Watch Trailer

Amma Kanakku (2016) with Sinhala Subtitles | අම්මාගේ ගණන් පාඩම… ! [සිංහල උපසිරසි සමඟ]

පහුගිය දවසක මට තාත්තා ගැන ඉතාම හැඟීම්බර උපසිරැසියක් කිරීමට අවස්ථාවක් ලැබුණා. එම උපසිරැසිය ළඟදීම ඔයාලට බයිස්කෝප් එකෙන් ලබාගන්න පුළුවන්. ඉතින් අද මම ඇරන් එන්නේ අම්මෙකුගේ සෙනෙහස ගැන ඉතා මෑතකදී එළි දැක්වුණු “අම්මා කනක්කු “ චිත්‍රපටිය. මේ ගැන කියද්දි ධනුෂ්ව අමතක කරන්නත් බැහැ මොකද ධනුෂ් මෙහි නිශ්පාදකයෙක්…

Amma Kanakku (2016)

පහුගිය දවසක මට තාත්තා ගැන ඉතාම හැඟීම්බර උපසිරැසියක් කිරීමට අවස්ථාවක් ලැබුණා. එම උපසිරැසිය ළඟදීම ඔයාලට බයිස්කෝප් එකෙන් ලබාගන්න පුළුවන්. ඉතින් අද මම ඇරන් එන්නේ අම්මෙකුගේ සෙනෙහස ගැන ඉතා මෑතකදී එළි දැක්වුණු “අම්මා කනක්කු “ චිත්‍රපටිය. මේ ගැන කියද්දි ධනුෂ්ව අමතක කරන්නත් බැහැ මොකද ධනුෂ් මෙහි නිශ්පාදකයෙක් වන නිසා. තම දියණියට හොඳින් ඉගැන්වීමට නොවිඳිනා දුක් විඳින තවත් තනිකඩ අම්මා කෙනෙකුගේ හැඟීම් බර කතාවක්.

ශාන්තිගේ ස්වාමියා නැතිවන්නේ අභින්‍යා එයාගේ කුසේ ඉන්නැද්දි. එදා එඳන් අද දක්වා අභින්‍යාගේ සතුට වෙනුවෙන් ශාන්ති නොවිඳපු දුකක් නෑ. දැන් අභින්‍යා ඉන්නේ දහයේ පංතියේ. ශාන්තිට තියන එකම අභියෝගය තමයි අභින්‍යාව 10 සමත් කරවන එක. මොකද අභින්‍යා ගණන් වලට හුඟක් අදක්ෂ නිසා. නමුත් අභින්‍යා කිසිම දෙයක් ගණන් නොගන්නා මුරණ්ඩු ගෑනු ළමයෙක්. එයා දක්ෂ නමුත් ඉගෙන ගන්න කිසිම උනන්දුවක් නෑ. මොකද එයා ලොකු වැරදි වැටහීමක ජීවත් වෙන නිසා. එයා හිතන් ඉන්නේ අම්මා වැඩකාරියක් නිසා තමනුත් ලොකුවෙලා වැඩකාරියක් තමයි වෙන්න යන්නේ කියලා. ඒ නිසා එයා උවමනාවෙන් පාඩම් වැඩ කරන්නේ නෑ. අම්මා තමුන් වෙනුවෙන් දුක් විඳින එක එයාට ගාණක් නැහැ. එයා ඒක හිතන්නෙවත් නෑ. අම්මා වැඩකාරියක් කිය කියා හැමවෙලේම අම්මාව මානසිකව වට්ටනවා. මේ සියල්ල හිතේ තද කරන් ශාන්ති බොහොම දුකින් කල් ගත කරනවා. ඉතින් ඔහොම ඉන්නැද්දි දවසක් ශාන්ති තමුන්ගේ ප්‍රශ්ණය, එයා වැඩකරන ගෙදර නෝනට කියනවා. ශාන්ති කියනවා “මං වත් ඉගෙනගෙන තිබ්බා නම් මගේ දුවට කියලා දෙන්න තිබුණා“ කියලා. ඉතින් ඒ නෝනා මොකද කරන්නේ ශාන්තිට නැවත ඉගෙන ගන්න අවස්ථාවක් ඇරන් දෙනවා. ඒ තමයි අභින්‍යාගේ ඉස්කෝලේ එයාගේම පංතියේ. ඉතින් ඊට පස්සේ මොකද වුණේ කියලා මේ චිත්‍රපටිය බැලුවාම දැනගන්න පුළුවන්.

