සජිත් ලසන්ත සොයුරා විසින් ලියන ලද ලිපිය මේ Baiscopelk එකට ලියන මගේ පළවෙනි ලිපිය සහ වෙබ් අඩවියකට ලබා දුන්න පළවෙනි උපසිරැසිය. ඉදිරියට ලබා දෙන්නෙත් Baiscopelk වලට විතරමයි. Baiscopelk එකේ step up 2 චිත්‍රපටියට සිංහල උපසිරැසි තිබුණෙ නැති නිසා මට හිතුණා මේ චිත්‍රපටියට උපසිරැසි හදන්න. හදන හැටි බලාගත්තෙත්…

සජිත් ලසන්ත සොයුරා විසින් ලියන ලද ලිපිය
මේ Baiscopelk එකට ලියන මගේ පළවෙනි ලිපිය සහ වෙබ් අඩවියකට ලබා දුන්න පළවෙනි උපසිරැසිය. ඉදිරියට ලබා දෙන්නෙත් Baiscopelk වලට විතරමයි. Baiscopelk එකේ step up 2 චිත්‍රපටියට සිංහල උපසිරැසි තිබුණෙ නැති නිසා මට හිතුණා මේ චිත්‍රපටියට උපසිරැසි හදන්න. හදන හැටි බලාගත්තෙත් Baiscopelk ලා ගෙන්ම තමයි. මේක ටිකක් පරණ චිත්‍රපටයක් නිසා ගොඩාක් අය මේක බලලා ඇති.
චිත්‍රපටිය ගැන කතා කළොත් මේක ප්‍රසිද්ධ Step up චිත්‍රපට මාලාවේ දෙවන චිත්‍රපටය. මේ චිත්‍රපටය පළවෙනි චිත්‍රපටයට පොඩ්ඩක් විතර සම්බන්ධයක් තියෙනවා. හැබැයි පළවෙනි චිත්‍රපටය නොබැලුවා කියලා මේක බලන එක ප්‍රශ්නයක් නෑ. මේ චිත්‍රපටයෙ කතා නායිකාව වෙන්නෙ “ඇන්ඩි”. ඇන්ඩිගෙ චරිතය රඟපාන්නෙ Briana Evigan කියන නිළිය. ඇන්ඩි කියන්නෙ, පළමු චිත්‍රපටියෙ කතා නායකයා, “ටයිලර්” ( Channing Tatum ) ව හදාගත්ත කාන්තාවගේ දුව. මේකෙ පොඩි ජවනිකාවකට ටයිලර් ත් ඉන්නවා. ඇන්ඩි ට වයස 16 දි අැන්ඩිගෙ අම්මා මේ ලෝකෙ හැර ගිහින්, ඇන්ඩි හැදි වැඩෙන්නෙ අම්මාගේ හොඳම මිතුරිය වන සේරා ගාව. ඇන්ඩි ටිකක් දඩබ්බර, නැටුම් වලට කැමති ගැහැණු ළමයෙක්. එයා “4-1- ඕ” කියලා කණ්ඩායමක් එක්ක විදී නර්තනයේ යෙදෙනවා. සේරා මේකට කැමති නෑ. මේ නිසා ඇන්ඩි සහ සේරා අතරත් නිතරම දබර ඇති වෙනවා. සේරා ඇන්ඩිම චම්.එස්.ඒ. කලා පාසලට ඇතුළත් කරනවා. මෙතනදි තමයි ඇන්ඩිගේ ජීවිතයේ වෙනස්කම් ගොඩාක් වෙන්නෙ. මේ පාසලට ඇතුල් වීම නිසා “4-1- ඕ” කණ්ඩායමෙන් ඇන්ඩිව ඉවත් කරනවා. හැබැයි ඇන්ඩිට අළුත් පාසලේ දි “චෙස්” කියන පිරිම ළමයා ව මුණ ගැහෙනවා. ඒ නිසා ඇන්ඩිගෙ ජීවිතයේ වෙනස්කම් ගොඩාක් වෙනවා. චෙස් ට අමතරව තව යාළුවෙක් ඉන්නවා “මූස්” කියලා. මේ හැමෝම තවත් යාළුවෝ එකතු කරගෙන අළුත් කණ්ඩායමක් හදාගන්නවා. එ් කණ්ඩායම කරන්නෙ මොනවාද? එයාලාට මුහුණ දෙන්න වෙන ප්‍රශ්න, හැමදේම ඔයාලාට බලා ගන්න පුළුවන් චිත්‍රපටිය බැලුවාම.
