Watch Trailer

The Crimson Rivers (2000) | හිම කඳු අතර සැඟවුනු ඝාතකයෙකු සොයා. [සිංහල උපසිරැසි සමඟ]

ගුවර්නොන් සරසවිය පිහිටා තිබෙන්නේ ප්‍රංශයේ ඇල්ප්ස් කඳුවැටියෙන් වටවූ සුන්දර නිම්නයක. තරමක් බාහිර සමාජයෙන් වෙන්ව පිහිටා ඇති මෙම ඉපැරණි විශ්වවිද්‍යාලයේ සාමකාමී බව බිඳවැටෙන්නේ එහි සේවය කළ මහාචාර්යවරයෙකුගේ කපන කොටන ලද මළසිරුර ඇල්ප්ස් කඳුවැටියේ තිබී හමුවීමත් සමගයි. මෙම ඝාතනය ගැන පරීක්ෂා කිරීමට පැරිස් අගනු…

Crimson Rivers (2000)

ගුවර්නොන් සරසවිය පිහිටා තිබෙන්නේ ප්‍රංශයේ ඇල්ප්ස් කඳුවැටියෙන් වටවූ සුන්දර නිම්නයක. තරමක් බාහිර සමාජයෙන් වෙන්ව පිහිටා ඇති මෙම ඉපැරණි විශ්වවිද්‍යාලයේ සාමකාමී බව බිඳවැටෙන්නේ එහි සේවය කළ මහාචාර්යවරයෙකුගේ කපන කොටන ලද මළසිරුර ඇල්ප්ස් කඳුවැටියේ තිබී හමුවීමත් සමගයි. මෙම ඝාතනය ගැන පරීක්ෂා කිරීමට පැරිස් අගනුවරින් පළපුරුදු නිලධාරියෙකු වන පියර් නීමන්ස්ව මෙම පළාතට එවනවා.මේ අතරේ ඊට කිලෝමීටර් 200ක් පමණ දුරින් පිහිටි සාර්සැක් නම් නගරයේ සිදුවන සොහොන් බිඳීමක් සහ සොරකමක් පසුපස හඹායන මැක්ස් කර්කේරියන් නම් පොලිස් නිලධාරියාද හෝඩුවාවන් පසුපස විත් නතරවෙන්නේ ගුවර්නොන් වලයි.

මෙම සිදුවීම් මාලාවන් දෙක කිලෝමීටර් 200ක් දුරින් සිදුවුණත් ඒවා එකිනෙක සම්බන්ධ බව එහිදී මුණගැහෙන මෙම නිලධාරීන් දෙදෙනා තේරුම් ගන්නවා. මේ සිදුවීම් සියල්ල වසර ගණනාවක් තිස්සේ වැළලී පැවති රහසක් එළිදරව්වීමට මඟපාදනවා. විවිධාකාර වූ බාධක සහ භයංකර සිදුවීම් වලට මුහුණ දෙමින් මොවුන් දෙදෙනා මෙම අභිරහස විසඳීමට වෙහෙසෙන අයුරු මිනිත්තු 106ක් පුරා දිවෙන මෙම ත්‍රාසජනක ප්‍රංශ චිත්‍රපටයෙන් ඔබට නැරඹිය හැකියි.

මැතිව් කැසවිට්ස් විසින් අධ්‍යක්ෂණය කර ඇති මෙම චිත්‍රපටියට පාදක වී ඇත්තේ ජීන් ක්‍රිස්ටෝපර් ග්‍රැන්යේ විසින් රචිත නවකතාවක්. ඩොලර් මිලියන 14ක වියදමින් නිමවා ඇති මෙම චිත්‍රපටය 2000 වසරේදී ලොව පුරා සාර්ථක ලෙස තිරගත වී ඇත්තේ ඩොලර් මිලියන 60ක් උපයා ගනිමින්. මෙය ආදායම් අතින් ලැබූ සාර්ථකත්වය නිසා 2004 වසරේ මෙහි දෙවන කොටසද නිකුත්කර තිබෙනවා.

ප්‍රංශ සිනමාපටයක් වුණත් මෙහි ප්‍රධාන නළුවන් දෙදෙනා වන්නේ අපට හොලිවුඩ් චිත්‍රපට වල දැකපුරුදු ජීන් රෙනෝ (Léon: The Professional, Da Vinci Code, Godzilla) සහ වින්සන්ට් කාසල් (Black Swan, Ocean’s Twelve). ඊට අමතරව සුරූපී ප්‍රංශ ජාතික නිළි නදියා ෆෙයාර්ස් මෙම සරසවියේ සේවය කරන විද්‍යඥවරියකගේ චරිතය රඟපානවා. හොලිවුඩ් චිත්‍රපටවල සාමාන්‍යයෙන් දක්නට නොලැබෙන මනස්කාන්ත පරිසරයක රූපගත කර ඇති මෙම චිත්‍රපටය නැරඹීම තරමක වෙනස් අත්දැකීමක් වනු අනිවාර්යයි. බොහෝ දෙනා අගය කර ඇති මෙහි කැමරාකරණය නිසා චිත්‍රපටයට ලැබී ඇති අමුතුම රිද්මය ගැන නම් සඳහන් නොකරම බෑ. විශේෂයෙන්ම ගුවනේ සිට ගන්නා ලද ඇල්ප්ස් කඳුවැටියේ දර්ශන වලින් චිත්‍රපටයේ සුන්දර බව තවත් වැඩි වී තිබෙනවා.

The Crimson Rivers (2000) on IMDb

 

 

950 MB (BR) කොපිය මෙතනින් බාගන්න

837c51451a098feb76a094fa25252e9a225b2641 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,710 downloadsDownload 201505302044baiscopelk.rar33 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “rum2550” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

rum2550

Subtitles

1,710 downloadsDownload Subtitles33 KB

22 comments

  1. එල්.සී. දමැල්

    ඔන්න අද මම 1ක...
    උපසිරසට තුති rum2550 සහෝ...
    ජය...

  2. nirosha

    lipiyanam film eka balanna asa widiyatama liyala thiyenawa.good luck

  3. Dushan

    මම 2...නියමයි.thanx 4 the sub

  4. Dushan

    sory mama 3...

  5. Kulanjana Maduranga

    niayamai…thanks rum2550 saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. thisal

    tnxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

  7. bobby

    Good work
    Thank you Very much

  8. prabhath

    thanks

  9. Jack

    නියමයි මචන්. පට්ට
    ස්තුතියි සබ් එකට.

  10. Dinuka

    sub ekata godariyak thanks.
    sanandreas ekatath sub dennako ikmanatama kauruhari....

  11. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  12. Chami

    Thanks

  13. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  14. lakmal

    thxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

  15. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. “චූටී මල්ලි”

    tnx

  17. ඉෂාර වෙත්තසිංහ

    මල්ලී ඇත්තටම මේ ෆිල්ම් එක නම් සුපිරියි.......... කියන්න වචන නැහැ..... බලන්න කලින් නම් මම හිතුවේ නැහැ මේ ෆිල්ම් එක මෙච්චර සුපිරි වේවි කියල........බැලුවට පස්සේ ස්තුති කරල කොමෙන්ට් එකක් දාන්නම ඕන කියල හිතුන...... බොහොමත්ම ස්තුතියි.............

    1. rum2550

      බොහොම ස්තූතියි ලබා දුන් ධෛර්යට.

  18. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

  19. Nandana

    Thank U RUM 2550.

  20. Kasunabayasekara

    Thanks bro...

  21. Rishantha

    Thanks Brother

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.