හරිම අපූරු චිත්‍රපටියක්. එතැනින් එහාට කතාව කොහොම වෙන්න ඇද්ද? අම්මයි දුවයි එකම පංතියට දැම්මාම..එ රසවින්ඳනය ඔබම ලබා ගත යුතුයි. අවසානයේ අපේ ඇහැට කඳුලක් නංවන තරමටම මේ අධ්‍යක්ෂක තුමිය අශ්විනි කටයුතු කරලා තියනවා. මෙවැනි චිත්‍රපටි අපි අතාරින්න හොඳ නෑ යාළුවනේ. අනිවාර්යෙන්ම බලන්න ඕන..මොකද අපි හුඟක් වැඩ රාජකාරි මැද්දේ ඉන්න නිසා අපේ දෙමවුපියන්ව අපිට අමතක වෙලා ඉන්නත් පුළුවන්. ඉතින් මේ උපසිරැසිය කරන්න ලැබීම මා ලැබූ භාග්‍යයක් කියලා හිතෙනවා. අපිත් අපේ දෙමවුපියන්ට කොච්චර දුක් වේදනා දෙන්න ඇද්ද? එයාලව අඬවන්න ඇද්ද? මාවත් අතීතයට ඇරන් ගිහින් මගේ අම්මට මං කොච්චර වද දුන්නද කියන කාරණය මතක් කරවලා මාව අඬවන්න මේ චිත්‍රපටියට පුළුවන් වුණා. ඔයාලත් අනිවාර්යෙන්ම බලන්න කියලා ආරාධනා කරනවා.

මේ චිත්‍රපටයේ ප්‍රධාන නිළිය අමරා පෝල්. සම්මානලාභී නවක නිළියක්. 2015 ෆිල්ම් ෆෙයා උළෙලේදී වසරේ හොඳම නිළිය ලෙස වේල ඉල්ලා පට්ටධාරී චිත්‍රපටයෙහි රඟපෑම වෙනුවෙන් සම්මානයට පාත්‍ර වුණා. ගිය වසරේ පැවති ඒසියා විෂන් සම්මාන උළෙලේදීත් දක්ෂතම නිළිය ලෙස සම්මානයට පාත්‍ර වුණා මිලි මලයාලම් චිත්‍රපටය වෙනුවෙන්. ඒ වගේම සමුද්‍රගනී, රේවතී යන සම්මානලාභී නළු නිළියන්ද මෙහි රඟපානවා. සමුද්‍රගනීගේ “අප්පා (තාත්තා)“ චිත්‍රපටයත් මේ වෙද්දී සාර්ථකව තිරගත වෙන බව මතක් කළ යුතුයි. ඒ වගේම මෙහි සංගීතය ඉලයාරජා කියන කාරණයත් මතක් කර දෙමින්..ලිපිය අවසන් කරනවා. අසා ලීවීමක් නමුත් අඩුපාඩු බිංදුවයි..කබාලි උපසිරැසියෙන් නැවත හමුවෙමු. ජයම වේවා !

Raja Manthiri (2016) on IMDb

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

Amma Kanakku (2016)

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

6,375 downloadsDownload Amma-Kanakku-2016.zip48 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/Indrajith-Udayakumara.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉන්ද්‍රජිත් උදය කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ඉන්ද්‍රජිත් කුමාර

Subtitles

6,375 downloadsDownload Subtitles48 KB

25 comments

  1. විමා

    උපසිරසට බොහොම ස්තුතියි ඉන්ද්‍රජිත් සහෝ
    දැන්ම බලනවා :D

  2. Asram

    Sub Ekata Thu thi
    nil battey sannata Hindi Movie Ekak Mekatath Sub Eka Dannako Bro..
    Ayi Kiyala Kiyouth Mekath Mau Senehasa Pilibada Flim Ekak Ple...

  3. me

    Thanks

  4. Kulanjana Maduranga

    niayamai…thanks INDRAJITH saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. Tharaka

    මේකේ හින්දි එක මම හිතන්නේ Nil Battey Sannata (2016) වෙන්න ඕනේ. බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට! ජය වේවා!

  6. dushmantha

    pawan kalyange sardaar gabbar singh film eke hdrip awith thiyenne sub karannako, super film ekk, kajal agarwaluth innwa

  7. Buddhika

    Hmmm thanx bro sub ekata...

  8. darshana

    mata download karanna bane . sub download button eka witharai dispay a wenne ai ee pls help mee kisim movie ekak download karanna baa

  9. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

  10. kasun Harshana

    Tripura kiyala Telugu horror film ekak Mata hambuna.patta.akata sinhala sub danawada kawuruhari bro kenek. Hdrip tiyanawa.

  11. indika

    බොහොම ස්තුති.. !!! AC

  12. chamath

    thnks .,
    kabali movie ekatat sub dannakooooo

    1. Indrajith Udaya Kumāra

      කබාලි හොඳ කොපිය ආව ගමන් දෙනවා

  13. hashan

    suppa film eka

  14. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. silent$

    Pattaaaaaaaaaaaaaaaaaaa

  16. Isuru Ishara Sankalpa

    thanks bro

  17. r.s samantha

    thanks macho..
    onna banawa
    ela ela

  18. NPDJS

    ME WAGE FILMS DENAWATA OYATA PIN YALUWA

  19. nidi

    Indrajith, godak, godak thanks me film eka subs ekka apata thilina kala eka gena. lassnai, sanwedi wagema harawath. kalakata issaramama beluwa "yar nee" kiyala tamil film ekak. Jayalalitha inna ekak. hoyala balala hondai kiyala hithanawa nam subs denna. oyage lipiye thiyena anith films genath hoyala balanna hithuna. ee thorathuru genath thanks!

  20. shasanka

    hiiii.Biscope.,mata Aarathu sinam tamil film eke sinhla sub eka dnna puluwanada

  21. malith

    Ela ela

  22. Buddi

    Thanks............

  23. avishka360

    Thanks

  24. Bandara76

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!