“අපි දෙයක් බෑ කියලා අත හැරියොත් ඒක බෑ ම තමයි. ඉතිං හැම වෙලාවෙම පුළුවන් කියලා හිතාගෙන මහන්සි වෙන්න ඕනි.” ඒක තමයි මේ චිත්‍රපටියෙන් ගන්න තියෙන හොඳම ආදර්ශය. ඒ වගේම සැබෑ යාළුකම කියන්නෙ මොකක්ද කියලාත් මේ චිත්‍රපටියෙන් පෙන්නුම් කරනවා. චිත්‍රපටියේ ප්‍රධාන පිරිමි චරිතය වන චෙස් ගේ චරිතය රඟපාන්නෙ Robert Hoffman කියන නළුවා. එතකොට මූස් ට රඟපාන්නෙ Adam G. Sevani . එතකොට චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Jon M. Chu කියන අධ්‍යක්ෂවරයා විසින්. එයාම තමයි චිත්‍රපට මාලාවෙ තුන්වන, හතරවන සහ පස්වන චිත්‍රපට අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙත්. එහෙනම් සිංහල උපසිරැසි එක්ක චිත්‍රපටිය රස විඳින්නකො. බලලා අඩු පාඩුත් කියන්න යාළුවනේ.
දිනුෂ්ක උදාර සොයුරා විසින් කළින් ලියන ලද ලිපිය
මම මේ බයිස්කොප් එකට ලියන මුල්ම ලිපියයි. මමනම් ගොඩක් ඩාන්සින් චිත්රුපටි බලන්ඩ ආසයි. මේ ෆිල්ම් එක මම බලපු ෆිල්ම්ස් වලින් ගොඩක් ලස්සන එකක්. ගොඩක් අය මේක බලල්ත් ඇති. මෙන්න මෙහෙමයි කතාව. ගෑනු ලමයෙක් ඉන්නවා ස්ට්රීලට් ඩාන්ස් වලට ගොඩක් දක්ෂ. එයාගෙ ටීම් එකේ ඉන්න එයගෙ ටීම් එක ඒ ප්රුදේශයෙ තියන ගොඩක් ජනප්රිරය ටීම් එකක්. මේ ගෑනු ලමයට ඇමරිකාවෙ තියන ගොඩක් ප්රරසිද්ධ විශ්ව විද්යාලයකින් ශිෂ්යත්වයක් ලැබෙනවා. නමුත් මෙ විද්යාලයෙදි ඇයට ඉගෙන ගන්ඩ ලැබෙන්නේ හාත්පසින්ම වෙනස් නර්තන කලවක්. ඒ වගේම මේ කාලය අතර තුරදි ඇයට තමන්ගෙ පරන යාලුවන් ගොඩක් නෙති වෙනව.විද්යාලයේදිත් ඇයට ගොඩක් දෙවල් වලට මුහුන දෙන්ඩ වෙනව. ඇය කොයි තාක් දුරට මෙය ජය ගනීද? බාගෙනම බලන්ඩ!
Due to copyright issues, we do not provide any torrent link.
Step Up 2 The Streets 2008.720p.BrRip.x264.YIFY
මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.
685 downloadsDownload Step-Up-2-The-Streets-2008Baiscopelk.com_.rar38 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/07/SajithLasantha1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සජිත් ලසන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සජිත් ලසන්ත
Subtitles
41 comments
chamila
Anonymous
jnjo
Suvin
Wow.... What a movie! man aasai mekata nam! Dancing niyamai... Superb! "Step up 1" ekai "you got served" kiyana movie ekaith hoyala balanna! Niyamai!
kolla
meka pattee mama nam baluwa 2,3 parak maa :P
දිනුෂ්ක උදාර
@ chamila ඇයි මචන් බාන්ඩ හිතෙන්නෙ නැත්තේ මේක හොඳ මූව් එකක්.
