝ….
isuru
පලමු වැඩේට සුභ පැතුම් සහෝ!
Kulanjana Maduranga
G' luck for the 1st attempt Bro.Great work & Lot of thanks DANUSHKA saho.Me wge thawa sub karanna shakthiya labewa.Baiscope 1kath ekka digu gamanak yamu.jaya wewa……………
Danu SD
Thank You Very Much Bro..
GAYA
ok down karanawa thanks sub walata balala hoda naraka kiyannam saho frist wadeta subapathum...
Anushka
එළ එළ
දිගටම කරගෙන යන්න, ජය වේවා පලවෙනි සබට
බොහොම තුති සහෝ
තවත් සබක් අරන් ඉක්මනට එන්නDanu SD
අනිවා සහෝ....ගොඩාක් ස්තූතියි.
shanperera
thanks machan
gayan pradeep {gaiya}
dhanushka saho thanks bn keep it on godak hondai 1 weni sub eka
Danu SD
ගොඩාක් ස්තූතියි Gayan සහෝ......
ඉන්දුම
එල..මචෝ වැඩේ සුපිරියටම තියෙනවා...
තව එකක් කරමු..
සුභ පැතුම්....චාමික දිල්හාර (දිලා)
නියමයි සහෝ………….
සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් වෙතට…….
දිගටම උපසිරස දෙන්න ශක්තිය හා කාලය ලැබේවායි කියලා හද වතින්ම ප්‍රාර්ථනා කරනවා සහෝ…..
එල……… එල………… එල……….. එල………. එල……. එල…….. එල…….. එල……… එල…………Danu SD
ගොඩාක් ස්තූතියි සහෝ....
indika
Thn Q :)
Yenu
බොහොම ස්තුතියි උපසිරසියට......තවත් උපසිරසියකින් හමුවෙමු..............
ANJANA
Thanks...
devinda
ah tawath aluth yaluwek.thankz bro.......
thisal
බොහොම ස්තුතියි උපසිරසියට……
kumari
Thank you.....
Ashali
Thank you ;)
kanchana
sthuthiy saho...
palaweni subata suba pethum magenuth..
jaya wewa
LRS
thank you dude :*
rajith
sub eakata bohomathma sthuthi......
palaweni adiya thiyala patangaththa wede digatama karagena yanna shakthiya lebenna kiyala prarthana karanawa.
thawath sab eakakin hambawemu.
jayen jayama wewa.......Gayan
Thanks..
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-DARA
බොහොම ස්තුතියි උපසිරසියට…
Himasha
Niyamai mchn. idiriyata hodata sub kranna. Jayawewa !!!
sampath sandaruwan
ela machan....idiriyatath me wage sub hadanna shakthiya haa dairya lebewa
රොයිලි
බොහොම ස්තූතියි ධනුෂ්ක සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
chacha
පිගනක් ගැටෙයි වගේ මොඩ කතා වෙනුවට අරාබි බසවෙන් කියන ටික දැම්මනම් නරකද..ඒක ඉංග්‍රිසියෙනුත් යන එකේ පරිවර්තනය කර ගන්ඩ බැරිවුනෙ ඇයි..අනිත් එවනම් නියමෙට කරල තියනවා නියමයි
Dinush Eranga
thanx bro,,
“චූටී මල්ලි”
tnx
sugath
machan pasu bim sadda valata sub danna epa. film eka epa venava.. debas valata vitharak dapan..hina veddi "sina sey" kiyala danna epa.eva apita ahenavane. dora ariddi "dora arey" kiyala epa. eva apita penava..katha karana eva vitharak dapan..
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජයnidi
Danushka, honda wedak kal giyath parana wenneth nehe, epa wenneth nehe! oya sub kala me film ekath ee wagei! wenas parisarayaka, wenasma cultures dekaka diwena me film eka mata nam godak lassanai! hithata weduna. thanks!
Breez
Elw.Tnx #BRDH
CdBp
Sub ekata n mewata umbalage kaalaya weya karanawata thank u very much bro..
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Amira & Sam (2014) | ආදරයට බාධා ඇති මුත්… [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/Amira-Sam-2014.jpg)

Thanks....
Sub Ekata...
Jaya Wewa...........