@ Suvin ඔවු මචන් මේකෙ 1 වැනි මූවි එක ගොඩක් ලස්සනයි. නමුත් මම ඉක්මනටම ඒකත් දාන්නම්. වැඩේ කියන්නෙ ගොඩක් අය ඩාන්සිං මූවීස් වලට කෙමති නෑ වගෙ.
@ kolla මමත් මේකෙ සින්දු ටිකයි ඩාන්සින් තැනුයි තුන් හතර පාරක්ම බැලුව
maneesh
meka niyamai......
Rotiya
පට්ට මූවී එක.
ඕකේ පලවෙනි එකට වඩා මෙක පට්ට.
මචන් තව ඩාන්ස් මූවී දාපන්.
You got served[patta dance]
Dance Flick [joke/dance]
HoneySuvin
Ai naththe??? Dancing movies walata hamoma kamathi! kawda akamathi lassana Dancing balanna??? ekath Street Dance??? Maarai ne! mamath meke Dancing thiyena than goda sarayak baluwa!
Podda
Looks like a great movie, also there are another one called "Save the last dance 2" (http://www.imdb.com/title/tt0486656/)
the story is looks same as this one and hope you can enjoy it too..... (http://thepiratebay.org/search/save%20the%20last%20dance%20… )Podda
sorry for my grammar mistake pals, coz there is another one called save the last dance 1, bt i didn't watched it yet, thanks to this god damm M3 connection :-D so i can't say what the story in that one,
(this is the my 1st comment in any blog ;-) )
HANDY
ela niyamai
kavin
woow cool pop dancing
great love itShi
please giv us all the 3 parts
Step up 1 & step up 3 also with subs. PLEASE.......................................Shi
Invalid Torrent ID! Try using the search.
Torrents are automatically removed from the database when they are no longer active.
MEKA DOWNLOARD KARANNA BARIDA????? :(
Lasantha
Thanks........
Ishara
සිංහල උපසිරැසි දෙන්න පුලුවන්ද
Dasitha
මේකට සිංහල සබ් දාන්න කව්රුහරි භාර අරගෙනද තියෙන්නෙ කියල දැනගන්න පුළුවන්ද?
Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
තුති……. :)Shan
Machan Meke Sub Eka Diyanko Brooo....
Leo Nicks
tnx bro
Yashan
Step Up 2: The Streets (2008) කට්ටියම නටමුද? meka Downlod link eka wada na podak balanna eka sinhala sub ekath na...
tus
meke sub eka nedda.plz help me
kasun
meke link eka wada karanne ne sub ekath nane bro
desh
meke link eka wada na saho, mokada karanne ...... ????? subs wath na.....
Shan
සබ් එක නෑ... මේකට හෙල්ප් එකක් දෙන්න සහෝ.......කවුරුහරි...
Shehan
mcn sub 1ka thiyenawanam me email 1ta ewahanko bohoma pin
Yushan
Machanla sub eka dannakooo. nathnam me email 1kata ewanna,,, [email protected]
Sahan Randika
Ko meke sinhala upasirasa nane.
thilinda
sahoo download link eka weda na ne
Asitha
ela thanks
e back
ThanQ wewa
Amila
Thanks mchn...!
Kulanjana Maduranga
G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks SAJITH saho.Me wge idiriyatath sub denna shakthiya labewa...Baiscope 1th ekka digu gamanak yamu....jaya wewa...........
sajith wick
ස්තූතියි!!.. උපසිරැසියට අදාල සින්මා පිටපත ලබාගැනීමට 300mbmvs ලෙස google හි search කරන්න 300mbmvs site එකට අතුල් වී search කිරීමෙන්අදාල සින්මා පිටපත බාගත හැක
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !wayantha
සුභ පැතුම් සහෝ පළමු sub එකට,
තෙරුවන් සරණයි!anunethu
සුපිරි
HummerDanu
thanks bro
lionkolla990
Thank you
priyanthapremarathna
thanks bro sub akta
Anonymous
THANKS
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

බාගෙනම බලන්ඩ! hithnne nane.... :(